Skip to main content

Posts

පොසොන් පොහොය දිනය රචනාව

ලංකාවේ බෞද්ධ ජනතාව වෙසක් උත්සවය සේම ඉමහත් වූ භක්තියකින් සහ උත්කර්ෂවත්ව පොසොන් පොහොය දිනය සමරනු ලබයි. ශ්‍රී ලංකාවට පළමු වරට බුදු දහම රැගෙන මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කිරීම ක්‍රිස්තු පූර්ව 247 දී පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක දී සිදු විය. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කර එවකට ලංකා දිපයේ රජකම් කල තිස්ස රජතුමා හමු වී ධර්මය දේශනා කල මිහින්තලය සහ අනුරාධපුරය මුල් කර ගනිමින් සෑම වර්ෂයකදීම පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ලංකාවාසී බෞද්ධයින් ඉමහත් ගෞරවාදරයෙන් සමරනු ලබනුයේ ඒ අතීතය ද සිහි කරමිනි. අතීතයේ ඉන්දියාව පාලනය කල මෞර්ය වංශික රජෙකු වූ අශෝක රජතුමා තම රාජ්‍ය පුළුල් කර ගැනීමට ඉන්දියාවේ අනෙකුත් රාජ්‍යයන් හා යුද්ධ කලහ. මුලු මහත් ඉන්දියාවේම බලය තම අණසකට ලබා ගනිමින් අශෝක අධිරාජ්‍ය නිර්මාණය කලද, කාලිංග නම් රාජ්‍ය සමග පැවති යුද්ධයේ දී වූ මනුෂ්‍ය ඝාතන දැක යුද්ධය පිළිබඳ දැඩි කලකිරීමකට අශෝක අධිරාජ්‍යයා පත්විය. එකී කලකිරීම කනස්සල්ල අතරේ කුඩා සාමණේර හිමි නමක් දැක බුදු දහම ගැන පැහැදී පැවති වෛදික සම්ප්‍රදායෙන් ඉවත් වී අශෝක රජු හිංදු දහම වෙනුවට බුදු දහම වැළද ගත් බවද පසුව ධර්මාශෝක ලෙස ප්‍රසිද්ධියට පත් බවද ඉති...

ජන කවි රසවිඳිමු රචනාව

ජන කවි රසවිඳිමු "... සාහිත්‍ය රසය මෙලොවට පැමිණිදා අමෘතය දෙව්ලොවට පලා ගියා...." සාහිත්‍යය රසය එතරම් අලංකාර රසයක් වීම සඳහා ප්‍රධාන වශයෙන් මූලික අඩිතාලම වූයේ ජන කවියයි. මෙම ජන කවි රසවිඳීමට අතීත පුද්ගලයාගේ පටන් වර්තමාන පුද්ගලයන් දක්වා ඉතා ම විශාල පිරිසක් එක් රොක්වී ඇත.  තමා මෙන්ම සමාජයේ ද සාමකාමී ප්‍රීතිමත් අර්ථවත් සමබර සංවර්ධනයක් සඳහා කෙනෙකු සතුව තිබිය යුතු උසස්ම ගුණයක් වන්නේ අධ්‍යාත්මික සංවර්ධනයයි. මෙම යහගුණයෙන් පිරුණු මනසක් ඇත්තෙකු වන්නට නම් ජීවිතයේ කවර අවස්ථාවක වුවද සමාජ ප්‍රවර්ධනයට සම්බන්ධ දෑ උගත ගත යුතුය. ඒ සඳහා ද අතීතයේ පටන් පැවත ආවේ ජන කවියයි.  බාලයන්ට පෙර වැඩිහිටියන් සදාචාර සම්පන්න වීමෙන් බාල පරපුරට දෙනු ලබන ආදර්ශය සමාජ යහපැවැත්ම සඳහා ඉතා වැදගත් වේ. එදා සිට ජන කවියෙන් ඉටු වූයේද එයයි. ජන කවිය තුළින් සදාචාරසම්පන්න වැඩිහිටි පරපුරක් බිහි විය. එසේම ඒ වැඩිහිටියන් ජන කවිය ඔස්සේම තම ළමා පරපුර වෙත ඒ සදාචාරසම්පන්න ගති ලක්ෂණ පුරුදු කලහ.  වත්මන් ළමා පරපුර බොහෝ විට අවිචාර ලෙස හැසිරීමට හේතු වී ඇත්තේ වැඩිහිටියන් විසින් යා යුතු නිවැරදි මඟ පෙන්වා නුදුන් නිසා විය හැකිය. එහිදී වැඩිහි...

උග්ගසේන සිටුපුත්හුගේ වස්තුව විචාරය 03

සද්ධර්මරත්නාවලී කතුවරයාගේ කථා කලාවේ විශේෂතා උග්ගසේන නම් සිටුපුත්හුගේ වස්තුව ඇසුරින් පැහැදිලි කරන්න.  සද්ධර්මරත්නාවලිය දඹදෙණි යුගයේ "ධර්මසේන" නැමති යතිවරයාණන් විසින් රචිතය. "සඳහම් ඇමිණූ වැල" යන අර්ථාන්විත "සද්ධර්මරත්නාවලිය" යන නම මේ ග්‍රන්ථයට යෙදී තිබේ. පාලි ධම්මපදට්ඨ කථාව ඇසුරින් ලියා ඇති ජනප්‍රිය බණකථා සංග්‍රහයක් වන මෙහි දෙසිය පනස් හය වන කථා වස්තුව වන්නේ "උග්ගසේන සිටුපුත්හුගේ කථා වස්තුවයි".  ගැමි ව්‍යවහාරෝචිත උපමා, රූපක, ප්‍රස්තාව පිරුළු, ගැමිවැකි, උපහැරණ ආදී සෑම දෙයක්ම උපයුක්ත කර ගනිමින් රචනා කර ඇති සද්ධර්මරත්නාවලිය පද සාරයෙන් මෙන්ම අර්ථ සාරයෙන් පෝෂිත වූවක් සේ සැලකිය හැකිය. කථා පුවතෙහි ගැබ් වූ මූලික ධර්මය ඉතා සරල ලෙසින් සිත් ගන්නා ලෙසින් ප්‍රකට කර ඇත්තා සේය. ධර්මසේන හිමියන්ගේ කථා කලාවෙහි එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේද මෙයයි.  "තවද උගනිතත් නිරවද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් ඓහලෞකික ප්‍රයෝජනයක් මුත්, පාරලෞකික ප්‍රයෝජනයක් නැති නියාව හඟවන්නට උග්ගසේන නම් සිටු පුත්හුගේ වත කියමු." පූර්වෝක්ත පාඨය මගින් ශ්‍රාවකයාට හෝ පාඨකයාට දියයුතු අගනා උ...

උග්ගසේන සිටු පුත්හුගේ කථා වස්තුව විචාරය 02

සද්ධර්මරත්නාවලී කතුවරයා හාස්‍යය, උපහාසය හා අනුකම්පාව පෙරදැරිව චරිත නිරූපනයට පෑ චතුරතාව "උග්ගසේන කථාවස්තුව" ඇසුරින් විමසන්න. දඹදෙණි යුගයේ දී ධර්මසේන යතිවරයාණන් විසින් බෞද්ධ ධර්ම කරුණු ඇතුළත් කරමින් රචිත "සද්ධර්මරත්නාවලිය" මාහැගි බණකථා සංග්‍රහයක් වේ. ධර්මසේන හිමියන් විසින් පාලි ධම්මපදට්ඨ කථාව ඇසුරින් සංගෘහිත මේ කෘතිය මගින් බෞද්ධ සාහිත්‍යයේ ප්‍රකට කථා වස්තූ සමූදායක් ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයෙන් හෙළි කරනු ලබයි. සද්ධර්මරත්නාවලියෙහි 256 වන කථා වස්තුව නම් "උග්ගසේන නම් සිටු පුත්හුගේ කථා වස්තුවයි." මෙම කථා පුවතෙහි එන උග්ගසේන නම් සිටු පුත්‍රයාගේ හා විද්දත් දියණියගේ චරිතය ශ්‍රාවකයින්ගේ හා පාඨකයින්ගේ චිත්ත සන්තානයෙහි හාස්‍ය, උපහාසය හා අනුකම්පාව පෙරදැරිව ජීවමාන ආකාරයෙන් ගෙන හැර පෑමට කතුවරයා ගත් උත්සාහය මෙතැන් සිට විමසා බලමු. "ගැල් රකිනවුනගේ පුත, බර උසුලන්නවුගේ පුත, කුමකුත් නොදන්නවුගේ පුතැ කිය කියා නළවයි." රූමත් බවින්ද, ශිල්ප බලයෙන්ද බලවත් සේ අහංකාර පරවශ සිත් ඇති වූ විද්දත් දියණිය උග්ගසේනයන්ගේ සිත තැලෙන වාග් ප්‍රහාර එල්ල කරයි. සිත රිදෙන අයුරින් හැසිරෙයි. ඇය සිඟිති...

සමාජ මාධ්‍යය සහ ළමා පරපුර රචනාව

සමාජ මාධ්‍යයන් නූතන ළමයා කෙරෙහි දක්වන බලපෑම අහිතකර බව හුදු පිළිගැනීම වී ඇත. සමාජ මාධ්‍ය හා ළමා පරපුර පිළිබඳව ඔබේ අදහස් දක්වා රචනාවක් ලියන්න. අතීත ජන සමාජයේ ජීවත් වූ ළමයින් සිය මව් පියන්ගේ, ආච්චී සීයාගේ, ඥාතීන්ගේ ගුරු හරුකම් ලබමින්, ඔවුන් සෙවණේ වැඩෙමින් වයසින් මෝරත්ම ශිෂ්ඨ සම්පන්න මිනිසුන් බවට පත් විය. රූපවාහිනිය, පරිඝණකය හා ජංගම දුරකථනය ජන සමාජයේ සුලභ වීමත් සමග ළමයින් ආච්චි සීයා ඇතුළු තමාට සැබැවින්ම ආදරය ඇති ඥාතීන්ගෙන් පමණක් නොව දෙමාපියන්ගෙන් පවා ඈත්ව යාමත් සමග දත් නැති කාලයේ පටන් තමාගේ ජීවිත කාලය දුකෙන් හෝ සතුටින් සමාජ මාධ්‍ය තුල ගෙවා දැමීමට හුරු පුරුදු විය.  සැබැවින්ම අද සමාජයේ ළමයින් තම සීයා ආච්චිගේ නම දැන ගන්නේ පවා ඔවුන්ගේ මරණ දැන්වීමෙන් වීම යම් කණගාටුදායක තත්ත්වයක් යැයි ඔබට සිතිය හැකිය. නමුත් අපේ අනාගත දූ දරුවරු තම මව්පියන් වන අපගේ නම් ගම් පවා හරිහැටි මතකයක් නැති ජන මාධ්‍ය, සමාජ මාධ්‍ය තුල ප්‍රසිද්ධ අනෙකුත් සියළු දෙනා එදිනෙදා කන බොන දේ පවා දන්නා උන්මත්තකයින් වන හෙයින් එතරම්ම අන්ධ නොවූ අද සමාජය පිළිබඳව යම් සතුටක් අපට විදිය හැකිය. "මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය ළමයායි" ...

වවන්නෝ දිනන්නෝය රචනාව

පිරිහී යන කෘෂිකර්මාන්තය දියුණු කිරීමට සිත් යොමු කරමින් නිර්මාණාත්මක රචනාවක් ගොඩ නගන්න. වවන්නෝ දිනන්නෝය "වවන්නෝ දිනන්නෝය" යන වදන අප සුලභව අසා තිබෙයි. කෘෂි කර්මාන්තය ලේ වල ඇති සිංහලයා අතීතයේ පටන් වගාවෙන් දිනූ ජාතියකි. අතීත යුගයන්හීදී පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලැබීමද වගාවෙන් ලද ජයග්‍රහණයකි. ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන ආහාර අතින් ස්වයංපෝෂිතකර බත බුලතෙන් සරි රටක් තැනීම තුළ වවන්නෝ දිනන්නෝ වෙති. අපේ අතීත මුතුන් මිත්තෝ ලෝකයේ ශ්‍රේෂ්ඨ කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක ජීවත් වූවෝ වෙති. ඒ ආඩම්බරය ඔබට මට ලබා දුන් අතීත මිනිසුන්, එකල ඒ වවන්නෝ දිනුවෝය. රට පුරා ජීවමාන මහා වැව් අමුණු අදටත් ඒ ජයග්‍රහණ ගැන සාක්ෂි දරයි.  රටක ජීවත් වන සියලු ජනතාවගේ පරිභෝජනයට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් ඒ රට තුල සිදු වෙයි නම් ස්වයංපෝෂිතයැයි යන වදන භාවිත කල හැකිය. රටක් ස්වයංපෝෂිත වූ කල්හි එහි පැවැත්මට අනෙකුත් රටවල බලපෑම ඉතා විරලවීම රටක ජයග්‍රහණයකි. "ආරෝග්‍යා පරමාලාභා" නීරෝගී බව පරම සැපත වූ කල්හි ජනතාවට තුන් වේල හොඳින් ආහාර අනුභව කොට නීරෝගී ජීවිතයක් ගත කල හැකි බැවින් ද, එ පරම සැපත සලසා ගන්නා බැවින්...

මා පාසල් ගිය මුල් දිනය

ඔබගේ මතකයේ රැඳුණු ඒ සුන්දර දවස පාසල් ගිය පළවෙනි දවස පිළිබඳව රචනාවක් ලියන්න. මා පාසල් ගිය මුල් දිනය ටික දිනක සිටම අම්මා වෙහෙසෙන්නේ මා පාසල් යැවීමටය. නමුත් මටනම් ඒ ගැන කිසිදු විශේෂයක් නොවීය. මාගේ හැසිරීම ඒ පාසල් යැවීමට සූදානම් වනුයේ මා නොව වෙනෙකෙකු ලෙසිනි. මා පෙර පාසලට ඇතුලත් කල මුල් දිනය මට සිහි විය. ඩෙස් පුටු පමණක් නොව සෙල්ලම් කිරීමට තිබූ සීසෝ, ඔංචිල්ලා, ලෙස්සන බෝට්ටු පවා මා ඉදිරියේ මවා පෑවේ අසීමිත භීතිකාවකි. ඇඩීමට රුසියා වූ නිසා මා තුළ වූ භිය කදුළු වලින් පිට කල ද ඒ සොඳුරු දිනය පාසල් යෑමට මට ඉමහත් ශක්තියක් විය.  මා හට වැඩිමල් සහෝදර සහෝදරියෙකු නොවීමෙන් මින් පෙර පාසලට ගොස් නැති මට මහත් අසරණ බවක් දැනුණි. හතර වටින් අහසට දිවෙන සුවිසල් ගොඩනැගිලි, යකුන් සේ එහෙ මෙහෙ දුවන අයියලා අක්කලා, ළමයින්ට කෑගසමින් කලබලයෙන් එහෙමෙහෙ යන ටීචර්ලා මා හිත තුළ බිය දෙගුණ තෙගුණ කරමින් සිටියදී, පෙර පාසලේ ටීචර්ගේ වේවැල වාගේ තුන් ගුණයක් පමණ දිග වේවැලක් අතේ රැගෙන වැඩි හාමුදුරුවන් දෙස බලා සිටි මා ගතෙහි පණ නැති වේගෙන යනු මට දැනුණි.  අක්කලා ටිකක් අපිව හරි හරියට පෝලිම් කරන්නට විය. මට ඉස්සරහාත් පිටි පස්සේත් ළමයින් ...

සිංහල රචනා 59 - මා කැමතිම ලේඛකයා

ඔබ කැමති ලේඛකයා පිළිබඳව වචන 150 කට නොඅඩු රචනාවක් ලියන්න. මා කැමති ලේඛකයා මා කැමති ලේඛකයන් අතරින් කැමතිම ලේඛකයා ලෙස කුමාරතුංග මුනිදාස මහතා හැඳින්වීමට මම කැමැත්තෙමි. මට මතක ඇති කාලයේ පළමුවෙන් ම කියැ වූ හත් පන කතා පොත නිසා මා තුල පොත් කියැවීමට ඇල්මක් ඇති විය. එම පොත ද කුමාරතුංග මුනිදාසයන් රචනා කරන ලද පොතක් වූ අතර පසුව මා හීන් සැරය කතා පොත ද සොයා ගෙන කියවීමෙන් කුමාරතුංග මුනිදාසයන්ගේ පොත් සොය සොයා කියවීමට උත්සුක විය. එතුමා මාගේ ප්‍රියතම ලේඛකයා වූ නිසා එතුමන් පිළිබඳව බොහෝ තොරතුරු මා සොයා බැලීය. 1887 ජුලි මස 25 වන දින මාතර දික්වැල්ලේ ඉදිගස් ආරේ දී එතුමා උපත ලැබා ඇත. ගමේ පන්සලෙන් බෞද්ධ පාසලටත්, මාතර ශාන්ත තෝමස් විද්‍යාලයටත් ඇතුලත් වී එතුමා අධ්‍යපනය හදාරා ඇත.  වෘත්තීයෙන් ගුරුවරයෙක් ලෙස ද සේවය කර ඇත. භාෂා සාහිත්‍ය මෙන්ම රට ජාතිය උදෙසා ද කුමාරතුංග මුනිදාසයන් සිදු කල සේවය ඉමහත්ය. යටත් විජිත සමයන්හී දී සිංහල භාෂාව සඳහා වටිනාකමක් නොමැති වූ කාලෙක සිංහල භාෂාවේ අභිවෘද්ධිය පිණිස කුමාරතුංග මුනිදාසයන් සිදු කර ඇති සේවය නිසා මා එතුමා පිළිබඳව තවත් පැහැදුණි. සිංහල ව්‍යාකරණ සම්බන්ධයෙන් වර්තමානයේ පවා පිළි...

සිංහල විචාර 106 - පෙමතො ජායතී සෝකෝ කාව්‍යමය භාෂාව

පෙමතො ජායතී සොකෝ නාට්‍යයේ එදිරිවීර සරච්චන්ද්‍රයන් පෙන්නුම් කරන්නා වූ කාව්‍යමය භාෂා භාවිතය පිළිබඳව විචාරයක යෙදෙන්න. කවිය හා මිනිසා අතර ඇති සම්බන්ධය ඉතාමත් ඈත අතීතයකට දිව යයි. අද මෙන් ජන මාධ්‍ය, සමාජ මාධ්‍ය නොදියුණුව පැවති අතීත යුගයන්හී දී කවියට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි. මානවයාගේ හදවතට කතා කිරීමේ හැකියාව කවිය තුල පවතී.  නාට්‍යය කරුවෙකු ලෙස ඉමහත් ගෞරවයට පත් එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යය නිර්මාණ අධ්‍යයනයේ දී ඔහු තුල ඇති කාව්‍ය කරණයේ සක්ෂ්‍යතාව මනාව පැහැදිලි වේ. ස්වකීය අධ්‍යයනයන් සිදු කරමින් නාට්‍ය කරණයෙහි නිරත වූ එදිරිවීර සරච්චන්ද්‍ර මහතා කාව්‍යමය නාටකයක් නිර්මාණය කිරීමට අදහස් කල අතර එසේ නිර්මාණය වූ පෙමතො ජායතී සොකෝ නාටකය එදා සිට අද දක්වාම ජනතා ප්‍රසාදය දිනා සිටිනුයේ එහි වූ කාව්‍ය රසය ජනහද ස්පර්ශ කල නිසා විය යුතුය.  ස්වර්ණතිලකා කතා වස්තුව මූලාශ්‍ර කොට ගනිමින් එදිරිවීර සරච්චන්ද්‍රයන් නිර්මාණය කරන ලද පෙමතො ජායතී සොකෝ නාට්‍ය තුල දැකිය හැකි කාව්‍යමය භාෂා භාවිතය එම නාට්‍යයෙහි සාර්ථකත්වයට හේතු වී ඇති ආකාරය මෙසේ විමසා බලමු. " කෙලෙස් මලයෙන් මලින සතහට -   ගොදුරු වී තම සි...

සාහිත්‍ය රසාස්වාදය 32 - පරමල් රසාස්වාදය

පරමල් රසාස්වාදය  නව කවියේ සද උදාව ලෙස විචාරකයකුගේ ඇගයුමට පාත්‍ර වූ රත්න ශ්‍රී විජේසිංහ මහතා ප්‍රතිභා පූර්ණ කවියෙකි. රචකයෙකි. විචාරකයෙකි. 1953 ජුනි 1 වෙනි දා උපත ලැබූ රත්න ශ්‍රී විජේසිංහයන් හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය විදුහල, ගාල්ල රිච්මන් ඇතුළු පාසල් කිහිපයකින් අධ්‍යාපනය ලැබූ අතර උසස් පෙළ තෙක් විද්‍යා විෂයන් හැදැරීය. නමුත් විශ්ව විද්‍යාල ප්‍රවේශයට ලකුණු මදි වූ අතර පසුව ගුරු පුහුණු සහතිකයක් හා සිංහල ගෞරව උපාධියක් ලබා ගෙන ගුරුවරයෙකු ලෙස සේවය කළේය. රත්න ශ්‍රී විජේසිංහ මහතා නිදහස් කවියේ දෙවන තරංගය බහුජන වින්දන මාධ්‍යයක් බවට පත්කිරීමට මෑත කාලයේ ඉහළම දායකත්වයක් දැක්වූ මානවවාදී කවියා ලෙස පෙන්වා දිය හැකිය. වර්තමානයේ රසික සිත් තුළ ආකර්ෂණය දිනා ගෙන සිටින ජනප්‍රිය සාහිත්‍යවේදියෙකු වන හෙතෙම නව කවියේ අදුරු යුගය ආලෝකය කරා රැගෙන ඒමට සමත් විය. තරුණ පරපුර වනාහි රටක අනාගත පැවැත්ම උසුලන්නට සැරසෙන පිරිසකි. ස්වභාවයෙන්ම තරුණයා අලුත් දේ අගයන චරිතයකි. අලුත් දේ ඇගයිය යුතු නමුත් අතීතයේ පැරණි දෑ අමතක කර දා අලුත් දේ වැළඳ ගැනීම වැරදි සහගතය. තරුණයින් රටක ජීව නාලය වුවද වැඩිහිටියන් වයසින් වැඩුණු, දැනුමින් වැඩුණු...

සිංහල විචාර 105 - ගුත්තිල කාව්‍ය විචාරය 06

ගුත්තිල කාව්‍ය විචාරය  (මූසිල චරිතය) ගුත්තිල කාව්‍ය තුල දැක්වෙන මූසිලගේ චරිතය පිළිබඳව නිදසුන් ගෙනහැර දක්වමින් විමර්ශන කරන්න. ගුත්තිල ජාතකය ඇසුරු කොට ගනිමින් වෑත්තෑවේ හිමියෝ ගුත්තිල කාව්‍ය නම් විශිෂ්ට කාව්‍ය සංග්‍රහය රචනා කලහ. ගුත්තිල ජාතකයේ දැක්වෙන කතාවේ දෙව්දත් තෙරුන්ගේ නුගුණ පෙන්වීම බහුලව දැකිය හැකි වෙයි. නමුත් වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය රචනයේ දී දෙව්දත් තෙරුන්ගේ පූර්ව භවයක් වූ මූසිලගේ චරිතය යම් සාධාරණීය කරණයකට ලක් කර ඇතැයි සිතෙයි.  "ඉදිමියි නො වී                     ණ ය  දක්වා සිල්ප වී                     ණ ය  සමග උප වී                         ණ ය  රැගෙන දැඩි කොට සදා වී  ණ ය" මූසිල යනු ආර්ථික අතින් පිඩාවට පත් තරුණයෙක් වූ අතර වීණා වාදනයට ද හැකියාවක් තිබුණි. වීණා වයා වෙළදුන් සතුටු කොට මුදල් ඉපැයීමේ නිරත වූයේ ණය නොව...

සතර කන් මන්ත්‍රණය විචාරය 06

උම්මග්ග ජාතකය රචනා කිරීමේ දී එහි සාර්ථකත්වයට ජාතක කතා කරුවාගේ භාෂා භාවිතය හේතු වූ අයුරු සතර කන් මන්ත්‍රණය පාඩමේ උදාහරණ ඇසුරින් විමසන්න. 14 වන සියවසේ කුරුණෑගල රජකම් කල iv වන පරාක්‍රම බාහු රජ දවස රචනා වූ පන්සිය පනස් ජාතක පොත වනාහි බෝධිසත්ව කතා ඇතුලත් අග්‍රගන්‍ය බෞද්ධ පුස්තකයකි. ජාතක කතා 547 අන්තර්ගත වන මෙම පොතෙහි දීර්ඝතම ජාතක කතාව වනුයේ උම්මග්ග ජාතකයයි. සතර කන් මන්ත්‍රණය පාඩම එම උම්මග්ග ජාතකයෙන් උපුටා ගත් කොටසක් වන අතර උම්මග්ග ජාතකයේ සාර්ථකත්වය සඳහා ජාතක කතා කරුවාගේ භාෂා භාවිතය හේතු වූ ආකාරය මෙසේ විමසා බලමු. "සුවද තෙලෙහි නගන ලද පහන් ආලෝකයෙන් ගන්ධදාම පුෂ්පදාමාවලම්භිත නා නා වර්න විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රී යහන් ගර්භය බලන්නාහු මහත් වූ සම්පත් දැක, මේ මාගේ යසස සන්තක දෝ හෝ යි සිතන්නාහු අනෙක් කෙනෙකුන් සන්තක නොවෙයි: චූලනී බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන් සන්තක ය." ඉහත දැක්වෙන පරිදි වූ ඉතා දිගු වැකි භාවිතය ජාතක කතා කරුවාගේ භාෂා ලක්ෂණය කි. විවිධ සිත් ගන්නා වූ විශේෂණ පද යොදමින් නැවතීමකින් තොරව කියාගෙන යනු ලබන දීර්ඝ වැකි පාඨක හද ආකර්ෂණය කරයි. පාඨකයා කතාව තුලම රදවා ගැනීමට ද එවැනි දිගු වැ...

සිංහල රචනා 58 - ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය කෙරෙහි බෝ නොවන රෝග වල බලපෑම රචනාව

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය කෙරෙහි බෝ නොවන රෝග වල බලපෑම රටක ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනතාව ශ්‍රම බලකාය ලෙස සරලව හැදින්විය හැකිය. ශ්‍රී ලංකාවේ වයස 18 සිට 55 දක්වා නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දායක විය හැකි පිරිස ශ්‍රම බලකාය යනුවෙන් හැඳින්විය හැකිය. ශක්තිමත් ශ්‍රම බලකායක් සිටී නම් රටක නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් සාධනීය තලයක පවත්වාගෙන යෑමට එය ඉතා පිටි වහලකි. වර්තමාන ලංකාවේ ශ්‍රම බලකාය දුර්වල කරන්නා වූ ප්‍රධාන සාධකයක් ලෙස බෝ නොවන රෝග හදුනාගත හැකි අතර ඒවායේ බලපෑම සහ ඒවා වළක්වා ගැනීම කෙරෙහි මෙසේ අවධානය යොමු කරමු. මිනිසාට වැළදෙන රෝග පිළිබඳව සොයා බැලීමේ දී එම රෝග බෝවන රෝග සහ බෝ නොවන රෝග ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. පාචනය, කොලරාව මෙන්ම අප මෑතක දී මුහුණ දුන් කොරෝනා වැනි වසංගත තත්ත්ව බෝවන රෝග ගණයට අයත් වන අතර මේවා කිසියම් කාල සීමාවක දී සීග්‍රයෙන් ව්‍යාප්ත වී නැවත තුරන් වීම හෝ රෝගීන් අවම වීම සාමාන්‍යයෙන් සිදු වෙයි. කොරෝනා වැනි වසංගත ශ්‍රම බලකායට විශාල තර්ජනයක් කර ආර්ථිකය සමතලා කල බව සත්‍ය වේ. එහෙත් එවැනි වසංගත ප්‍රතිශක්තීකරණ එන්නත් ආදීය මගින් පාලනය කර ගැනීමේ හැකියාව පවතී. එසේ නමුත් බෝ නොවන ...

සතුට පද්‍ය රසාස්වාදය 01

සතුට පද්‍ය රසාස්වාදය   "කවිය ඇත්තේ පොත් තුළ නොවේ රසිකයාගේ හදවත තුළ ය. පොත් රාක්ක වලට කවි රස විදීමට නොහැක"         (සඳුන් අරටුව - ලාල් හෑගොඩ ) පොත් රාක්ක වලට කවි රස විඳීමට නොහැක. ඒවා ඔබ අප පැමිණෙන තුරු බලා සිටී. නූතන කවියාගේ නිර්මාණ අගයන අපට හමුවන එක් සුන්දර කවියෙකු ලෙස ලාල් හෑගොඩයන් හැදින්වීම නිවැරදිය. ලාල් හෑගොඩ සූරීන්ගේ කවි කම් සැඟවී ඇති පොත් අතර මා මිනිසෙක් ඔබ ගඟක් නිසා, පසළොස්වක සඳ මගේය, ගඟ වක් වී ගලන තැන, මෙකව මෙතැනින් නවතමි, කෝමළනී යන කවි පොත් ද මතකයට නැගෙයි. කවියෙකු තමන් රචනා කරන පොත් පත් මිනිසුන් ආශාවෙන් පරිශීලනය කරයි යැයි හිතේ දහසකුත් බලාපොරොත්තු තබා ගෙන වෙහෙස මහන්සියෙන් රචනා කරන පොත් පත් කියවන්නේ අප කී දෙනා ද? අප කියවා ඇත්තේ ඔවුන්ගේ පොත පතින් කීයෙන් කීයද ? . ලාල් හෑගොඩයන්ගේම ප්‍රකාශයක් තුලින් මෙසේ කියවී ඇත.  "සමහරුන් හැසිරුනේ මා පොතක් පල කල බවවත් නොදන්නා ලෙසිනි. කනස්සල්ල ඒ ගැනය" කවියාගේ කවියට වටිනාකමක් දිය හැකි වන්නේ පාඨකයාටයි. කවි රසය රස විදීමට ලැදි රසවින්දනයක් ඇති වන්නේ ද කවි රස විදීමෙන්ම පමණි. රසවින්දනයට ඉතාම සුදුසු උසස් ගණයේ කවි රැසක් ති...

අලුත ගෙනා මනාලිය රසාස්වාදය

අසුලභ වස්තූ විෂයක් තුළ නුහුරු හැඟුම් සමූදයක් කැටිකොට ජී. බී සේනානායකයන් සටහන් කල ඒ සොඳුරු වදන් පෙල "අලුත ගෙනා මනාලිය" මෙසේ රසවින්දනය කරමු. නිසඳැස් කාව්‍ය සම්ප්‍රදායේ සමාරම්භකයා වූ ජී. බී සේනානායක මහතා විසින් රචිත "පලි ගැනීම" කෙටිකතා සංග්‍රහයේ හමුවන නිශ්ශබ්දතාව නම් නිසඳැස් කාව්‍ය තුළින් මෙරට නිසඳැස් කාව්‍ය සම්ප්‍රදාය ආරම්භ විය. ජී. බී සේනානායකයන් විසින් රචිත වෙනස්ම වූ ආකාරයක, ආකෘතියක කාව්‍ය නිර්මාණයක් ලෙස අලුත ගෙනා මනාලිය හැදින්විය හැකිය. අලුත විවාහ වූ මනාලයෙකුගේ සිත තුල තම මනාලිය පිළිබඳව ජනිත වන අව්‍යාජ හැගීම් සමූදායක් මෙම නිර්මාණයට ප්‍රස්තූත වූ බව පැහැදිලි වේ. කාව්‍ය නිර්මාණය ආරම්භයේ දී ම තම මනාලියගේ ස්වරූපය, විශේෂයෙන්ම භාහිර ස්වරූපය විස්තර කරන නිසඳැස් කවියා මනාලිය පිළිබඳව පාඨක මනසේ චිත්ත රූපයක් මවයි. " හිස නමා ගති ඈ  සිහින් රතැඟිලි පටලවා ගති  සතියකට පෙර ගෙනා වර  විළිබරය මගෙ රන්වන් මනාලිය" උක්ත මනාලිය කැන්දාගෙන විත් තවම හරියට සතියක් පමණි. අලුත ගෙනා මනාලියක් ලැජ්ජාශීලීව හැසිරෙන ආකාරය ජී. බී සේනානායක කවියා අපූරුවට විස්තර කර තිබෙයි. ඇය මනාලයා ඉදිරියේ පිය නගන...

ජීවක කතා වස්තුව විචාරය-03

බණකතාකරුවාගේ සුවිශේෂී ලක්ෂණ පිළිබඳව පූජාවලියේ හමුවන ජීවක වෛද්‍ය වරයාගේ කතාව ඇසුරින් විමසන්න. භාරතය හා බුද්ධ කාලීන සමාජ තොරතුරු කැටිකොට ගත් පූජාවලිය ග්‍රන්ථය ලංකා ඉතිහාසය පිළිබඳව ද සුවිසල් තොරතුරු රැගත් ඓතිහාසික බෞද්ධ ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකිය. මහාවංශයේ පවා හමු නොවන ඇතැම් ඉතිහාස ගත තොරතුරු අන්තර්ගත බුද්ධපුත්‍ර හිමියන්ගේ මේ සුවිශේෂී ග්‍රන්ථය බණ කතා පොතක් වශයෙන්ද බෞද්ධයා හට ඉමහත් වැදගත්කමක් ඇති පුස්ථකයක් බව එහි අන්තර්ගත කතා වස්තු පරිශීලනයේ දී මනාව අවබෝධ වේ.  පොලොන්නරුව යුගයේ දී ලියැවුණු අමාවතුර, බුත්සරණ වැනි බුදු ගුණ සාහිත්‍යයේ දිගුවක් ලෙස ද දඹදෙණි සාහිත්‍ය යුගයේ ලියැවුණු මේ පූජාවලිය හැදින්විය හැකි වනුයේ තථාගත සාම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ අරහං බුදු ගුණය විදහා දක්වමින් එය රචනා වී ඇති නිසාවෙනි.  ප්‍රධාන ලෙසම බණ කතා ග්‍රන්ථයක් වශයෙන් වැදගත් වන මේ පූජාවලිය ග්‍රන්ථයේ එන ජීවක කතා වස්තුව අධ්‍යයනයේදී පෙනී යන බණකතාකරුවාගේ සුවිශේෂී කතා ලක්ෂණ කෙරෙහි මෙසේ අවධානය යොමු කර බලමු. පූජාවලියේ රචකයා වන මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමියන්ට පමණක් නොව පූජාවලිය ග්‍රන්ථය රචනා කරන සමයේ දඹදෙණිය...

ජීවක කතා වස්තුව විචාරය-02

උගත් ශිල්පය ආත්ම අභිමානය හා ජීවිතය ඔසවා තබනා ආකාරය ජීවක වෛද්‍ය වරයාගේ ජීවිත කතාව ඇසුරින් විමසන්න. "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" යන මසුරන් ප්‍රසිද්ධ කියමන දැන දැනත් අධ්‍යාපනයේ වැදගත්කම අවබෝධ කර නොගන්නා දරුවන් කොතෙක් නම් සමාජයේ සිටී ද?. අද මෙන්ම එදත් සමාජයේ පැවති මේ පරිහානිය සමනය කිරීමට පූජාවලිය රචනා කිරීමේ දී බුද්ධ පුත්‍ර හිමියන් උත්සාහ දරා ඇති බව ජීවක කතා වස්තුව තුළින් අපට මනාව පිලිබිඹු වෙයි.  "මාගේ කිසි නෑසිය කෙනෙකුත් නැත. මතු මට හිමිවන කුල සැපතෙකු දු නැත. එසේ හෙයින් මා විසින් ශිල්පයක් හදාරා ගත මැනව. ශිල්ප බලයෙන් බොහෝ දෙනා නෑ කොට ගෙන ධනය උපදවා ගත මැනැව" ජීවක රජ මැදුරක හැදුනා වැඩුනා වූවත් රජ සම්පත් ඔහුට උරුම නැත. සාලවතී ගණිකාවට උපන් ජීවකගේ සැබෑ පියා අභය රාජ කුමාරයා වූවත් ඒ බව අභය රාජ කුමාරයා පවා දැන සිටියේ නැත. අභය රාජ කුමාරයා කුණු ගොඩින් අහුලා ගෙන ඇති දැඩි කල ජීවක, වයසින් මෝරත්ම තමාගේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට තරම් බුද්ධිමත් වීම භාග්‍යය කි.  තමා රජ මැදුරක සිටියත් තමාට ඒවා හිමි නැති බව ජීවක වටහා ගැනීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බව කිව යුතුය. තමාට ජීවිතය ...

ජීවක කතා වස්තුව විචාරය-01

පූජාවලියේ එන ජීවක කතා වස්තුව තුළින් අපේ ජීවිත වලට සපයන ආදර්ශ හා ජීවිතාවබෝධය පිළිබඳව විචාරය කරන්න. තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නවඅරහාදී බුදු ගුණ අතුරින් අරහං බුදු ගුණය සිහි කරමින් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආමිස සහ ප්‍රතිපත්ති පූජා පිළිබඳව සහෘදයාට අවබෝධ කරවීම පිණිස දඹදෙණි යුගයේ වැඩ වාසය කල මහා යතිවරයාණෝ, මයුර පාද පරිවෙනාධිපති බුද්ධ පුත්‍ර හිමියෝ විසින් "පූජාවලිය" නම් ඒ මා හැඟි ධර්ම පුස්තකය ලෝ සත වෙත නිබන්ධනය කලහ.  බුද්ධ පුත්‍ර හිමියන් වෛද්‍ය වරයෙකු ලෙසද සඳහන් වේ. කායික මානසික රෝග සඳහා වෙදකම් කරමින් සිටින අතර තුර දී පූජාවලිය රචනා වීම සිදුවන අතර වෙදකම හා සම්බන්ධ වන ජීවක කතා වස්තුව ද පූජාවලිය තුළ අන්තර්ගත වීම ද සුවිශේෂී වේ. පූජාවලියට අමතරව යෝගාර්නවය හා ප්‍රයෝග රත්නාවලිය යන ග්‍රන්ථ ද බුද්ධ පුත්‍ර හිමියන් අතින් රචනා වීම නිසා උන්වහන්සේ වෙදකම් දැන සිටි බව තහවුරු වේ. කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත ද්විතීයික පරාක්‍රමබාහු රජතුමාගේ අමාත්‍ය වරයෙකු වූ දේව පතිරාජ විසින් බෝධි සත්ව පාරමිතාවෙන් යෙදුනා වූ බනක් වදාරන්න යැයි කල ඉල්ලීම පූජාවලිය රචනය සඳහා හේතු විය. දෙවන පරාක්‍රම බාහු රජතුම...

සිංහල විචාර 99 - බැද්දේගම නවකතාව විචාරය 05

බැද්දේගම ග්‍රාමයේ ජීවත් වූ අහිංසක ගම්වැසියන් නිලධාරීවාදයෙන් පීඩනයට පත් වූ අයුරු බැද්දේගම නවකතාවේ නිදසුන් තුනක් ඇසුරෙන් පැහැදිලි කරන්න. බැද්දේගම නවකතාව මුලින්ම ලියූ නවකතාකරු ලෙස ලෙනාඩ් වුල්ෆ් මහතා හැඳින්විය හැකිය. එහිදී ලෙනාඩ් වුල්ෆ් එම නවකතාවට දුන් නාමය වූයේ "ද විලේජ් ඉන් ද ජන්ගල්" යන්නයි. බැද්දේගම නමැති නවකතාව රචනයේදී මුල් කෘතියේ කතාව අල්ප මාත්‍රයකින් හෝ අඩු වැඩි නොකොට ඒ. පී ගුණරත්නයන් විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී. නවකතාව රසවිදීමේ දී පැහැදිලි වන්නේ මෙම නවකතාව රචනා කිරීම සඳහා ලෙනාඩ් වුල්ෆ් මහතා පාදක කර ඇත්තේ නියගයට හසුවී ඇති වසරේ වැඩිම කාලයක් අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන හම්බන්තොට දිස්ත්‍රික්කය බවයි. සැබවින්ම මෙම ප්‍රදේශය ශුෂ්ක ලදු කැලෑ ද කටුපඳුරු වලින් මිනිසාට පීඩා ගෙන දෙන මිනිසුන් අනේකවිද දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන ගමක් ලෙස හැඳින්විය හැකිය.  සැබවින්ම බැද්දේගම අහිංසක ජනයා මෙම ගම්මානයේ ජීවත් වීමේදී නිලධාරීවාදයෙන් පීඩාවට පත්වූහ. නිලධාරි වාදය යනු ගමේ නායකයාට යටත් වී ඔවුන්ට අවශ්‍ය පරිදි වැඩ කිරීමට ගැමියන්ට සිද්ධ වීමයි. ගම්වාසීන් දුප්පත්කමින් පමණක් නොව පාලකයාගෙන්ද වි...

සිංහල විචාර 98 - සද්ධර්මාලංකාරය විචාරය 03 | Saddharmalankaraya

සද්ධර්මාලංකාරයෙහි සුවිශේෂීත්වය වන්නේ සමාජයේ විවිධ ස්තරවල මිනිසුන්ගේ දුර්වලතා උපහාසයට ලක් කිරීමයි. නියමිත කතා වස්තු දෙක ආශ්‍රයෙන් විමසන්න. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයට අලංකාරයක් ලෙස ලියන ලද ග්‍රන්ථය එහි කතුවරයා වූ ගම්පොළ සමයේ ජීවත්ව සිටි දෙවැනි ධර්ම කීර්ති ස්වාමිපාදයන් විසින් ම නම් තබන ලද්දේ සද්ධර්මාලංකාරය ලෙසිනි. ග්‍රන්ථය ලියන ලද කාලය සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ගම්පොළ යුගයයි. ගම්පොල යුගයේ මේ බණ පොත ලියූ කතුවරයා ගම්පල දෙවැනි ධර්ම කීර්ති ස්වාමීන් වහන්සේය. දඹදෙණි යුගයේ වේදේහ අනෝමදස්සි හිමියන් විසින් රචිත පාලි රසවාහිනිය නමැති ග්‍රන්ථය මූලාශ්‍ර කොටගෙන සද්ධර්මාලංකාරය නිර්මාණය කරන්නට විය. ඒ අනුව සද්ධර්මාලංකාරය රසවාහිණිය නමැති ග්‍රන්ථයේ සාර්ථක පරිවර්තනයකි. මෙලෙස නිර්මාණය කරන ලද සද්ධර්මාලංකාරයෙහි අපට නියමිත කතාවස්තු දෙක වන ස්වර්ණතිලකා කතා වස්තුව හා නන්දි වාණිජ කතා වස්තුව සාර්ථක නිර්මාණ දෙකකි. එහි සුවිශේෂීත්වය වන්නේ සමාජයේ විවිධ ස්තරවල මිනිසුන්ගේ දුබලතා උපහාසයට ලක් කිරීමයි. එම සුවිශේෂීත්වය තුළ කතු හිමි කොතෙක් දුරට සාර්ථක දැයි නිදසුන් ඇසුරින් විමසා බලමු. වර්තමානයට වඩා අතීතයේදී ප...