Skip to main content

සුසන්තිකා ජයසිංහ ගැන රචනාව

සුසන්තිකා ජයසිංහ පිළිබඳව තොරතුරු රචනාව

සුසන්තිකා ජයසිංහ යනු අපට ආදර්ශීය චරිතයකි. සුසන්තිකා ජයසිංහ පිළිබඳව විස්තර ඇතුළත් රචනාවක් ලියන්න.


සුසන්තිකා ජයසිංහ 

සුසන්තිකා ජයසිංහ යනු කාහටත් මහත් ආදර්ශී චරිතයකි. එසේ වන්නේ හුදෙක් ඇය ඔලිම්පික් පදක්කමක් දිනා ගත් නිසාම පමණක් නොව, සුසන්තිකා ජයසිංහ යනු පහලම සමාජ ආර්ථික මට්ටමක සිට තම ජීවිතය ජය ගත් දිරිය කාන්තාවක් නිසාය. කොළඹට තරමක් කිට්ටු වූවද කුඩා ගමක දිළිඳු පවුලක උපන් සුසන්තිකා ජයසිංහ හට බොහෝ බාධක, දුක් කරදර වලට මුහුණ දීමට සිදුවිය.

පුහුණු කරුවෙකු හෝ නොමැතිව තනිව පුහුණු වීම් සිදු කිරීමට ඇයට සිදුවිය. පුහුණු උපකරන හෝ සපත්තුවත් ඇයට නොතිබිණ. ඇයට දිවීමට අවශ්‍ය සපත්තු වල මිල පවුලේ මාසික ආදායමටත් වඩා වැඩි වූ බව සඳහන් වීමෙන්ම ඇය මුහුණ පෑ ගැටලු පිළිබඳව අපට සිතා ගත හැකිය.

කෙසේ වෙතත් බාධක මැඩගෙන ග්‍රීෂ්ම ඔලිම්පික් තරඟ හා IAAF ලෝක ශූරතා තරග වලින් පදක්කම් ලබා ගැනීමට සුසන්තිකා ජයසිංහ සමත් වීය. අනේකවිධ කැප කිරීම් කර, අනේකවිධ දුක් වේදනා මැද පෙන්වූ දක්ෂතා හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණු වීම් කිරීමේ භාග්‍යය සුසන්තිකා ජයසිංහ හට ලැබිණ. 

ශ්‍රී ලාංකිකයන් හටද අන්තර්ජාතික මට්ටමේ තරග කිරීමට හැකි බව ලොවට කියා පෑ 2000 ඔලිම්පික් තරගාවලියේ දී, මීටර 200 කෙටි දුර ධාවන තරගයේ ලෝකඩ පදක්කම දිනාගනිමින් සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකා නාමය ලොව පුරා බැබල වීය. එම තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත් ක්‍රීඩිකාවට තහනම් උත්තේජක චෝදනා එල්ල වීම නිසා පසුව ඇයට රිදී පදක්කම හිමි වීය. 

1998 දී සුසන්තිකා ජයසිංහ හට ද තරග තහනමක් පනවා ඇත්තේ තහනම් උත්තේජක භාවිත කලා යැයි පවසමිනි. සුසන්තිකා ජයසිංහ පවසන පරිදි දේශපාලන ගැටළු හා ක්‍රීඩා නිලධාරීන් අතර ගැටළු වල ප්‍රතිඵලයක් ලෙස එම තරග තහනම පනවා ඇත. කෙසේ වෙතත් පසුව එම තරග තහනම ඉවත් කර සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව නිදොස් කර ඇත. සුසන්තිකා ජයසිංහ මුහුණ දුන් දුෂ්කරතා මෙතෙකැයි කිව නොහැක. ඔලිම්පික් පදක්කම දිනා ලංකාවට පැමිණි පසු පිරිමි ධාවන තරග කරුවෙකු සුසන්තිකා ජයසිංහට පහර දී තිබුණි. ඒ සඳහා ද හේතු වූයේ දේශපාලන ගැටලුව කි.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.  


අගහිග කම් පිරි සුසන්තිකාගේ ජීවිතය ඉතා දුෂ්කර වූවකි. ඔලිම්පික් පදක්කම දිනා ගන්නා තෙක්ම ඇයට හවුහරණක් නොවීය. ඔලිම්පික් පදක්කම දිනා ගත් පසු ඇයට රජයෙන් අරමුදලක් පිරිනමන ලදී. ඇමරිකාවේ ලොස් ඇනජලීස්හී පදිංචියට ගියද පසුව සුසන්තිකා ජයසිංහ ක්‍රීඩා පුහුණු කාරිනියක ලෙස ලංකාවට සේවය කලේය. 2009 වසරේ සුසන්තිකා ජයසිංහ මව් පදවියට පැමිණියහ. 

සුසන්තිකා ජයසිංහගේ චරිතය තුලින් අපට ගත හැකි ආදර්ශ බොහෝය. ආර්ථිකයට හෝ සමාජ තත්ත්වයට අපගේ ගමන නැවැත්වීමට ඉඩ නොදිය යුත්තේ අපමය. උත්සාහය හා කැපවීම තුල ඕනෑම කාර්යයක් සාර්ථකව නිම කල හැකිය. අප වටා ඉන්නා පිරිස් තම තමන්ගේ අපේක්ෂා වාසි තකා ක්‍රියා කිරීම සාමාන්‍යය. ඔවුන්ගේ ක්‍රියා තුලින් කඩා නොවැටී අපේ ගමන අපි යා යුතුය. දක්ෂතා සපිරුණද ජීවිත ගැටළු වලට මුහුණ දීමට අපොහොසත් වීම නිසා ලක් මෑණියන්ට කොතරම් පදක්කම් අහිමි වන්නට ඇති ද?. ක්‍රීඩාව යනු ජීවිතයම කරගත් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක ගැනීම අපගේ වගකීමය.


මාර්ග ගත අධ්‍යාපන ක්‍රමයේ අභියෝග ජය ගනිමු රචනාව



Key words 

සුසන්තිකා ජයසිංහ යනු

සුසන්තිකා ජයසිංහ රචනා

සුසන්තිකා ජයසිංහ

සුසන්තිකා ජයසිංහ තොරතුරු

සුසන්තිකා ජයසිංහ විස්තර pdf

සුසන්තිකා ජයසිංහ ජීවිත කතාව

Susanthika jayasingha rachana

Comments