අත්දැකීම රසවත්ව ඉදිරිපත් කිරීමට ගංගාවේ සංගීතය රචනා කිරීමේදී එච්. එම් කුඩලිගම කවියා භාෂාව යොදාගෙන ඇති ආකාරය සාකච්ඡා කරන්න.
සිංහල පද්‍ය සාහිත්‍ය වපසරිය තුළ අපූරුවූත්, සුන්දරතම වූත්, යම් සාහිත්‍යය අංගයක් වෙතොත් ඒ අනෙකක් නොව රසවත් බවින් පිරිපුන් කවියයි. එහිලා අති විශිෂ්ට කැපවීමක් කොට තම සහෘද ජනයාගේ හිත සුව පිණිස කටයුතු කළ අග්‍ර ගණයේ නිර්මාණකරුවෙකු ලෙසින් සිංහල ශෙලී හෙවත් එච්. එම් කුඩලිගමයන් හඳුන්වා දිය හැකිය. ඔහුගේ ස්වභාව සෞන්දර්ය හා බැඳුණු කවිආර හේතුවෙන් සිංහල ශෙලී යන අපූර්වතම නාමයෙන් හඳුන්වනු ලබයි.
කොළඹ යුගයේ කවියෙකු වන මෙම නිර්මාණකරුගේ සුරතින් සුවඳ දේදුන්න, මී වදය වැනි සඟරාද කුණාටුව, එක්කෝමත් එක රටක, සංවාදය වැනි කෘති ද ගංගාවේ සංගීතය වැනි අනර්ඝ පැදි පෙළවල්ද නිර්මාණය විය. එහිදී ගංගාවේ සංගීතය නම් නිර්මාණය විචාරාත්මක ලෙසත් රස වින්දනාත්මක ලෙසත් විමසා බලන කල්හි අත්දැකීම් රසවත්ව ඉදිරිපත් කිරීමට කවියා භාෂාව ඉතාමත් අනර්ඝව යොදාගෙන ඇති ආකාරය විස්තර කළ හැකිය.
ප්‍රධාන වශයෙන් මෙම නිර්මාණය තුළින් ලෝ දහම පිළිබඳ හෙළිදරව්වක් සිදු කරනු ලබයි. මෙම අපූර්වතම නිර්මාණය සිදු කිරීම උදෙසා කවියා සරල භාෂාව සෑම තැන්හිම පාහේ යොදාගෙන ඇති ආකාරය මෙම නිර්මාණය රස විඳිනු ලබන ඕනෑම සහෘද පාඨකයෙකුට සිත් වන කරුණකි.
මහ වන බිමක් මැද ගිරි කුළු අතර සිට
නොමියෙන හේලි දහමක පණිවිඩය පිට
කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට"
මෙම නිර්මාණයේ සාර්ථකත්වය උදෙසා බස හැසිරවීමේදී සරල බස ඉතාමත් ප්‍රයෝජනවත් වන්නට ඇතැයි සිතිණි. අත්දැකීම් රසවත්ව ඉදිරිපත් කිරීමට කවියා භාෂාව යොදාගෙන ඇති ආකාරය සාකච්ඡා කිරීමේදී ජීවිත අත්දැකීම් ඉදිරිපත් කිරීමද ඊට ගත හැකි ප්‍රධානතම නිදසුනකි. ඒ තුළින් පාඨකයාගේ ජීවිතයට පැමිණෙනු ලබන අභියෝග හා ගැටලු ඉතාමත් සාර්ථක ලෙසින් ජය ගැනීමට හැකියාව උදාවනු ඇත. ගංගාවේ සංගීතය නම්, අපූරු නිර්මාණය තුළින් මිනිස් ජීවිතේට උපදෙස් ගණනාවක් ලබා දෙනු ඇත.
ඇඹරෙමි -එහෙත් පසු නොබසමි- නවතිමි
කවදා කොතැනකදී හෝ මහ මුහුද හිමි
හමු වුන කෙනෙහි මා සතු බර ඔහුට දෙමි"
ගල් පරවල හැපි හැපී බිහි කරමි මම
සම තැනිතලාවල හමුවෙයි අලසකම
නිරසයි අතරමග අවහිර නුදුටුබිම"
මෙහිදී සමාජයේ කුමන ආකාරයේ මිනිසුන් හමු වුවද ඔවුන් සමඟ හොඳින් ගනුදෙනු කොට නික්මයා යුතු බවත් ,ජීවිතයේ අනියත භාවය පෙන්නුම් කරන බවත් ඉහත කවි තුළින් දැක ගත හැකිය තවද ගැටලු නොමැති ජීවිතය කිසිදු සාරයක් නොමැති දෙයක් ලෙසත් ,මෙම කවිය ඉතාමත් අනර්ඝ ලෙස' නිරසයි අතරමග අවහිර නොදුටු බිම' යන පද පෙළින් දැක්විය හැකිය.
අත්දැකීම් රසවත්ව ඉදිරිපත් කිරීමට කවියා භාෂාව යොදාගෙන ඇති ආකාරය සාකච්ඡා කිරීමේදී කවියා සිව්පද ආකෘතිය භාවිතා කරලීම තවත් නිදසුනක් ලෙස දැක්විය හැකිය.
මහ වන බිමක් මැදගිරිකුලු අතර සිට
නොමියෙන හේලි දහමක පණිවිඩය පිට කොඳුරමිකදරියක් මුළු ලොව නිසලකොට"
මෙහිදී කවියා මෙම නිර්මාණය පුරාවටම සිව් පද ආකෘතිය නිර්මාණය උදෙසා භාවිතා කළ ඇති බව මෙම නිර්මාණය රස විඳිනු ලබන ඕනෑම සහෘද පාඨකයෙකුට සිත් වන කරුණෙකි .ඒ තුළින් මෙම නිර්මාණයේ අලංකාරිත්වය හා මෙහි තිබෙන අත්දැකීම් ඉතාමත් රසවත්ව ඉදිරිපත් කිරලීමට අවශ්‍ය පසුබිම සපයනු ලබයි.
මේ ආකාරයට කවියා ඉතාමත් දක්ෂ ලෙසින් මෙන්ම අලංකාරවත් ලෙසින් තම සහෘද ජනයාගේ හිත් ඇද බැඳ තබා ගන්නට හා අත්දැකීම් රසවත්ව ඉදිරිපත් කිරීමට භාෂාව යොදාගත් ආකාරය ඉහත නිදසුන් තුළින් දක්වාලිය හැකිය.
ගංගාවේ සංගීතය විචාර
ගංගාවෙ සංගීතය
ගංගාවේ සංගීතය විචාරය ජීවන දර්ශනය
ගංගාවේ සංගීතය විචාර 3
එච්.එම් කුඩලිගම ගංගාවේ සංගීතය
ගංගාවේ සංගීතය විචාර pdf
ගංගාවේ සංගීතය භාෂාව
Comments