Skip to main content

Posts

ජීවක කතා වස්තුව විචාරය-03

බණකතාකරුවාගේ සුවිශේෂී ලක්ෂණ පිළිබඳව පූජාවලියේ හමුවන ජීවක වෛද්‍ය වරයාගේ කතාව ඇසුරින් විමසන්න. භාරතය හා බුද්ධ කාලීන සමාජ තොරතුරු කැටිකොට ගත් පූජාවලිය ග්‍රන්ථය ලංකා ඉතිහාසය පිළිබඳව ද සුවිසල් තොරතුරු රැගත් ඓතිහාසික බෞද්ධ ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකිය. මහාවංශයේ පවා හමු නොවන ඇතැම් ඉතිහාස ගත තොරතුරු අන්තර්ගත බුද්ධපුත්‍ර හිමියන්ගේ මේ සුවිශේෂී ග්‍රන්ථය බණ කතා පොතක් වශයෙන්ද බෞද්ධයා හට ඉමහත් වැදගත්කමක් ඇති පුස්ථකයක් බව එහි අන්තර්ගත කතා වස්තු පරිශීලනයේ දී මනාව අවබෝධ වේ.  පොලොන්නරුව යුගයේ දී ලියැවුණු අමාවතුර, බුත්සරණ වැනි බුදු ගුණ සාහිත්‍යයේ දිගුවක් ලෙස ද දඹදෙණි සාහිත්‍ය යුගයේ ලියැවුණු මේ පූජාවලිය හැදින්විය හැකි වනුයේ තථාගත සාම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ අරහං බුදු ගුණය විදහා දක්වමින් එය රචනා වී ඇති නිසාවෙනි.  ප්‍රධාන ලෙසම බණ කතා ග්‍රන්ථයක් වශයෙන් වැදගත් වන මේ පූජාවලිය ග්‍රන්ථයේ එන ජීවක කතා වස්තුව අධ්‍යයනයේදී පෙනී යන බණකතාකරුවාගේ සුවිශේෂී කතා ලක්ෂණ කෙරෙහි මෙසේ අවධානය යොමු කර බලමු. පූජාවලියේ රචකයා වන මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමියන්ට පමණක් නොව පූජාවලිය ග්‍රන්ථය රචනා කරන සමයේ දඹදෙණිය...

ජීවක කතා වස්තුව විචාරය-02

උගත් ශිල්පය ආත්ම අභිමානය හා ජීවිතය ඔසවා තබනා ආකාරය ජීවක වෛද්‍ය වරයාගේ ජීවිත කතාව ඇසුරින් විමසන්න. "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" යන මසුරන් ප්‍රසිද්ධ කියමන දැන දැනත් අධ්‍යාපනයේ වැදගත්කම අවබෝධ කර නොගන්නා දරුවන් කොතෙක් නම් සමාජයේ සිටී ද?. අද මෙන්ම එදත් සමාජයේ පැවති මේ පරිහානිය සමනය කිරීමට පූජාවලිය රචනා කිරීමේ දී බුද්ධ පුත්‍ර හිමියන් උත්සාහ දරා ඇති බව ජීවක කතා වස්තුව තුළින් අපට මනාව පිලිබිඹු වෙයි.  "මාගේ කිසි නෑසිය කෙනෙකුත් නැත. මතු මට හිමිවන කුල සැපතෙකු දු නැත. එසේ හෙයින් මා විසින් ශිල්පයක් හදාරා ගත මැනව. ශිල්ප බලයෙන් බොහෝ දෙනා නෑ කොට ගෙන ධනය උපදවා ගත මැනැව" ජීවක රජ මැදුරක හැදුනා වැඩුනා වූවත් රජ සම්පත් ඔහුට උරුම නැත. සාලවතී ගණිකාවට උපන් ජීවකගේ සැබෑ පියා අභය රාජ කුමාරයා වූවත් ඒ බව අභය රාජ කුමාරයා පවා දැන සිටියේ නැත. අභය රාජ කුමාරයා කුණු ගොඩින් අහුලා ගෙන ඇති දැඩි කල ජීවක, වයසින් මෝරත්ම තමාගේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට තරම් බුද්ධිමත් වීම භාග්‍යය කි.  තමා රජ මැදුරක සිටියත් තමාට ඒවා හිමි නැති බව ජීවක වටහා ගැනීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බව කිව යුතුය. තමාට ජීවිතය ...

ජීවක කතා වස්තුව විචාරය-01

පූජාවලියේ එන ජීවක කතා වස්තුව තුළින් අපේ ජීවිත වලට සපයන ආදර්ශ හා ජීවිතාවබෝධය පිළිබඳව විචාරය කරන්න. තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නවඅරහාදී බුදු ගුණ අතුරින් අරහං බුදු ගුණය සිහි කරමින් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආමිස සහ ප්‍රතිපත්ති පූජා පිළිබඳව සහෘදයාට අවබෝධ කරවීම පිණිස දඹදෙණි යුගයේ වැඩ වාසය කල මහා යතිවරයාණෝ, මයුර පාද පරිවෙනාධිපති බුද්ධ පුත්‍ර හිමියෝ විසින් "පූජාවලිය" නම් ඒ මා හැඟි ධර්ම පුස්තකය ලෝ සත වෙත නිබන්ධනය කලහ.  බුද්ධ පුත්‍ර හිමියන් වෛද්‍ය වරයෙකු ලෙසද සඳහන් වේ. කායික මානසික රෝග සඳහා වෙදකම් කරමින් සිටින අතර තුර දී පූජාවලිය රචනා වීම සිදුවන අතර වෙදකම හා සම්බන්ධ වන ජීවක කතා වස්තුව ද පූජාවලිය තුළ අන්තර්ගත වීම ද සුවිශේෂී වේ. පූජාවලියට අමතරව යෝගාර්නවය හා ප්‍රයෝග රත්නාවලිය යන ග්‍රන්ථ ද බුද්ධ පුත්‍ර හිමියන් අතින් රචනා වීම නිසා උන්වහන්සේ වෙදකම් දැන සිටි බව තහවුරු වේ. කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත ද්විතීයික පරාක්‍රමබාහු රජතුමාගේ අමාත්‍ය වරයෙකු වූ දේව පතිරාජ විසින් බෝධි සත්ව පාරමිතාවෙන් යෙදුනා වූ බනක් වදාරන්න යැයි කල ඉල්ලීම පූජාවලිය රචනය සඳහා හේතු විය. දෙවන පරාක්‍රම බාහු රජතුම...

සිංහල විචාර 99 - බැද්දේගම නවකතාව විචාරය 05

බැද්දේගම ග්‍රාමයේ ජීවත් වූ අහිංසක ගම්වැසියන් නිලධාරීවාදයෙන් පීඩනයට පත් වූ අයුරු බැද්දේගම නවකතාවේ නිදසුන් තුනක් ඇසුරෙන් පැහැදිලි කරන්න. බැද්දේගම නවකතාව මුලින්ම ලියූ නවකතාකරු ලෙස ලෙනාඩ් වුල්ෆ් මහතා හැඳින්විය හැකිය. එහිදී ලෙනාඩ් වුල්ෆ් එම නවකතාවට දුන් නාමය වූයේ "ද විලේජ් ඉන් ද ජන්ගල්" යන්නයි. බැද්දේගම නමැති නවකතාව රචනයේදී මුල් කෘතියේ කතාව අල්ප මාත්‍රයකින් හෝ අඩු වැඩි නොකොට ඒ. පී ගුණරත්නයන් විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී. නවකතාව රසවිදීමේ දී පැහැදිලි වන්නේ මෙම නවකතාව රචනා කිරීම සඳහා ලෙනාඩ් වුල්ෆ් මහතා පාදක කර ඇත්තේ නියගයට හසුවී ඇති වසරේ වැඩිම කාලයක් අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන හම්බන්තොට දිස්ත්‍රික්කය බවයි. සැබවින්ම මෙම ප්‍රදේශය ශුෂ්ක ලදු කැලෑ ද කටුපඳුරු වලින් මිනිසාට පීඩා ගෙන දෙන මිනිසුන් අනේකවිද දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන ගමක් ලෙස හැඳින්විය හැකිය.  සැබවින්ම බැද්දේගම අහිංසක ජනයා මෙම ගම්මානයේ ජීවත් වීමේදී නිලධාරීවාදයෙන් පීඩාවට පත්වූහ. නිලධාරි වාදය යනු ගමේ නායකයාට යටත් වී ඔවුන්ට අවශ්‍ය පරිදි වැඩ කිරීමට ගැමියන්ට සිද්ධ වීමයි. ගම්වාසීන් දුප්පත්කමින් පමණක් නොව පාලකයාගෙන්ද වි...

සිංහල විචාර 98 - සද්ධර්මාලංකාරය විචාරය 03 | Saddharmalankaraya

සද්ධර්මාලංකාරයෙහි සුවිශේෂීත්වය වන්නේ සමාජයේ විවිධ ස්තරවල මිනිසුන්ගේ දුර්වලතා උපහාසයට ලක් කිරීමයි. නියමිත කතා වස්තු දෙක ආශ්‍රයෙන් විමසන්න. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයට අලංකාරයක් ලෙස ලියන ලද ග්‍රන්ථය එහි කතුවරයා වූ ගම්පොළ සමයේ ජීවත්ව සිටි දෙවැනි ධර්ම කීර්ති ස්වාමිපාදයන් විසින් ම නම් තබන ලද්දේ සද්ධර්මාලංකාරය ලෙසිනි. ග්‍රන්ථය ලියන ලද කාලය සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ගම්පොළ යුගයයි. ගම්පොල යුගයේ මේ බණ පොත ලියූ කතුවරයා ගම්පල දෙවැනි ධර්ම කීර්ති ස්වාමීන් වහන්සේය. දඹදෙණි යුගයේ වේදේහ අනෝමදස්සි හිමියන් විසින් රචිත පාලි රසවාහිනිය නමැති ග්‍රන්ථය මූලාශ්‍ර කොටගෙන සද්ධර්මාලංකාරය නිර්මාණය කරන්නට විය. ඒ අනුව සද්ධර්මාලංකාරය රසවාහිණිය නමැති ග්‍රන්ථයේ සාර්ථක පරිවර්තනයකි. මෙලෙස නිර්මාණය කරන ලද සද්ධර්මාලංකාරයෙහි අපට නියමිත කතාවස්තු දෙක වන ස්වර්ණතිලකා කතා වස්තුව හා නන්දි වාණිජ කතා වස්තුව සාර්ථක නිර්මාණ දෙකකි. එහි සුවිශේෂීත්වය වන්නේ සමාජයේ විවිධ ස්තරවල මිනිසුන්ගේ දුබලතා උපහාසයට ලක් කිරීමයි. එම සුවිශේෂීත්වය තුළ කතු හිමි කොතෙක් දුරට සාර්ථක දැයි නිදසුන් ඇසුරින් විමසා බලමු. වර්තමානයට වඩා අතීතයේදී ප...

භාෂාව හා සාහිත්‍යයේ ඇති වැදගත්කම රචනාව

කාර්යය බහුල ජීවන සමාජය තුල භාෂාව හා සාහිත්‍ය අධ්‍යයනය කිරීම නිශ්ඵල යැයි සිතමින් පවතී.  මේ පිළිබඳව අවධානය යොමුකර වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න. භාෂාව සහ සාහිත්‍යයේ ඇති වැදගත්කම මිනිසාගේ සොයා ගැනීම් අතර ප්‍රධානතම උපකරනය වනුයේ භාෂාව බව පැවසීම නිවැරදිය. භාෂාව වූ කලී ප්‍රධාන සංනිවේදන උපකරණය බව ඕනෑම කෙනෙක් දනී. නමුත් බොහෝ දෙනෙකුගේ අවධානය නොගිය වැදගත්ම කාරණාව නම් භාෂාව මිනිසාගේ සිතීමේ උපකරණයද වන බවයි.  අකුරු, වචන, ව්‍යාකරණ භාෂාව තුල වැදගත් වන්නා සේම භාෂාවක් රසවත් වනුයේ එම භාෂාව හා බැදි එම භාෂාවෙන් නිර්මිත සාහිත්‍ය නිර්මාණ තුළිනි. සාහිත්‍ය නිර්මාණ රස වින්දනය තුළ භාෂාව අධ්‍යයනය පහසු වන්නා සේම එම සාහිත්‍ය නිර්මාණ විචාරීම තුළින් භාෂා ඥාන පරාසය පුළුල් වනු ඇත. එසේම නවමු වූ සාහිත්‍ය නිර්මාණ බිහි කල හැකි වනු ඇත. තවද එය සංනිවේදන කටයුතු වලට මහගු උපකාරී වන සේම සිතීමේ හැකියා පරාසය පුළුල් වනු ඇත.  එසේ බලන කල භාෂාව හා සාහිත්‍ය විෂයට හිමි විය යුත්තේ සුවිශේෂී ස්ථානයකි. ඕනැම පුද්ගලයෙකුට තම දෙමාපියන්ගෙන් උරුම වූ මව් භාෂාවක් පවතී. එම පුද්ගලයා අනෙකුත් සෑම විෂයයක්ම එම භාෂාව උපකාරීකොටගෙන අධ්‍යයයනය ...

බුදු දහම හා ජන සමාජය රචනාව

බුදු දහම හා ජන සමාජය මිනිසා උපතේ සිට මියයන තෙක්ම විවිධ වූ ජන සමාජයන්ට එක් වී ජීවත් වෙයි. උපත ලැබීමත් සමග ඒ බිළිදා පවුල නම් සමාජයේ සාමාජිකත්වය ලබයි. කල් යත්ම දරුවා වැඩීමත් සමග පාසල් සමාජයට ඇතුළත් වන අතර පන්සල, දහම් පාසල ආදී වූ විවිධ ජන සමාජ හා එක්ව ක්‍රියා කිරීම ජීවත් වීම සිදු වේ.  බුදු දහමින් පෝෂණය වූ ජන සමාජයක අප ජීවත් වේ. අදේව වාදී ආගමක් නිර්මාණය කල ගෞතම බුදු රදුන් ජන සමාජයේ යහ පැවැත්ම උදෙසා බොහෝ දේශනා සහ මග පෙන්වීම් සිදු කර දී තිබීම වාසනාවකි. බොහෝ දෙනෙකු අතර පවතින වැරදි මතයක් වනුයේ බුදු සමය හුදෙක් ලෝකෝත්තර නිවන් සැපත වෙනුවෙන් වූ, ලෞකික ජීවිතය ප්‍රතික්ෂේප කල ආගමක් බවයි. සත්‍ය නම් ලෝකෝත්තර සැපත වෙනුවෙන් පිය නගන ගමනේ මූලික අඩිතාලම සාර්ථක ලෞකික ජීවිතයක් මතින් ඇති කර ගැනීමට බුදු සමය තුල නිවැරදි මග පෙන්වීම් ඇති බවයි. බුදු දහමට අනුව සංඝ සමාජය හා ගිහි සමාජය යනුවෙන් සමාජය ප්‍රධාන කොටස් දෙකකින් නිරූපණය කරන අතර භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා යනුවෙන්ද බෞද්ධ ජන සමාජය නිරූපණය කරයි. උපාසක, උපාසිකාවන් ලෞකික ජීවිතයක් ගත කරන අතර ඔවුන්ගේ ලෞකික ජීවිතය සැපවත් හා සාර්ථක කරනු වස් බෞද්ධ ඉගැ...

සිංහල රචනා 55 - ගුරුවරුන්ට ගරු කරමු රචනාව

ගුරුවරුන්ට ගරු කිරීමට සිත් ඇති වන අන්දමින් වචන 250 කට නොඅඩු රචනාවක් ගොඩ නගන්න. ගුරුවරුන්ට ගරු කරමු "සෑම දරුවෙකුම ඔප කල යුතු මැණිකකි" මැයෙන්, තම රාජකාරි වෘත්තිය, ජීවන වෘත්තීයට මායිම් නොකොට තම ජීවිතයම දරුවන්ගේ දෑස් පෑදවීමෙහිලා කැප කරන උත්තම ගුරුවරයා ගරුත්වය ලැබීමට සුදුසුම වෙයි. මිනිසාට තම ජීවිත කාලය තුළ විවිධ වූ කාලයන් තුල විවිධ වූ ගුරුවරුන් හමුවේ. එහෙත් මෙහිදී මූලිකවම අපට ගුරුවරයා කියූ සැනින් මතකයට නැගෙන අපගේ පාසල් ගුරුවරුන් පිළිබඳව ප්‍රධාන ලෙස අවධානය යොමු කිරීම වටියි.  පාසල් ගුරුවරුන් අපගේ ජීවිතයේ අද්විතීය පුද්ගලයන් වීමට ප්‍රධාන හේතුව නම් අපගේ ජීවන වෘත්තීය තීරණය වීමට මූලික අඩිතාලම ඔවුන් හරහා අපට ලැබීම බව සිතිය හැකිය. පාසල් ගුරුවර ගුරුවරියන් හට හමුවන දරුවන් මෘදුකාංග නොදැමූ පරිඝණක වැනිය.  පරිඝණකයට වෛරස, මැල්වෙයා වලින් තොරව දත්ත පරිස්සමට ඇතුළත් කලහොත් ඉන් නිසි ඵල ප්‍රයෝජන ලබා ගත හැකි සේම, ළමා මනසට අධ්‍යාපනය ලබා දීමේ දී හරි පරිස්සමට ඒ කර්තව්‍ය ඉටු කලහොත් සමාජයට ඵලදායි, රටට වැඩදායී මිනිසෙකු නිර්මාණය කල හැකිය.  පාඩම් පොතෙහි අන්තර්ගතය කලු ලෑල්ලට ගෙන ඒමට පමණක් සීමා නොවී, කාල පරිච...

ලක් මවුනි මගේ පද්‍ය රසාස්වාදය 02

ලක් මවුනි මගේ පද්‍ය රසාස්වාදය 02 "කවියා අපාර වූ කාව්‍ය සාගරයේ ප්‍රජාවතියකු වැන්න. ඔහු තමන්ට අභිමත පරිදි ලෝකය පරිවර්තනය කරයි"  (ආනන්ද වර්ධන පඬිතුමානන්) ලොව ප්‍රබලතම සාහිත්‍යාංගයක් වන "කවිය" අරභයා ආනන්ද වර්ධනයන් විසින් දක්වන ලද උක්ත නිර්වචනය සාධනීය තලයකට පමුණුවන කවි පෙළක් ලෙස ලක් මවුනි මගේ පැදි පෙළ හැඳින්විය හැකිය. උපතින් ටිබෙට් ජාතිකයෙකු වූවද ලංකාව සිය මාතෘ භූමිය ලෙස සැලකූ තමන්ව වැදූ මවට මෙන් ලක්මවට ආදරය කළ දේශප්‍රේමියකු වූ සිකිම් මහින්ද හිමියන් විසින් රචිත මෙම ලක් මවුනි මගේ පැදි පෙළ දේශාභිමානී පද්‍ය රචනා ගණයට අයත් වන්නකි.  ලක්මව අරභයා තමන් තුළ ජනිත වූ ආදර, භක්ති, ගෞරව හැඟුම් සමුදාය කියාපාමින් පරාධීන යුගයක් තුළ සිටි ලාංකිකයන් තුල සිය මාතෘ භූමිය පිළිබඳව දේශප්‍රේමී, දේශමාවක, දේශභක්ති, දේශාභිමාන හැඟුම් ජනිත කිරීම මුඛ්‍ය පරමාර්ථය කොටගත් මෙම පැදි පෙළ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් නිර්මාණය වී ඇත. හිමි ලක් මවුනි මගේ පද්‍ය පන්තියේ ඇරඹුම මාතෘ භූමියේ අගය පිළිබඳව අර්ථ ගන්වමින් කියාපාන්නේ මෙසේය, " සිතකින් සිතනු බැරි තරමට තිබෙන   අගේ  සැපතින් වැඩෙන පෙම්බර ලක් මවුනි මගේ  ලබමි...

සිංහල විචාර 97 - සද්ධර්මරත්නාවලිය විචාරය 07

සද්ධර්මරත්නාවලිය විචාරය 07 ගැමි ජීවන අද්දැකීම් විෂය කොට උපමා රූපකාදියෙන් රස ගන්වා කතා කීම ධර්මසේන හිමියන්ට ආවේණික වූ ගුණාංගයකි. සද්ධර්මරත්නාවලිය ඇසුරින් විමසන්න.  ධර්මසේන හිමියන් විසින්ම සඳහන් කොට ඇති පරිද්දෙන් කුසල බලයෙන් පිරිපුන් පින්වත් ශ්‍රාවකයන්ගේ ධර්මාවබෝධය පිණිසම සද්ධර්මරත්නාවලිය ලියවූ බව පැහැදිලිය. මෙකී ශ්‍රාවකයන් බොහොමයක් නිසි අධ්‍යාපනයක් නොලද නූගත් ගැමියන් විය. නමුත් ධර්මාවබෝධය ලැබීමට තරම් සසර පෙර කුසල් ඕනෑතරම් වැඩූවන් බව ධර්මසේන හිමියන්ගේ පාඨයන්ගෙන්ම නිරූපණය වෙයි. "තවද නුවන මද වත් කුසලච්ඡන්දය ඇති වී ධර්මාවබෝධයට උපදෙස් ලදින් ..." මෙලෙස පැහැදිලි වන පරිද්දෙන්ම ධර්මසේන හිමියන්ගේ අභිප්‍රාය නම් නූගත් ගැමියාගේ මනසට ගෝචර වූ භාෂා ශෛලියකින් තම බණ කතා ඉදිරිපත් කොට ගැමියා ධර්මාවබෝධයට පැමිණ වීම විය. මෙකී අභිප්‍රාය සාර්ථකව ජය ගැනීම සඳහාම ධර්මසේන හිමියන් ගැමියාගේ ජීවිත අද්දැකීම් බද්ධකර ගත් උපමා රූපකාදියෙන් රසාලිප්ත කර ගත්තා වූ භාෂා ශෛලියක් ඔස්සේ සද්ධර්මරත්නාවලිය නම් ධර්ම ග්‍රන්ථය රචනා කර ඇති බව පැහැදිලි වේ. මේ පිළිබඳව තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා සද්ධර්මරත්නාවලිය තුල අපට හමුව...

සිංහල රචනා 54 - ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක විය යුත්තකි

ක්‍රීඩාව නගා සිටුවමු ක්‍රීඩාව නගා සිටුවීමට මූලිකවම සිදු කල යුත්තක් නම් අනවශ්‍ය දේශපාලන අත පෙවීම් නවතා ක්‍රීඩා කටයුතු ස්වාධීනව සිදු කර ගෙන යෑමට ඉඩ සලසා දිය යුතුය. මේ පිළිබඳව ඔබේ අදහස් එක්කර රචනාවක් ගොඩ නගන්න. ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක විය යුත්තකි අද ලෝකයේ දියුණුය. හෙට ලෝකය තව තවත් දියුණු වෙනු ඇත. ඒ නිතැතින්ම වූ ලෝක ස්වභාවයයි. නමුත් වර්තමානය දෙස තීක්ෂණ නෙතින් පරීක්ෂාකොට බැලූ කල අත්ව ඇති ඉරණම එතරම් සතුටුදායක කරුණක් නොවනු ඇත. මන්දයත් ලංකාව වැනි රටක් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක් ලෙස නම් දරා සිටියත් මෑතකාලීනව ඇති වූ විනාශකාරී තත්ව හමුවේ නිර්ධන රාජ්‍යයක් වී හමාරය. රටක් ලෝකයක් තුළ ඉදිරි පැවැත්ම සඳහා දේශපාලනය අත්‍යවශ්‍ය සාධකයක් බව නොඅනුමානය. නමුදු දේශපාලනය සෑම අංශයක් කෙරෙහිම එකම ආකාරයකින් මැදිහත් විය යුතු නැත. එහිදී ක්‍රීඩාවට මැදිහත් විය යුතු නැත. ක්‍රීඩාව දේශපාලනයෙන් තොර වූ තරමට එහි දියුණුවට මං පෙත් විවර වනු ඇත. ක්‍රීඩාව සඳහා දේශපාලන මැදිහත් වීමක් අවශ්‍ය නොවන්නේ ක්‍රීඩාව හමුවේ විවිධ දූෂිත ක්‍රියා සුරාව, සූදුව, අල්ලස වැනි තත්ත්ව උද්ගතවීමත්, සුදුස්සාට සුදුසු තැන නොලැබීමත් යන හේතු...

සිංහල රචනා 53 - අධ්‍යාපනයේ වැදගත්කම රචනා

අධ්‍යාපනයේ වැදගත්කම රචනා මානව ගුණධර්ම ප්‍රවර්ධනයට ප්‍රමුඛතාවය දිය යුතු අධ්‍යාපනයක අවශ්‍යතාවය ජෛව ලෝකයෙහි විශිෂ්ටතම නිර්මාණය ලෙසින් මිනිසා හඳුන්වා දිය හැකිය. ඒ මන්දයත් අනෙකුත් සතුන් හා සන්සන්දනය කල විට මිනිසාගේ මනස ඉතාමත් උසස් වන බැවිනි. එබැවින් සතුන් අතර විශිෂ්ටතම සත්වයා මිනිසාය යන බව මිනිසුන් පිළිගනියි. මිනිසා පිළිබඳ සාකච්ඡා කිරීමේදී මොවුන් තනිව නොව පිරිසක් සමග වාසය කරනු ලැබේ. එහිදී ඉතාමත් වැඩි වශයෙන් මානව ගුණධර්මයන් මිනිසාට අනෙකුත් මිනිස් සත්වයන් හා කටයුතු කිරීමේදී අවශ්‍ය වනු ඇත. එහිදී මානව ගුණධර්මයන් ඉතාමත් උසස් අන්දමින් පුද්ගලයා තුළ පිහිටා තිබිය යුතුය. ඒ තුළින් මිනිසාට ඉතාමත් පහසුවෙන් අනෙකා සමග මනා අන්තර් සබඳතාවක් පවත්වාගෙන යාමට හැකි බව ඕනෑම අයෙකුට මනාව පැහැදිලි වන කරුණකි. මේ සඳහා අධ්‍යාපනික අවශ්‍යතාවයක් වර්තමානය වන විට පැන නැගී ඇති බව විවිධ සමාජ විෂමාචාර වැනි කටයුතු සිදු වීමේදී අපට මනාව හඳුනාගත හැකි වනු ඇත. ඒ තුළින් සමාජය හා මිනිසා අතර සිදුවන ගට්ටනයේ දී ඒ තුළින් පැන නගිනු ලබන අයහපත් ක්‍රියා සමුදායන්, අවම වීමට ප්‍රධානතම අවියක් ලෙසින් මෙම මානව ගුණධර්ම ප්‍රවර්ධනය අධ්‍යාපනයට එකතු කිර...

සිංහල රචනා 52 - නූතන සාහිත්‍ය ගීත කලාව රචනාව

නූතන සාහිත්‍ය හා ගීත කලාව  "සාහිත්‍යයේ රසය මෙලොවට පැමිණි දා අමෘතය දෙව්ලොවට පලා ගියා.." ජනයාගේ සිත් සතන් නිවාලන්නට ප්‍රධානතම අවියක් ලෙස එදා මෙදා තුර භාවිතා කළ ගීත කලාව සාහිත්‍යයේ සුවිශේෂීය සංධිස්ථානයකි. ගීතය යනු අප කොයි කවුරුත් අතර ඉතාමත් ජනප්‍රිය වූ සාහිත්‍යයක් ලෙස දැක්වීම නිවැරැදිය.  සංගීතඥයා, පද නිර්මානකරු, ගායකයා යන තුන් කොට්ඨාසයේම සුසංයෝගයක් ලෙසින් ඉතාමත් අපූර්ව ගණයේ ගීත නිර්මාණයන් බිහි වී ඇත. මෙලෙසින් ඉතාමත් සූක්ශම අන්දමින් නිර්මාණය වන ගීත නිර්මාණ තුළින් දහසක් ජනයාගේ සිත් සතන් සුවපත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. තවද මානසික නිරෝගීතාවය, මානසික පීඩනය නොමැතිවීම, විවේකය විනෝදයෙන් ගත කිරීමට හැකි වීම, මානසික ඒකාග්‍රතාවය, මානසික සුවය සඳහා ද ගීත සාහිත්‍ය ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත. මෙතරම් ප්‍රයෝජනවත් වන ගීත සාහිත්‍ය තුළින් අතීතයේ මෙන්ම වර්තමාන මිනිසාගේ මානසික සුවය පිණිස ඉහළ කාර්යයක් සිදු කල හැකි බව නොඅනුමානය. නමුත් වර්තමානය වන විට දියුණු තාක්ෂණයත් සමඟ ගීත නිර්මාණය වන විට නවක පරම්පරාවන් ඒවා විකෘති කිරීමක් සිදුකොට ඇති අතර වර්තමානයේ ගී ලොව දෙස විචාරශීලීව බලනු ලබන ඕනෑම අයකුට ඒ බව මනාව ...

සිංහල රචනා 51 - දේශීය නිෂ්පාදන අගයමු රචනා

දේශීය නිෂ්පාදන භාවිතය රචනා දේශීය නිෂ්පාදන භාවිතය තුළින් රටේ ආර්ථිකය වර්ධනය කල හැකි සේම වඩා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කල හැකිය යන කරුනු මුල් කර ගනිමින් වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න. දේශීය නිෂ්පාදන භාවිතය අගයමු "සිරිලක දේ සිරි සැප දේ "යන ඉතාමත් ප්‍රවීණ අදහසක් අතීත වැසියන් දරා ඇත්තේ මන්දැයි වර්තමානය දෙස ඉතාමත් විචාරශීලි විචක්ෂණ දෙනෙතින් නරඹනු ලබන ඕනෑම අයෙකුට ඉතාමත් සරලව පැහැදිලි වන කරුණකි. මන්ද වර්තමානයේ බොහොමයක් දෙනා භාවිත කරනු ලබන්නේ විදේශ ආහාරයන්ය. නමුදු ලංකාව තුළ පවතිනු ලබන අග්‍ර ගණයේ නිෂ්පාදන ඔවුන් ලබා නොගෙන විදේශ රටවලින් ආනයනය කරනු ලබන විස රසායනික ද්‍රව්‍ය ලබා ගනිමින් තම ශරීරය සඳහා අහිතකර තත්වයක් උදා කරගනු ලබයි. පෙරදිග ධාන්‍යාගාරය ලෙසින් විරුදාවලියට පාත්‍ර වූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය හෙවත් ශ්‍රී ලංකාව තුළ පවත්නා කුළුබඩු ද්‍රව්‍යය පටන් අනෙකුත් සියලූම ද්‍රව්‍යයන් ඉතාමත් අනර්ඝ තත්ත්වයේ පවතින ඒවා බව නොරහසකි. නමුත් වර්තමානය වන විට ජනයා විසින් විදේශ රටවලින් ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි, කුලුබඩු වැනි ද්‍රව්‍යයන් ඉතාමත් ඉහළ මිල ගණන් යටතේ ලංකාවට ආනයනය කොට වෙළෙඳාම් කිරී...

සිංහල රචනා 50 - පුරාවස්තු රැක ගැනීමේ වැදගත්කම රචනා

අනාගත පරපුර වෙනුවෙන් පුරාවස්තූන් සංරක්ෂණය කරමු රටක ප්‍රධානතම අනන්‍යතා ලක්ෂණයක් ලෙසින් පුරාවස්තු හඳුන්වා දිය හැකිය. එහිදී පුරාවස්තු විවිධ කොටස්වලට බෙදා දැක්විය හැකිය. මේවා සාහිත්‍යමය හා ශිලාමය පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ඒවා විය හැකිය. කෙසේ වෙතත් රටක අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා පුරා වස්තූන් අවියක් ලෙසින් භාවිතා කළ හැකිය. පුරාවස්තු තුළින් අතීත මිනිසාගේ සිතුම් පැතුම්, විචක්ෂණශීලී නුවණ, ඔවුන්ගේ එකල දැනුම් මට්ටම, කලාත්මක හැකියාව, ශිල්පීය ඥානය පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීමට මේවා අධ්‍යයනය කිරීම තුළින් අපට පහසුවනු ඇත. අනාගත පරපුර සඳහා මෙම පුරාවස්තූන් සුරක්ෂිත කොට ආරක්ෂා කර තැබීම අප කාගේත් යුතුකමක් හා වගකීමක් වනු ඇත. එහිදී මෙම පුරාවස්තුන් ආරක්ෂා කිරීම උදෙසා වෙනත් විදේශීය රටවල විවිධ නීතිමය පැතිකඩවල් වැනි බොහොමයක් ආරක්ෂක ක්‍රියාමාර්ග රැගෙන ඇති බව අප කොයි කවුරුත් දන්නා කරුණකි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් හඳුන්වන අපරට එනම්, ශ්‍රී ලංකාව පුරාවස්තුන් බොහොමයක් ඇත්තාවූ ඓතිහාසික පින්බිමක් ලෙස දැක්වීම ඉතාමත් නිවැරදිය. එහිදී මෙම පුරාවස්තුන් ඉතාමත් සුරක්ෂිත ලෙස ආරක්ෂා කර තබා ගනිමින් අනාගත දූ දරුවන්ට ...

හෙට ලොව දිනන නව නිපැයුම් රචනාව

පාසල් සිසුන්ගේ නව නිපැයුම් පිළිබඳ ජන මාධ්‍යවල නිතර අසන්නට හා දකින්නට ලැබේ. විවිධ වර්ගයේ වාහන, සෞඛ්‍යාරක්ෂණ උපකරණ ආදිය ද මේ අතර වේ. එහෙත් එම නව නිපැයුම් සමාජයට එක් වන්නේ ඉතා අල්ප වශයෙනි. එයට හේතු වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ එම නිෂ්පාදන වෙළඳපොළට එකතු කිරීමේ අපහසුතා පවතින බවයි. එබැවින් මෙම නව නිපැයුම්කරුවන්ට අත දී එම නිර්මාණ අපේ රටේ සංවර්ධනයට යොදා ගැනීමට අවස්ථාවක් උදාකර දීම කාලීන සමාජ අවශ්‍යතාවයකි. ඉහත ඡේදයට අනුකූලව හරවත් රචනාවක් ලියන්න. හෙට ලොව දිනන නව නිපැයුම් අතීත නටඹුන් නරඹන ඔබට ඇතිවන අභිමානය අපගේ මුතුන් මිත්තන් තුළ වූ නිර්මාණශීලී දස්කම් විස්කම් මැනවින් කියාපායි. යූ ටියුබ් වැනි මාධ්‍යයන් කිසිත් නොවූ සමාජයක නිර්මාණය කර ඇති ඒ සියළු නිර්මාණයන් ඔවුනට නවමු වූ නිර්මාණයන් වූ අතර ලංකා ඉතිහාසය හා සමගාමී ඉතිහාස කතා ඉතා විරල බැවින් ලෝකයේ විශිෂ්ටතම නව නිපැයුම්කරුවන් විසූ දේශයක් ලෙස ශ්‍රී ලංකාව ඉහළින්ම තැබිය හැකිය. නූතන යුගය වන විට අතීත වැව් අමුණු, දා ගැබ්, සීගිරිය වැනි මාලිගා ආදී නටඹුන් පිළිබඳ උදම් අනන පැනඩෝල් පෙත්ත පමණක් නොව කෑමට ගන්නා ලුණු පවා විදේශ රටවලින් ආනයනය කරන දීන ජාතියක් වීම කෙතරම් නම් ලැ...

ප්‍රස්තාව පිරුළු 100 ක්

සාමාන්‍ය දැනීම සඳහා ප්‍රස්තාව පිරුළු එකතුව (ප්‍රස්තාව පිරුළු 100 ක්) ප්‍රස්තාව පිරුළු 01  පරංගියා කෝට්ටේ ගියා වගේ - කෙටියෙන් කළ හැකි දෙයක් වැඩි වේලාවකින් නිම කිරීම ප්‍රස්තාව පිරුළු 02 ආඩි හත්දෙනාගේ කැඳ හැලිය වගේ - අනුන් රැවටීමට ගොස් තමා රැවටීම ප්‍රස්තාව පිරුළු 03 කබලෙන් ලිපට වැටුණා වගේ - කරදරයට පත් වූ කෙනෙක් තවත් කරදරයකට පත්වීම ප්‍රස්තාව පිරුළු 04 බල්ලන්ගේ වැඩේ බූරුවා කලා වාගේ - තමන්ට අයිති නැති දෙයක් කිරීම ප්‍රස්තාව පිරුළු 05 වක්කඩේ හකුරු හැංගුවා වාගේ - ප්‍රයෝජනවත් නැති වැඩක් කිරීම ප්‍රස්තාව පිරුළු 06 ජාඩියට මූඩිය වාගේ -ගැලපෙන දෙදෙනෙකු එකතු වීම ප්‍රස්තාව පිරුළු 07 ඉබ්බා දියේ දැම්මා වගේ - කැමති දෙයක් සිදුවීම ප්‍රස්තාව පිරුළු 08 ගඟට ඉනි කැපුවා වගේ - මහන්සි වී කරන වැඩකින් ප්‍රයෝජනයක් අත් නොවීම ප්‍රස්තාව පිරුළු 09 කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වාගේ-  මෝඩ කෙනෙකුට වටිනා දෙයක් දුන්නට උඩඟු වීම ප්‍රස්තාව පිරුළු 10 ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වාගේ - ආරවුලක් ඇති තැනකට තවත් ආරවුලක් ඇති කිරීමට කටයුතු කිරීම ප්‍රස්තාව පිරුළු 11 අටුව කඩා පුටුව හැදුවා වගේ -වටිනා දෙයක් විනාශ කර නොවටිනා දෙයක්...