සීග්‍ර ලෙස පිරිහී යන අපගේ සාරධර්ම පද්ධතිය සුරැකීම පිළිබඳව වඩාත් අවදානය යොමු කල යුතු කාලයක අප ජීවත් වෙයි. මේ පිළිබඳව අවදානය දෙමින් වචන 250 කට නොඅඩු රචනාවක් ගොඩ නගන්න.
සාරධර්ම සුරකිමු (මුදල් අභියස අසරණ වන සාරධර්ම)
"ආහාර නිද්‍රා භය මෛතුනංච - සාමාන්‍ය මේතාහ් පශුභි: නාරානාම්
ධර්මෝහි තේෂාම් මයතෝ විසේසෝ - ධර්මේන හිනා: පඥභි: සමානාත්"
"ආහාර ගැනීම, නිදා ගැනීම, භයවීම, කාම සේවනය යන කරුණු හතරින් මිනිසුන් හා තිරිසන් සතුන් එක හා සමාන වෙති
ඔවුන් එකිනෙකා වෙන් කරන කඩඉම වන්නේ සාරධර්මයයි. සාරධර්ම වලින් තොර වූවෝ තිරිසනුන් වැනිය.
" සාරධර්ම" යන්නට නිශ්චිත වූ නිර්වචනයක් ලබාදිය නොහැක. ආකල්ප, අගයන්, වටිනාකම් යන මේ සෑම දෙයක්ම සාරධර්ම සමඟ බැඳී පවතී. ආකල්පය යනු ඕනෑම පුද්ගලයකුගේ සිතෙහි ඇතිවන හොඳ හෝ නරක සිතුවිල්ලකි. එම සිතුවිලි වලට වටිනාකමක් මෙන් ම අගයක් ලබාදීම අපාට සිදු කළ හැකිය. කෙසේ වෙතත් තවත් කෙනෙකුන් වෙනුවෙන් සිදුකරන ඕනෑම හොඳ සත් ක්‍රියාවක් සාරධර්මවලට අයත් වේ. සාරධර්ම නම් සදාචාරයයි. මිනිසාගේ හැසිරීම, ගමන බිමන, කතාබහ, ක්‍රියා කලාපය මේ සෑම දෙයක්ම සාරධර්ම හා බැඳී පවතී.
සිංහල සංස්කෘතියට පමණක් නොව සෑම සංස්කෘතියක් තුළම යම් සාරධර්ම පද්ධතියක් ඇත. එම සංස්කෘතියේ අභිමානය කියාපාන සාරධර්ම අප රැකිය යුත්තේ අපගේ අනාගත පරම්පරාවට මේවා ආරක්ෂා කළ යුතු නිසාය. දෙමාපියන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, ගුරුවරුන්ට කීකරවීම, අන් අයගේ කතා වලට ඇහුම්කන් නොදීම ආදී දේවල් සමාජයේ නිතර පිළිබිඹු කෙරෙන හොඳ සිරිත් වලට අයත්ය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
වර්තමාන ලංකාවේ එම සාරධර්ම පිරිහෙමින් පවතී. එයට හේතු වී ඇත්තේ අසීමාන්තික ලෙස මිනිසා මුදල් පසුපස හඹා යෑමයි. මිනිසාගේ එම හඹායාමත් සමඟම ඔවුන් නවීන විලාසිතාවන්ට හුරු වී ඇත. දෙමව්පියන්ට සැලකීම වැනි යහපත් ක්‍රියා අද සමාජයේ ජීවත්වන ඇතැම් පුද්ගලයන් හෙලා දකින්නේ ඉතා පිළිකුල් අයුරිනි. මෙලෙස සාරධර්ම හෙලා දකින්නේ එය ලැජ්ජාවට කාරණයක් යැයි සිතා ගෙනය. තමා හදා වඩාගත් දෙමාපියන්ට සැලකීම උතුම් දෙයක් බව අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ ද දේශනා කර තිබුනද අද සමාජය එය හෙළා දකින්නේ තම ජීවිතය මුදල් පමණක් යැයි සිතූ නිසාවෙනි.
නවීන ලෝකයක් සඳහා පියමන් කරන මිනිසුන් මුදල් ජීවිතය කරගත් අතර ජීවිතයෙන් කොටසක් තාක්ෂණයද කරගෙන ඇත. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් සාරධර්ම ක්‍රමයෙන් පිරිහී ඇති අතර මේ තත්ත්වය හේතුවෙන් අසහනකාරී විනාශකාරී සමාජයක් බිහිවෙමින් පවතී. එමෙන්ම අතීතයේ සිටී පරාර්ථකාමී මිනිසුන් ක්ෂය වී ගොස් ආත්මාර්ථකාමී මිනිසුන් පිරිසක් සමාජගත වී ඇත.
සාරධර්ම පිරිහීම නිසා ඍණාත්මක ආකල්ප ඉස්මතු වීම, අපරාධ බහුල වීම, අප්‍රසන්න වචන භාවිතය හා කලකෝලාහාල බහුල සමාජයක් බිහිවීම දැකිය හැක. එමෙන්ම රූපවාහිනී තිරය තුළින් වෙනත් සංස්කෘතීන් නිරූපණය කිරීමේදී අපගේ සාරධර්ම පිරිහේ. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් අතීතයේ ශ්‍රී විභූතියකට උරුමකම් කියන සිංහල ජාතියට පිරිහීමකට ලක් වී ඇත.
නිවස, පාසල, පන්සල යන ස්ථාන වලින් සාරධර්ම පිළිබඳව කුඩා අවධියේ සිටම ජනයාට අවබෝධයක් ලබාදීම, රජය මඟින් සාරධර්ම රැකීමට වැඩසටහන් ක්‍රියාකරවීම හා ජනමාධ්‍ය මඟින් සාරධර්මයන්ට පටහැනි වන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීමෙන් ද අපට සාරධර්ම රැක ගැනීමට හැකි වේ.
එමෙන්ම ශ්‍රී ලංකා රජය සදාචාර සම්පන්න දරු පරපුරක් බිහි කරවාලීම සඳහා සෑම වර්ෂයකම ජනවාරි 24 සාරධර්ම දිනය ලෙස නම්කර ඇත.
හෙට ලොවට දායාද කරන්නට තිබෙන සාරධර්ම නැමැති ජීව රුධිරය මුදල්වලට යට නොකොට අප විසින් රැකදීම අපගේ පරම යුතුකමකි.
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)
ආදර්ශ රචනා..
සිංහල සංස්කෘතිය හා බෞද්ධ සාරධර්ම
සාරධර්ම යනු කුමක්ද
සාරධර්ම යනු
සංස්කෘතිය හා සාරධර්ම
සාරධර්ම සුරකිමු රචනා
essay සාරධර්ම සුරකිමු
සාරධර්ම සුරකිමු රචනාව
සාරධර්ම ගැන රචනා
සාරධර්ම සුරකිමු රචනාවක් download
අපේ සාරධර්ම රචනා
සාරධර්ම සපිරි සමාජයක් ගොඩ නගමු
Comments