Skip to main content

Posts

අපේ කුඹුරේ ගොයම් කැපූ දා

අපේ කුඹුරේ ගොයම් කැපූ දා එදා අපේ ගෙදර බොහෝ කලබලකාරී තැනක් විය. අම්මා, අප්පච්චී එක්ක අපි හැමෝම උදෙන්ම කුඹුරට ගියේ මද්දහන වන්නට පෙර හැකි තරමක් ගොයම් කැපීමට ය. ආච්චි අම්මා ගෙදර නැවතුනේ වැඩ කරන අයට කෑම ලෑස්ති කරන්නටයි.  ගිය සුමානයේ හේරත් මාමලගෙ කුඹුරේ ගොයම් කපන්න අපි ගියා වගේම හේරත් මාමලත් අපේ කුඹුරේ ගොයම් කැපිල්ලට ඇවිත් හිටියේ පවුලේ හැමෝම එක්කයි. 'අත්තම' කියන්නේ ඒ විදියට ශ්‍රමය හුවමාරු කර ගන්න එක බව අම්මා මට කියලා දුන්නේ බොහොම ඉස්සරයි. ගොයම් කැපිල්ල ආරම්භ විය. අම්මත්, සෝමා නැන්දත්, යශෝ අක්කත් ඇතුළු ගැහැණු උදවිය තාලෙට ගොයම් කවි කියමින් ගොයම් කැපුවා. ඒ කවි අහගෙන ඉන්න ආසයි. වෙල් යාය පුරාවටම ඒ ලස්සන ගොයම් කවිවල රාවය පැතිරුණා. වැඩිහිටි අය ගොයම් කපන අතරේ මමත් මල්ලිත් වක්කඩෙන් වැටෙන වතුර එක්ක සෙල්ලම් කළේ අම්මගෙ, අප්පච්චිගේ ඇස් අපෙන් ඉවතට ගියාමයි. ඉර ටිකින් ටික මුදුන් විය. බැලූ බැල්මට ගොයම් කපන උදවියට දැන් නම් මහන්සි පාටයි. ' ආ අම්මා ඇඹුලත් අරන් ඇවිත් ' අම්මා කිව්වේ කෑමත් අරගෙන කුඹුරට එන ආච්චි අම්මව දැකලයි. "ඇයි අම්මේ කෑම වලට එහෙම කියන්නේ? " ඒ වචනය අහලා තිබුණත් තේරුමක් ...

නායයෑම් ගැන රචනාව

නාය යෑම් වලින් ආරක්ෂා වෙමු දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දැඩි වර්ෂාවෙන් අධික ලෙස ජීවිත හානි සිදු වූයේ ගංවතුර නිසාවෙන් නොව නායයෑම් වලට හසු වීම නිසාවෙනි. ඊට ප්‍රධාන හේතුව වන්නේ ගංවතුර දැමීමේදී ජල කද තරමක් සෙමින් ගොඩබිම ආක්‍රමණය කරන නමුත් නායයෑමකදී එකවරම කදුකරය බෑවුම දෙසට ඒම නිසාවෙනි. කෙසේ නමුත් එලෙස එකවර නායයෑමට අවම පැය කිහිපයකට පමණවත් පෙර සිට යම් යම් සුළු අනතුරු ඇගවීම් පරිසරය විසින් අපට දෙනු ලබයි. නිවෙස් වල බිත්ති හා පොළොව අතර ස්ථරයෙන් මඩ වතුර ගලා ඒම නායයෑමේ මූලික අනතුරු ඇගවීමේ ලක්ෂණයකි. පරිසරයෙන් ලබාදෙන ස්වභාවික අනතුරු ඇගවීම් වලට අමතරව රජයේ වගකිව යුතු ආයතන මගින් නායයෑමේ අවධානම් ඇති පෙදෙස් වල ජනතාවට රතු නිවේදන නිකුත් කර ඇති නමුත් බොහෝ දෙනා එම අනතුරු ඇගවීම් මායිම් කර නැත. එම පෙදෙස් වල ජනයා ඒවා නොසලකා හැරීමෙන් වැළකී ආරක්ෂිත ස්ථාන වලට කල් වේලා ඇතුව ගොසින් සිටියා නම් හානි වූ ජීවිත ප්‍රමාණයෙන් හරි අඩක්ම සුරැකෙන්නට ඉඩ තිබුණි. නායයෑමේ සම්භාවිතාව පොළොවේ ස්ථායි බව මත රදා පවතියි. කදුකර පෙදෙස් ස්වභාවයෙන්ම තැනිතලා බිම් වලට සාපේක්ෂව ස්ථායි බවින් අඩු අතර එම පෙදෙස් වල ගස් කැපීම, යටිබෝග වගාවන් ...

දිට්වා සුළි කුණාටුව ගැන රචනාව

ලක්දිව ජලයෙන් යට කළ දිට්වා  පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපා තිබූ අහිතකර කාලගුණය කෙතරම් විනාශකාරීද යන්න අපි සියලු දෙනා දුටුවෙමු. ඒ සියල්ල සිදුවූයේ දිට්වා නම් විනාශකාරී සුළි කුණාටුව නිසාවෙනි. එය නොවැම්බර් මස අවසන් දින කිහිපය තුළ ශ්‍රී ලංකාවටත් දෙසැම්බර් මස මුල් දින කිහිපයේ ඉන්දියාවටත් විශාල හානි රැසක් සිදු කළේය.  ඊට අමතරව තවත් දකුණු ආසියාතික රටවල් කිහිපයකටම මෙම දිට්වා සුළි කුණාටුව නිසාවෙන් දැඩිලෙස හානි සිදුවිය. ඒ අතර දහස් සංඛ්‍යාත ජීවිත හානි මෙන්ම දේපල හානි ද විය.  මෙම සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට එම දින කිහිපය පුරාවට අධික වැසි හා සුළන් ඇති වූ අතර ශ්‍රී ලංකාවේ දකුණු පළාත හැර අනෙකුත් සියලුම පළාත් මෙම ව්‍යසනයට මැදිවිය.   අධික වැසි හමුවේ නමුත් ජලාශයක්, වැවක් හෝ කිසිදු විශාල ජල මූලාශ්‍රයක්වත් නොමැති පළාත් පවා ජලයෙන් යට වීම අහම්බයක් නොවේ. ඊට නිසි ලෙස නඩත්තු නොවූ කාණු පද්ධතිය ඇතුළු ඇල මාර්ග ද ඇතැම් විට හේතුවක් වන්නට ඇත. එලෙස ශ්‍රී ලංකාවේ පළාත්, දිස්ත්‍රික්ක බෙදීමකින් තොරව මුලු ලංකාවම ජලයෙන් යට විය. මෙම ව්‍යසනය හමුවේ මහා මාර්ග, පාලම්, පොදු දේපල, වාහන, නිවෙස් ඇතුලු ...

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගැන රචනාව

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්, කෝට්ටේ යුගයේ විසූ පඬිවරයෙක්, කවියෙක්, යකැදුරෙක් මෙන්ම භාෂා ගණනාවක ප්‍රගුණතාව ද හෙබවූ හිමි නමකි. උන් වහන්සේ තොටගමුවේ විජයබා පිරිවෙනෙහි පිරිවෙන්පතිව වාසය කර ඇති අතර භාෂා ගණනක් ප්‍රගුණ කර ඇති නිසාවෙන් සහ දැනුම් සම්භාරයකින් යුක්ත වූ නිසාවෙන් ෂඩ්භාෂා පරමේශ්වර, ත්‍රිපිටකාචාර්‍ය ලෙස හදුන්වා දී ඇත. මුන් වහන්සේ ක්‍රි.ව. 1408 වසරේ දී වික්‍රමබාහු නම් කුමරෙකුට දාව සීලවතී නම් කුල කුමරියකගේ කුසින් මෙලොව එළිය දුටුවේ දෙමටාන නම් ග්‍රාමයේ දීය. කුඩා කළම සිදුවූ තම පියාගේ අභාවයෙන් පසුව මව වූ සීලවතී කුමරියව, සිරි පැරකුම් රජු විසින් තම බිසෝ තනතුරේ තබා ගත් අතර 'දෙමටාන කුමරු' නමින් හැදින්වූ මේ බිළිදාව ද තම පුත් ලෙසම හදාවඩා ගත්තේ ය. වීදාගම තෙරුන්ගේ ශිෂ්‍යයෙකු වූ දෙමටාන කුමරුන් කුඩා කළම පැවිදි දිවියට පා තැබූයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි යන නමිනි. එමෙන්ම උන් වහන්සේ කුඩා කළ පටන්ම තමන් වහන්සේගේ නුවණේ මහිමය පෙන්වීමට ද සමත්කම් දැක් වූයේ ය. කෙසේ නමුත් රාහුල හිමියන් තම රජ පවුල සමග තිබූ සබදතා අත් නොහළ අතර පසු කළෙක සිරි පැරකුම් රජු විසින් තම උපදේශක තනතුර ද ර...

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ගැන රචනාව

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි දකුණු පළාතේ බලපිටියේ මොහොට්ටිවත්ත නම් ග්‍රාමයේ දී, අසනේරිස් මැන්දිස් නම් තැනැත්තාට දාව සීනිගම කලුදුර මිල්ඩෝ ද සිල්වා මැතිණිය විසින් මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමියන්ට මෙලොව එළිය දැකීමේ භාග්‍ය හිමි කර දුන්නේ මිගෙල් මැන්දිස් යන ගිහි නමෙනි. ඒ 1823 වසරේ පෙබරවාරි 09 වැනිදා ය. ගිහි කළ බලපිටිය සුභද්‍රාරාමාධිපති වූ බලපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේගෙන් අධ්‍යාපනය හැදෑරූ මිගෙල් මැන්දිස් දොළොස් වස සපිරීමේදී ප්‍රථම වරට පැවිදි දිවියට ඇතුලත් වූයේ මොහොට්ටිවත්තේ ගුණනාන්නද හිමි යන නාමයෙනි. මේ හිමියන්ගේ නාමය බොහෝ දැන් වලදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ලෙස ද හදුන්වනු දැකිය හැකි වේ. පැවිදි දිවිය තුළදී ද බලපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේගෙන් සහ තෙලිකඩ පියරතන ස්වාමීන් වහන්සේගෙන් තම අධ්‍යාපන කටයුතු හදාරා ඇත. කෙසේ නමුත් පසු කළෙක මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් නැවත වරක් උපැවිදි වන්නේ තම පියාගෙ අභාවත් සමග මව රැකබලා ගැනීමේ අවශ්‍යතාව මතු වූ බැවිනි. පසුව නැවත වරක් පැවිදිව 1874 දී උපසම්පදාව ලබා ඇත. දෙවන වර පැවිද්දෙන් පසුව අධ්‍යාපනය හදාරා ඇත්තේ තෙලිකඩ සෝනුත්තර ස්වාමීන් වහන්සේ යටතේ ය. එහිදී...

පොල් හොරා

පොල් හොරා "පුතේ දිනෙත්... තේ ඩින්ග බීලා ලෑස්ති වුනා නම් හොදයි නේද දැන්"   දිනෙත්ගෙ දවල් කෑමට කිරි අල ටිකක් ඔතන ගමන් හිටපු ආච්චි කුස්සියේ ඉදන්ම කෑ ගැහුවා.  " හරි හරි ආච්චී මන් ලෑස්ති වෙලත් ඉවරයි. අද ක්‍රීඩා සර් කිව්වා හරියටම 6.30 වෙනකොට පිට්ටනයට ඇවිත් ඉන්න කියලා"  වෙනදටත් වැඩිය කලින් ලෑස්ති වෙලා ගෙදරින් එළියට බහින ගමන් දිනෙත් කිව්වා. " ඒ මොන එහෙකටද මයෙ පුතේ."  "අනේ මන් දන්නෑ ආච්චියේ. මන් හිතන්නේ මේ පාර පළාත් තරග වලට යන්න ළමයි තෝරනවා." එහෙම කියපු දිනෙත් එක පිම්මට වැට පැනලා දිව්වේ හරිම උද්‍යෝගයෙන්. " ආ මේ කෑම එක අරන් යන්න මයෙ පුතේ" ආච්චි අම්මා කෑ ගැහුවා. ඒ වෙනකොටත් සෑහෙන දුර ගිහින් තිබුණත් දිනෙත් ආපහු ඇවිත් කිරි අල පාර්සලේ අරගෙන ගියේ ආච්චිගෙ මහන්සිය අපතේ යවන්න බැරි හින්දයි. දිනෙත් එයාගෙ ආච්චි එක්ක ජීවත් වෙන්නේ කටුමැටි වලින් හදපු පුංචි ගෙදරක. දිනෙත්ගේ අම්මයි තාත්තයි දිනෙත් පුංචි කාලෙම නැතිවෙලා තියෙන්නේ හදිසි අනතුරකින් කියල තමයි ආච්චි නම් කියන්නේ. දිනෙත් පිට්ටනියට යන කොටත් ළමයින්ගේ කසු කුසුව. දිනෙත් කෙලින්ම ගියේ එයාගෙ හොදම යාලුවා වුන චලන ගාව...

පෙමතො ජායතී සෝකෝ විචාරය 12

අධිෂ්ඨාන පරවශ භාවයත් මිනිස් සිත්වල ඇති ගූඪ හා සංකීර්ණ ස්වරූපයත් මැනවින් විවරණය කිරීමට සරච්චන්ද්‍රයෝ උත්සාහ ගත්හ. පෙමතෝ ජායති සෝකෝ නාට්‍ය ඇසුරෙන් සාකච්ඡා කරන්න. ශ්‍රී ලාංකේය සිංහල සාහිත්‍යයේ නාට්‍ය අංශයේ නව ප්‍රබෝධයක් සනිටුහන් කළ මහාචාර්ය ඉදිරවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කර ඇති මෙම අගනා නිර්මාණය ගම්පොළ යුගයේ දෙවන ධර්ම කීර්ති හිමි විසින් රචිත සද්ධර්මාලංකාරයෙහි එන ස්වර්ණතිලකා කතා වස්තුව මෙයට වස්තු බීජය කර ගත්තද ස්ත්‍රිය තුළ පවත්නා පාරම්පරික යති දෘෂ්ටිය නිසේදනය කරමින් ගුරු සිසු භූමිකා ඔස්සේ විවිධ පැතිකඩවල් කරා රැගෙන යාමට කතුවරයා මහත් වෙහෙසක් දරා ඇති බව මනාව ස්පුට වේ. මෙහිදී මෙම නිර්මාණය තුළ අධිෂ්ඨාන පරවශභාවය එනම් අධිෂ්ඨානය මත ඇළුනු බැඳුනු ස්වභාවයත්, මිනිස් සිත් වල ඇති ගූඪ එනම් අභිරහස් හෝ ගුප්ත ස්වභාවයත් සංකීර්ණ ස්වරූපයත් මනාව සරච්චන්ද්‍රයන් විසින් විදහා දැක්වීමට කටයුතු සිදුකොට ඇති බව මනාව පැහැදිලි වනු ඇත. මේ පිළිබඳ රසවින්දනාත්මක ලෙසත් විචාරාත්මක ලෙසත් විමසා බලන කල්හි ඒ පිළිබඳ මනාව කරුණු පෙළගස්වා ගත හැකි වනු ඇත. "ප්‍රිය සිසුනි සිදුවූයේ  විපතක්ය මට මහත්  නොදැනෙන්නේය පුවත් කිස...