දේශීය වෛද්‍ය සම්ප්රදාය රැක ගනිමු රචනාව
පහත ඡේදය කියවා ඊට අදාලව වචන 250 කට නොඅඩු රචනාවක් ගොඩ නගන්න.
ඖෂධ හිඟය, පුහුණු වෛද්‍යවරුන්ගේ හිඟය මෙන්ම වෛද්‍ය උපකරණ වල හිඟයද හේතුවෙන් මෙරට රෝගීන්ට විදිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අවකාශය අහිමි වෙමින් පවතී. මේ ගැටලු වලට ස්ථිරසාර පිළියම් සොයන අතරේම මෙරටට ආවේණික වූ පාරම්පරිකව පවත්වාගෙන එනු ලබන දේශීය වෛද්‍ය සම්ප්රදායය විදිමත්ව වැඩි දියුණු කිරීම කෙරෙහි ද අවධානය යොමු කිරීම කාලෝචිත ය.
නීරෝගීමත් අනාගතයක් සඳහා දේශීය වෛද්‍ය සම්ප්රදාය යොදා ගනිමු
වර්තමාන ලෝකය තුළ සෑම සියලු දෙයක්ම පාහේ නවීනතාක්ෂණයත් සමඟ දියුණු වෙමින් පවතින බව නොරහසකි. එහිදී වෛද්‍ය විද්‍යාවද ඊට අදාළව පවතිනු ඇත මිනිසාගේ සුවපත්භාවය පිණිස වෛද්‍ය විද්‍යාව බෙහෙවින් අත්‍යවශ්‍ය වන කරුණකි. එය මිනිසා හා නැතිවම බැරි අංගයක් ලෙස දැක්වීම නිවැරැදිය.
නමුදු වර්තමානයේ පවතිනු ලබන නොයෙක් රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කටයුතු කිරීමේදී රෝගීන් සුවපත් කිරීමට හා ඔවුන්ට දීර්ඝකාලීන සුවයක් ලබාදීමට නවීන තාක්ෂණය හා බැඳී පවතින වෛද්‍ය ශිල්පයට නොහැකියාවක් පෙන්නුම් කරනු ලබයි .එහි දී ප්‍රධානතම පිළියමක් ලෙස දේශීය වෛද්‍ය සම්ප්රදාය හඳුන්වාදීමට හැකිවනු ඇත. එහිදී එම සම්ප්රදාය තුළද ඇත්තාවූ වාසිගත තත්ත්වයන් මෙන්ම අවාසි සහගත තත්ත්වයන්ට සාකච්ඡාවට බඳුන් කල හැකිය .නමුදු බොහෝ වශයෙන් මෙය ප්‍රයෝජනවත් වන බව නිගමනය කළ හැකිය.
වර්තමානය සෞඛ්‍ය ගැටළු තුළ ප්‍රධාන වශයෙන් උගත් වෛද්‍යවරුන් වෙනත් රටවල පදිංචියට යාම, නැතහොත් ඉහළ වැටුප් ලබා ගැනීම සඳහා විදෙස් සේවයට යාම ,වැනි කරුණුද, අවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් නොවීම නිසා රෝගීන්ගේ ජීවිතවලට හානි එල්ල වීම් වැනි තත්ත්වයන් හඳුන්වා දිය හැකිය.
සිංහලයේ හෙළ වෛද්‍ය ශිල්පයට මුල් තැනක් දීම තුළින් අපට බොහෝ වාසි ප්රයෝජනයන් ලබා ගත හැකි වනු ඇත .එහිදී තම සංස්කෘතික මෙන්ම ඓතිහාසික වටිනාකමෙන් යුත් දේශීය වෛද්‍ය සම්ප්රදාය අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින් මෙරට රැකියා හිඟතාවය අවම වී රැකියා අවශ්‍යතාවයන් සපුරාලනු ලබයි .වෛද්‍ය උපකරණ හා අනෙකුත් බෙහෙත් ද්‍රව්‍ය විදේශ රටවලින් ගෙන්වා ගැනීමට යන වියදම් කොටස් පහළ බසිනු ලබයි .
දීර්ඝකාලීන අතුරු ආබාධ වලින් තොර ඉතාමත් නිරෝගිමත් ජන පිරිසක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනු ඇත. තවද විදේශිකයන් පවා අප රටෙහි පවත්නා සම්ප්‍රදායික වෛද්‍ය ශිල්පයට යොමුවීම තුළින් විදේශ විනිමයක් හා අප ඖෂධ ක්‍රම ශිල්පයට වෙළඳපොළ දැවැන්ත නාමයක් නිර්මාණය කළ හැකි වනු ඇත.
මෙහිදී ඖෂධ හිඟය පුහුණු වෛද්‍යවරුන්ගේ හිගය මෙන්ම වෛද්‍ය උපකරණ වල හිඟයද ,හේතුවෙන් මෙරට රෝගීන්ට විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අවශ්‍යතාවය අහිමි වෙමින් පවතී. මේ ගැටලුවට ස්ථිරසාර පිළියම් සොයන අතරතුර මෙරට ආවේණික වූ සාරම්පරිකව පවත්වාගෙන එනු ලබන දේශීය වෛද්‍ය සම්ප්රදාය විධිමත්ව වැඩිදියුණු කිරීම කෙරෙහි ද අවධානය ලබාදීම ,කාලෝචිත බව මෙයින් ඉතාමත් පැහැදිලි වනු ඇත.
මාර්ග ගත අධ්‍යාපන ක්රමයේ අභියෝග ජය ගනිමු රචනාව
Key words
දේශීය වෛද්‍ය සම්ප්රදාය රචනා
දේශීය වෛද්‍ය විද්‍යාව රචනාව
හෙල වෙදකම රචනාව
හෙළ වෛද්‍ය සම්ප්රදාය රැක ගැනීම
දේශීය වෛද්‍ය සම්ප්රදාය pdf
Comments