Skip to main content

සිංහල රචනා 47 - නවකතාවක් තුළින් සුන්දර අත්දැකීමකට පා තබමු

2020 සාමාන්‍ය පෙළ රචනා

පහත ඡේදය අනුව යමින් වචන 250 කට නොඅඩු රචනාවක් ගොඩ නගන්න.

මම හාන්සි පුටුවක දිගා වී නවකතාවක් කියවමින් සිටියෙමි. ටික වේලාවක් ගත වන විට පොත අතින් ගිලිහී දෑසද පියවෙනු යාන්තමින් මතකය. මහ වනය මැදින් වැටී ඇති පාරක් දිගේ මා ගමන් කරමින් සිටියෙමි. මග දෙපස සත්තු ක්‍රීඩා කරමින් සිටිති. සිංහයෝ සහ වියාගයෝ මුවන් පසු පස එලවති. හද එළිය ක්‍රමයෙන් පතිත වී ගස් අතුවල කොල බබලන්නට විය. මා අතරමං වූවා සේ හැගිණි.


නවකතාවක් තුළින් සුන්දර අත්දැකීමකට පා තබමු

මම හාන්සි පුටුවක දිගාවී නවකතාවක් කියවමින් සිටියෙමි. ටික වේලාවක් ගතවන විට පොත අතින් ගිලිහී දෑසද පියවෙනු යාන්තමින් මතකය. ඝන වනාන්තරයක් මැද වැටී ඇති පාරක් දිගේ මම ගමන් කරමින් සිටියෙමි. මඟ දෙපස විවිධ සත්තු ක්‍රීඩා කරමින් සිටිති. හඳ එළිය ක්‍රමයෙන් පතිත වී ගස් අතු වල කොළ බබලන්න විය. මා අතරමං වූවා සේ හැඟුනි.

නමුදු ක්ෂණයෙන් මා අවදි වූවාක් මෙන් මට දැනිණ. රෑ පහන් වී ඇති හෙයින් මා අන්ධකාරයේම අතු කොළ එහා මෙහා කරමින් ගසක් සෙවනට කෙමෙන් කෙමෙන් ලං වුණි. එතැන්හි කුඩා හා පවුලක් සිටින බෙනයක් මා දුටිමි. ඔවුන් මාගේ අඩි සද්දෙට බිය වී ගැහෙන බවක් මට හැඟුනි. කෙසේ වෙතත් මා ගස සෙවණට ගොස් රෑ පහන් කිරීමට තීරණය කළෙමි. මා හට හිවලන්ගේ හඬ හා බකමූණන්ගේ නාදය දෙසවන් තුළට වැකෙන විට බියක් ඇති වූවද, විඩාව හේතුවෙන් ඉතාමත් ඉක්මනින් සිහි නැති වෙන්නාක් මෙන් නින්දට වැටුනි. එම නින්දෙන් අනතුරුව මා අවදි වූයේ උදේ කාලයේය. එයත් මා හට අධික කුසගින්න හේතුවෙන් අවදි වන්නට ඇතැයි මට සිතුනි. මන්ද මාගේ කුසෙන් නැගෙන හඬ මාගේ කන් වලටද ඉතා දැඩි ලෙස දැනුණු නිසාවෙනි.

කෙසේ වෙතත් මා අවදි වූ විගස අසල තිබූ කුඩා මඩ වලකින් මුහුණ ද අත් පා සෝදා කුසට යමක් සොයාගන්නට වනය මැදින් ගමන් ආරම්භ කළෙමි. එහිදී මා හට ඌරන්, දිවියන්, වඳුරන් වැනි ඉතා දරුණු ගණයේ සතුන්ද, සමනලුන්, හාවුන්, ලෙනුන් වැනි ඉතාමත් අහිංසක සතුන්ද, මුණගැසුනි. ඔවුන්ගෙන් බේරී මා ඉතාමත් සූක්සම ලෙසින් වනයේ ගමන් කරමින් සිටින විට මහ වනය මැද පළතුරු වනාන්තරයකට මාගේ නෙත ගැටුනි.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


එහි එකී මෙකී නොකී සියලු පළතුරු තිබුණි. මා ඉතාමත් ඕනෑකමින් එතනට දිව ගොස් කුස පිරෙන තෙක්ම එක හුස්මට නොයෙක් පලතුරු වර්ග ආහාරයට ගත්තෙමි. මා මීට පෙර නොදැකපු පලතුරු වර්ගද රාශියක් තිබුණි.

මාගේ කුස පිරෙන්නට ආහාර ගත් පසු මට තද නින්දක් දැනෙන්නට විය. මා අසල තිබූ අඹ ගසක් සෙවණේ නින්දට ගියෙමි. නිදි අතරතුර මාගේ දෙසවන් තුළට කවුරු නමුත් මට කතා කරනා සද්දයක් ඇසුනෙමි. ඒ විගසකින් කුතුහලයකින් යුක්ත මා ති ගැස්සි ඇහැරුනෙමි. තවත් මා වැනි කුඩා දරුවෙකු මාගේ උරහිසට තට්ටු කරමින් මා අවදි කරන්නට උත්සාහ දරමින් සිටින අයුරු මා දුටුවෙමි. තවමත් මසිතෙහි රැව් දෙන්නේ මේ සිහිනයක් බවටමයි. කෙසේ වෙතත් අවසානයේ මට සම වූ මිතුරා සමඟින් නිවෙස බලා පිටත්ව යාමට සූදානම් වූවෙමි.

එහිදී මිතුරා සතුව සිතියම් කැබැල්ලක් දක්නට ලැබුණි. ඒ මාර්ගය හරහා ගමන් කරමින් අප දෙදෙනා නිවෙස් වලට යාමට පාර සොයාගත්තෙමි. එහිදී නොයෙක් සතුන්ගෙන් පීඩාවද, වැස්ස, සුළඟ, සූර්යාලෝකයේ හේතුවෙන් අපගේ ගමනාන්තයේ ඉතාමත් කටුක ස්වරූපයක් ගනු ලැබුවද, අවසානයේ මිතුරා හා මා ජයග්‍රහණය කළෙමි.

ටික වේලාවකින් ඉතාමත් ශබ්දයක් මට "හුරේ" යන ලෙසින් කෑ ගැස්සවුනි. ඒ විගස අම්මා සහ තාත්තා මාගේ ළඟට දුවා ආවේය. පසුව මට සිදුවූ සියල්ල හරිහැටි අවබෝධ විය. කෙසේ වෙතත් ඒ ඉතාමත් සුන්දර අත්දැකීමකි.


හෙට ලොව දිනන නව නිපැයුම් රචනා

පුරාවස්තු රැක ගැනීමේ වැදගත්කම රචනා

දේශීය නිෂ්පාදන අගයමු රචනා

නවකතාවක් තුළින් සුන්දර අත්දැකීමකට පා තබමු

ශ්‍රී ලංකාවේ ආර්ථිකය රචනා

දේශීය වෛද්‍ය සම්ප්‍රදාය රැක ගනිමු රචනාව

ගොංගාලේගොඩ බණ්ඩා රචනාව

රූපවාහිනිය හා ළමා පරපුර ගැන රචනාව



Comments