Skip to main content

රූපවාහිනිය හා ළමා පරපුර රචනාව

පහත ඡේදය කියවා ඊට අදාලව රචනාවක් ගොඩ නගන්න.

කාටූන් යනු මෙරට ළමා පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් විශේෂයකි. බහුතරයක් කාටූන් නිර්මාණ වල අන්තර්ගත වන්නේ විදේශීය පසුබිමක් සහිත අද්භූත කතා ප්‍රවෘත්තීන්ය. 

ළමුන් අතර වඩාත් ජනප්‍රිය මෙම නිර්මාණ විශේෂය සඳහා ශ්‍රී ලාංකේය සමාජ සංස්කෘතික පසුබිම පිළිබඳ කියවෙන ජන කතා යොදා ගැනීමට අවධානය යොමුකල හොත් දේශීය සම්ප්‍රදායයේ පැතිකඩ ගණනාවක් ළමා මනසෙහි රෝපනය කල හැකිය.


කාටූන් රූපවාහිනී වැඩසටහන් සමග දේශීය සම්ප්‍රදායන් කැටිකොට දෙමු

තප්පරයෙන් තප්පරය, දිනෙන් දින, දියුණු වෙමින් පවතිනු ලබන නවීන තාක්ෂණය හා උරට උර ගැටෙන වර්තමාන ලොව තුළ දේශීය සම්ප්‍රදායන්ට මුල් තැනක් දේවිද? යන පැනය පැන නගිනු ලබයි. මන්ද, වර්තමාන කාර්ය බහුල ලොව තුළ විදේශීය ආධිපත්‍ය ප්‍රභල ලෙස ශ්‍රී ලංකාවෙහි දක්නට ලැබීම එයට හේතුවයි. 

එහිදී ප්‍රධාන වශයෙන් වයස් සීමාවන් කිහිපයකට වෙන් කිරීමේදී එහි ප්‍රාථමික කොටස ලෙසින් කුඩා දරුවන් පෙන්වාදිය හැකිය. ඔවුන් වර්තමානයේ විදේශ ආධිපත්‍යයට යටත් වෙමින් පවතින කාලවකවානුවක අප සිටීම අසතුටට කරුණක් වන බව නොඅනුමානය.

විශේෂයෙන්ම ළමා පරපුර ගැන සාකච්ඡාවට බඳුන් කිරීමේදී කාටුන් යනු ඔවුන් අලලා තබන ප්‍රධාන අවියක් ලෙසින් දැක්වීම නිවැරදිය. වර්තමානයේ දරුවන් රූපවාහිනිය තුළින් කාටුන් නැරඹීම තුළින් යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල රැසක් උදාකර ගනු ලබයි. කාටූන් නිර්මාණ බොහොමයක් ලංකාවට විදේශයන් ගෙන් ගෙන්වන ලද ඒවා වේ. එබැවින් මේ කාටූන් නිර්මාණයන්හි බහුතර කාටුන් නිර්මාණවල අන්තර්ගත වන්නේ විදේශීය පසුබිමක් සහිත අද්භූත කතා ප්‍රවෘත්තීන්ය. එසේම බොහොමයක් කාටූන් වල එකම අන්තර්ගතය ප්‍රචන්ඩත්වය වේ. 

ළමුන් අතර වඩා ජනප්‍රිය මේ කාටූන් නම් නිර්මාණ විශේෂය සඳහා ලාංකීය සමාජ සංස්කෘතිය පසුබිම පිළිබඳ කියවෙන ජනකතා ආදිය යොදා ගැනීමට අවධානය යොමු කළහොත් දේශීය සම්ප්‍රදායේ පැතිකඩවන් ගණනාවක් ළමා මනස තුළ ඉතා පහසුවෙන් ධාරණය කළ හැකි බව කිව යුතුය.

කුඩා කාලය තුළ සිට දරුවාගේ මනසෙහි රැඳෙනු ලබන දේවල් තුළින් ඔවුන් ඔවුන්ගේ අනාගතය ද ගොඩනගා ගනු ලබන බව නිසැකය. එබැවින් කුඩා කල සිට ඔවුන් විනෝදය හා ආස්වාදය පෙරටු කර ගනිමින් රස වින්දනය කරනු ලබන රූපවාහිනී කාටුන් තුළින් ළමා පරපුරෙහි මනස ඉතාමත් නිරවුල් නිවැරදි ඉතාමත් දාර්ශනික අදහස්වලින් පිරිපුන් අයුරින් සකස් කරලීමට අවශ්‍ය වන්නේ බටහිරයන්ගේ අද්භූත පබදුම් නොවන බවත්, සිංහලයන්ගේ අතීත ගැමි ජනකතා වැනි දේ බවත් ඕනෑම පුද්ගලයකුට සිතිය හැකි කරුණකි.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


මන්ද ජනකතා වැනි දේශීයත්වය ජාතිකත්වය දේශඅභිමානය දනවන නිර්මාණ දරුවන් කුඩා කල සිට රසවිඳීම තුළින් ඔවුන් තම රට ජාතිය ආගම පිළිබඳ මහත් අභිමානයෙන් කටයුතු කරන බව නොඅනුමානය. එබැවින් මෙම කාටූන් නිර්මාණ තුළින් තම රටට දැයට ආදරය හා ගෞරවය දක්වන පිරිසක් කුඩා අවධියේදී පටන් නිර්මාණය කළ හැකි බව අපට ඉතාමත් නිරවුල් ලෙසින් පැහැදිලි වන කරුණකි.

'අපේකම' සුරැකීමේ ප්‍රධාන අවියක් ලෙසින් හා අපේ දේ සඳහා ආදරය, අභිමානය දනවන පිරිසක් ලෙසින් කුඩා දරුවන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට ප්‍රබල අවියක් ලෙසින් දේශීයත්වය කැටිකොට ගත් ජනකතා ආදිය ඇසුරින් නිර්මාණය කොට ගත් කාටූන් භාවිත කළ හැකිය.

මේ ආකාරයට ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කිරීම උදෙසාත් දරුවන් තම දේශියත්වයට ඇති රුචිය වර්ධනය කිරීම උදෙසාත් ඔවුන්ට රූපවාහිනිය තුළින් නැරඹීමට දේශීය සම්ප්‍රදායන්ට මුල් තැන දෙනු ලබන කාටුන් වැඩසටහන් නිර්මාණය කිරීමට හා ඒවා විකාශනය කිරීමට මාධ්‍ය ආයතන වග බලා ගත යුතු සේම එකී දේශීයත්වය අන්තර්ගත කාටූන් පමණක් දරුවන්ට නැරඹීමට ඉඩ හසර ලබාදීමට අපත් වග බලාගනිමු.



Key words 

කාටූන් සහ ළමා පරපුර රචනා

කාටූන් වල හොඳ සහ නරක රචනාව

වර්තමාන ළමා පරපුර රැක ගනිමු

කාටුන් සහ ළමා මනස රචනා pdf

රූපවාහිනියේ වාසි අවාසි රචනා

රූපවාහිනිය සහ කාටූන් වැඩසටහන්




Comments