Skip to main content

සිංහල විචාර 93 - වස්සානය විචාරය 04

වස්සානය පද්‍ය පංතියේ අජීවී වස්තූන් සජීවීකරණයේදී කවියා භාවිත කරන උපක්‍රම සාකච්ඡා කරන්න.

පද්‍ය සාහිත්‍ය වපසරිය තුළ අපූරු වූත්, රමණීය වූත්, යම් සාහිත්‍ය අංගයක් වෙතොත් ඒ අනෙකක් නොව රසවත් බවින් පිරිපුන් රමණීය කවියයි. එහිලා අති විශිෂ්ඨ සේවයක් කළ රත්න ශ්‍රී විජේසිංහයන් (1953) ඇගයීමට ලක්වල යුතුය. ඔහු විසින් සුභ උදෑසන, සල්ගහ යට, තරු ලකුණ, මධ්‍යමයාමය වැනි කාව්‍ය කෘති නිර්මාණය ද ,සුදු නෙළුම් ,ගංගා ගීතය, ඉරබඩු තරුව, නෙතනිනුපුල්, ආලකමන්දාවැනි කෘතිද, සැල ලිහිනියෝ ,රන් කිරිකඩ, රතු කිකිළි, සින්දු කියන උණ පඳුර යන ළමා කෘතිද, ඉතාමත් විශිෂ්ඨ ගනින් නිර්මාණ ලෙස දක්වාලිය හැකිය.

එහිදී වස්තානය නම් වූ අපූරු නිර්මාණය මෙම සියලු නිර්මාණයන් අතරින් කැපී පෙනෙන විශේෂ වූ නිර්මාණයක් ලෙසින් හඳුන්වා දිය හැකිය. එය විශේෂ වීමට හේතු වශයෙන් රත්න ශ්‍රී විජේසිංහයන් ගුරුවරයෙකු ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ හුළංදා ඔය සමීපේ ජීවත් වූ කාලයේ එම පරිසරයේ අත් පිදී එහි තිබූ මනරම් පරිසර පද්ධතියේ විචිත්‍රත්වයක් ලෙසින් දක්වාලන අපූරුතුම නිර්මාණයකි.

ඒ ආකාරයටම මෙම වස්සානය නම් වූ විචිත්‍රවත් නිර්මාණය තුළින් අජීවී වස්තූන් සජීවීකරණයේදී කවියා විවිධ උපක්‍රම භාවිතා කරලීම මෙහි ඇති ඉතාමත් සුවිශේෂී ලක්ෂණයකි. ඒ තුළින් මෙම නිර්මාණයේ අලංකාරීත්වය තව තවත් වර්ධනය වන බව මෙය රස විදිනු ලබන ඕනෑම සහෘද පාඨකයෙකුට සිත් වන කරුණකි.

එහිදී කවියා මෙම සම්පූර්ණ නිර්මාණය පුරාවටම නිසදැස් සාකෘතිය භාවිතා කිරීම තුළින් මෙම නිර්මාණය සතුව පවතිනු ලබන අජීවී වස්තූන් හට පණ පෙවීමක් සිදුකරනු ලබයි. එහිදී මෙම නිර්මාණය නවුමු මං පෙතකට රැගෙන ගොස් ඇති බව මෙය රස විඳිනු ලබන ඕනෑම සහෘද පාඨකයෙකුට සිත් වන කරුණකි.නිදසුන් වශයෙන්,

වැහි වළාකුළු රංචු කඳු මුදුන්වල                     ලගින
දැන් ඒවි තැනි බිමට සීතලයි මගේ                   සිතට
වැසි සමයේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න ඔබ ඉන්න
ඉතින් මගේ හෙට දවස මට                            දෙන්න

ගිම්හානේ ගිලන් වී කුෂව                 සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත            පිරිපුන්ය
දුෂ්කරය කියා හැරයා යුතුද                ජීවිතය?
කටු පොකුර සිප ගනිමි හෙට මල් වනු පිණිස"

තවද මෙම නිර්මාණය පුරාවටම ප්‍රශ්නාර්ථ සලකුණ දක්නට ලැබීමද, එයින් නිර්මාණය සඳහා නොසිතූ අලංකාරයක් ඒම තුළින්ද මෙහි සජීවීකරණය සඳහා ප්‍රධාන ලෙසින් බලපාන බව මේ රස විඳීම තුළින් පැහැදිලි වන කරුණකි.එහිදී ප්‍රශ්නාර්ථ සහිත නිර්මාණයක් තුළින් මේ අජීවී වස්තූන්ට සජීවීකරණයක් ලබාදීමත්, මෙය රසවිඳුනු ලබන සහෘද පාඨකයන් වෙනත් මානයකට රැගෙන යන බවත් ඔවුන්ගේ මානසික සුවය සඳහාද එය උපයෝගී වන බවත් නොරහසකි.

"නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද?"
 "දියකෙළින හැටි පුංචි මාළුවෝ දුටුවාද?"
 "නිල් කුරුලු බිලිදු නිදි ඇහැරවන්නේ කුමටද?"
" සන්නාලියන් කොහොම ඇන්දා දේදුන්න?"
" දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය?"

ඉහත ආකාරයේ නිදසුන් තුළින් ඒ පිළිබඳව කරුණු මනාව වටහාගත හැකිය. ඉතා ඉතාමත් අලංකාරවත් පදය නිර්මාණයක් බිහිවීම් උදෙසා මෙම සජීවීකරණය තුළින් මහත් පිටුවහලක් ලැබුණි .තවද මෙම නිර්මාණය අජීවී වස්තූන් තුළට සජීවී බවක් ආරෝපණය කිරීම සඳහා ස්වභාදහම උපයෝගී කර ගැනීම තවත් නිදසුනක් ලෙසින් දැක්විය හැකිය. මිනිසා හා ඉතාමත් සමීප සබඳතාවයක් පවතින ස්වභා දහම සමඟ එක්ව මෙම නිර්මාණය සිදුකිරීම තුළින් මෙම කවියා විසින් ස්වභාදහමට කෙතරම් ආදරයක් ගෞරවයක් දක්වනවාද යන්න නිසැකම ඉදිරිපත් කිරීමට තැනුණු පද්‍ය පන්තියක් ලෙසින් මෙය හඳුන්වා දිය හැකිය.

"සෙනෙහය පිරී ගිය ඔබේ ණයන නිල් පොකුණ 
 බිය නිලින වැසි සමේ රැලි නගා             උතුරාය 
 තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි   වසින
 ඔබේ සිනාවෙන් නිවේ හුණුව ගිය ලේ     නහර"

"දෙවැට දිග කරදවැල් ආරුකුව යට    සැඟව 
 නිල් කුරුලු බිලිඳු නිදි ඇහැරවන්නේ    කුමට 
 රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු  එළිය
 මිහිරි මව් කිරි මගේ පොවන්නෙමි  නුඹලාට"

ශාක හා සත්ව ලෝකය තුළින් පරිසරයේ ඇති අජීවී වස්තුන් තුළට සජීවී බව ආරෝපණය කිරීමට කවියා ඉතාමත් දක්ෂයෙක් බව මෙම පද්‍ය පංතියේ රස විඳිනු ලබන ඕනෑම සහෘද පාඨකයෙකුට සිත්වන කරුණකි .ඉහත ආකාරයට වස්සාන පද්‍ය පන්තිය තුළින් අජීවී වස්තූන් සජීවීකරණයේදී කවියා භාවිතා කරන උපක්‍රම ඉතාමත් සරල ලෙසින් නිදසුන් තුළින් ඉදිරිපත් කොට සනාථයට පත් කළ හැකිය හැකිය.


වස්සානය විචාරය 06 >>




Key words 
වස්සානය විචාර
වස්සානය පද්‍ය විචාරය 
වස්සානය පද්‍ය විචාරය pdf 
විචාර 11 ශ්‍රේණිය වස්සානය
11 ශ්‍රේණිය විචාර වස්සානය
විචාර pdf download
Wassanaya padya vichara
Wassanaya rasaswadaya download


Comments