Skip to main content

සිංහල විචාර 94 - වස්සානය විචාර 06

වස්සානය කාව්‍ය පන්තිය චමත්කාර ජනක පරිසර වන්දනාවකි. මේ කියමන සාකච්ඡා කරන්න.

පද්‍ය සාහිත්‍ය වපසරිය තුළ අපූරු වූත්, රමණීය වූත්, යම් සාහිත්‍ය අංගයක් වෙතොත් ඒ අනෙකක් නොව රසවත් බවින් පිරිපුන් රමණීය කවියයි. එහිලා අති විශිෂ්ඨ සේවයක් කළ රත්න ශ්‍රී විජේසිංහයන් (1953) ඇගයීමට ලක්කල යුතුය. ඔහු විසින් නිර්මාණය කරන ලද නිර්මාණයන් අතර සුභ උදෑසන, සල්ගහ යට, තරු ලකුණ, මධ්‍යමයාමය වැනි කාව්‍ය කෘති නිර්මාණය ද, සුදු නෙළුම්, ගංගා ගීතය, ඉරබටු තරුව, නෙතනිනුපුල්, ආලකමන්දා වැනි කෘතිද, සැල ලිහිනියෝ, රන් කිරිකඩ, රතු කිකිළි, සින්දු කියන උණ පඳුර යන ළමා කෘතිද, ඉතාමත් විශිෂ්ඨ ගනයේ නිර්මාණ ලෙස දක්වාලිය හැකිය.

එහිදී වස්සානය නම් වූ අපූරු නිර්මාණය මෙම සියලු නිර්මාණයන් අතරින් කැපී පෙනෙන විශේෂ වූ නිර්මාණයක් ලෙසින් හඳුන්වා දිය හැකිය. රත්න ශ්‍රී විජේසිංහයන් ගුරුවරයෙකු ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ හුළංදා ඔය සමීපේ ජීවත් වූ කාලයේ එම පරිසරයේ අත් විදි එහි තිබූ මනරම් පරිසර පද්ධතියේ විචිත්‍රත්වයක් ලෙසින් වස්සානය නිර්මාණය වීම එය එතරම් සාර්ථක වීමට හේතු වන්නට ඇත.

මේ ආකාරයට මෙම කාව්‍ය පංතිය ඉතාමත් රසවත් බවින් පිරිපුන්, ආනන්දනීය වින්දනයක් ගෙන දෙන සබුද්ධික ප්‍රඥාව වඩවන ලෙසින් නිර්මාණය කර ඇති අතර ඉතාමත් උසස් ගනයේ පරිසර වර්ණනාවක් ලෙසින් දක්වාලීමට හැකිවනු ඇත.

"ඔය දෑල දොඩමළුය සුවඳ බැරුවා ඉන්ට
 නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද?
 කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
 සොඳුර නුඹ වගේම පිනහේය මා එක්ක"

"කුඹු අතු වතුර අත ගගා නැමිලාදියට දියට
 කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවාද?
 කුර පසේ සඳ එක්ක තරගයට මෝරන්ට
 හුලංදා ඔය කින්ද මල්වරව ඉල්මහට"

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


ඉතාමත් අලංකාරවත් ලෙස පරිසරය වර්ණනාවට ලක් කරමින් මෙම නිර්මාණකරු ස්වභාදහමේ අපූර්වත්වය ඉතාමත් අලංකාරවත් ලෙස කවි සහෘද පාඨකයා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ තම සිතැඟි ඔවුන්ගේ සිත් තුළ ජනිත කරලීමට ඇති හැකියාව කෙතරම්ද යන්න පැහැදිලි කිරීමට අවියක් ලෙසින් භාවිතා කිරමිනි. 

මේ ආකාරයට ස්වභාදහමේ අපූර්වතම අලංකාරීත්වය 'කුඹු අතු වතුර අත ගගා නැමිලාදියට දිය කෙලින හැටි පුංචි මාළුවො දුටුවාද' යන පද පෙළින් මනාව පැහැදිලි වනු ඇත මාළුවන් දියෙහි සෙල්ලම් කරන ආකාරයා ඉතාමත් අලංකාරවත් ලෙස පෙන්නුම් කරනු ලබන නිර්මාණයක් ලෙසින් මෙය දැක්විය හැකිය. පරිසරයේ බොහොමයක් වු ශාක හා සත්ත්ව කොටස්වල එකතුවක් ලෙසින් මෙම නිර්මාණය ඉතාමත් අනර්ඝවත් ලෙසින් සහෘද පාඨක ජනයන්ගේ සිත් සතන් තුළ ඇද බැඳ තැබීමට නිර්මාණකරු මහත් උත්සාහයක් දරා ඇත.

"සෙනෙහයේ පිරී ගිය ඔබේ ණයන නිල් පොකුන   දියණිලන වැසි සමයේ රැලි නගා උතුරාය
 තඹරපති අතර හෙල්මැලි රේණු වැසි වසින 
 ඔබේ සිනාවෙන් නිවේ උණුව ගිය ලේ නහර"

"දෙවැට දිගේ කරදවැල් ආරුක්කු යට සැඟව
 නිල් කුරුලු බිළිඳු නිදි ඇහැරවන්නේ කුමට ?   රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එළිය 
 මිහිරි මව් කිරි වගේ පොවන්නෙමි නුඹලාට"

ස්වභාව දහමේ අපූරු නිර්මාණයක් ලෙසින් පක්ෂීහු දක්වාලිය හැකිය. ඔවුන්ගේ ජීවන චර්යාවන් ඉතාමත් අලංකාරවත් ලෙසින් මෙම කවියා තම නිර්මාණය උදෙසා යොදාගෙන ඇති ආකාරය අගය කිරීම ඉතාමත් උසස් ගණයේ නිර්මාණකරුවෙකු සතු ලක්ෂණයක් ලෙසින් දැක්විය හැකිය.සොබාදහම හා සබැඳී මෙම නිර්මාණය ඉතාමත් උසස් ලෙසින් තම සහෘද පාඨකයන්ගේ සිත් සතන් තුළට ජනිත කරලීමට එම නිර්මාණකරු මහත් වෙහෙසක් දරා ඇති බව මෙම පරිසර වර්ණනාවක් වැනි නිර්මාණය තුළින් අපට දැක්විය හැකිය.

"රමණීය වන ගැහැබි මොණරුන්ට පිල් වියන
 සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න ?
 වැහි වතුර ඉහිනවා නම් ඔවුන් විහිළුවට
 කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට"

පරිසර වර්ණනාව තුළ අත්‍යවශ්‍ය කොටසක් ලෙසින් සත්ත්ව හා ශාක ලෝකය ඉතාමත් අලංකාරවත් ලෙසින් මෙම නිර්මාණකරු විසින් රස වින්දනය කොට තම සහෘද පාඨකයන් වෙත ඉදිරිපත් කොට ඇත. එහිදී මෙම නිර්මාණයේ සඳහන් මොනරුන් වැනි සතුන් තුළින් පරිසරයේ අලංකාරිත්වය, ජීවගුණය වර්ධනය වන බව කවියා තම කාව්‍ය නිර්මාණය තුළින් හෙළිදරව් කොට ඇත ."රමණීය වන ගැබෙහි මොනරුන්ට පිල්වියන" වැනි කොටස් තුළින් ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිය.

පරිසරය වර්ණනා කරන මෙම කවියා පරිසරයේ ඇති සියලූම අංග එක්ව කැටිකොට ඉතාමත් මනරම් නිර්මාණයක් ලෙසින් තම දක්ෂතා එළිදැක්වීම පිණිස කරනු ලබන සහෘද පාඨ කියන්නට තිළිණ කරන මෙම නිර්මාණය ඉතාමත් අග්‍ර ගනයේ නිර්මාණයක් ලෙසින් අගය කළ යුතුමය.

"වැහි බලාකුළු රංචු කඳු මුදුන්වල ළගින
 දැන් ඒවි තැනිබිමට සීතලයි මගේ සිතට
 බැසේ සමයේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
 ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න"

"ගිම් හානියේ ගිලන් වී කෘෂව සුදු මැළිව
 ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය 
 දුෂ්කරයයි කියා හැර යා යුතුද ජීවිතය?
 කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස"

සොබා දහම මහතා අගය කිරීම් සඳහා මෙම නිර්මාණය ඉතාමත් උසස් ලෙසින් නිර්මාණය කළද, මෙම නිර්මාණය තුළින් සහෘද පාඨක ජනයා සඳහා උපදෙස් තම ජීවිතය සඳහා රාශියක් ලබාගත හැකි බව මෙය රසවිඳුණු ලබන ඕනෑම සහෘද පාඨකයකුට සිත් වන කරුණකි. මං දෙයත් මෙහිදී සෑම කරුණක් පාහේ ඉදිරිපත් කරනු ලබන සියලුම කොටස් තුළින් මිනිස් ජීවිතයට ලද හැකි ආදර්ශ උපමා උපදෙස් රැසක් තිබෙන බව දකින්නට හැකිය. 

නිදසුනක් වශයෙන් "කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස" යන කාව්‍ය කොටස දක්වාල හැකිය. අනාගතයේ සඳහා පිපෙන්නට වෙර දරන අපවන් කුඩා දුවා දැරියන් සඳහා කටු පොකුරක් සිප ගැනීම හෙට දවසේ මලක් ලෙස දක්වා ඉතාමත් අලංකාරවත් ලෙස නිර්මාණය කොට නිමාවට පත් කරන මෙම නිර්මාණකරු විසින් තම නිර්මාණය තුළ පුරාවටම පරිසර වර්ණනාව ඉතාමත් අලංකාරවත් ලෙස ඒකාකාරී අන්දමින් දක්වාලීම අගය කළ යුතු නොවේද? ඉහත නිදසුන් තුළින් මෙම නිර්මාණකරු විසින් මෙම "වස්සානය" නම්කාවේ. පන්තිය චමත්කාරජනක පරිසර වර්ණනාවක් ලෙසින් නිර්මාණය කිරීම සඳහා ගත් වෑයම නිදසුන් තුළින් දක්වා ලනු හැකිය.


වස්සානය විචාරය 04 >>



Key words 

වස්සානය විචාරය 06

වස්සානය විචාර ප්‍රශ්ණ අංක 06

වස්සානය විචාර 11 ශ්‍රේණිය 

වස්සානය විචාරය pdf 

වස්සානය විචාරය 06 pdf

වස්සානය විචාර ලිවීම 11 ශ්‍රේණිය 

Wassanaya vicharaya 06

Comments