ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නම් ශ්‍රී ලංකාව සුන්දරත්වයෙන් පිරුණු දිවයිනකි. සීගිරිය, දළදා මාළිගාව, දකුණු මුහුදු තීරය, රට පුරා විහිදී ඇති විවිධාකාර ආගමික ස්ථාන, කදු, දිය ඇලි, වනෝද්‍යාන මේ සියල්ල එක්ව ගත්කළ රටක් ලෙස ආඩම්බර විය හැකි නමුත්, රටේ ලස්සන පාවිච්චි කරන්නෙත්, එය තවත් ලස්සන කරන්නෙත්, විනාශ කරන්නෙත් අපි මයි. එනිසා මේ සුන්දර දිවයිනේ අලන්කාරත්වය රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීමක් ය. "ලස්සන රටක්"යන්න වඩාත් බහුඅර්ථවත් වචනයක් වේ. පරිසරය පමණක් නොවෙයි. එය මිනිස්සුන්ගේ හැසිරීම, ආචාරධර්මය, විනය, සාමය, සත්‍යය, ආදරය, හා ගරු කිරීම මත පදනම් වේ. මේවා නැතිනම් පරිසරය කෙතරම් සුන්දර වුවද, රටක් සැබෑවටම ලස්සන නොවන බව නිසැකයි. එමෙන්ම රටක් ගොඩනැගීම කෙරෙහි හැම කෙනෙකුටම තමන්ට අදාළ භූමිකාවක් තිබේ. දරුවෙකුට පාසලේ ඉගෙනීමත් සමග ම, අයහපත් දෙවල් වලින් වැළකීම, හොඳ පුරුදු අනුගමනය වැනි දේ පුරුදු පුහුණු කිරීම මගින් රටේ අනාගතය ලස්සන කල හැකිය. තරුණයන්ද වගකීම් සහිතව, විවෘත මනසකින්, නීතියට ගරු කරන ආකාරයෙන් හැසිරීම කළ යුතුය. රට තුළ ලස්සන ජීවිතයක් බිහි කිරීමට සැබවින්ම අවශ්‍ය නම් තරුණයෝ තමන්ගේ හැකියාවන් හඳු...
සිංහල විෂය සහ සාහිත්‍ය රසවින්දනය ඔප් නැංවීම සඳහා ඇති අවකාශයකි.