ඔබ කැමති ලේඛකයා පිළිබඳව වචන 150 කට නොඅඩු රචනාවක් ලියන්න.
මා කැමති ලේඛකයාමා කැමති ලේඛකයන් අතරින් කැමතිම ලේඛකයා ලෙස කුමාරතුංග මුනිදාස මහතා හැඳින්වීමට මම කැමැත්තෙමි. මට මතක ඇති කාලයේ පළමුවෙන් ම කියැ වූ හත් පන කතා පොත නිසා මා තුල පොත් කියැවීමට ඇල්මක් ඇති විය. එම පොත ද කුමාරතුංග මුනිදාසයන් රචනා කරන ලද පොතක් වූ අතර පසුව මා හීන් සැරය කතා පොත ද සොයා ගෙන කියවීමෙන් කුමාරතුංග මුනිදාසයන්ගේ පොත් සොය සොයා කියවීමට උත්සුක විය.
එතුමා මාගේ ප්‍රියතම ලේඛකයා වූ නිසා එතුමන් පිළිබඳව බොහෝ තොරතුරු මා සොයා බැලීය. 1887 ජුලි මස 25 වන දින මාතර දික්වැල්ලේ ඉදිගස් ආරේ දී එතුමා උපත ලැබා ඇත. ගමේ පන්සලෙන් බෞද්ධ පාසලටත්, මාතර ශාන්ත තෝමස් විද්‍යාලයටත් ඇතුලත් වී එතුමා අධ්‍යපනය හදාරා ඇත.
වෘත්තීයෙන් ගුරුවරයෙක් ලෙස ද සේවය කර ඇත. භාෂා සාහිත්‍ය මෙන්ම රට ජාතිය උදෙසා ද කුමාරතුංග මුනිදාසයන් සිදු කල සේවය ඉමහත්ය. යටත් විජිත සමයන්හී දී සිංහල භාෂාව සඳහා වටිනාකමක් නොමැති වූ කාලෙක සිංහල භාෂාවේ අභිවෘද්ධිය පිණිස කුමාරතුංග මුනිදාසයන් සිදු කර ඇති සේවය නිසා මා එතුමා පිළිබඳව තවත් පැහැදුණි.
සිංහල ව්‍යාකරණ සම්බන්ධයෙන් වර්තමානයේ පවා පිළිගත් ග්රන්ථ වන ව්‍යාකරණ විවරණය සහ ක්‍රියා විවරණය කුමාරතුංග මුනිදාස මහතා විසින් රචිත ය. කාව්‍ය කරණයේ දී එතුමාණන් දක්වා ඇති සුවිශේෂී කෞශල්‍යය අගය කල යුතුමය.
"පිය සමර" කෘතිය ඒ සඳහා කදිම උදාහරණය කි.
සිංහල පමණක් නොව පාලි, සංස්කෘත හා ඉංග්‍රීසී භාෂා පිළිබඳව ද එතුමා දැන සිට ඇත. එනිසා මට ද එවැනි භාෂා පිළිබඳව හැදෑරීමට එතුමා නිසා ආශාවක් ඇති විය.
පැරණි සාහිත්‍ය පොත පත සංස්කරණය කර ඒවාට විවරණය සැපයීම ද එතුමාණන් සිදු කර ඇත. කුමාරතුංග මුනිදාසයන් ළමා සාහිත්‍යය හදුන්වා දීමේ ප්‍රමුඛයා වී ඇති බව ද සඳහන් ය. භාෂා ඥානය සේම රස වින්දනය දියුණු කිරීම සඳහා ද සරල වූ බස් වහරක් යොදාගෙන ළමයින් වෙනුවෙන් පොත පත රචනා කර තිබෙයි. මා පෙර කී හීන් සැරය, හත් පන සේම මඟුල් කෑම ද ඒ සඳහා කදිම නිදසුන් වේ.
එතුමා ළමයින් වෙනුවෙන් රචනා කල කාව්‍ය අතර මල් බස්, සිරිමත්, ටිකි ටිකය, උදය, ලේනා, හාවාගේ වග, දරු සුරතල් නැලවිල්ල ආදිය සදහන් කල හැකිය. එසේම සුවිශේෂී ළමා කාව්‍ය කෘතියක් ලෙස "කුමාර ගී" කෘතිය හැදින්විය හැකිය.
කියවන නුවණ, ශික්ෂා මාර්ගය සහ ශික්ෂාවතාරය ආදී ළමා ගද්‍ය කෘතිද එතුමා විසින් රචනා කරන ලදී.
සිංහල භාෂාව පුළුල් කිරීම සඳහා පාරිභාෂික වචන හෙවත් "වඩු වදන්" රාශියක් සිංහල භාෂාව සඳහා කුමාරතුංග මුනිදාසයන් එක් කර තිබෙයි. ඒවා අතර සරසවිය, බයිසිකලය, මියැසිය ආදී වචන සදහන් කල හැකිය. "සුබස" සගරාව සහ "ලක් මිණි පහන" නම් පුවත් පතක් ද මෙතුමාගේ කතෘත්වයෙන් පල වී ඇත.
හෙළ හවුල නම් සංවිධානය ගොඩ නගා ගනිමින් සිංහල භාෂාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කර ඇති බව අසන්නට ලැබීම ද සිංහල භාෂාවට ලැදි මාගේ කැමති ම ලේඛකයා බවට කුමාරතුංග මුනිදාසයන් පත්වීමට හේතු විය.
1944 මාර්තු මස 2 වන දින කුමාරතුංග මුනිදාසයන් තම ජීවිතයට සමු දී ඇත. එහෙත් එතුමන් සිංහල භාෂාවට කර ඇති සේවය ජීවමානය. සෑම වසරකම මාර්තු දෙවන දින භාෂා දිනය සමරනු ලබන්නේ එතුමා සිහි කරමින් ය. යම් දිනෙක එතුමා මෙන් පොත පත රචනා කරමින් සිංහල භාෂාව පෝෂණය කිරීමට මට ද හැකි වේවා යි මම ප්‍රාර්ථනය කරමි.
Comments