මරණීය දණ්ඩනය නීතිගත කළ යුතුද?
"සියල්ලම මරණ දඬුවමට බිය වෙති. සියලු දෙනාම තම ජීවිතවලට ආසාවෙති. එනිසා අනුන් ද තමා මෙන් සිතා අනුන්ට හිංසා නොකළ යුතුය.නොකරවිය යුතුය."
මනුෂ්‍ය ආත්මයක් ලැබීම පහසුවෙන් ලබාගත හැකි දෙයක් නොවේ. ඒ සඳහා පෙරුම් පිරිය යුතුය. අප්‍රමාණ කාලයක් සසර තුළ කුසල් සිදුකළ යුතුය. එබැවින් අප මේ ලබා ගත් ජීවිතය උත්තරීතර වස්තුවකි. මිල මුදල් මුතු මැණික් වැනි වටිනා වූ කිසි දෙයකට ජීවිතය සම කළ නොහැකිය. එබැවින් සෑම පුද්ගලයෙකුටම ජීවත් වීමේ අයිතියක් ඇත. සෑම පුද්ගලයෙකුම ඡීවිතයට ප්‍රිය කරති.
මානවයා සිය පැවැත්මට එරෙහිව කටයුතු කිරීම, සමාජ ධර්මතා උල්ලංඝනය වන පරිදි හැසිරීම ඔහු දඬුවමට ලක්වීම පිණිස හේතුවේ. එවැනි සමාජ විරෝධී චර්යාවන් ප්‍රකට කරන අයට එරෙහිව කායික මානසික දඬුවම් ක්‍රම භාවිතයට ගැනෙයි. ඒ අනුව යමකු කළ වරදට වරද කළ පාර්ශවයෙන් සමාව ගැනීමේ සිට මරණීය දණ්ඩනය ලබාදීම දක්වා වන විවිධ දඬුවම් අතර අතිශයින් තීරණාත්මක සහ බිහිසුණු දඬුවම වශයෙන් මරණ දඬුවම දැක්වීමට පුළුවන. ඒ මරණ දඬුවම මඟින් පුද්ගල ජීවිතය හා බැඳි සියල්ල නිමාවට පත්වන බැවිනි.
මරණ දඬුවම සමාජයේ මිලේච්චත්වය ප්‍රකට කරන්නකි. එහෙයින් මරණ දඬුවම මඟින් ශීලාචාර ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකර ගැනීමට නොහැකිය. යම් වරදකට වැරදිකරු වූ තැනැත්තා මරා දමා ළඟාකර ගන්නා සීලාචාරභාවයේ හරය කුමක්ද ?. එසේම යම් වරදකට වරදකරු මරා දැමූ පමණින් "යහපත් සමාජයක් බිහිවේද? සියලු පාර්ශවයන්ට සාධාරණයක් ඉටු වේ ද?" යන්න වෙන් වෙන් වශයෙන් ගෙන විමර්ශනය කළ යුතුය. මේ සියලු කරුණු පූර්විකතාවක් වශයෙන් ගෙනහැර දැක්වූයේ ලංකාවේ ක්‍රියාත්මක මරණ දඬුවම යළි බලාත්මක කරමින් අපරාධකරුවන් එල්ලා මරා දැමිය යුතු යැයි ඇතැම් පිරිස් ගෙන යනු ලබන උත්ඝෝෂණ හා දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ නිරර්ථක බව පෙන්වා දීමටයි.
දඩුවමට බිය කිරීමෙන් පමණක් අපරාධ මැඩලිය නොහැකිය. ඒ අනුව වරදකරු එල්ලා මැරීමෙන් පමණක් අපරාධ පාලනය කළ නොහැකිය. එමඟින් අපරාධකරුවන් සංඛ්‍යාත්මකව අඩු කළ හැකිය. එහෙත් සිදුවිය යුත්තේ අපරාධකරුවන් සංඛ්‍යාත්මකව අඩු කිරීම නොව යම් අපරාධයකට පුද්ගලයා පොළඹවන සියලු සාධක දුරු කිරීම මඟින් පුද්ගලයා තුළින් අපරාධ මානසිකත්වය බැහැර කරවීමය. මෙරට මරණ දඬුවම බලාත්මක කරමින් එල්ලුම් ගහට යළි පණ දෙන ලෙස ඉල්ලා කරන ලද උද්ඝෝෂණ කාලයෙන් කාලයට කරළියට පැමිණේ. යම් සංවේදී අමානුෂික ඝාතනයක් වූ විට ප්‍රජාව වීධි බැස මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස හඬ නගති. උණුසුම පහව යාමත් සමඟ යළි සියල්ල නිමාවට පත්වෙයි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
මරණීය දණ්ඩනය යළි බලාත්මක කිරීම වැනි අතිශයින් තීරණාත්මක කාර්යයක් දෙස සංවේදීව හෝ ආවේගශීලීව බැලීම නොකළ යුතුය. අපගේ අරමුණ රටේ සිදුවන අපරාධ මැඩලීම පාලනය කිරීම හෝ අවම කිරීම නම් ඒ සඳහා අප කෙටි කාලීන හා දිගු කාලීන වැඩසටහන් සකස් කිරීමට අවශ්‍ය වේ. මෙහිදී අපරාධයක් සිදුවීම කෙරෙහි බලපාන සියලු දේශපාලන, ආර්ථික, සාමාජීය සාධක දුරු කිරීම පිණිස ක්‍රියාත්මක විය යුතුය. සමාජයක අපරාධකරුවකු බිහිවීම හුදෙකලා සිදුවීමක් නොවේ. අපරාධකරුවා යනු ඉතා දිගු සමාජ ක්‍රියාවලියක ප්රතිඵලයකි. අපරාධකරු සමාජයේම නිර්මාණයකි. එබැවින් අපගේද යම් දායකත්වයක් සහිතව නිර්මාණය වූ අපරාධයට පෙළඹුණු තැනැත්තා පමණක් මරණීය දණ්ඩනයට ලක්වීම යුක්ති සහගත ද යන්න පිළිබඳව බුද්ධිමත් ලෙස සිතා බැලිය යුතුය.
ලාංකේය සමාජයෙහි විවිධ අපරාධ හා සමාජ විරෝධී ක්‍රියාවන් උත්සන්න වීම කෙරෙහි බලපාන සාධක රාශියක් පවතී. සමාජ සංස්ථාව ආයතන බිද වැටීම හා ඒවායේ කාර්යභාරය නිසි පරිදි ඉටු නොවීම, සමාජ ව්‍යාපාර සක්‍රීය ලෙස ක්‍රියාත්මක නොවීම, ජන මාධ්‍ය හා නව මාධ්‍ය වෙතින් සිදුවන සමාජ බලපෑම හා ග්රාහක අධ්‍යාපනය යනාදිය ඉන් කිහිපයකි. අප අපගේ සමාජ භූමිකාව මෙන්ම සමාජ කාර්යභාරයද නිසි පරිදි ඉටු කරන්නේ ද යන්න මුලින්ම විමසා බැලිය යුතුය.
භික්ෂුව ප්රමුඛ ආගමික පූජකවරුන් උන්වහන්සේලාගේ කාර්යයද, කලාකරුවන් ගුරුවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයන් වැනි වෘත්තීයවේදීන් ඔවුන්ගේ කාර්යයද, ග්‍රාම නිලධාරී ප්රමුඛ ප්‍රජා සංවර්ධන නිලධාරීන් ඔවුන්ගේ කාර්යය ද, පොලිසිය පොලිසියේ කාර්යභාරය ද, ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් ඔවුන්ගේ කාර්යය ද වඩාත් අවබෝධයෙන් ඉටු කළ යුතුය. නමුත් අද වන විට ඉහත කී කිසිදු ආකාරයයක් සක්‍රීයව නිසි පරිදි ඉටු නොකරයි. තම භූමිකාවට අදාල දේ හැර අන් සියල්ල ඔවුහු විසින් ඉටුකරති.
ඇතැම් විට මහානායක හිමිවරුන් දේශපාලනයටද, දේශපාලකයන් මහා නායක හිමිවරුන්ටද, මාරුවෙන් මාරුවට බණ දේශනා කරමින් සිටිති. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් ශ්රාවකයා පන්සල මගින් දුරස් වේ. ප්‍රජාව සක්‍රීය ගුණ වගාවේ කේන්ද්‍රස්ථානය වශයෙන් ගැනෙන පන්සල මඟින් දුරස් වීම අපරාධ මානසිකත්වය තිව්ර කරවාලයි.
සියුම් ලෙස විමර්ශනය කිරීමේදී එක් එක් සමාජ සංස්ථා, ආයතන අර්බුදයට ගොස් ඇති ආකාරය හා ද්විතීක අධ්‍යාපනයට සැලැස්මක් නැතිවීම, සෞඛ්‍යය, සනීපාරක්ෂාව, ආහාර, පෝෂණය වැනි සාධක නොසලකා හැර ජන ජීවිතය ගොඩනැගීමට ක්‍රියා කිරීම ජනමාධ්‍යයේ සදාචාර විරෝධී අසීලාචාර ක්‍රියාකාරිත්වය ද මෙරට ප්‍රජාවේ අපරාධ මානසිකත්වය තිව්ර කරමින් සිටියි.
රට තුළ අපරාධ නිවාරණය සඳහා ජාතික වැඩපිළිවෙළක් මෙන් ම ඒ සඳහා උචිත ප්‍රතිපත්තියක් අවශ්‍ය වේ. එය නිවසින් පාසල් අධ්‍යාපනයෙන්, ආගමික ස්ථානයෙන්, පාර්ලිමේන්තුවෙන් ඇරඹිය යුතුය. අපරාධකරුවාට එරෙහිව දඬුවම ක්‍රියාත්මක කිරීම ඉතා පහසු කාර්යයකි. නමුත් ඊට ප්‍රථම මෙරට ක්‍රියාත්මක නීති පද්ධතියේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කළ යුතුය.
ප්‍රජාව උදෙසා යුක්තිය පසඳලන ආයතන වඩාත් සක්‍රීය කොට ප්‍රජාවට තමා ජීවත් වන සමාජය ගැන විශ්වාසයක් හා රැකවරණයක් සලසා දීම මඟින් අපරාධ නිවාරණයට යම් රුකුලක් ලබාදිය යුතුය. දඬුවම අපරාධ නිවාරණයේ ඒකායන මාර්ගය වශයෙන් සිතීම පවා මුලාවකි.
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)
Comments