Skip to main content

හානා හීය පානා අඬ හැරෙන් දැනේ විචාරය 05

අවවාද අනුශාසනා දීමේ දී කවියා ඉතා සංගමයෙන් එම කාර්ය ඉටුකරන්නට වග බලා ගනියි. මේ ප්‍රකාශයට ඔබ එකඟ වන්නේදැයි හානා හීය පානා අඬ හැරෙන් දැනේ පාඩමේ උදාහරණ සහිතව විස්තර කරන්න.

කවියාගේ නිර්මාණ කුසලතාවය ඔප්නැන් වී පේන්නේ කාව්‍ය සඳහා ඔහු යොදාගන්නා කවි නිර්මාණ හේතු කොටගෙනය. වාචාර්ථයට වඩා ව්‍යාංගයාර්ථය කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කොට රසිකයන්ගේ සිත් තුළ තියුණු චමත්කාරයක් ජනිත කරවීමේ කුසලතාවය පූර්ණ කවියෙකු සතුය. නූතන කවීන් සිය කාව්‍ය අනුභූතිය ප්‍රබල ලෙස ඉදිරිපත් කිරීමට යොදාගත් භාෂාවේ උපක්‍රමය බොහෝ දුරට සිය නිර්මාණ සාර්ථක වීමට හේතු වී ඇති බව පෙනෙන කරුණකි.

මෙහිදී මිනිසා තුළ පවතිනු ලබන දුක, සතුට, කණගාටුව, කාන්සිය වැනි සියලු හැඟීම් හා බැඳුණු ජනකවිය තුළින් ඉතාමත් අලංකාරවත් වූ චමත්කාරජනක නිර්මාණ බිහිවනු ඇත. එහිදී ගොයම් කවි, නෙළුම් කවි, පැල් කවි, වැනි ඉතාමත් අපූරු ගණයට අයත් කාව්‍ය රාශියක් නිර්මාණය වී ඇත. මේ නිර්මාණයන් අතර ඉතාමත් සුවිශේෂී වූ නිර්මාණ කාව්‍යයක් ලෙසින් උපදේශ කාව්‍යය දැක්වීමට පුළුවනි. මෙහි විශේෂත්වය වනුයේ දැනුමතුකමක් ලබාදීම සඳහා කාව්‍ය නිර්මාණය ඉදිරිපත් කිරීමයි.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


මේ ආකාරයට අවවාද අනුශාසනා දීමේදී කවියා ඉතා සංගමයෙන් යුතුව තම කවිත්වය නම් වූ හැකියාව ඉතාමත් දක්ෂ ලෙසින් හැසිරූ ආකාරය මෙම "හානා හීය පානා අඬ හැරෙන් දැනේ "යන පද්‍ය පන්තිය තුළින් මනාව හෙළිදරව් වන බව මෙය රස විඳිනු ලබන ඕනෑම සහෘද පාඨකයකුට සිත් වන කරුණකි. 

ඉතාමත් අලංකාර ලෙස සරල පද්‍ය කොටස් යොදා ගනිමින් සහෘද පාඨකයාගේ සිතෙහි මෙම උපදේශයන් ජනිත කරලීමට මෙම නිර්මානකරු මහත් වෙහෙසක් දරා ඇති බව මෙය රසවිඳීමේදී අපට සිතිය හැකිය. එහිදී බොහෝ උපදෙස් එක් පිඩක් ලෙස එකතු කොට කවියා ඉතාමත් අපූරු ලෙස තම අදහස් සහෘද පාඨකයන්ගේ දෙසවන් තුළට රැගෙන යනු ලබන්නේ ඔවුන් විස්මයට පත් කරමිනි.

"ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ  කපනු
 බොරැල්ලේ තරම දැනගෙන උඩ   පනිනු
 කඩුල්ලේ තරම දැනගෙන කඳ        බදිනු
 තමුන්ගේ තරම දැනගෙන කල්       අරිනු"

"වරද පෙනෙන තරමට වැරදුණා        නොවේ
 වරද ඇතත් නිකරුණේ වැඩ කළා     නොවේ
 වරද පෙනෙති වැඩ නූගත් අයට        ලොවේ
 වරද නැත කෙනෙක් නැත සකිය මෙලොවේ"

ඉතාමත් අලංකාර ලෙසින් සිව්පද ආකෘතිය යොදා ගනිමින් සරල බස් වහර යොදා ගනිමින් මෙම නිර්මාණය තුළ කවියා තම සහෘද පාඨකයන් වෙත ඉතාමත් උසස් ගණයේ උපදෙස් මාලාවක් ලබාදෙනුයේ ඔවුනට ඉතාමත් ගෞරවයෙන් යුතුවය. මන්ද මෙහි සෑම කොනක් පාහේම ඉතාමත් උසස් ගණයේ උපදෙසක් අවවාදයක් ඇති බව මේ රසවිඳුන ලැබූ සහෘද පාඨකයන් දන්නා කරුණකි.

"ගසට කෙටුම ගස මුල පෑයුමෙන්     දැනේ
 මිනිහා නොමිහිනා යන කඩිසරෙන්  දැනේ
 අමුතු බද්දීම අත ඇල්ලුමෙන්            දැනේ
 හානාහීය පානා අඬ                 හැරෙන්නෙ"

"නහින දෙයින කාලෙට පින් කෙරුම  යුත
 වහින කලට කූරීන්විල් වලින්            එත
 බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත
 පනින රිලවුන්ට ඉනිමං කමක්         නැත"

කවියා ඉතාමත් සංගමයෙන් යුතුව තම නිර්මාණය තුළ අවවාද අනුශාසනා සහෘද පාඨකයන් වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ඉතාමත් සුවිශේෂී අංගයක් වන කාව්‍ය නිර්මාණයකරණයෙනි. එහිලා නිර්මාණකරුවා විසින් තම නිර්මාණය තුළ සරල බස, සිවු පද ආකෘතිය ඉතාමත් අලංකාරවත් ලෙස යොදාගෙන ඇත.

උපදේශනාත්මක ජන කවි තුළින් අවවාද අනුශාසනාදීම අනිවාර්ය කටයුත්තකි. එහිදී ඒවා සංගමයෙන් ඉදිරිපත් කිරීම කවියාගේ දක්ෂතාවය මත තීරණය වන්නකි. අපට නියමිත "හානා හීය පානා අඩ හැරෙන් දැනේ" කාව්‍ය පන්තිය තුළින් මෙය ඉතාමත් සංගමයෙන් ඉදිරිපත් කරනු ලබන බව පැහැදිලි වනු ඇත.

"ඇස නැතිදා පොත ගත්තේ        කියන්ටද
 දත නැති දා උක්දඩු ගිනි             තපින්ටද
 වෙර නැති දා ගහ ගත්තේ           දිනන්ටද
 යුධ ඇති දා නැති කග කොස් කොටන්නද"

"එක් උනදාට උග්දන්ඩෙ පැණි       සේමා 
 වෙන් වුන දාට යක් දෙබරයේ වධ සේමා
 ගොසින් ගොසින් කටුවත්තේ අග සෙමා
 ඉතින් ලදේ කරවිල තිබ්බටු          සේමා"

ජීවිතයේ අනිත්‍ය භාවය කොතෙක් ද යන්න ඉතාමත් නිරවුල් ලෙසින් කවියා මෙම කාව්‍ය නිර්මාණයේදී රසිකයන් වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ඉතාමත් අලංකාර ලෙසය. එහිදී සංගමයෙන් මේවා ඉදිරිපත් කිරීම තුළින් සහෘද පාඨකයන්ගේ ආකර්ෂණය නොබඳව ලබා ගැනීමට කවියා ඉතාමත් දක්ෂතාවයක් පෙන්නුම් කරනු ලැබීම අගය කල යුතු කරුණක් නොවේද?

ඉහත පද්‍ය පන්තිය තුළින් ඉතාමත් අලංකාරවත් ලෙස යොදාගත් "යුදයට නැති කග කොස් කොටන්නද" වැනි පද්‍ය කොටස් තුළින් මිනිස් ජීවිතේට අවශ්‍ය සියලූම උපදෙස් ලබා දෙන බව නිසැකය. මන්දයත් ප්‍රමාද වීම තමාගේ ජීවිතයට හානිදායක දෙයක් බව ඉතාමත් අලංකාරවත් ලෙසින් සහ සංගමයෙන් යුතුව ඉදිරිපත් කිරීම තුළින් රසික පාඨකයන්ගේ සිත් තුළට එය කාවදිනු ඇත. ඔවුන් එය ආදර්ශයට ගත යුත්තක් ලෙසින් ඉතාමත් උසස් අයුරින් පිළිගන්නා කරුණක් බව පැහැදිලි වනු ඇත. 

ජීවිතයේ අනිත්‍ය භාවය හා අප්‍රියයන්ගේ එක්වීම හා ප්‍රියයන්ගෙන් වෙන්වීම වැනි කරුණු ඉතාමත් අලංකාරවත් ලෙසින් "එක් උනදාට උක්දණ්ඩේ පැණි සේමා" යන පද්‍ය කොටස තුළින් නිර්මාණකරුවා ඉදිරිපත් කරන්නේ ඉතාමත් සංගමයෙනි. එසේ ඉදිරිපත් කිරීම තුළින් පාඨක රසිකයන්ගේ සිත් ඇද බැඳ තබා ගන්නට කවියා උත්සාහ දරයි.

"රන්විමනේ සිටිමුත් දුක    නැතිවෙද්ද
 පැනිමීයේ කෑමුත් බඩගිනි         නැද්ද
 මිනීබරණින් සැදූමුත් ගත නොරිදක්ද
 පැනීවරකා ගහටත්        හෙනෙනවද"

"අඳුරුකරුවලේ පඳුරට         මුවාවෙලා
 විදුලි එළිය දැක ගෙනිහුල දිය     හෙළා 
 අනුන් ලියන් දැක තම ලිය තල     තලා
 දුවන මුවන් දැක නොදමා නෙළුම් පලා"

ජීවිතයේ අනිත්‍ය, අසාරවත්බව ඉතාමත් නිවැරදි නිරවුල් ලෙසින් ඉදිරිපත් කරන මෙම කවියා තම නිර්මාණය ඉතාමත් සංගමයෙන් යුතුව ඉදිරිපත් කරලීම තුලින් පාඨක සහෘද ජනයාගේ නෙත් සිත් ඇද බැඳ තබාගන්නට කවියා උත්සාහ දරා ඇති බව අපට පැහැදිලි වන කරුණකි.

උක්ත කරුණු තුළින් අවවාද අනුශාසනා දීමේදී කවියා ඉතා සංගමින් එම කාර්යය ඉටු කරන්නට වග බලා ගනී යන ප්‍රකාශය සත්‍ය කියමනක් ලෙසින් නිදසුන් මගින් පැහැදිලි කළ හැකිය.



Key words 
හානා හීය විචාර
හානා හීය පානා අඩහැරෙන් දැනේ pdf
හානා හීය පානා විචාර 5
හානා හීය පානා අඩහැරෙන් දැනේ විචාරය
හානාහීය විචාර ප්‍රශ්ණ 
හානා හීය විචාර ලිවීම 
Hana heeya vichara pdf


Comments