Skip to main content

Follow on YouTube

බයානක රිය අනතුර රචනාව

බයානක රිය අනතුර

වෙනදා අම්මා කූද්දන තුරුම අවදි නොවන මා අද අම්මාටත් පෙර අවදි වී පාන්දර හතර වන විට පාසල් යාමට සූදානම් වී අවසන් විය. අද මා තුල පාසල් යාමට තද නොඉවසිල්ලක් ඇත්තේ පාසලෙන් නුවරඑළිය බැලීමට විශේෂ චාරිකාවක් සූදානම් කර ඇති නිසාවෙනි. පොත් නැති වූවත් වෙනදාටත් වඩා විශාල වූ බෑගය කරේ දමාගත් මා තාත්තා විසින් විගසින් පාසලට ඇරලුවේ ය.

යාලුවන් සියල්ලන්ම වාගේ මා යන විටත් පෝලිම් ගැසී බලා සිටී. පෝලිමේ මැද හරියේ සිටි මාගේ හොඳම යාලුවා ලඟට මා රිංගා ගත්තේ කාගේත් ඇස් වසාය. හැමෝම බස් රිය එන තුරු පෙරමං බලා සිටි නිසා පෝලිම පැණීම මට ඉතා පහසු විය.

නොබෝ වේලාවකින් පැමිණි පාට පාට ලයිට් දැමූ බස් රිය කාගේත් සිත් තුල අර ගීතය සිහි ගන්වන්නට වීය. පංති භාර ගුරුතුමිය, නම් ලකුණු කරමින් අප සැම බස් රථය තුළට නැංගූ සැණින් මා යාලුවන් සමඟ හොඳම ශීට් එක තෝරන්නට විය. මා වීදුරුව අසල ශීට් එකක ටක්ගාලා වාඩි වූවත් යාලුවා සමඟ මාරුවෙන් මාරුවට අයිනෙ ශීට් එකේ ඉදගෙන යාමට එකග විය. 

වටපිටාව අන්ධකාර වූ නිසාත් මෙතරම් පාන්දර අවදි වී නුපුරුදු නිසාත් යාලුවන් සේම මා ද තද නින්දට වැටුණි. එක පාරටම ක්‍රී..ස් ගා ගැසූ බ්‍රේක් පාරට හිස ඉස්සරහ ශීට් එකේ වැදී මා සේම යාලුවන් ද අවදි විය. "ආ.. ළමයි දැන් කෑම කමු" ගුරුවරුන් හරි හරියට කෑම බෙදන්නට විය. උදෑසන ආහාරය බස් රියේ සිටම අනුභව කලේ එළියට බැසීමට නොහැකි සේ හීන් හිරි පොදක් වැටුණු නිසාවෙනි. 

එදින දිවා ආහාරය ලබා ගත්තේ හග්ගල උද්භිත උද්‍යානයේ දීය. සවස් කාලයේ දී වික්ටෝරියා උද්‍යානය ද නැරඹූ අප රාත්‍රී නවාතැන්පොළේ දී කිසිදා නොවිදි තරම් සීතල මැද ගිනිමැල් දල්වා ගී ගයමින් විනෝද වුණි. 

පසු දින හෝර්ටන් තැන්නේ ඇවිද ලෝකාන්තය ද නරඹා සවස් කාලයේ ආ පසු පිටත් වන විට දැනුණ වෙහෙස කෙලින් සිටීමට නොහැකි තරම් විය. දැන්නම් ගෙදරට යන තුරු ඉවසිලි නැත. බස් රිය ද වේගයෙන් දාවනය වෙයි. ටිකක් නිදාගෙන අවදි වූ අප වේගයෙන් යන බස් රිය තුල ගී ගයමින් නටන්නට විය. 

වෙනදා පාසලේ දී සැරවන ගුරුවරු ද ළමයින් සමග ගී කියමින් අත් පුඩි ගසති. බස් එක වේගයෙන් වංගු ගන්නා විට ළමයින් එහාට මෙහාට තල්ලු වෙයි. තව හයියෙන් යමු කියා පිරිමි ළමයින් කෑ තියයි. 

අයියෝ..! ග්ග්‍රී..ස් ටකස් බකස් විශාල ශබ්දයත් සමග බසය පෙරලී රෝල් වී යයි. යාලුවෙකුගේ හිස මාගේ හිසේ ටාන් ගා වැදුණා පමණි වූ දේ සිතා ගත නොහැක. මා ආසන්නයේ සමහර ළමයින්ගේ ඇග පුරා ලේ ගලයි. මිනිසුන් කෑ ගසමින් බසයේ වීදුරු කඩා ළමයින් ඉවතට ගනු පෙනෙයි. කිසිත් කර කියා ගැනීමට නොහැකි මා අන්ද මන්ද වී සිටී. 

නොබෝ වේලාවකින් මාවද මාමලා දෙන්නෙක් බසයෙන් එළියට ගත්හ. මිනිසුන් විශාල පිරිසක් ටෝර්ච් ගසමින් වට වී සිටී. සමහර ළමයින් මැරුණා සේ රැගෙන යයි. මට නම් සිතා ගත නොහැක. දැන් මා රෝහල් ඇදේ සිටී. රෝහලට ආ සැටිත් සිහිනයක් වැනිය. අතපය සොලවා බැලූ මා ඒවා ක්‍රියා කරණු දැක මහත් අස් වැසිල්ලෙන් දෙවියන්ට පින් දුණි.