සිංහ බාහු නාට්‍යයේ එන සිංහ සීවලී චරිතය ඉදිරිපත් කොට ඇත්තේ සාම්ප්‍රදායික පවුලක ගැහැණු දරුවකුගේ ආකල්ප හා සිතුම් පැතුම් වලට අනුරූප වන අයුරිනි උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.
පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් සෑහිමට පත් වී නොසිට දේශීය සංස්කෘතික අංගයන් පිළිබඳව ගම් දනව් සැරිසරා සිදු කල අධ්‍යනයන්ගේ ආභාෂය සහිතව එදිරිවීර සරත්චන්ද්‍රයන් බිහිකල ඒ අද්විතීය නිර්මාණය "සිංහ බාහු" නම් නාට්‍යය අදටත් පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපන සංදර්භයන් තුළ අන්තර්ගතව පවතිනුයේ ඒ තුල අපේ කම මනාව මිශ්‍ර වී තිබීම නිසා බව සිතිය හැකිය.
නාට්‍යයේ ප්‍රධාන චරිත වන සිංහයා, සුප්පා දේවිය, සිංහ බාහු සහ විශේෂයෙන් සිංහ සීවලීගේ චරිත සැලකීමේදී දේශීය සාම්ප්‍රදායික පවුලක භූමිකා ඒ ඒ චරිත තුලින් නිරූපණය වෙයි.
සාම්ප්‍රදායික පවුලක දියණියගේ චරිතය සරත්චන්ද්‍රයන් සිංහ සීවලී චරිතය තුළ නිරූපණය කරන ආකාරය අපි මෙහිදී උදාහරණ සහිතව විමසා බලමු.
තම මව සුප්පා දේවිය රාජ කුමාරිකාවක් බව දැනගත් සිංහ සීවලී ප්‍රකාශ කරන අදහස් නම්,
රන් මිණි බරණා
සිනිදු වස්ත්‍ර හැඳලා රන්
මිරිවැඩි සගළා
පින් පිඬ වැනි මා මෑණිය
කියනු නොවළහා
ඇයි ද වල්කලා පොරවා
ලෙන තුළ ඉන්නේ"
මෙහිදී ඇයට මුලින්ම සිහියට එන්නේ රන් ආභරණ, ඇදුම් පැළදුම්, හා පාවහන් ආදීය යි. මෙතැනින්ම අපගේ සාම්ප්‍රදායික දියණි වරුන්ගේ අභිරුචිය හගවාලන බව මනාව දිස්වෙයි. සෑම දියණියක්ම ලස්සනට ඇඳ පැළඳ සිටීමට ආශා කරන අතර ඒ හා සම්බන්ධ ආභරණ ආදීය සාම්ප්‍රදායික දියණි වරුන්ගේ ප්‍රධාන පැතුම් වෙයි. එසේම මෙහිදී සිනිදු වස්ත්‍ර යන විශේෂනයෙන් ඈ ගේ අදහස් තුළ ඇති මෘදු මොලොක් ගතිය පෙන්නුම් කරයි.
දේශීය සාම්ප්‍රදායික පවුල තුළ දියණියන් වැඩි පුර පියාට ආදරය දක්වන බවත්, පුතුන් මවට ආදරය දක්වන බවත් පොදු මතයක් පවතී. ඒ බව පසක් කරන එදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහ සීවලී තම පියාට දක්වන සෙනෙහස මෙලෙස නාට්‍යයට ගෙනෙයි.
යන්නේ අප කෙලෙස දෝ
වලට ගොස් විඩා වී
පැමිණි විට නැත කෙනෙක්
අහර පිස දෙන්නටා
හුදකලා මේ ලෙනේ
ඉන්නෙ ඔහු කෙලෙස දෝ
නැද්ද වෙත පියාණන්
ආදරේ ඔබ හදේ"
නිවසක තාත්තා තම රැකියාව නිම වී වෙහෙස වී පැමිණෙන විට දියණිය විසින් පළමුව තේ කෝප්පයක් සාදා දී සංග්‍රහ කරයි. පසුව තම මව සමග හෝ ඇතැම්විට තනිවම ආහාර ආදිය සකස් කර දෙයි. මෙලෙස පියාණන්ට සැලකිලි දැක්‌වීම සාම්ප්‍රදායික දියණිවරුන්ගේ ලක්ෂණය යි. ඈ තුළ තම පියාණන්ට ඒ අයුරින් සැලකිය යුතුය යන ආකල්පය පවතින අතර ඉහත උදාහරණය තුළ දැක්වෙන ආකාරයට එම ආකල්පය සිංහ සිවලීගේ චරිතය තුළ ඇති බව සත්‍ය කරයි.
ඇතේ තර කර වසා
දොර ලෙනේ මහ ගලින
පියතුමගෙ රුදු තුමුල
බාහු යුවලින්ම මිස
බැරිය සොලවන්ට එය
යන්ට නො සිතන්න මා
සොහොයුරනි පෙම්බරා "
සෑම දියණියකගේම වීරයා තම පියා ය. සිංහ සීවලී හටද තමාගේ වීරයා පියාණන් වන සිංහයා බව ඉහත උදාහරණයෙන් කියැවෙයි. සිංහ බාහු ලෙන අතහැර යෑමට තැත් කිරීමේ දී සිංහ සීවලී පවසන්නේ ගල් දොර හැරිය හැකි එකම වීරයා තම පියාණන් බවයි. එලෙස පියාණන් කෙරෙහි දක්වන විශ්වාසයෙන් ද සාම්ප්‍රදායික දියණියකගේ ආකල්ප සිංහ සීවලීගේ චරිතය තුළින් නිරූපණය බව බව උදාහරණ දක්වයි. එසේම මෙහිදී තම සොහොයුරාහට ගල්ලෙන හැර නොයන ලෙස පවසමින් ඇය උපදෙස් දෙයි. සිංහ බාහුව රැක ගැනීමට ආයාස දරයි. සාම්ප්‍රදායික පවුලක දියණියකගේ භූමිකාව ද මෙලෙසමයි. තම සොහොයුරා බාල වූවද වැඩි මහලු වූවද ඔහු හට උපදෙස් දීමට මැලි නොවන සොහොයුරිය සෑම විටම තම සොහොයුරා වරදින් මුදවීමට උත්සාහ දරයි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
මෙලෙසින් ඉහත දක්වන ලද සියළු උදාහරණ අනුවද සිංහ සීවලීගේ චරිතය සාම්ප්‍රදායික පවුලක දියණියකගේ ආකල්ප හා සිතුම් පැතුම් වලට අනුරූප ලෙස නිර්මාණය කර ඇති බව පැහැදිලිය.
-Admin-
ලෙන අතහැර යෑම (සිංහබාහු නාට්‍ය) සාහිත්‍යය විචාරය 01
අලුතෙන් දාන විචාර ගැන දැනගැනීමට සහ විචාර ලිවීමට අදාල තොරතුරු ලබාගැනීමට අපගේ Facebook පිටුව Like කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න.
Sinhabahu natya lena athahera yema
Lena hera yema vichara pdf
ලෙන අතහැර යෑම විචාර උදාහරණ
ආදර්ශ විචාර ලෙන අතහැර යෑම සිංහ බාහු
ලෙන අතහැර යෑම විචාර ලිවීම