ලක් මවුනි මගේ පද්‍ය රසාස්වාදය 02
"කවියා අපාර වූ කාව්‍ය සාගරයේ ප්රජාවතියකු වැන්න. ඔහු තමන්ට අභිමත පරිදි ලෝකය පරිවර්තනය කරයි"
(ආනන්ද වර්ධන පඬිතුමානන්)
ලොව ප්රබලතම සාහිත්‍යාංගයක් වන "කවිය" අරභයා ආනන්ද වර්ධනයන් විසින් දක්වන ලද උක්ත නිර්වචනය සාධනීය තලයකට පමුණුවන කවි පෙළක් ලෙස ලක් මවුනි මගේ පැදි පෙළ හැඳින්විය හැකිය. උපතින් ටිබෙට් ජාතිකයෙකු වූවද ලංකාව සිය මාතෘ භූමිය ලෙස සැලකූ තමන්ව වැදූ මවට මෙන් ලක්මවට ආදරය කළ දේශප්‍රේමියකු වූ සිකිම් මහින්ද හිමියන් විසින් රචිත මෙම ලක් මවුනි මගේ පැදි පෙළ දේශාභිමානී පද්‍ය රචනා ගණයට අයත් වන්නකි. ලක්මව අරභයා තමන් තුළ ජනිත වූ ආදර, භක්ති, ගෞරව හැඟුම් සමුදාය කියාපාමින් පරාධීන යුගයක් තුළ සිටි ලාංකිකයන් තුල සිය මාතෘ භූමිය පිළිබඳව දේශප්‍රේමී, දේශමාවක, දේශභක්ති, දේශාභිමාන හැඟුම් ජනිත කිරීම මුඛ්‍ය පරමාර්ථය කොටගත් මෙම පැදි පෙළ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් නිර්මාණය වී ඇත.
හිමි ලක් මවුනි මගේ පද්‍ය පන්තියේ ඇරඹුම මාතෘ භූමියේ අගය පිළිබඳව අර්ථ ගන්වමින් කියාපාන්නේ මෙසේය,
සැපතින් වැඩෙන පෙම්බර ලක් මවුනි මගේ
ලබමින් පිහිට ඉටු දෙවියන්ගෙනුත් සගේ
යහතින් ඉන්න මල් බර සල් රුකක් වගේ"
මෙම පැදි පෙළ රචනයේදී මහින්ද හිමියන් අජීවී ලංකාවට ජීවී ලෝකයේ උත්තරීතර පදවිය වන මාතෘත්වය පුද්ගලත්වාරෝපණය කොට ලක් මවුනි යන රූපකය ගොඩනගාගෙන ඇත. එය සමග "මගේ" යන යෙදුම භාවිතය තුළින් කවියාගේ අප්‍රමාණ දේශමාමකත්වය පිළිබිඹුවේ. ස්වකීය මාතෘ භූමියට ඇත්තේ අචින්ත්‍ය වූ අමිල වූ වටිනාකම බැව් "සිතකින් සිතනු බැරි තරමට තිබෙන අගේ" යන යෙදුම තුළින් ගම්‍ය වේ. දෙව්ලොව ඉටුදෙවියන්ගෙන් පවා පිහිට ලබමින් "යහතින් ඉන්න" යනුවෙන් කරනු ලබන උදාර ප්‍රාර්ථනය හරහා මාතෘ භූමිය කෙරෙහි දක්වන අප්‍රමාණ දේශප්‍රේමය හා දේශ භක්තිය පිළිබිඹුවේ. මෙහි දී කවියා යොදාගෙන ඇති "මල්බර සල් රුකක් වගේ" යන්න අතිශය උචිත මනෝහර උපමාවකි. ඉන් ලක්මවගේ පූජනීයත්වය හා පිරිපුන් බව මැනවින් ගම්‍යමාන වේ.
මුතු මිණි රනින් මට අත් වන පලේ කිම
පුතු වෙමි ඔබට උපදින හැම තැනේදිම
පැතු මෙන් මගේ සිරි ලක් මව වදිම් මම"
ලක් මව කෙරෙහි තම හදෙහි උපන් අප්‍රමාණ දේශප්‍රේමය, දේශාභිමානය, දේශමාමකත්වය කුලු ගන්වමින් කවියා පවසනුයේ රන්, මුතු, මැණික් ආදී ලොව ඇති අගනා වටිනා සියලුම වස්තූන්ටත් වඩා ලක් මාතාව අගනා වටිනා වස්තුවක් බවයි. ඒ බැව්,
මුතු මිණි රනින් මට අත් වන පලේ කිම"
ඉඳු වා වඩා සමනොල මල් යහන් කුස
උදුරා සමය කුල නිල බේ නපුරු විස
පුදුමයි ඔබ කවන සැටි සමගියේ රස"
ලංකාව වූ කලී මනෝහර, චිත්තාකර්ෂණීය, නයනාභිරමණීය ස්වභාව සෞන්දර්යයකින් හෙබි අති රමණීය කොදෙව්වකි. මුළු ලොවම මේ රටට වශී කර ගැනීමට ඒ නිසා ලක් මව සමත් වී ඇති බැව් "කදු වන රසට කැඳවා ලොවද සනු දෙස" යනුවෙන් කියා පා ඇත්තේ මාතෘ භූමිය ගැන මහත් අභිමානයෙන් හා ආඩම්බරයෙනි. එමෙන්ම එම කොදෙව්ව මත වසන සිංහල, මුස්ලිම්, බර්ගර්, ආදී සියලු ජාතීන්ට අයත් මිනිසුන්ට භේද රහිතව එක සමානව සිරිලක් මව ආදරය බෙදමින් සමගිය ගොඩ නගන බව "උදුරා සාමය කුල නිම වේ නපුර විස, පුදුමයි ඔබ කවනු සැටි සමගියේ රස" යනුවෙන් කියාපා ඇත්තේ ජාතික සමගිය පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ලබා දෙමිනි.
මෙම පැදි පෙළ රචනයේදී බුදු දහමේ ආභාෂයෙන් ගොඩනැගුණු බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂිතාවන් මතු කරලමින් රට දැය පිළිබඳව පමණක් නොව සමය පිළිබඳවත් ප්‍රසාද හැඟුම් ජනිත කිරීමට උත්සුක වී ඇත. නිර්මල බුදුදහම නිසා පුණ්‍යවන්ත වූ ආරක්ෂිත වූ නිරුපද්‍රිත වූ ලක්දෙරණ නොහොත් ලක්මව කෙනෙකුට ජීවත් වනු වස් මිහිපිට ඇති සුරක්ෂිතම දේශය බැව් "නිවනින් මෙපිට ඔබ වෙයි රැකවරණ මට" යනුවෙන් කියා පා ඇත. ලක් මවගේ අතීත ශ්‍රී විභූතිය අභිමානනීය උරුමයන් ලක් මව සතු සුවිශේෂීතාවයන් මෙලෙස විවිධ පැතිකඩයන් ඔස්සේ රූපණය කරමින් උපන් බිම කෙරෙහි සාර සිතුවිලි ජනනය කිරීමට මෙම පැදි පෙළ පුරාවටම මහින්ද හිමි උත්සාහය දරා ඇත. ඒ නිසාම බෞද්ධ භික්ෂුවක් වූ මහින්ද හිමි පවසාලනුයේ මිහිඳු හිමි ලක් මවට පෙවූ ලක් මවගෙන් මිහිදු හිමි උරා බියූ සඳහම් කිරෙන් උන්වහන්සේ මුළු මහත් ලෝකවාසීන්ටම උරුම කර දෙන බවට පොවන බවට "අම්මෙනි එයම මුළු ලෝකයට පොවමි දෙමි" යනුවෙනි. සඵල කර සිටිනුයේ බෞද්ධ සංස්කෘතියෙන් ලද උරුමයන් ලොවටම දායාද කරන බව හඟවමිනි. මෙම පැදි පෙළ රචනයේදී කවියා "ලක් මවුනි බුදු දම් අමා කිරි සමනල මල් යහන් කුස සමය තුල නිලඹේ නපුරු විස" වැනි ප්‍රබල රූපකයන් ඈදාගෙන තිබීම විශේෂිතය. එමෙන්ම ලක්මව සතු වාසනාවන්ත බව, පුණ්‍යවන්ත බව විවිධ ලෙසින් කියාපාමින් එහි ඉපදීම ජීවත්වීම පරම වාසනාවක් බව කියාපාමින් රටට දැයට සමයට හිතැති දේශප්‍රේමී ජන කොටසක් බිහි කර ගැනීමට උත්සුක වී තිබීම සුවිශේෂීව පෙනේ.
කවි පාදයන් අග මාත්‍රා 18,19 වශයෙන් විහිදෙන විරිතකි. එළිසමය සිව්පද කාව්‍ය ආකෘතිය ඔස්සේ රචිත මෙම පැදි පෙළ රචනයේ දී පැරණි වහර හා නූතන වහර සම්මිශ්රිත කවි බස් වහරක් යොදාගෙන ඇත. දේශප්‍රේමියෙකු ලෙස මාතෘ භූමිය ගැන තමන් තුල ජනිත වූ අවයාජ හැඟුම් කියාපාමින් යටත් විජිත යුගයක සිටි ලාංකිකයන් තුල මාතෘ භූමිය කෙරෙහි දේශප්‍රේමී, දේශමාවක, දේශ භක්ති, දේශාභිමානී හැඟුම් කුළු ගන්වන ප්රශස්ත පැදි පෙළක් ලෙස මහින්ද හිමියන්ගේ ලක් මවුනි මගේ පැදි පෙළ අගය කල හැකිය.
ලක් මවුනි මගේ පද්‍ය රසාස්වාදය
ලක්මවුනි මගේ පද්‍ය රස වින්දනය
ලක් මව්නි මගේ විචාර ප්‍රශ්ණ පිළිතුරු
Lak mawni mage rasaswadaya
ලක් මවුනි මගේ විචාර pdf
Lak mavni mage pdf download