"සංචාරක කර්මාන්තය හා ශ්‍රී ලංකාවේ ආර්ථිකය" යන තේමාව ඔස්සේ නිර්මාණාත්මක රචනයක් ගොඩනගන්න.
සංචාරක කර්මාන්තය හා ශ්‍රී ලංකාවේ ආර්ථිකය
" ශ්‍රී ලාංකිකයන් තරම් ආගන්තුක සත්කාරයට සමත් පිරිසක් මා තවත් දැක නැත. මා ඉර හඳ ඉල්ලූවද එයද ඔවුන් මට ගෙනැවිත් දෙනු ඇත"
රටින් රටට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශයට සැරිසැරීම සංචාරයයි. මෙය දේශීය හා විදේශීය වශයෙන් කොටස් දෙකකි. මිනිසුන්ගේ කුතුහලය පදනම් කොටගෙන තොරතුරු දැන ගැනීම, තොරතුරු සියසින් දැක ගැනීම සඳහා සංචාරය කරයි. මේ අනුව පැහැදිලි වන්නේ දැනුම, විනෝදය, දැකීම සඳහා සංචාරය ඉවහල් වන බවයි. මෙම සංචාරය රටක ආර්ථිකය කෙරෙහි යොදවා ගැනීම සංචාරක කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය ලෙස හැඳින්වේ.
අතීතයේ දී අධ්‍යාපන පිපාසයෙන් පෙළුණු අය, වෙළඳාම උදෙසා සංචාරය කළ අය හා ගවේෂණය සඳහා සංචාරය කළ අය දැකිය හැකි විය. පැරණි සංචාරකයන්ගේ දැකීමට හැකි විශේෂ ලක්ෂණයක් වනුයේ ඔවුන් නිශ්චිත අරමුණක් මත සංචාරය කළ බවයි. ගමනාගමනය, සන්නිවේදන පහසුව, ජාත්‍යන්තර භාෂාවන්ගේ ආගමනය මත සංචාරක ව්‍යාපාරය නැතිනම් සංචාරක කර්මාන්තය ආරම්භ විය.
1966 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ආරම්භ වී, වර්ෂ 1970 වනවිට එම සංචාරක කර්මාන්තය රටේ ප්‍රධාන ආර්ථික ව්‍යාපාරය බවට පත්විය. එහිදී රටක් වශයෙන් සංචාරක කර්මාන්තය දියුණු කිරීම පිණිස ශ්‍රී ලංකාව යටිතල පහසුකම් දියුණු කිරීම, මගපෙන්වන්නන් යොදා ගැනීම, කෙටි චිත්‍රපට හා ජායාරූප ලොව පුරා ප්‍රචලිත කිරීම මෙන්ම සංචාරක පුර බිහි කිරීම වැනි ක්‍රියා පිළිවෙත්ද අනුගමනය කරන ලදී.
එමෙන්ම සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට උචිත ද නැතිද යන බව නිර්ණය වන්නේ, ඇති මානව සම්පත හා භෞතික සම්පත මතය. මානව සම්පතෙහි දක්නට ලැබෙන ප්‍රියමනාප සුහදශීලී ගුණයන් හේතුවෙන් ද භෞතික සම්පත්හි දක්නට ලැබෙන සමතුලිත දේශගුණය, හරිත පැහැයෙන් හැඩ ගැන්වුණු වනාන්තර, ශ්‍රී විභූතිය කියාපාන්නා වූ රාජධානි, සිත්කළු දියඇළි ගංගා, දළදා පෙරහැර, උද්භිත උද්‍යාන ඇතුළු කොට ගෙන රට වට කොට ගෙන ඇති සමුදුර නිසාවෙන් ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය උදෙසා ඔබින බව දැක්වීමට හැකිය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
සංචාරක කර්මාන්තයේ යහපත් මෙන්ම අයහපත් අංශ ද ඇති අතර සංචාරක කර්මාන්තයෙහි ඇති යහපත් අංශ ලෙස ආර්ථික සංවර්ධනයට ඉවහල් වීම, විරැකියාවට පිළියමක් ලෙස නව රැකියා අවස්ථා බිහිවීම, දේශීය සංස්කෘතිය ලොව පුරා ප්‍රචලිත වීම දැක්වීමට පුළුවන. මෙහිදී සංචාරක කර්මාන්තය නිසා ඇතිවන අයහපත් අංශ ලෙස විවිධ ලෙඩ රෝග පැතිරීම, දේශීය සංස්කෘතිය විනාශ වීම, සංචාරක පුරවර ආශ්‍රිත දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වීම ආදිය දැක්විය හැකිය.
සංස්කෘතියට අදාළ වන පරිදි සංචාරක කර්මාන්තය සැකසීම, ගුවන්තොටුපොළ ආශ්‍රිත වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම, දේශීය සංස්කෘතිය ගැන අවබෝධයක් ලබාදීම උදෙසා සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවීම, මෙරට නීති රීතිවලට අනුගත කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම හා සංචාරකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත් වීම තුළින් තවදුරටත් සංචාරක කර්මාන්තය ව්‍යාපාරයකට සීමා නොකර, ශ්‍රී ලංකාවට හිතකර සේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කළ යුතු ය.
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)
ආදර්ශ රචනා..
Comments