පිරිහී යන කෘෂිකර්මාන්තය දියුණු කිරීමට සිත් යොමු කරමින් නිර්මාණාත්මක රචනාවක් ගොඩ නගන්න.
වවන්නෝ දිනන්නෝය
"වවන්නෝ දිනන්නෝය" යන වදන අප සුලභව අසා තිබෙයි. කෘෂි කර්මාන්තය ලේ වල ඇති සිංහලයා අතීතයේ පටන් වගාවෙන් දිනූ ජාතියකි. අතීත යුගයන්හීදී පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලැබීමද වගාවෙන් ලද ජයග්‍රහණයකි. ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන ආහාර අතින් ස්වයංපෝෂිතකර බත බුලතෙන් සරි රටක් තැනීම තුළ වවන්නෝ දිනන්නෝ වෙති.
අපේ අතීත මුතුන් මිත්තෝ ලෝකයේ ශ්‍රේෂ්ඨ කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක ජීවත් වූවෝ වෙති. ඒ ආඩම්බරය ඔබට මට ලබා දුන් අතීත මිනිසුන්, එකල ඒ වවන්නෝ දිනුවෝය. රට පුරා ජීවමාන මහා වැව් අමුණු අදටත් ඒ ජයග්‍රහණ ගැන සාක්ෂි දරයි.
රටක ජීවත් වන සියලු ජනතාවගේ පරිභෝජනයට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් ඒ රට තුල සිදු වෙයි නම් ස්වයංපෝෂිතයැයි යන වදන භාවිත කල හැකිය. රටක් ස්වයංපෝෂිත වූ කල්හි එහි පැවැත්මට අනෙකුත් රටවල බලපෑම ඉතා විරලවීම රටක ජයග්‍රහණයකි.
"ආරෝග්‍යා පරමාලාභා" නීරෝගී බව පරම සැපත වූ කල්හි ජනතාවට තුන් වේල හොඳින් ආහාර අනුභව කොට නීරෝගී ජීවිතයක් ගත කල හැකි බැවින් ද, එ පරම සැපත සලසා ගන්නා බැවින්, වවන්නෝ දිනන්නෝ වෙති.
අනාගත ලෝකය අභියස ඇති ප්‍රධානතම අභියෝගයක් වන ආහාර අර්බුදය ශ්‍රී ලංකාවටද එක ලෙස බලපාමින් පවතී. වී ගොවිතැන මුල් කරගත් අපගේ කෘෂිකර්මාන්තය පවත්වාගෙන යෑමට රජය මගින් පවා සුවිසල් වෑයමක් දරයි. නමුදු වර්තමානයේ කණගාටුදායක අන්දමින් කෘෂිකර්මාන්තය පිරිහෙමින් පවතී. ගොවියන්ගේ මැසිවිලි මගින් හැගෙන අන්දමට වර්තමානයේ වවන්නෝ දිනන්නෝ නොව පරාජිතයෝ බවට පත්ව තිබීම නෙතට කඳුලකි.
නිසි සහායක්, නිසි මිලක්, නිසි ඇගයුමක්, වග වීමක්, නොවීමෙන් සාම්ප්‍රධායික ගොවියා දිනෙන් දින කලකිරීමට පත්වන පසුබිමක අපගේ ස්වයංපෝෂිත ආර්ථිකය බිංදුවටම කඩාවැටී ඇති බව හැගෙයි. අදවන විට අල, ලූණු පමණක් නොව සහල් පවා පිටරටින් ගෙන්වීමට තරම් අපගේ ජාතිය පරාදීන වී තිබීම සෝචනීය කරුණකි.
සම්ප්‍රදායික කෘෂිකර්මික ක්‍රම රැක ගනිමින්, ප්‍රවර්ධන කරමින් නූතන තරඟකාරී කෘෂිකර්මික ක්‍රම වෙත ක්‍රමානුකූලව යොමු වීම අත්‍යවශ්‍යයෙන් විය යුතුය. වැඩි අස්වැන්නක් ඇති ප්‍රභේද සඳහා පරීක්ෂණ සිදු කරමින් ද, නව තාක්ෂණික ක්‍රම අත්හදා බලමින්ද ගොවිතැන පිළිගත් වෘත්තීයක් බවට පත් කිරීම තුල දිනන්නේ වවන්නෝ බව දැනෙන්නට ඉඩ හැරිය යුතුය.
ආකල්පමය වෙනසක් තුළ සෑම පුරවැසියෙකුටම තම නිවසේ හැකි පරිදි මිරිස් පැළයක්, ඉගුරු පඳුරක්, ගොටුකොළ ටිකක්, කරවිල වැලක් හෝ සිටුවා ගැනීමට දිරිගැන්විම කල නොහැකිද?. වී වලට හොඳ මිලක් දී පුරන් වූ කුඹුරු පවා අස් වැද්දවීමට ගොවියාට උවමනාවක් ඇති කල යුතුය. ගොවියාගේ ජීවන තත්ත්වය උසස් වන පරිදි අතර මැදියන් අවම කරමින් කාර්යක්ෂම වෙළදපොලක් නිර්මාණය කිරීම තුල වවන්නෝ දිනන්නෝ බව දැන වීමට කටයුතු සම්පාදනය කල යුතුය.
ගොවියා කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙත්ම පිරිසිදු එළවලු පලතුරු වෙනුවට ජනතාවට ආහාරයට ගැනීමට සිදු වනුයේ කෘතීම ආහාර ද්‍රව්‍යවෙයි. එම වස විස පිරි කෘතීම ආහාර ද්‍රව්‍ය ඉවහල් වනුයේ අප ජීවත් කරවීමට වඩා අපගේ ආයුෂ අඩු කරවීමට බැව් හොඳින් මතක තබා ගත යුතුය.
නාගරීකරණය හමුවේ ක්ෂය වන ශාක ප්‍රජාව අනාගතයේ දී මිනිසාගේ ඔක්සිජන් අවශ්‍යතාව සඳහා ද මහත් ගැටලු ඇති කරනු ඇති අතර වන සම්පත රැක ගනිමින් භූමිය කාර්යක්ෂම භාවිතා කරමින් කෘෂිකර්මාන්තය දියුණු කිරීම වර්තමානයේත් අනාගතයේත් අවශ්‍යතාවය වනු ඇත.
මී මුතුන් මිත්තන් නිර්මාණය කල වැව් අමුණු මත යැපෙන අපි ඒවා ආරක්ෂා කළ යුතු වෙමු. නිසි ලෙස නඩත්තු කල යුතු වෙමු. නූතන අවශ්‍යතා වලට සරි වන පරිදි සංවර්ධනය කල යුතු වෙමු. වවන්නෝ දිනන්නෝ කරවන යටිතල පහසුකම් යාන්ත්‍රණය නිසි ලෙස සංවර්ධනය කිරීමේ බර රජය විසින් කරට ගත යුතු නොවේ ද?
පොළොවට වැටි දිය දෝතක් ඵල ප්‍රයෝජන නොගෙන සයුරට නොහැරී අභිමානවත් ජාතියක් මෙසේ පිරිහී ගිය යුගයක වවන්නෝ දිනන්නෝය යන්න මෙනෙහි කර කෘෂිකර්මාන්තය නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය ඉතා පැහැදිලිය.
සෙවන දෙන, අහර දෙන, හුස්ම දෙන වෘක්ෂයක් නොවුනු අප වගාව නම් කලාව උදෙසා වචනයෙකුදු යමක් කරයිද එය පෙරළා අප ජීවත් කරනු ඇත. නුදුරේදීම දිනන්නෝ නොව, ජීවත් වන්නෝ වන්නේ ද වවන්නෝ පමණක් බව සිහිපත් කල යුතුය.