Skip to main content

ගොංගාලේගොඩ බණ්ඩා රචනාව

සදා නොමියෙන ජාතික වීරයෙකු වන ගොංගාලේගොඩ බණ්ඩා පිළිබඳව කරුණු දක්වමින් වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න.


ගොංගාලේගොඩ බණ්ඩා

නිල වශයෙන් පිළි නොගැනුනද ශ්‍රී වික්‍රම සර්වසිද්ධි නමින් තුන් හෙලයේ සිහසුනට පත් ගොන්ගාලේගොඩ බණ්ඩා යනු සදා අමරණීය අපේ ජාතික වීරයෙකි. ගොංගාලේගොඩ බණ්ඩාහට අපේ ජාතික වීරයන් අතර ප්‍රධානම ස්ථානයක් හිමි වේ. වංශපුරන දේවගේ සින්චියා ප්‍රනාන්දුගේ පුතා පෑලියගොඩ ඩේවිඩ් නම් විය. පෑලියගොඩ ඩේවිඩ් පසු කලක තම මුල් ඉංග්‍රීසී නාමය අතහැර දැමූ අතර පුල්ලේ වෙදරාල ලෙසද හැඳින්වූ මොහු ගොංගාලේගොඩ බණ්ඩා ලෙසින් 1848 කැරැල්ලේ නායකයා විය.

ගොංගාලේගොඩ බණ්ඩා මුලින් පොලිසියේ සේවය කළ නිලධාරියෙක් බව සඳහන් ය. උඩරට මාර්ගයේ ප්‍රවාහන කටයුතු හා සම්බන්ධව සිට උඩුනුවර ගොංගාලේගොඩ නම් ගමේ පදිංචියට යාම නිසාම ඔහුට ගොංගාලේගොඩ බණ්ඩා යන නම යෙදෙන්නට වූහ. බණ්ඩා යනු උඩරට පිරිමින් හැදින්වූ සාමාන්‍ය නමක් විය.

උඩරට ජනතාව අතර ජනතා ප්‍රසාදය දිනා ගනිමින් ජනප්‍රිය වූ ගොංගාලේගොඩ බණ්ඩා 1848 කැරැල්ල ආරම්භ වන විට දළදා මාළිගාව අසල සිටියේය. 1848 ජුලි 6 දින ගොංගාලේගොඩ බණ්ඩා නුවර කච්චේරිය ඉදිරිපිට අසාධාරණ බදු පැනවීම්වලට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් මෙහෙය වුයේය. ජාතිමාමක අදහස් ඇති පුද්ගලයන් හා එක්ව නිදහස වෙනුවෙන් ඉංග්‍රීසීන්ට එරෙහිව අභීතව ක්‍රියා කල නිසා ඉංග්‍රීසී ආණ්ඩුව ගොංගාලේගොඩ බණ්ඩා රාජ ද්‍රෝහියෙකු ලෙස නම් කළේ ය.

මහනුවර පැරැන්දුගල හා මාතලේ නගර ජය ගනිමින් නිදහස් සටනේ ජයග්‍රහණය අභියස සිටිය ද සිංහල නායකයින් අතර තිබූ ආරවුල් නිසාවෙන් මෙම නිදහස් සටන අසාර්ථක වූ අතර ඉංග්‍රීසීන් ගොංගාලේගොඩ බණ්ඩා අල්ලාගෙන නඩු විභාග කලේය.  තම ක්‍රියා පාපෝච්චාරණය කල නිසා මරණ දඬුවමින් නිදහස් කර ගොංගාලේගොඩ බණ්ඩාහට කස පහර දී මලක්කාවට පිටුවහල් කල බව ද 1849 දෙසැම්බර් 01,  ගොංගාලේගොඩ බණ්ඩා මිය ගිය බව ද ඉතිහාසයේ සඳහන් වේ.

අප හට නිදහසේ ජීවත් වීමට හැකි නිදහස් රාජ්‍යයක් බිහි කර දීමට කැප වූ ජීවිත පරිත්‍යාග කල, ජාතිය අවධි කල ගොංගාලේගොඩ බණ්ඩා වන් වීරයන් සදා අප අගය කල යුතුය.


හෙට ලොව දිනන නව නිපැයුම් රචනා

පුරාවස්තු රැක ගැනීමේ වැදගත්කම රචනා

දේශීය නිෂ්පාදන අගයමු රචනා

නවකතාවක් තුළින් සුන්දර අත්දැකීමකට පා තබමු

ශ්‍රී ලංකාවේ ආර්ථිකය රචනා

දේශීය වෛද්‍ය සම්ප්‍රදාය රැක ගනිමු රචනාව



Key words 

ගොංගාලේගොඩ බණ්ඩා රචනාව 

ගොන්ගාලේගොඩ බණ්ඩා රචනාව

ගොන්ගාලේ ගොඩ බන්ඩා රචනා

ගොන්ගාලේ ගොඩ බන්ඩා Ol රචනා

Gongalegoda banda rachana

Comments