ගුත්තිල ජාතක කතාව කාව්‍යට නැගීමේදී වර්තමාන සරල වහර ද කාව්‍යමය වියත් වහර ද මනාව ගලපා ගන්නට කවියා සමත්ව ඇති බව උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.
සිංහල සාහිත්‍යය කෙරෙහි ජාතක කතා වස්තුන්ගේ බලපෑම විදහා දක්වන තවත් එක් සුවිශේෂ කාව්‍ය සංග්‍රහයක් ලෙස ගුත්තිල කාව්‍ය හදුන්වා දිය හැකිය. වෑත්තෑවේ හිමියන් තම ස්වකීය අත්දැකීමක් ද හේතුකරගෙන ගුත්තිල ජාතකය ඇසුරින් ගුත්තිල කාව්‍යය නිර්මාණය කරන්නේ කෝට්ටේ යුගයේ ය.
කාව්‍යකරණයේ වියතකු වූ වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය පබැඳුම කෙරෙහි කාව්‍යමය වියත් වහර යොදා ගැනීම පුදුමයට කරුණක් නොවේ.
එසේ නමුත් සාමාන්‍ය ජනතාවට පවා රසවිදිය හැකි අයුරින් කාව්‍යමය වියත් වහර සමගින් වර්තමාන සරල වහර එකට ගළපා ගුත්තිල කාව්‍යය නිර්මාණය කර දීමට වෑත්තෑවේ හිමියන් දැරූ උත්සාහය අගය කළ යුතුය.
වීණා වයන ලෙස ඉද
පසෙක පනවන ලද
සුදුසු අස්නෙක ගොසින් උන් සද"
මෙයින් කියන්නේ කුමක්ද කියා පැහැදිලි කිරීම ඇත්තටම අනවශ්‍ය වේ. මොකදයත් එය එතරම්ම සරලය. ගුත්තිල ඇදුරු තුමා වීණා වැයීම සදහා තමාට ගැළපෙන ආසනයක අසුන් ගත් බව කිසිම වියත් භාෂාවකින් තොරව අමුවේම ප්‍රකාශ කර තිබෙයි. සරල වචන එහාට මෙහාට කර තාලයට සකසන අතර සද, ඉද, ලද යන වචන යොදා එළිසමයද මනාව රැකගනී. එනම් වියත් වහරින් නොව සරල වහරින්ම ශ්‍රාවකයාට දැනෙන ලෙස පද බැදීමට වෑත්තෑවේ හිමියන් සමත්ව තිබේ.
පිළිමල් දප ද සින්දේ
යස දිගත ඇන්දේ
විජය සිරි සද ගෙන වැලැන්දේ "
මෙහි ශබ්ද රසය මනාව සවනට වැටුනද මෙහි අර්ථය කොතරම් දුරකට වැටහේද? ඇසූ පමණින් මෙහි අර්ථ රසයන් බොහොමයකට නොලැබෙන්නේය. එපමණින් මෙහි අර්ථ රසයක් නැතැයි කිව නොහැක්කේය. මෙහි ඇති නොතේරෙන වචන වල තේරුම් සොයා ගැලපූ කළ අපට මෙහි අර්ථය තේරුම් කරගත හැකිය. සිංහල භාෂාව ම වුව ද අපට නොතේරෙන සභ්‍ය වචන මාලාවකින් ඉදිරිපත් කිරීම කාව්‍යමය වියත් වහර ලෙස හැදින්වීමේ වරදක් නැත.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
මෙහි භාවිත ව ඇත්තේ අපට නිතර භාවිත නොවන වචන මාලාවකි. "තත මතු ද සින්දේ" යන පදයෙහි අරුත සොයන කල, සින්දේ යනු නැති කරනවා, බිද දමනවා, කඩා දමනවා යන අරුත් ගෙන දෙයි. "මතු" යන්න අප පොදුවේ භාවිතා කරනුයේ අනාගතයේ යන්න ඇඟවීමටයි. එසේ ගත්තද " තත අනාගතයේද කඩලා දැම්මේ" වැනි නොගැලපෙන තේරුමක් ගෙන දෙයි. වෑත්තෑවේ හිමියන් ඉදිරිපත් කරන අර්ථය ලැබීමට නම් "මතු ද" යන්න සඳහා "පමණක් නොව" යන අර්තය යෙදිය යුතුය. එසේම " පිළිමල් දප" යන්න සඳහා විරුද්ධ කරුගේ ආඩම්බරය යන අර්ථය යෙදිය යුතුය. යස යනු කීර්තියයි දිගත යනු දිගන්තයයි. එසේ තේරුම් ගත් කල වියතකු තේරුම් ගන්නා මෙන් මෙහි අර්ථය "තත පමණක්ම නොවෙයි බිඳල දැම්මෙ, විරුද්ධවාදියා ගේ ආඩම්බරය ද දුරු කර දැම්මේය. කීර්තිය සතර දිගන්තයේ ම පතුරුවා හැරියේ ය. ජයග්‍රහණය තමා වෙතට ගෙන ඉමහත් සතුටට පත් වූයේය." යන්න බව තේරුම් ගත හැකිය.
වෑත්තෑවේ හිමියන් පවසන අර්ථය එකඑල්ලේ අපිට නොතේරීම කණගාටුවට කරුණක් වුව ද කවි පද බැඳුමෙහිලා කාව්‍යමය වියත් වහර යොදාගැනීමට වෑත්තෑවේ හිමියන් දැක්වූ කුසලතාවය අගය කල යුතුමය.
ගුත්තිල වෙණ නද විචාර (විරිත් භාවිතය)
ගුත්තිල වෙණ නද විචාර (සරල බස් වහර හා වියත් වහර)
ගුත්තිල වෙණ නද විචාර pdf Download
Guththila vena nada vichara examples