වන සම්පත රැක ගැනීමේ වැදගත්කම පිළිබඳව වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න.
එය ගස කපන්නාට සෙවණක්,
පොරවට මිටක්, ලබාදෙන බව" බුදුන් වහන්සේ දේශනා කලහ. එමඟින් පසක් වනුයේ ගහකොළ, ඇළ දොළ, සතා සිවුපාවන්ගෙන් ගහන වන සම්පතෙහි වටිනාකම අමිල බවයි. ඒ බව රතු ඉන්දියානු ජාතික සියැටල් පෙන්වා දෙන්නේ ගස්වැල් අපගේ සොහොයුරන් බවත්, ඇළ දොළවල ගලා යන්නේ තම මුතුන් මිත්තන්ගේ රුධිරය බවත් යනුවෙනි.
වන සම්පත වනාහී ලෝක ගෝලයම නිදුකින් නිරෝගීව තබන අමිල වස්තුවයි. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය මඟින් කාබන්ඩයොක්සයිඩ් වායුව උරාගෙන ආහාර නිපදවීම හා ඔක්සිජන් නිපදවීම, ජල උල්පත් නිර්මාණය, සිහිල් පරිසරයක් නිර්මාණය කොට වායුගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම, දැව සම්පත හිමිකර දීම, සත්ව ගහනයට නවාතැන් සැපයීම, ඕසොන් ස්තරයට හානි වීම වළක්වා ගැනීමට සහය දැක්වීම ආදී දැවැන්ත කටයුත්තක් මෙකී වන සම්පත නම් අපූරු මිතුරා සිදුකරයි. එබැවින් මානව වර්ගයාගේ යහපත උදෙසා වන සම්පත ආරක්‍ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.
වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් මිනිසුන් මියගිය පුවතක් ඉන්දියාවෙන් වාර්තා විය. කාබන්ඩයොක්සයිඩ් හා කාබන් මොනොක්සයිඩ් වායුව ඉහළ යාම මෙයට හේතුවයි. කර්මාන්තශාලාවලින් අධිකව පිටවන මෙකී වායුන් උරා ගැනීමට වෘක්ෂ සම්පත ඌන වීම මෙයට ප්‍රධානම හේතුවයි. වන සම්පත රැක ගන්නේ නම් මෙවැනි අවාසනාවන්ත මරණයන් වළක්වා ගත හැකිව තිබුණි.
වායුගෝලීය උණුසුම වැඩිවීම නිසා උත්තරධ්‍රැවයෙහි ඇති අයිස් කඳු හෙවත් ග්ලැසියර දිය වන්නට වීමෙන් ඇතැම් දූපත් මුහුදට යටවීමේ තර්ජනයට මුහුණ දී ඇත. මාලදිවයින් වාසීන්ට නොබෝ දිනකින් තම නිජබිම අහිමි වී යා හැකිය යන්න පරිසරවේදීන්ගේ නිගමනය වී ඇත. මේ සියලු කාරණා සමඟ වන සම්පතෙහි මරණය සෘජුවම බැඳී ඇති බැව් අප වටහා ගත යුතුය.
බ්‍රසීලයේ ඇමසන් වනයෙහි ඇති වූ දරුණු ලැව් ගින්නෙහි දරුණුතම ප්‍රතිඵල ඉදිරි දශක දෙකේ තුනේදී ලෝකයාට අත්විඳීමට සිදුවනු ඇත. එනම් සමකාසන්නයේ සහරා වැනි විශාල කාන්තාර නිර්මාණය වීමයි. මෙසේ කාන්තාර බවට පත්වන්නේ කලක් සරුව තිබූ බිම් බව අප අමතක නොකළ යුතුය. වන සම්පත පාරිසරික වෙනස්වීම් කෙරෙහි කෙතරම් බල පවත්වන්නේ දැයි එයින්ම පැහැදිලි වේ.
වන සම්පත විනාශ කිරීමෙහි තවත් අහිතකර ප්‍රතිඵලයක් නම් වන සතුන්ට තම නිජබිම අහිමිවීමේ අර්බුදයයි. අප රටෙන්ම ඒ සඳහා කදිම උදාහරණයක් සොයා ගත හැකිය. එනම් අලි-මිනිස් ගැටුමයි. දැන් දැන් කඳුකර දිවියන් ගම්වැදීමේ සිද්ධීන්, හිවලුන් ගම් වැදීමෙන් දරුවන් හා මිනිසුන් සපා කෑමේ සිද්ධීන් ද වාර්තා වේ. කඳුකරයේ වැසි වනාන්තරය එළිකොට තේ හා පයිනස් වැනි වෘක්ෂ වගා කිරීම නිසා දිය උල්පත් සිඳී ගොස් කඳුකරය වියලි ස්වරූපයක් ගැනීමත් පානීය ජලය නොමැති වීමත් නිසා ජන ජීවිතයට ගැටලු නිර්මාණය වී තිබේ.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
මෙය අප රටට පමණක් ඇතිවී ඇති ත්ත්වයක් නොව මුළු ලෝකයටම මුහුණ දීමට සිදු වී ඇති අර්බුදයක්ව ඇත. විල්පත්තු, සිංහරාජ වැනි වනාන්තර එළිකොට ජනාවාස කිරීම හා වනාන්තර හරහා මංමාවත් දැමීම දැන් දැන් සිදුවේ. වන ගහනය අඩුවෙත්ම ඔක්සිජන් නිපදවීම අඩු වේ. ඔක්සිජන් අඩුවීම මිනිසාගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය සපුරා අහුරා දමයි. 2018 වසරෙහි ඉන්දියාවෙහි චෙන්නායි නගරයෙහි පැවති ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩකයන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති විය. වන සම්පත විනාශ කරන්නේ නම් නොමිලේ ලැබෙන ඔක්සිජන් මිලට ගැනීමේ දිනය වැඩි ඈතක නොවන බව මතක තබා ගත යුතුය.
අනාගතයෙහි ඇතිවිය හැකි මෙකියන අර්බුද වළක්වා ගැනීම උදෙසා වන සම්පත ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත්ය. ජනගහනයට සාපේක්ෂව සම්පත් හැකිලීම සත්‍යයක් වුවද මිනිසාගේ දියුණුව පරිසරයට සමගාමීව විය යුතු යැයි චීනය වැනි කාර්මික බලවතුන් පවා පිළිගෙන ඇති බැව් පෙනී යන්නේ ධරණීය සංවර්ධනය ඔවුන්ගේ උපාය මාර්ගයක් වී ඇති බැවිනි.
"කුසට අහරද , හිසට සෙවණද, පණ රැක ගන්නට පිරිසිදු වාතයද නොමිලේ සපයා දෙන ගස මිනිසාගේ ළගම හිතවතාය. ගසේ පිහිට නොපතා මිනිසාට ජීවත් විය නොහේ." යන මහා කවි කාලිදාසයන්ගේ මසුරන් කියමන එදාටත් වඩා අදට වලංගු බැවින් වන සම්පත රැක ගැනීම කාගේ කාගේත් වගකීම බව කිව යුතුය.
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)
ආදර්ශ රචනා..
#වන සම්පත රැක ගනිමු රචනා
#වන සම්පත සුරකිමු රචනා වචන 250
#වන සම්පත සුරකිමු රචනා pdf
#මිනිස් ක්රියාකාරකම් නිසා අපට අහිමි වන වන සම්පත රචනා
#වන සම්පත සුරකිමු රචනා 11 වසර
#වන සම්පත සුරකිමු රචනා o/l
#වන සම්පත සුරකිමු රචනා වචන 150
#වන සම්පත සුරකිමු රචනා වචන 200
#වන සම්පත සුරකිමු රචනා
Comments