Skip to main content

Follow on YouTube

සිංහල විචාර 23 - හානා හීය පානා අඬහැරෙන් දැනේ විචාරය 01

උදාහරණ ගෙනහැර පාමින් අපූරු ආකාරයකට උපදෙස් දෙන්නට ජන කවියා තුළ වූ හැකියාව හානා හීය පානා අඬහැරෙන් දැනේ පද්‍ය පන්තිය ඇසුරෙන් විමසන්න.

සිංහල සාහිත්‍යයේ සුවිශේෂ අංගයක් වන ජන කවිය අතීතයේ මොනයම් කාලයක ආරම්භ වූවත් ජනයා අතර වර්ධනය වෙමින් අද දක්වා විකාශනය වී ඇති අතර එදා ජන කවි තුළින් මිනිසාට ලබා දුන් දැන මුතුකම් හෙවත් උපදෙස් අදට ද වලංගු වේ. මෙතරම් නොදියුණු කාලයක දී හරි හැටි අධ්‍යාපනයක් නොලත් ජනයා අතර නිර්මාණය වූවත් ගැමියා සමාජ අත්දැකීම් තුළින් ලබාගත් දැනුම ඇසුරින් ජනකවිය මඟින් හරි අපූරුවට උපදෙස් ලබා දෙන ආකාරය "හානා හීය පානා අඬහැරෙන් දැනේ" ජනකවි පෙල ඇසුරින් විමසා බලමු.

" ගසට කෙටුම ගස මුල පෑයුමෙන්    දැනේ
  මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ 
  අමුතු බත් දීම අත ඇල්ලුමෙන්        දැනේ
  හානා හීය පානා අඬහැරෙන්            දැනේ"

යම් දෙයක සැබෑ ස්වරූපය එහි මතුපිට ලක්ෂණ වලින් හදුනාගත හැකි බව මෙම කවියෙන් ලබාදෙන උපදේශය යි. ගසක් කපන්න සූදානම්වන පුද්ගලයා ගස වටා ඇති පුංචි පුංචි ගස් ගලවා ගසේ වෙලී ඇති වැල් ගලවා සුද්ද කර ගන්නා ආකාරයෙන් ගස් කැපීමට ඔහු තුළ ඇති හැකියාව ප්‍රකාශ වෙයි. 

පුද්ගලයෙකු ඇවිදින ආකාරයෙන් ම ඔහුගේ ගතිගුණ ගැන තේරුම්ගත හැකිය. එසේම ගෙදරට පැමිණි අමුත්තෙකුට "කෑම ටිකක් කාලා යන්න" යැයි පවසන විට අතින් අල්ලන ආකාරයෙන් ඔහු ඒක හිතේ සතුටින් ද අසතුටෙන් ද පවසන්නේ කියල අදුර ගන්න පුළුවන් වෙයි. 

ගොවියා ගවයාට ආමන්ත්‍රණය කරන ශබ්දය ඈත සිට අසන් සිටින කෙනෙකුට ගොවියා සී සෑම උවමනාවෙන් කරනවාද නැද්ද කියල අදුර ගන්න පුළුවන් වෙයි. සැබැවින්ම මෙහිදී ජනකවියා ලබා දෙන උපදේශය පුද්ගලයෙකුගේ ක්‍රියා කලාපය දෙස බලා ඔහු පිළිබඳව අපට වටහා ගත හැකි බව සේම අපගේ ක්‍රියා කලාපය දෙස බලා සිටින අය අපගේ ක්‍රියා කලාපය අනුව අපව මනිනු ලබන බවද යන තේරුම් දෙකකින් යතු බවද වටහා ගත යුතුය.

" ගොඩැල්ලේ තරම දැනගෙන ළිද කපනු
   බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු
   කඩුල්ලේ තරම දැනගෙන කද     බඳිනු
   තමුන්ගේ තරම දැනගෙන කල්    හරිනු"


>> හානා හීය පානා අඩහැරෙන් දැනේ විචාරය 01

>> හානා හීය පානා අඩහැරෙන් දැනේ විචාරය 02


අතීතයේ පටන්ම ළිදක් කැපීම ශාස්ත්‍රානුකූලව සිදු කරනු ලබයි. විශේෂයෙන්ම පොළොවේ ස්වභාවය හදුනාගෙන භූගත ජල උල්පත් සහිත කැපීමට පහසු තැනක ළිද කැපිය යුතුය. මෙහිදී ළිද කැපීමම පමණක් අදහස් නොකරන අතර දෙයක් කිරීමට පෙර එය හරි ආකාරව දැනගෙන කලයුතු බව පවසයි. එසේම බොරලු ගල් මත උඩ පැන්නොත් වේදනාවක් ඇති විය හැකී. කද නැතහොත් කිසියම් බඩු තොගයක් එකට ගැට ගසා ලෑස්ති කිරීමට පෙර කඩුල්ලේ තරමට වඩා කුඩාවට නොසෑදුව හොත් එය කඩුල්ලෙන් පිටතට ගැනීමට නොහැකි වේ. මේ සිද්ධි කිහිපයේම ඍජු උපදේශය වන්නේ තමන්ට ඇති හැකි අයුරින් ජීවත් විය යුතුය යන්නයි.

රටට ලෝකයට පේන්න ලොකු ගෙවල් යාන වාහන අරන් පොහොසතුන් වගේ ජීවත් වෙන්න බොහෝ අය ආශා කරනවා. හැබැයි ඇත්තටම ඔවුන් ඒ දේවල් මිලදී ගන්නේ හතර අතේ ණය වෙලා නම් අනිවාර්යෙන්ම දවසක ඔවුන් ණය ගෙවා ගන්න නොහැකිව බොහොම කරදරයට පත්වෙනවා. ජනකවියාගේ උපදේශය අනුව යමින් තමන්ට හැකි පරිදි ජීවිතය ගත කරනවා නම් අනවශ්‍ය කරදර වලින් තොරව සැහැල්ලුවෙන් ජීවත් විය හැකි වෙයි. එලෙසින් ජනකවියා අපූර්ව ලෙස ජීවිතයට වටිනා උපදෙස් ලබා දෙන ආකාරය මෙම කවියෙන්ද මනාව නිරූපණය වෙයි.

"අඳුරු කරුවලේ පඳුරට මුවා           වෙලා
  විදුලි එළිය දැක ගිනිහුළ දියේ       හෙලා
  අනුන් ලියන් දැක තම ලියට තල    තලා
  දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා"


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.




ගැමියන් රාත්‍රියේ ගමන් යෑමේදී ආලෝකය සදහා භාවිත කලේ ගිනිහුළ හෙවත් හුළු අත්තයි. ජනකවියා ප්‍රකාශ කරන පරිදි රාත්‍රියේ ගස් අතරින් ගමන් කරන ගැමියා අහසෙහි විදුලි කොටන එළිය දැක එය තමා සතු හුළු අත්තට වඩා නෙත්කළු බැවින් හුළු අත්ත ජලයට දමා නිවා දමයි. විදුලි එළිය ක්ෂනයෙන් නැති වී ගිය පසුව හුළු අත්ත නැවත දල්වා ගත නොහැකිව බොහෝ පසු තැවිලි වෙයි. 

එසේම විවාහක යුවලක් ජීවත් විය යුතු ආකාරය පිළිබඳව උපදෙස් සපයන ජනකවියා ප්‍රකාශ කරනුයේ වෙනත් ස්ත්‍රීන්ගේ අලංකාරයට රැවටී තම භාර්යාවට අවමන් කිරීම හෝ රන්ඩු කිරීම නොකල යුතු බවයි. එසේ කලහොත් තම බිරිද නිවස හැර නොගියත් ඇගේ සෙනෙහස අහිමි වී යනු ඇත. හුදෙක් තමාට අයිති නොවන දේවල් වෙත ඇලුම් කිරීමෙන් තමා සතු දේවල් අහිමි වී යයි. 

ජන වහරේ එන හරි අපූරුව කියමන නම් තමා අමාරුවෙන් නෙලා ගත් පලා ටික දුවන මුවෙක් දැකලා මුව මස් පලා වලට වඩා රසවත් යැයි සිතමින් පලා ටික ඉවතට විසිකර අල්ලාගත නොහැකි මුවා පසු පස දිව යෑමෙන් මුව මසුත් පලාත් යන දෙකම අහිමි වී පසුතැවිල්ලට පැමිණීමට සිදු වෙයි. මේ කතාවද කවියට ඈදා ගනිමින් ජනකවියා මිනිසාට තව දුරටත් ලබා දෙන උපදෙස වනුයේ තමාට නැති දේවල් පසු පස යාමට පෙර මුලින් තමා සතු දේවල් රැක ගත යුතු බවයි.

මෙලෙස ඉහත දැක්වූ උදාහරණ කවි වල පමණක් නොව කවි පංතියේ සෑම කවියකම පාහේ ජනකවියා මිනිසාට නොමද උපදෙස් ලබා දෙයි. එකිනෙකට ගැලපෙන උපදෙස් කිහිපයක් තුළින් මනසට වඩාත් හොදින් එය කාවද්දවයි. 

-Admin- 



Key words 

හානා හීය විචාර

හානා හීය පානා අඩහැරෙන් දැනේ pdf

හානා හීය පානා අඩහැරෙන් දැනේ

හානා හීය පානා අඬහැරෙන් දැනේ

හානා හීය පානා අඬහැරෙන් දැනේ විචාර

හානා හීය පානා අඩහැරෙන් දැනේ කවි වල තේරුම

හානා හීය පානා අඩහැරෙන් දැනේ විචාර pdf

හානා හීය පානා විචාර pdf download 

Hana hiya pana vichara

Hana heeya vicharaya