මෙම වස්සානය කවි පෙළෙන් දැක්වෙන ජීවන දෘෂ්ටිය පැහැදිලි කරන්න.
කොළඹ යුගයේ සාහිත්‍යදරයෙකු වූ රත්න ශ්‍රී විජේසිංහ මහතා වඩාත්ම ප්‍රචලිත වූයේ කාව්‍ය සහ ගී පද රචනයෙනි. රත්න ශ්‍රී මහතාගේ කාව්‍ය කෘතීන් අතර එන වස්සානය පද්‍ය පංතිය නිමැවුණේ ඔහු මොණරාගල දිස්ත්‍රික්කයේ හුලංදාව නම් වූ ඔය අසබඩ ජීවත් වූ කාලයේදීය. මෙම කෘතිය තුළ මිනිසාගේ ජීවන දෘෂ්ටිය හරි සාරවත් ලෙස නිරූපණය කිරීමට රත්න ශ්‍රී සමතෙකු බවට පත්ව ඇත. රත්න ශ්‍රී විජේසිංහයන් මෙම කෘතියෙන් මිනිස් ජීවන දර්ශනය කැටි කරගත් අයුරු "වස්සානය" පැදි පෙළ තුළින් විමසා බලමු.
ඇදි ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කර ය කියා හැර යා යුතු ද ජීවිතය
කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස"
වස්සානයට පෙර ගෙවී ගිය ගිම්හාන සමයෙහි ගිලන් වී නොහොත් අභාවයට ගොස් කෘෂව, සුදු මැළිව ඇත්තේ අන් කිසිවක් නොව හුළංදා ඔයයි. නමුත් එලෙස සුදු මැලවී සිටි ඉකි ගස ගසා සිටි ගඟ නැවත පිරිපුන්ව සාරවත්ව ගලන්නට පටන් ගත්තේ දහසකුත් වූ බාධකයන් මැදය. මෙය බොහෝ සෙයින් සමාන වනුයේ හුළංදාවටම පමණක් නොව, මිනිස් ජීවිතයටද බොහෝ සේ සමාන වූවකි.
කෙතරම් දුෂ්කරතා මැදක සිටියද ගඟ නැවත පිරිපුන්ව ගලා බසිනා දිනක් පැමිණියා සේම, දිවියේද දිනක් පැමිණේවි නිසැකවම පිරිපුන්ව ගලා බැස්මට. දුෂ්කරය කියා කිසිදාකවත් ජීවිත හැර නොයා යුතුය. උත්සාහවන්ත ලෙස අද දුෂ්කරතාවය මැඩ ගෙන සිටිය යුත්තේ හෙට දිනය සාරත්වත් වීමටය. වස්සානය තුළින් හරි අපූරු ලෙස මිනිස් ජීවන දෘෂ්ටිය එළිදැක්වීමට රත්න ශ්‍රී විජේසිංහ කතුවරයා සමත් වී ඇති බව වැටහෙන්නේය.
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේම හිනැහේය මා එක්ක"
හුලංදාවට සැබැවින්ම අත්‍යවශ්‍ය නිල් වතුරය. එසේම පුද්ගලයාට අවශ්‍ය වනුයේ සාමූහිකත්වය, අත්දැකීම්, ආදරය, සතුට යන සියල්ලෙහිම එකතුවකි. මිනිසා ද දිනෙක හුළංදාව මෙන්ම ගලන්නට පටන් ගනීවි. මිනිසාටද වස්සානයක් ඒවි. එතෙක් ඉවසා සිටිය යුතුය. දරා සිටිය යුතුය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
බිරිඳ සහ කුඩා බිළිදාගෙන් දුරස්ව දුෂ්කර සේවයේ රත්න ශ්‍රී විජේසිංහයන් සේවය කරන කාලයේ දී මේ කවි පන්තිය රචනා වී ඇති බව සදහන්ය. එනිසා එම අද්දැකීම් ද මෙම නිර්මාණය තුළට එකතු වී ඇති බව පෙනෙන්නට තිබෙයි. ඔයට ජලය අවශ්‍ය සේම කුඩා දරුවා හටද පවුල තුළ ආදරය, රැකවරණය, සෙනෙහස, ගුණදම් අවශ්‍ය විය. ගංගාවට නිල් වතුර අවශ්‍ය ලෙසම පුද්ගලයාට පවුල අවශ්‍යය.
හුළංදාවට කෙකටියා වැනි සුදු පැහැති මල් පෙති එක්වී ගලනා විට තව තවත් අලංකෘතය. සුදු පැහැය පිවිතුරු බවේ සංකේතය බව ඔබ අප සැම දන්නා කරුණකි. ඒ අයුරින්ම පුද්ගලයා සාරධර්ම වලින් පිරිපුන් වූ විට හුලංදාවට කෙකටිය මල් වැටී වස්සානයේ ලද සුන්දරත්වය සේම, මිනිස් දිවියද සුන්දරව ගලා බස්නා බව නොඅනුමානය.
දිය කෙළින හැටි පුංචි මාළුවෝ දුටුවා ද?
පුර පසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුළංදා ඔය කිම් ද මල්වරව ඉල්මහට?"
වස්සානය සමග කුඹුක් අතු පාත්වී ඇත්තේ හුළංදාවට තවත් එක් බාධකයක් ලෙසිනි. නමුදු හුළංදාව එය යොදා ගත්තේ තම ගමනේ එක අලංකෘත සංධිස්ථානයක් ලෙස බව රත්න ශ්‍රී යන් පෙන්වා දී ඇත. මිනිස් ජන ජීවිතයටද බාධා අනන්ත අප්‍රමාණ ලෙස පැමිණෙන බව නොරහසකි. හුළංදාව පිටට අලංකාර ලෙස පෙනෙනුයේ බාධකයන් සමග ගලනා විටය.
ජන ජීවිතය ද අලංකර, අලංකෘත ලෙස පෙනෙනුයේ බාධක ජයගෙන ඉදිරියට ගලා යන විටය. හුළංදාව මල්වර විය. එවිට ගඟ නැවත පිරිපුන් ලෙස ගලා බස්නට වූහ. මල්වරය යනු කාන්තාවකට සමීප සිද්ධියකි. මෙහිදී කවියා හුළංදාව ඔය කාන්තාවකට සමාන කොට ඇති බව හැගෙයි.
දිය නිලන වැසි සමේ රැලි නගා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබේ සිනහවෙන් නිවේ හුණුව ගිය ලේ නහර"
වස්සාන සමයේ වර්ෂාව ලැබූ විට ඔය හරි සරුසාරවත් ලෙස පිරිපුන්ව රැලි නගා උතුරාය. වර්ෂාව යනු කුණාටු බාධක අකුණු මැද පතිත වන විශාල ජලස්කන්ධයකි. මෙවැනිම කුණාටු රැසක් ජනයාගේ ජීවිතය තුළටද පැමිණෙන්නේය. බාධක මැදින් ගලනා හුළංදාව මෙන්ම බාධක මැඩගෙන ඉදිරියට ගලනා ජන ජීවිතය ද ඉතා අලංකෘතවත්, රසවත් ලෙස ඉදිරියට ගලායයි.
මේසේ වස්සානයේ එන පද්‍ය පාඨ තුළින් අපට ගම්‍ය මාන වන්නේ රත්න ශ්‍රී විජේසිංහ කවියා වස්සානය තුළ ඔහුගේ මිනිස් ජීවන දර්ශනය කැටි කරගත් අපූර්වත්වයයි.
Key words
වස්සානය විචාර
Comments