ජන කවි රසවිඳිමු
"... සාහිත්‍ය රසය මෙලොවට පැමිණිදා අමෘතය දෙව්ලොවට පලා ගියා...." සාහිත්‍යය රසය එතරම් අලංකාර රසයක් වීම සඳහා ප්‍රධාන වශයෙන් මූලික අඩිතාලම වූයේ ජන කවියයි. මෙම ජන කවි රසවිඳීමට අතීත පුද්ගලයාගේ පටන් වර්තමාන පුද්ගලයන් දක්වා ඉතා ම විශාල පිරිසක් එක් රොක්වී ඇත.
තමා මෙන්ම සමාජයේ ද සාමකාමී ප්‍රීතිමත් අර්ථවත් සමබර සංවර්ධනයක් සඳහා කෙනෙකු සතුව තිබිය යුතු උසස්ම ගුණයක් වන්නේ අධ්‍යාත්මික සංවර්ධනයයි. මෙම යහගුණයෙන් පිරුණු මනසක් ඇත්තෙකු වන්නට නම් ජීවිතයේ කවර අවස්ථාවක වුවද සමාජ ප්‍රවර්ධනයට සම්බන්ධ දෑ උගත ගත යුතුය. ඒ සඳහා ද අතීතයේ පටන් පැවත ආවේ ජන කවියයි.
බාලයන්ට පෙර වැඩිහිටියන් සදාචාර සම්පන්න වීමෙන් බාල පරපුරට දෙනු ලබන ආදර්ශය සමාජ යහපැවැත්ම සඳහා ඉතා වැදගත් වේ. එදා සිට ජන කවියෙන් ඉටු වූයේද එයයි. ජන කවිය තුළින් සදාචාරසම්පන්න වැඩිහිටි පරපුරක් බිහි විය. එසේම ඒ වැඩිහිටියන් ජන කවිය ඔස්සේම තම ළමා පරපුර වෙත ඒ සදාචාරසම්පන්න ගති ලක්ෂණ පුරුදු කලහ.
වත්මන් ළමා පරපුර බොහෝ විට අවිචාර ලෙස හැසිරීමට හේතු වී ඇත්තේ වැඩිහිටියන් විසින් යා යුතු නිවැරදි මඟ පෙන්වා නුදුන් නිසා විය හැකිය. එහිදී වැඩිහිටියන් අතින් ක්‍රමයෙන් ජන කවිය ඈත් වූ අතර ඔවුන්ගේ ළමා පරපුර වෙත ජන කවිය හෝ ඒ තුළ ගැබ් වී තිබූ සාරධර්ම සංසරණය නොවීම ළමයා අවිචාර වීමට හේතු විය.
ප්‍රෞඩ ඉතිහාසයක අභිමානවත් උරුමක්කාරයින් ලෙස ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප දෙපයින් නැගී සිටීමට අපට අද හැකි වීම කෙරෙහි සෞන්දර්යාත්මක හා නිර්මාණශීලී ජන කාව්‍ය ප්‍රධාන සාධකයක් විය. කුසලතා වලින් හෙබි උදාර හර පද්ධතියකින් යුත් සදාචාරසම්පන්න ගුණගරුක පරපුරකින් පැවත එන්නන් බැවින් බටහිර ජාතීන්ගේ ආධිපත්‍යයට යටත්ව සිටි ශ්‍රී ලංකාව එසේ යටත් වුවද දැහැමි දිවි පෙවෙතක් ගෙනගිය බව මෙවැනි වූ සංවර්ධිත සමාජයක් තුලින් මනාව පැහැදිලි වේ.
එදා අපට හිමි වූ ශ්‍රැතිගෝචර රටාවෙන් ලියන ලද සම්භාව්‍ය සාහිත්‍ය උගතුන් බහුලව රස විදි අතර අධ්‍යාපනය නොලද් නූගත් ජනයා නිර්මාණය කර ගෙන ඇති ජන කාව්‍ය විශේෂයෙන් පැසසීමට ලක් විය යුතුය. නූගත් ජනයා අතරින් බහුලව නිර්මාණය වූවද සිංහල ජන කවිය හෙළ සංස්කෘතියට බද්ධව ජනයා තුල සභ්‍යත්වය ඇති කිරීමට ඉවහල් වූ බව කිව යුතුය.
අතීත ජන කවි අතර පැල්කවි, ගොයම් කවි, කරත්ත කවි, පාරු කවි, නෙලුම් කවි ආදී වෘත්තීය කේන්ද්‍ර වූ නිර්මාණ බිහි වී තිබීම ජන කවි තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. ඒවා නිර්මාණය වීම සඳහා එකල පැවැති ජනයාගේ ක්‍රියාකාරකම් මූලික වී ඇති බව අපට මනාව පැහැදිලි වන කරුණකි. තමාගේ රැකියාව සිදුකරන අවස්ථාවෙහිදී මොවුන් මෙම ගායනා සිදුකර ඇති බව අපට පැහැදිලි වනුයේ එක් එක් එක් ජන කවි නිර්මාණය වීම සඳහා එම කර්මාන්තය ප්‍රධාන අඩිතාලමක් වූ හෙයිනි. එසේම ජනප්‍රවාදයේ ආ උපමා හා උපදේශ කවි තුළින් ලබා දුන් දැනමුතුකම් බොහෝය.
එලෙස දීර්ඝ කාලයක් තිස්සේ පැවතගෙන ආ මෙම ජන කවිය අදටත් අමරණීයත්වයෙන් පවතින්නේ අප රටෙහි සිටින ජනතාවගේ සාහිත්‍ය රසය මොනතරම් ඉහළ තැනක තිබේද යන්න අපට මනාව පැහැදිලි කරවමිනි.
මෙලෙස මෙම ජන කවිය රසවිඳීම තුළින් පුද්ගලයාගේ මනස තුළ කිසියම් ඒකාග්‍රතාවයක් ඇතිවීමත්, විවේකය සතුටින් ගත කිරීමට හැකිවීමත්, තමාගේ මානසික ව්‍යාකූලතාවයන් සුවපත් කිරීමත්, විවේකය අර්ථවත් ලෙස ගතකිරීමත්, නොදන්නා අතීත සාහිත්‍ය රසයන් දැන ගැනීමට හැකිවීමත් සහ දන්නා අතීත සාහිත්‍ය ජන කවිය පිළිබඳ කරුණු තවදුරටත් දැන ගැනීමට හැකිවීමත් යන කරුණු මෙම ජන කවි රසවිඳීම තුළින් අපට නොඅඩුව ලබාගත හැකිය.
තවද වර්තමානයේ සිටින කුඩා දරු දැරියන් සඳහා මෙම ජන කවිය ඉතාමත් අර්ථවත් ලෙස භාවිත කළ හැකිය. ඔවුන්ගේ විවේක කාලය අර්ථවත් ලෙස ගතකිරීමට ජංගම දුරකථනයක්, රූපවාහිනියක්, ගුවන් විදුලියක් ඔවුනට ලබා දෙනවාට ඔබ්බින් ඉහළ අධ්‍යාත්මික සහ මානසික සුවයක් ලබා ගැනීමට ඔවුන්ව මෙම ජන කවි රසවිඳීමට පෙළඹවිය හැකිය.
ජන කවිය පිළිබඳව රාජ්‍ය අනුග්‍රහය හා ජනතා උනන්දුව අතුරුදහන්ව තිබූ කාලයේ ලේඛක සමාජය මෙන්ම පාඨක සමාජය ද ක්‍රමයෙන් අඩු විය. එබැවින් එදා සමාජ ධර්ම අන්තයටම පිරිහුනි. රැකියා හා විභාග ඉලක්ක කොටගත් අධ්‍යාපනය නිසා බිහි වූ තරුණ පිරිස් රොබෝවරුන් ලෙස ක්‍රියා කළහ. ජාතියේ ප්‍රෞඩත්වය ක්‍රමයෙන් මිනිසුන් වෙතින්ම ගිලිහී ගියේ සාහිත්‍යයේ, ජන කවියේ, ඇසුර නොලද නිසාය.
කෙසේ නමුත් අනාගතයට එවැනි විනාශ සිදු වීමට ඉඩ නොතැබිය යුතුය. ජන කවිය රසවිඳීම තුළින් බොහෝ ප්‍රයෝජන ලබා ගත හැකී සහ අතීත හෙල ශිෂ්ඨාචාරයන්ට ගරු කරමින්ද ඔවුන්ගේ එම සාහිත්‍යය රසයන් මුසු ජන කවිය ඉදිරි අනාගත දරුවන්ටත් දායාද කිරීමට, අපත් ජන කවිය රස විඳිමින් ඒවා සුරක්ෂිත කිරීමට වග බලා ගත යුතුය.