ඔබගේ මතකයේ රැඳුණු ඒ සුන්දර දවස පාසල් ගිය පළවෙනි දවස පිළිබඳව රචනාවක් ලියන්න.
මා පාසල් ගිය මුල් දිනය
ටික දිනක සිටම අම්මා වෙහෙසෙන්නේ මා පාසල් යැවීමටය. නමුත් මටනම් ඒ ගැන කිසිදු විශේෂයක් නොවීය. මාගේ හැසිරීම ඒ පාසල් යැවීමට සූදානම් වනුයේ මා නොව වෙනෙකෙකු ලෙසිනි. මා පෙර පාසලට ඇතුලත් කල මුල් දිනය මට සිහි විය. ඩෙස් පුටු පමණක් නොව සෙල්ලම් කිරීමට තිබූ සීසෝ, ඔංචිල්ලා, ලෙස්සන බෝට්ටු පවා මා ඉදිරියේ මවා පෑවේ අසීමිත භීතිකාවකි. ඇඩීමට රුසියා වූ නිසා මා තුළ වූ භිය කදුළු වලින් පිට කල ද ඒ සොඳුරු දිනය පාසල් යෑමට මට ඉමහත් ශක්තියක් විය.
මා හට වැඩිමල් සහෝදර සහෝදරියෙකු නොවීමෙන් මින් පෙර පාසලට ගොස් නැති මට මහත් අසරණ බවක් දැනුණි. හතර වටින් අහසට දිවෙන සුවිසල් ගොඩනැගිලි, යකුන් සේ එහෙ මෙහෙ දුවන අයියලා අක්කලා, ළමයින්ට කෑගසමින් කලබලයෙන් එහෙමෙහෙ යන ටීචර්ලා මා හිත තුළ බිය දෙගුණ තෙගුණ කරමින් සිටියදී, පෙර පාසලේ ටීචර්ගේ වේවැල වාගේ තුන් ගුණයක් පමණ දිග වේවැලක් අතේ රැගෙන වැඩි හාමුදුරුවන් දෙස බලා සිටි මා ගතෙහි පණ නැති වේගෙන යනු මට දැනුණි.
අක්කලා ටිකක් අපිව හරි හරියට පෝලිම් කරන්නට විය. මට ඉස්සරහාත් පිටි පස්සේත් ළමයින් සිටි නිසා හිතට යම් සැහැල්ලුවක් දැනුණි. ගේට්ටුව අසල නැවතුණු අම්මා තවමත් සිටී දැයි මම ආපසු හැරී විපරම් කළෙමි. ගේට්ටුව දිසාවේ සිට අප දෙසට පැමිණි ටීචර්ලා දෙන්නෙක් මට පිටිපස්සේ සිටි ළමයින්ගේ ඔළුව අතගාමින් සිනාසෙමින් ආදරෙන් කතා කළෝය. මාගේ සිතේ තිබූ බිය අමතක වී ඒ ටීචර්ලා මම ලඟට පැමිණෙන තුරු බලා සිටියෙමි. මූන දිහාම බලාගෙන සිටිය නිසාදෝ "අනේ ෂෝක් බබෙක් .." කියා එක ටීචර් කෙනෙක් මගේ හිස අතගා ගියේය. ඒ ටීචර්ගේ සුවඳ විලවුන් වල සුවඳ මෙන්ම මගේ ඇගේ දැවටී ගිය සාරි පොටේ සනීපය මාගේ මතකයේ තදින්ම රැදුණි.
මල් පොකුරු අතින්ගත් අක්කලා පේළියට ඇවිත් අපගේ අතින් අල්ලාගෙන පේළියට රැගෙන ගිය ආයුරු තවමත් චිත්රයක් සේ මා ඉදිරියේ මැවෙයි. මා ඉස්සරහින් ගිය ළමයින් එක් එක් පංතිකාමර වලට වෙන්කර යවන සැටි හිතේ ඇති කලේ මහත් කුතුහලයකි. මාගේ වාරයද පැමිණ ඇත. මම බියෙන් බියෙන් පංතිය ඇතුළට ගියෙමි. පෙර මාගේ හිස අතගෑ ටීචර් ඒ පංතියේ සිටිනු දැකීමෙන් මට ඉවවහා ගිය සතුටක් ඇති විය. ටීචර් මාගේ පුටුව පෙන්වා මා වාඩි කලේය.
එදා අපගේ විස්තර ඇහුවා පමණි. එදා සිලිකවරයක දා දුන් කෑම අතර තිබූ කෙසෙල් ගෙඩිය හා කේක් කෑල්ලේ රසටද මම තවමත් ආසා කරමි. එදා පාසල නිමා වන විට ළමයින් කීප දෙනෙකුම මාගේ යාළුවන් බවට පත්විය. ගෙදරට පැමිණ අම්මාට රස කර කර විස්තර කී ඒ පාසලේ පළමු දවස මට කවමදාවත් අමතක නොවනු ඇත.
Comments