Skip to main content

Follow on YouTube

සිංහල රචනා 01 - කියවීමේ අගය රචනා 01 | Sinhala rachana

පොත් කියවීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමුකර වචන 250 කට නොඅඩු වන සේ වාක්‍ය රචනාවක් ගොඩ නගන්න.


පොත් කියවීමේ වැදගත්කම

"ලෝකයේ ඇති සියලුම ඔටුනු මාගේ දෙපාමුල ගෙනැවිත් තබා මාගේ අතේ ඇති පොත ඉවත දමන්න යැයි යමෙකු පැවසුවහොත් එම සියලූ ඔටුනු වලට මම පයින් ගසමි"

- ඒබ්‍රහම් ලින්කන් -

ඔටුන්න යනු බාහිර අලංකාරයට යොදන ආභරණයකි. එය පළදා ගත් විට අභිමානයක් ආඩම්බරයක් ගොඩනැගේ. එහෙත් පොතක ඇති ආභරණය වන්නේ එමගින් ලබා දෙන දැනුමයි. ඔටුන්න පැළඳීමෙන් ලැබෙන ආඩම්බරයට වඩා වැඩි ආඩම්බරයක් අපට පොත් කියවීමෙන් ලබාගත හැකිය.

"කියවීම මිනිසා සම්පූර්ණ කරයි" යන්න නොඇසූවෙකු අප අතර නැත. කියවීමේ අගය සමාජගත කරමින්, පොත පත කියවීමෙහි ලා සමාජ උනන්දු කරවීමේ පාඨයක් ලෙස මේ කියමන යොදාගැනෙන්නේ ඉතා සුලබව ය. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් ප්‍රචලිතව නොවූ දුරාතීතයේ පටන් අද දක්වා ම ලිඛිත මාධ්‍ය ඔස්සේ දැනුම සම්ප්‍රේෂණය කරවීම දක්නට ලැබේ. එකරුණෙහි ලා ඇති වැදගත්කම ඉස්මතු කරවීමට යථෝක්ත "කියවීම මිනිසා සම්පූර්ණ කරයි" පාඨය සමාජගත කෙරෙන්නට ඇත.

දැනුදු අපි බොහෝ දෙනෙකු සෙසු ලෝකයේ දැනුම කුසලතා තොරතුරු අත්දැකීම් බෙදාහදා ගන්නට කියවීම භාවිතා කරන්නෙමු. අන්තර්ජාලය ඔස්සේ පවා පුවත් ආදිය කියවීම අපට හුරු පුරුදු වූවකි. ඇතැමුන් ඇබ්බැහියක් ලෙසින් නවකතා, කෙටිකතා, පරිවර්තන කෘති අනුවර්තන කෘති, ප්‍රබන්ධ ආදිය කියවති. ඒ වෙනුවෙන් නොපැකිලිව මුදල් වියදම් කරති. කාලය ද වැය කරති. ඔවුන් වෙනුවෙන්ම අන්තර්ජාතිකව වෙන් වූ මාසයක් ද පවතී. සියල්ලෙන්ම කියවීම ජීවිත සාර්ථකත්වයට බෙහෙවින් රුකුලක් දෙන්නක් බවට ලෝකෙම විශ්වාස කරන බවත් පෙනේ.

වසර දෙදහස් පන්සියයකටත් එපිට ඉතිහාසයකට උරුමකම් කියන අපට හුරුපුරුදු කියවීම අපගේ භාවයන්ට ද හිතකරය. අද අපට පොතපතින් හා අන්තර්ජාලයෙන් ද කියවීමට හැකි වී තිබේ. මේ කියවීමට හී පහර වැදීමෙන් අන්ද මන්දව නූතන පරම්පරාවක් බිහි වූ අබුද්දස්ස කාලයක කියවීම ගැන කවර කතාද? සියලු දෙය වාණිජකරණය වූ පසුබිමක ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට නතුවූ කියවීමේ ක්ෂේත්‍රය ද ඉතා උපක්‍රමශීලීව රසවිඳින දිශාවකට තල්ලු වී ඇති බව බොහෝ දෙනෙකුට නොදැනේ, නොපෙනේ. ජාතියක අක්මුල් සිදී යන තුරුම කිසිවෙකුටත් මේ පිළිබඳව නොහැගීම කණගාටුදායක තත්ත්වයකි.

>> රචනා 50 ක් <<

අද ලෝකයේ සෑම විෂයක් සම්බන්ධයෙන්ම පොත් විශාල ගණනක් ලියැවී ඇත. එම ග්‍රන්ථ ලියැවී ඇත්තේ විවිධ භාෂාවලිනි. ලොව පුරා විවිධ භාෂාවන්ගෙන් ලියවුනු පොත් ඉංග්‍රීසි හා ප්‍රංශ වැනි ලෝක භාෂාවන්ට පෙරලී ඇත. එම නිසා මේ භාෂා එකක් හෝ දෙකක් දන්නා අයට ඕනෑ තරම් පොත් පත් කියවා තම දැනුම දියුණු කර ගැනීමටත් තම ජීවිත සාර්ථක කර ගැනීමටත් අපහසු නොවේ. සිංහල වැනි භාෂාවලින් ලියැවී ඇති පොත් කියවීම සිංහලයාගේ ප්‍රයෝජනයට හේතුවේ. කලකට පෙර නම් සිංහලයෙන් ලියවුනු පොත් එතරම් තිබුණේ නැත. අවුරුදු දහස් ගණනක් තිස්සේ කාලය නැමැති විචාරකයාට මුහුණ දෙමින් ඉතිරිව ආ පැරණි සාහිත්‍ය පොත් කිහිපය අද දක්වාම අපේ රටේ ජනතාව ආදරයෙන් කියවීමෙන් අප ජනතාවට වුයේ සෙතක්මය.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


අප විසින් නූතන සාහිත්‍ය පොත් කියවන අතරම පැරණි සාහිත්‍ය ගැනද දැනුමක් ඇතිකර ගත යුතුය. අනෙක් අතට බාල පරපුර පොත් කියවීමට හුරු පුරුදු වීම ඔවුන්ගේම යහපතට හේතුවේ. කියවීම සදහා යොදා ගත යුත්තේ ද ජීවිතයත් ජන සමාජයත් විවරණය කරමින් ලියැවුණු උසස් පෙළේ නවකතා මිස බාලයන්ගේ සිත් දිනා ගැනීමට ලියැවුණු පහත් කාමුක හා අපරාධ ගැන ලියවුනු ත්‍රාසජනක කතා නොවේ.

මාර්ටින් වික්‍රමසිංහ, බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි, මහාචාර්ය සෙනරත් පරණවිතාන, ඇන්ටන් චෙකොෆ්, මැක්සිම් ගෝර්කි කියවීමෙන් ලොව ජයගත් පුද්ගලයෝ ය. බැද්දේගම ගනේගම සරණංකර හිමි විසින් ඉදිකළ ජංගම පුස්තකාලය, පොත්පත් රචකයින් ඇගැයීම, කුඩා දරුවන් කියවීමට හුරු කිරීම වැනි සංකල්ප ප්‍රචලිත කරවීමත් මගින් කියැවීම ව්‍යාප්ත කරගත හැකිය.

"මිනිසා සිටින්නේ ශාස්ත්‍ර නම් තටාකයේ ගිලී මිය යන්නට නොව ශාස්ත්‍ර නම් සයුරේ ගිලී මුතු ගෙන ඒමටයි" එම නිසාවෙන් අපි පොත් පත් කියවමු. කියවීමේ අගය ලොවට කියමු. අපි අපේ පොත් ඇස් වගේ පරිස්සම් කරමු.

- විදුෂි නතාෂා -
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)



ආදර්ශ රචනා..







Key words 

කියවීමේ අගය රචනා
පොත් කියවීමේ වැදගත්කම රචනා
කියවීම මිනිසා සම්පූර්ණ කරයි
කියවීම මිනිසා සම්පූර්ණ කරයි රචනා pdf
කියවීමේ අගය රචනා pdf download 
Kiyawima minisa sampurna karai rachanawa pdf
Kiyavime agaya rachanawa 
පොත් කියවීමේ වැදගත්කම පිළිබඳ රචනා pdf
පොත් කියවීමේ අගය රචනා 8 වසර
පොත් කියවීමේ අගය රචනා 7 වසර
පොත් කියවීමේ අගය රචනා 11 වසර