Skip to main content

සිංහල විචාර 82 - හානා හීය පානා අඬ හැරෙන් දැනේ විචාර ප්‍රශ්ණ 01

හානා හීය පානා අඩහැරෙන් දැනේ විචාරය 01

උදාහරණ ගෙනහැර පාමින් අපූරු ආකාරයට උපදෙස් දෙන්නට ජන කවිය තුළ ඇති වූ හැකියාව හානා හීය පානා අඬහැරෙන් දැනේ පද්‍ය පන්තිය ඇසුරෙන් විමසන්න.


හානා හීය පානා අඬහැරෙන් දැනේ පාඩමට ඇතුලත් කර ඇත්තේ අපූරු ජන කවි කිහිපයකි. ජනකවි යනු ජන සාහිත්‍යයේ ප්‍රධාන අංගයකි. යම්කිසි භාෂාවක් හා බැඳුණු සාහිත්‍යය ඒ ඒ භාෂාවන් භාවිත කරන ජන සමාජයේ ස්වරූපය කියාපායි. වියත් පඬිවරු විසින් ලියන ලද වියත් සම්භාව්‍ය ගණයේ සාහිත්‍යයත්, සාමාන්‍ය ජනයා අතර නිර්මාණය වී වර්ධනය වෙමින් පැවත ආ ජන සාහිත්‍යයකුත් තිබීම ජාතියක් වශයෙන් අපට ආඩම්බර විය යුතු කාරණය කි.

"මඟ අසබඩ කෙතක් රකිනා සිංහල කාන්තාවක් ජාති ජරා, මරණ ආදිය පිළිබඳව සිංහල බසින් ගී කී ගීයක් අසා සඟ සැට නමක් රහත් වූහ."

අනුරපුර යුගයේ ලියැවූ පරමත්ථ ජෝතිකාවේ එන ඉහත පාඨක අදහස අනුව පෙනීයන්නේ අනුරපුර යුගයේ දියුණු ජන සාහිත්‍යයක් තිබී ඇති බවය.

ජන සාහිත්‍යයේ ප්‍රධාන අංගයක් ලෙස ජන කවිය නිර්මාණය වී ඇත. මිනිස් සංතානය තුළ පවතින දුක, සතුට, කාන්සිය වැනි හැඟීම් ප්‍රකාශයට ජන කවිය බෙහෙවින් උදව් උපකාර විය. කලින් කලට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට ජන කවියේ වෙනස් කම් දැකිය හැකිය. ගොයම් කවි, ඔංචිලි කවි, පැල් කවි, පාරු කවි, පතල් කවි ආදී වූ ජන කවි විශේෂ රාශියකි. මෙම ජන කවි තුළ උදාහරණ ගෙන හැර දක්වමින් ජනයාට උපදෙස් ලබා දීමට ජන කවි අපූර්ව ලෙස සමත් වී ඇති බව හානා හීය පානා අඬහැරෙන් දැනේ පාඩම ඇසුරෙන් විමසා බලමු.

"ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ  කපනු
 බොරැල්ලේ තරම දැනගෙන උඩ    පනිනු
 කඩුල්ලේ තරම දැනගෙන කඳ        බඳිනු
 තමුන්ගේ තරම දැනගෙන කල්       හරිනු"

ලිදක් කපන විට පහත් ස්ථානයකින් කැපීම වෙනුවට ගොඩැල්ලක් සහිත හෙවත් උස් බිම් කඩක් කපන විට ඉතා අපහසු වන අතර වැඩි ආයාසයකින් කාර්යය කළ යුතුය. ගල්, බොරලු සහිත රළු ස්ථානයක උඩ පැන්නොත් බිමට වැටීමේ දී දෙපා වලට දැඩි වේදනාවක් ඇති වනු ඇත. කඩුල්ලේ විශාලත්වය දැන කඳ බැඳිය යුතුය. නොඑසේනම් කඩුල්ල හරහා කඳ රැගෙන යෑමට නොහැකි වනු ඇත. මේ ආකාරයට උපමා ගෙන දෙන උපදේශය නම් තමාගේ තරම දැනගෙන ජීවිතය ගෙවිය යුතුය යන්නයි. මෙයින් පෙනීයන්නේ වේදිකාවක් මත රඟ දක්වන නාට්‍යයක් මෙන් ගෙවී යන අප සැමගේ ජීවිතයට උදාහරණ සහිතව උපදෙස් ලබාදෙන ආකාරයයි.

"ගසට කෙටුම ගස මුල පෑයුමෙන්    දැනේ
 මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ
 අමුතු බත් දීම අත ඇල්ලුමෙන්         දැනේ
 හානා හීය පානා අඬ හැරෙන්           දැනේ"

හානා හීය පානා අඬහැරෙන් දැනේ පාඩම තුල ඇතුලත් කර ඇති මෙම ජන කවියෙන් ද වටිනා උපදෙස් ලබා දී ඇත. ගසක් කැපීමට පෙර ගසේ මුල හෙවත් ගස අවට සුද්ද පවිත්‍ර කළ යුතුය. එයින් ගස කැපීමට සූදානම් බව පෙනේ. මෙයින් කිසියම් වැඩක් කිරීමට පෙර ඒ වැඩට ඇති උනන්දුව පෙර සූදානම ගැන කියැවේ. මිනිහා නොමිනි හා යන බව කඩිසර කමින් දැනෙන අතර අමුතු බත් දීම නොහොත් නිවසකට ගිය පසු කෑමට ආරාධනා කරන ආකාරයෙන් ආරාධනා කරන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද යන වග දැන ගත හැකිය. සී සාන විට දී ගවයා දිරිමත් කිරීමට නගන ශබ්දය හෙවත් අඬහැරය තුළින් එම ගොවියා පල පුරුදු ද, නැතිද යන වග දැනෙයි. මෙම ආකාරයේ උදාහරණ සහිතව උපදෙස් ලබා දීම ජන කවියාගේ අගය කල යුතු ම හැකියාවකි.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.



"ඇස නැති දා පොත ගත්තේ කියන්ට      ද 
 දත නැති දා උක්දඬු ගිනි තපින්ට             ද 
 වෙර නැති දා ගහ ගත්තේ දිනන්ට           ද 
 යුධ ඇති දා නැති කඟ කොස් කොටන්ට ද"

මෙම පද්‍ය පන්තිය තුළින් ද උදාහරණ සහිත උපදේශ ලබා දෙන අයුරු පැහැදිලිය. ඇස් නොපෙනෙන දාට පොත් කියවීමට නොහැකිය. දත් නැති විට උක් දඩු කුමක්‌ කිරීමටද? වෙර වීරිය නැති දා ගහ ගැනීමෙන් ඵලක් නැති අතර දිනන්නටද බැරිය. යුධ දිනයේදී නැති කඩුව පසුව පලක් නොමැත. මෙයින් අදහස් වන්නේ තම ජීවිතයේ තරුණ කාලය වෙර යොදා දිවියට පළක් ඇති දෙයක් කරගත යුතු බවය. එසේ නොකළහොත් මහලු වූ පසු බොහෝ දුෂ්කරතාවලට පත්වී පසු තැවිලි ජීවිතයක් ගත කිරීමට සිදු වනු ඇත.

"රන් විමනයේ සිටි මුත් දුක නැති  වෙද් ද
 පැණි මීයේ කෑමුත් බඩගිනි            නැද් ද
 මිණි බරණින් සැදු මුත් ගත    නොදිරද් ද
 පැණි වරකා ගසටත් හෙන     නොවදිද් ද"

රත්‍රන් මාලිගාවක සිටියත් ශෝකය දුක එක ලෙස හට ගනී. මී පැණි කෑවත් බඩගිනි සෑදීම නතර නොවේ. රත්‍රන්, මිණි, මුතු වලින් තම ගත දවටාගෙන අලංකාර කරගෙන සිටින මුත් ඒ අලංකාර ගත කෙදික හෝ මහ පොළෝ තලය තුළ දිරා යන්නේය. පැණි වරකා කාගේත් රසදිව පිනවන්නා වූ කාත් කවුරුත් කැමති අතිශය රසවත් පලතුරකි. වර්ෂා කාලයේදී ගහන අකුණු මෙතරම් රසවත් ඵල හටගන්නා සියල්ලෝම කැමති පැණි වරකා ගසටත් එක ලෙස බලපායි. එසේ නම්, කොතරම් ලස්සන වූවද, පොහොසත් වුවද, රසවත් වුවද දුක සැප කරදර සියලූම ජන ප්‍රජාවට එකසේ හිමිවන අතර කෙදිනක හෝ අප සැම මියගොස් මිහිකතට දිරා පස් වනු ඇත.

හානා හීය පානා අඬහැරෙන් දැනේ පාඩම තුල හමු වන මෙවැනි කවි වලින් ජනකවියා ජනයා හට උදාහරණ සපයමින් උපදෙස් ලබා දෙන ආකාරය හොඳින්ම පෙනී යයි. දුක සැප මරණය සියල්ලන්ටම උරුමය. ඒවා අප පිටුපස හඹා එන අපගේම සෙවනැල්ල බඳුය. වෙර වීරිය ඇති තරුණ කාලයේ නිසි අධ්‍යාපනයක් ලැබ හොඳ රැකියාවක් නොකලහොත් මහළු දිවිය ඉතා කටුක වනු නිසැකය. හානා හීය පානා අඬහැරෙන් දැනේ පාඩම තුල හමු වන්නේ මෙවැනි ජන කවි කීපයක් පමණි. තවත් බොහෝ උපදෙස් දෙන ජන කවි ජනයා අතර ඇත. දිවිපෙවෙත සරු කර ගැනීමට හා සාර්ථක කර ගැනීමට ජන කවියා උදාහරණ සපයමින් උපදෙස් ලබා දෙන ආකාරය අගනේය. 





Key words 

හානා හීය විචාර

හානා හීය පානා අඩහැරෙන් දැනේ pdf

හානා හීය පානා අඩහැරෙන් දැනේ

හානා හීය පානා අඬහැරෙන් දැනේ

හානා හීය පානා අඩහැරෙන් දැනේ විචාර pdf

හානා හීය පානා විචාර

හානා හීය පානා අඬහැරෙන් දැනේ විචාර

සිංහල විචාර 10 වසර හානා හීය පානා අඩහැරෙන් දැනේ

හානා හීය පානා විචාර pdf

හානා හීය පානා අඬහැරෙන් දැනේ විචාරය

හානා හීය පානා අඩහැරෙන් දැනේ කවි

අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ

අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විචාර ලිවීම



Comments