Skip to main content

සිංහල විචාර 54 - මට්ටකුණ්ඩලී කතා වස්තු විචාරය 05 | mattakundali vichara

මට්ටකුණ්ඩලී කතා වස්තුවේ එන අදින්නපුබ්බකගේ චරිතය ධර්මසේන හිමියෝ ලෝභ මසුරු චරිතයක් සේ නිරූපණය කර ඇත. නිදසුන් තුනක්වත් ඇසුරෙන් පැහැදිලි කරන්න.


දඹදෙණි රාජධානි සමයේ ධර්මසේන හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්මරත්නාවලියේ සදහන් තවත් එක් කතා වස්තුවක් ලෙස මට්ටකුණ්ඩලී කතා වස්තුව හැඳින්විය හැකිය. මට්ටකුණ්ඩලී කතා වස්තුවේ අදින්නපුබ්බක බමුණාගේ චරිතය මසුරුකම ලෝභකම නිසා ධර්මසේන හිමියන් විසින් ම උපහාසයට ලක් කරමින් විශ්වාසනීය අන්දමින් පාඨකයා වෙතට ගෙනහැර පායි. සැබවින්ම මෙම කතා වස්තුව ආරම්භයේ සිට අවසානය දක්වාම අදින්නපුබ්බක චරිතය ගත්කල ලෝභ මසුරු කමින් පීරී ඉතිරී යන ආකාරයෙන් ධර්මසේන හිමියෝ ඉදිරිපත් කර ඇති අන්දම පැහැදිලි කරගත හැකිය.

සැවැත් නුවර අඳින්න පුබ්බක නම් බමුණු කෙනෙක් වාසය කළේය. ඔහුට මහා ධනස්කන්ධයක් ඇති නමුත් කිසිවකුට කිසිවක් දෙන්න ලෝභ සිටුවරයෙකි. මෙම අදින්න පුබ්බක සිටුවරයාට එක පුතෙක් සිටියේය. එහෙත් මෙම මසුරු අඳින්න පුබ්බක තම පුතාටවත් ධනය වැය කළේ නැති බව පාඨකයා විවරණය කරයි. පියෙකුට දරුවෙක් කියන්නේ මිහිකතට වඩා වටිනා වූ දෙයකි. පියෙකුට දරුවෙකුගේ කෙළි ලොල්කම් දකින්නට ඇති ආශාව ඉතා අති මහත්ය. දරුවාට පුංචි හරි ලෙඩක් සෑදුණු විට පියෙකුට ඇතිවෙන දුක කියාගන්න බැරි තරම්ය.

එකල එම සමාජයේ පැවති චාරිත්‍රයක් ලෙස තම දරුවාට කුණ්ඩලාභරණයක් සෑදීමේ චාරිත්‍රය සිදු කළ යුතුය. එහෙත් මෙම අදින්න පුබ්බක බමුණා ධනයට තිබූ කෑදරකම නිසා තම පුතුට කුණ්ඩලාභරණයක් සාදා දීමට මැලි වූයේය. එකල පියෙක් දරුවෙකුට කුණ්ඩලාභරණයක් සාදා දීමට දෙපාරක් නොසිතයි. ධර්මසේන හිමියන් මෙම අඳින්න පුබ්බකගේ ලෝභ මසුරු ක්‍රම ගැන මෙසේ දක්වයි.

" ආභරණ කරවන්න බඩාල් කෙනෙකුන් ගෙනාවොත් කර්මාන්ත කරවන තෙක් දවස් උන්ට බතුත් දිය යුතුය. එසේ කලට නැතත් වී සහල් වියදම් වෙයි. නැවත කර්මාන්ත නිමවා දුන් කල මිලත් දිය යුතුය.."

ඉහත ප්‍රකාශය තුළින් අඳින්නපුබ්බක බමුණාගේ ධනයට තිබෙන කෑදරකම සහෘදයා වෙතට අපූර්වත්වයෙන් ගෙනදෙයි.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


ඒත් තම එකම දරුවාට දිය යුතු හොඳම දේ ලබාදීමට දෙමාපියන් කිසිවිටෙක මැලි නොවෙයි. කෙසේ වෙතත් සිටුවරයෙකුට තිබෙන ධනය සීමිත නොවේ. අදින්නපුබ්බක සතු ධනය ස්වල්පයක් ලබාගත් විට ධනයට හානියක් නොවන බව කතුවරයා පාඨකයාට විස්තර කරයි. එහෙත් මොහුට විශාල ප්‍රමාණයේ ධනස්කන්ධයක් තිබුණත් මොහුගේ ආකල්පය කුඩා වන බව පාඨකයාට තවදුරටත් පවසනු ලබයි. එයට දෙස්දෙන්නක් ලෙස,

" නුග ගස මහත් වූවත් නුග ඵලය කුඩා වන්නා සේ"

මෙම උපමාව තුළින් අදින්නපුබ්බක බමුණාගේ මනෝභාවයන් යථාර්ථවාදීව පැහැදිලි කරගත හැකිය.

අදින්න පුබ්බක බමුණාට තම පුතාගේ කන සැරසීමට කුණ්ඩලාභරණයක් අවශ්‍ය ‍විය. එහෙත් මෙම බමුණාගේ තිබූ ලෝභකම නිසා වෙනත් කෙනෙකුට දී කුණ්ඩලාභරණ සාදවනවාට වඩා ලාභ හෙයින් තමන්ම නිර්මාණය කළේය. එසේ හෙයින් අදින්නපුබ්බක බමුණා තම පුතුගේ කුණ්ඩලාභරණය සාදන අයුරු ධර්මසේන හිමියන් මෙසේ ඉදිරිපත් කරයි. එයට දෙස්දෙන්නක් ලෙස,

" අකුරු ලියන සේ නොදන්නා කෙනෙකුන් පත්වල ඉරි අදිනා සේ"

මෙහිදී අකුරු නොදන්නා කුඩා දරුවන් පොත් වල කුරුටු බලි අදින අයුරු පාඨකයා වෙත අපූර්වත්වයෙන් චිත්‍රණය කරයි. ඒ අනුව අදින්න පුබ්බක බමුණා තම පුතුට කුණ්ඩලාභරණයක් සාදාදෙයි. එහෙත් එම කුණ්ඩලාභරණයේ කැටයම් නොමැති වූ හෙයින් මටසිළුටු විය. එම නිසා අදින්නපුබ්බක තම දරුවාට මට සිලිටු වූ කුණ්ඩලාභරණයක් සාදා දුන් හෙයින් මට්ටකුණ්ඩලී යන නම තැබීය.

කෙසේ වෙතත් මෙම අදින්නපුබ්බක බමුණා දැඩි ලෝභී පුද්ගලයෙකු ලෙස කතු හිමියන් විස්තර කරයි. සැබවින්ම දරුවෙකු වැඩීමට පෝෂදායි ආහාර වේලක් අත්‍යවශ්‍ය වේ.

එම පෝෂදායී ආහාර දරුවන්ට දෙමාපියන් විසින් ලබාදිය යුතුය. පෝෂදායි ආහාර වේලක් නොගත්තොත් දරුවන්ට ලෙඩ රෝග පවා සෑදේ. එම ලෙඩ රෝග වලින් ළමුන් විශාල සංඛ්‍යාවක් මිය යයි. එහෙත් මෙම අදින්නපුබ්බක බමුණා තම පුතුට පෝෂදායි ආහාර වේලක් වත් නොදෙන්න තරම් ලෝභ තැනැත්තෙකි.

ටික කාලයක් යන විට මෙම අදින්නපුබ්බකගේ පුතණුවන් වන මට්ටකුණ්ඩලීට පාණ්ඩු රෝගය වැළදේ. මෙම පාණ්ඩු රෝගය පෝෂණය අඩුවීමෙන් සෑදෙන රෝගයකි. මෙම රෝගය නූතනයේදී නීරක්ත (රක්තහීනතාවය) ලෙස හැඳින්වේ. මෙම මට්ටකුණ්ඩලී නමැති දරුවාට පියාගේ මසුරුකම නිසා මෙම රෝගය වැළඳෙන බව කතු හිමියන් මනාව පැහැදිලි කරයි. 

එම පාණ්ඩු රෝගය නමැති මරණාසන්න දරුණු රෝගය මට්ටකුණ්ඩලීගේ පියාට නොතේරුන නමුත් මවට වැටහුණි. එහිදී මට්ටකුණ්ඩලීගේ මවට තම දරුවා ඉතා වටිනා බව ධර්මසේන හිමියන් විස්තර කරයි. මට්ටකුණ්ඩලීගේ මව විසින් අඳින්නපුබ්බක නැමැති ලෝභී මසුරු බමුණාට මට්ටකුණ්ඩලීට සෑදී තිබෙන රෝගය පිළිබඳ දන්නවා එයට ප්‍රතිකාරයක් කිරීමට වෛද්‍යවරුන් අසලට රැගෙන යන ලෙස පැවසුවේය. කෙසේ වෙතත් ධනයෙන් වැසී සිටින මෙම බමුණා තම බිරිඳට මෙසේ පැවසුවේය.

" පින්වත් බැමිණි කුමක් කියයිද?
පිළියමට වෛද්‍යවරුන් ගෙනා කල
ඔහුට ලෙඩ සනීප වන තෙක්
බතුත් දිය යුතුය. වස්තු මුදල් දිය යුතුය."

සැබවින්ම මෙම ප්‍රකාශය තුළින් අදින්නපුබ්බක බමුණාගේ ධනයට තිබෙන කෑදරකම මනාව පැහැදිලි කරගත හැකිය.

මේ අනුව මෙයින් පැහැදිලි වන්නේ අදින්නපුබ්බකගේ චරිතය ධර්මසේන හිමියන් විසින් ලෝභී මසුරු චරිතයක් ලෙස ඉදිරිපත් කර ඇති අන්දමයි.


D.G කවීෂා දෙව්මිණී 
උසස් පෙළ කලා අංශය 
ර/පොහොරබාව මහා විද්‍යාලය








Comments