හානා හීය පානා අඬ හැරෙන් දැනේ විචාරය 03
ජන කවියා තම නිර්මාණය රසවත් කිරීමෙහිලා කාව්‍යලංකාරය යොදාගෙන ඇති ආකාරය හානා හීය පානා අඬහැරෙන් දැනේ පාඩමේ උදාහරණ මගින් පහදන්න.
හානා හීය පානා අඬ හැරෙන් දැනේ පාඩම තුල අන්තර්ගත කර ඇත්තේ අලංකාරවත් ජන කවි කිහිපයකි. කවියාගේ නිර්මාණ කුසලතාවය ඔප්නැන් වී පෙන්නේ කාව්‍ය සඳහා ඔහු යොදාගන්නා කාව්‍ය නිර්මාණ හේතු කොටගෙනය. වාචාර්ථයට වඩා ව්‍යාංගාර්ථය කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කොට රසිකයන්ගේ සිත් තුළ තියුණු චමත්කාරයක් ජනිත කරවීමේ කුසලතාවය පූර්ණ කවියකු සතුය. නූතන කවීන් සේම ජන කවියා සිය කාව්‍ය අනුභූතිය ප්‍රබල ලෙස ඉදිරිපත් කිරීමට යොදාගත් කාව්‍යාලංකරණ බොහෝ දුරට සිය නිර්මාණ සාර්ථක වීමට හේතු වී ඇති බව හානා හීය පානා අඬ හැරෙන් දැනේ කවි පෙල රස විදින අපට පෙනෙන කරුණකි.
මෙහිදී මිනිසා තුළ පවතිනු ලබන දුක, සතුට, කණගාටුව, කාන්සිය වැනි සියලු හැඟීම් හා බැඳුණු ජනකවි නිර්මාණය වී ඇති අතර ඒවායේ රසවත් බව වැඩි වීමට කාව්‍යාලංකරණ යොදාගෙන ඇති ආකාරය අගය කල යුතුය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
මේ ආකාරයට ජන කවියා තම නිර්මාණය රසවත් කිරීමෙහිලා කාව්‍ය අලංකරණ රැසක් භාවිතා කර ඇති ආකාරය අපට නියමිත "හානා හීය පානා අඬ හැරෙන් දැනේ "යන පද්‍ය පන්තියෙන් ඉතාමත් අපූරු ලෙස දක්වා ලිය හැකිය. එහිදී නිර්මාණකරුවන් විසින් එළිසමය හා එළි වැට ඉතාමත් අලංකාවත් ලෙස ඉදිරිපත් කිරීම මෙම නිර්මාණයේ රසවත් භාවය වර්ධනයට ඉමහත් ප්‍රයෝජනයක් වී ඇත.
මිනිහා නොමිහිනා යන කඩිසරෙන් දැනේ
අමුතු බද්දීම අත ඇල්ලුමෙන් දැනේ
හානා හිය පානා අඬ හැරෙන් දැනේ"
වහිනකලට කූරීන්විල් වලින් එත
බහිනදියෙන් දෝතක් මුන් ගත්තොත් ඇත
පණින රිලවුන්ට ඉනිමං කමක් නැත"
ඉතාමත් අලංකාරවත් ලෙසින් කවියා තම නිර්මාණය සඳහා දක්ෂ ලෙසින් තම නිර්මාණය තුළ එළිසමය හා එළිවැට ආරක්ෂා කරමින් පෙන්වා ඇත්තේ තම කාව්‍යාලංකරණය හැකියාවේ තරම නොවේද?
තවද කවියා තම නිර්මාණය ඉතාමත් අලංකාරවත් ලෙස සකස් කිරීම උදෙසා ස්වභාවෝක්තිය නිසි ලෙස නිසි තැන්හි යොදා ගැනීම මෙම නිර්මාණය සතු සුවිශේෂී ලක්ෂණයකි.
වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ
වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ
වරද නැති කෙනෙක් නැත සකිය මෙලොවේ"
බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු
කඩුල්ලේ තරම දැනගෙන කඳ බදිනු
තමුන්ගේ තරම දැනගෙන කල් අරිනු"
දත නැති දා උක්දඩු ගිනි තපින්ටද
වෙර නැති දා ගහ ගත්තේ දිනන්ටද
යුධ ඇති දා නැති කගකොස් කොටන්නද"
වෙන් වුන දාට යක්දෙවරේ වධ සේමා
ගොසින් ගොසින් කටුවත්තේ අග සේමා
ඉතින් ළදේ කරවිල තිබ්බටු සේමා"
මිණි බරණින් සැදූ මුත් ගත නොරිදක්ද
පැණි වරකා ගහටත් හෙන නොදීද"
Comments