චරිත සංවර්ධනය උදෙසා ක්‍රීඩාවේ ඇති දායකත්වය පෙන්වාදී නිර්මාණාත්මක රචනයක් පෙළගස්වන්න.
ක්‍රීඩාව චරිත සංවර්ධනයේ මගයි
"ජාතික හදගැස්ම විනයානුකූල වන්නේ ක්‍රීඩාව දියුණු කිරීම මතයි." ශාරීරිකව හා මානසිකව සිදු කරනු ලබන අභ්‍යාස විශේෂයක් ලෙස ක්‍රීඩාව දැක්විය හැකිය. ක්‍රීඩාව තුළින් ඉන්ද්‍රීය චලනයක් සිදුවෙයි. එයින් කායික අභ්‍යාසයක් ද සිදු වේ. මනසද ඒ හා යොමු වේ. මේ හරහා ක්‍රියාශීලී බව, කඩිසර බව හා උද්යෝගී බව නිරායාසයෙන් ගොඩ නැගේ.
චරිත සංවර්ධනය යන සංකල්පය සලකා බැලීමේදී මිනිසාට කායික මෙන්ම මානසික සංවර්ධනයද වැදගත්වේ. කායික හා මානසික සංවර්ධනයෙන් යුතු පුද්ගලයන් රටක සංවර්ධන කාර්යයේදී එරටට සම්පතක් වේ. එවැනි පුද්ගලයෝ ඕනෑම තත්ත්වයකට මුහුණ දීමේ ශක්තියෙන් හෙබි නිරෝගිමත් පිරිසක් බැවින් ක්‍රීඩාවත් චරිත සංවර්ධනයත් අතර ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවයකි. ක්‍රීඩාව තුළින් ලැබෙන කායික නිරෝගීබව කෙනෙකුගේ මානසික සංවර්ධනය කෙරෙහි අතිශයින් බලපායි. මනසෙහි ඇතිවන ප්‍රසන්න බව මිනිසාගේ දෛනික කටයුතු කරගෙන යාමට රුකුල් දෙයි.
ක්‍රීඩාවේදී මානසික ඒකාග්රතාවයක් තිබිය යුතුවා මෙන්ම ධෛරය, ආත්ම ශක්තිය හා ඉවසීම ඒ හරහා පුරුදු පුහුණු වීමට අවස්ථාව සැලසෙයි. ක්‍රීඩා කරන්නා ජයග්රහණයේදී උද්යෝගිමත් වන අතරම පරාජයේදී කම්පා නොවේ. පරාජිතයා ගැරහීමට ලක් නොකරයි. අවසානය දක්වාම ජයග්‍රහණය තෙක් කැපවෙයි. ක්‍රීඩා පිටියේදී ලබා ගන්නා මෙවැනි අත්දැකීම් සාමාන්‍ය ජීවිතයේදී ප්‍රගුණ වීමෙන් මනා පෞරුෂයකින් යුත්ත යහපත් පුරවැසියන් පිරිසක් බිහිවීමට හේතු වේ. මෙවැනි පුරවැසියන් ක්ෂණික කෝපය, ඉරිසියාව, අන් මත නොඉවසීම වැනි සමාජයට හානි කරවන ආකල්පවලින් ඈත් වෙන්නේය. මෙවැනි පුද්ගල කණ්ඩායම් සමාජයට එකතුවීම රටට ආදර්ශයකි.
වර්තමානය වන විට ක්‍රීඩාව යනු පුද්ගල සංවර්ධනයෙන් ද ඔබ්බට ගොස් රටකට ජාත්‍යන්තරය ජය ගැනීමේ අවස්ථාවක් බවට පත්ව ඇත. ලෝකයේ සෑම රටක්ම පාහේ ක්‍රීඩාව උදෙසා විශාල මුදල් සම්භාරයක් වාර්ෂිකව වියදම් කරනු ලබයි. උදාහරණ ලෙස කුඩා දිවයිනක් වන ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරඟ ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට එක්විය. ඒ අනුව වර්තමානයේ ක්‍රීඩාව යනු රටකට සම්පතක් බවට පත්ව ඇත.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
ශ්‍රී ලංකාවේ ද වාර්ෂිකව අයවැයෙන් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ක්‍රීඩා කටයුතු නඟා සිටුවීම සඳහා වෙන් කරනු ලබයි. එසේම ප්‍රචලිත ක්‍රීඩා වෙනුවෙන් පාලක මණ්ඩලයක්ද පිහිටුවා ඇත. නමුත් ඇතැම් අවස්ථාවලදී එසේ ඇති කරනු ලබන යාන්ත්‍රණ වලින් අපේක්ෂිත ප්‍රතිඵල අත්වන්නේ ද යන්න පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් මතුවේ. එසේ හෙයින් එවැනි දුර්වලතා මඟ හරවා ගනිමින් නගරයට පමණක් සීමා නොවී ග්‍රාමීය ප්‍රදේශද ආවරණය වන පරිදි මෙරට ක්‍රීඩා ක්ෂේත්රය නගා සිටුවීම සංවර්ධනය කරා යන ගමනේදී අත්‍යවශ්‍ය කරුණක් බව සිහි තබා ගත යුතුය.
කෙසේ වෙතත් ඉදිරිපත් කල කරුණු අනුව පැහැදිලි වන්නේ ක්‍රීඩාව චරිත සංවර්ධනය උදෙසා බොහෝ සෙයින් උපකාරී වන බවයි. එසේ හෙයින් හුදෙක් විනෝදය හා මිල මුදල් වලට සීමා නොවී ක්‍රීඩාව සඳහා ඇති ගැටලු ද මගහරවා ගනිමින් චරිත සංවර්ධනය උදෙසා ක්‍රීඩාව දායක කර ගැනීමට ඔබ අපි සැම එක්ව ක්‍රියා කිරීමට කටයුතු කරමු.
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)
ආදර්ශ රචනා..
ක්‍රීඩාවේ වැදගත්කම
කායික මානසික සුවතාවයට ක්‍රීඩාව රචනා
නීරෝගී දිවියකට ක්‍රීඩාව රචනා
ක්‍රීඩාවේ වැදගත්කම රචනා
ක්‍රීඩාව චරිත සංවර්ධනයේ මගයි pdf
Comments