Skip to main content

සිංහල විචාර 80 - ගුත්තිල වෙණ නද විචාර 03 Guththila kawya

ගුත්තිල වෙණ නද විචාර (සරල බස් වහර හා වියත් වහර)

02). ගුත්තිල ජාතක කතාව කාව්‍යයට නැගීමේදී වර්තමාන සරල වහරද කාව්‍යමය වියත් වහර ද මනාව ගළපා ගන්නට කවියා සමත් වී ඇති බව ගුත්තිල වෙණ නද පාඩමේ උදාහරණ ඇසුරින් පැහැදිලි කරන්න.

ගුත්තිල ජාතකය නිර්මාණය කිරීමේදී කවියා විසින් විවිධ උපක්‍රම කාව්‍ය අලංකරණයට යොදාගෙන ඇත. එහිදී විරිත් භාවිතය, උපමා, උපමේය භාවිතය වගේම බස් වහර භාවිතය වඩා සුවිශේෂීය. එහෙයින් කවියා විවිධ බස් වහර භාවිතා කර ඇත. සරල බස් වහර, කාව්‍යමය වියත් වහර යන බස්ව වහරයන් ගුත්තිල කාව්‍ය තුළ භාවිතා කර ඇති අයුරු විමසා බලමු 

නො දැන ම තමා            බල 
සබයට අවුත් නො     පැකිළ
වැඳ රද පද                   කමල 
දෙසෙක මූසිලයා ද උන් කල

මෙම කවිය සඳහා වර්තමාන සරල බස් වහරක් භාවිතා කර ඇත . මෙහි අර්ථය ලෙස මූසිලයන් විසින් පැකිලීමකින් තොරව සභාවට පැමිණියේ තමාගේ බලය හෙවත් තමාගේ තත්ත්වය පවා නොදැනය. තමන්ගේ තරම දන්නේ නම් තමාට තරගයේ ජය ලැබීමට නොහැකි බව ඔවුන් දන්නේය. එසේ දන්නේ නම් කිසිදු කලක මෙවැනි තරගයට තම ගුරුවරයා සමඟ තරග කිරීමට පැමිණෙන්නේ නැත. මෙහි වර්තමාන සරල බස් වහරක් භාවිත වීම නිසා කතාව තේරුම් ගැනීමට පාඨකයාට ඉතා පහසුය.

නවතා                      ගිගිරියේ
අසන ලෙස සිත්          පිරියේ 
කැර කන්                 බිහිරියේ 
කරත වෙණ ගායනා සරියේ 

වර්තමාන සරල බසකින් නිර්මාණය කොට ඇති මෙහි තේරුම ඉතා සරලය. වීණා වාදනය පටන් ගත් විටම මිනිසුන් අතර වූ ඝෝෂාව නැවතුනු අතර අන් කිසිදු හඬකටත් වඩා උස් ලෙස වීණා නදේ හඬ නික්මිණි. මිනිසුන් මෙය චිත්ත ප්‍රීතියෙන් යුක්තව අසා සිටියේය. මෙහි අග එළිවැටින් අවසන් වී ඇත. මෙහි යොදා ඇති සරල බස නිසා කතාව අසාගෙන සිටින්නා හට ප්‍රිය මනාපයක් උපදවයි.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.




පියසන් නො ව බිඟු දැල් රැඳි කොපුලී 
අවසන් නො ව වෙණ නදට ම   කුහුලී 
මද සන් සුන් පියොවින් සිටි   නොසැලී 
ගජ සෙන් සිතියම් ගජ සිරි      කියෙලී

කාව්‍යමය වියත් වහරින් නිම වු මෙහි අර්ථ රසය, ශබ්ද රසය, මෙන්ම බහු අර්ථ පද ද ඇතුළත් වී ඇත. පියාපත් නොසළා මී මැස්සන් සමූහය නිදහසේ අහස් කුස වසාගෙන සිටිති. ඊට පහළින් ඇතුන් රැළ ද තම කන් නොසොල්වා සිතියමකට සිතුවම් ඇඳ ඇති ආකාරයට නොසෙලී සිටිති. මෙහි කාව්‍යමය වියත් වහර නිසා මෙම කවියේ අර්ථය තිව්‍ර වී ඇත. 

පන් සිළු වීණා නද පසු              බැස්වූ 
මන පිනවන වෙණ නදයෙන් තොස්වූ 
නන් දන කැන් දුටුව ද බිය          සිස්වූ
මින් රළවුත් ගං වෙරළට           රැස්වූ

ශක්‍රයාගේ වීණා වාදකයා වූ පංචශිකයන්ගේ වාදනයටත් වඩා රසවත් වුනු මේ ගුත්තිල ගාණ්ධර්වයන්ගේ වීණා නාදය සිත් සතුටට පත් කරති. නොයෙකුත් ජන සමූහයා දැකත් පෙර දිනයන්හි ජලය තුළ සැඟව යන මත්ස්‍ය රංචු මෙදින වීණා නාදය රිසි ලෙස ඇසීම පිණිස මත්ස්‍ය කැල ජන සමූහයා සිටියදීම කිසිදු බියකින් සැකයකින් තොරව ගං වෙරළට රැස්වූහ. මෙහි සඳහන් කාව්‍යමය වියත් වහර නිසා මෙම කවියේ ශබ්ද රසය මෙන්ම අර්ථ රසය හොඳින් ගැබ් වී ඇත.

මෙනයින් බලන කල ගුත්තිල කාව්‍යයේ කවියා යෙදූ බස නිසා කාව්‍ය සංග්‍රහය වඩා රසවත් වූ බව පෙනේ. පාඨකයා හට ද , අසන්නා හටද මෙයින් මහත් වූ ප්‍රබෝධයක් ඇතිවන බව නොඅනුමානය.



Key words 

ගුත්තිල වෙන නද විචාර 
ගුත්තිල වෙණ නද 10 ශ්‍රේණිය 
ගුත්තිල වෙණ නද විචාර සාමාන්‍ය පෙළ
ගුත්තිල වෙණ නද විචාරය pdf download 
ගුත්තිල වෙණ නද ජන වහර සහ වියත් වහර 
සරල බස් වහර හා වියත් කාව්‍යමය භාෂාව
ගුත්තිල කාව්‍ය විචාර 
ගුත්තිල කාව්‍ය විචාර pdf download 
ගුත්තිල කාව්‍ය සාමාන්‍ය පෙළ විචාර 
1
2