ජාතික කොඩිය යනු රටක් ජාතියක් පිළිබඳ හැගීම් උපදවන, ජාතියක අනන්‍යතාව තහවුරු කරන ප්‍රබල අංගයක් වේ. ඕනෑම රටක නම කියූ සැනින් එහි ජාතික ධජය සිහියට නැගෙන සුලුය. ශ්‍රී ලංකාව යන නම සමග ද එසේ අපගේ ජාතික කොඩිය වන සිංහ කොඩිය සිහියට නැගෙනුයේ නිරායාසයෙනි.
විජය කුමාරයා ලංකාවට ආ කල සිට පටන් සිංහයාගේ රුව රාජ්‍ය කොඩියට භාවිත වී ඇති බව සඳහන් වේ. කලින් කලට වෙනස්කම් වලට භාජනය වෙමින් නූතන ශ්‍රී ලංකා ධජය, ජාතික කොඩිය හෙවත් සිංහ කොඩිය නිර්මාණය වී ඇත.
දඹුලු විහාරයේ ඇති දුටු ගැමුණු රජතුමාගේ කොඩිය දැනට ශ්‍රී ලංකාවේ ඇති පැරණිම කොඩිය වන අතර එහි ද සිංහ ලාංජනය දැක ගත හැකි වේ.
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය හා බැඳි ප්‍රසිද්ධ පුවතක් ලෙස 1815 උඩරට රාජ්‍යය ඉංග්‍රීසීන්ට යටත් වූ අවස්ථාවේ ඉංග්‍රීසි බටයෙකු සිංහ කොඩිය බිම දා ඉංග්‍රීසි කොඩිය එස වූ විට වාරියපොල සුමංගල හිමියන්ගේ අභීත සටනින් නැවත සිංහ කොඩිය එස වූ පුවත සඳහන් කල යුතුය. ඒ තුලින්ම සිංහ කොඩියෙහි වටිනාකම අපට පැහැදිලි වේ.
1948 නිදහසින් පසුව මහාමාන්‍ය ඩී. එස් සේනානායක මහතා පත් කල කමිටුවේ අධීක්ෂණය මත ජේ.ඒ.ඩී.පෙරේරා සහ එස්.ජී.චාර්ලිස් යන මහත්වරුන් නූතන ජාතික කොඩිය නිර්මාණය කලේය.
1952 සහ 1972, 1978 යන වසර වල ජනරජ දින සැමරුම් වලදී ජාතික කොඩියට යම් යම් වෙනස්කම් එකතු කර ඇති අතර සිංහ කොඩියේ ඇති සෑම සලකුණකින්ම යම් යම් විශේෂ අර්ථ සංකේත කරයි.
ජාතික කොඩියෙහි සිංහයා සහිත රතුපාට කොටුව බහුතර සිංහල ජනයා නිරූපණය කරයි. කොල පාට තීරුව මුස්ලිම් ජනයා ද, තැඹිලි පැහැ තීරුව ද්‍රවිඩ ජනයා ද නිරූපණය කරයි.
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන පරම සත්‍යය නිරූපණය වන පරිදි බෝ කොල සතරක් සිංහයා සහිත කොටුවේ කොන් සතරෙහි දක්වා ඇත.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
ජාතියේ එඩිතර බාවය නිරූපණය කරන සිංහයාගේ විවිධ අංග මගින් ද බොහෝ අර්ථ සංකේතවත් කර ඇත. නිදසුන් ලෙස සිංහයාගේ කේසර මාලා තුන බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය නිරූපණය කරයි. සිංහයාගේ දිව පාලකයාගේ සත්‍යවාදී බව නිරූපණය කරයි. වලිගයේ කේෂර කැරලි අට මගින් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිරූපණය කරයි. තවද සිංහයා අත ඇති කහ පාට අසිපත මගින් අසාධාරණයේදී සටන් වැදීම සහ එය ධර්මයට අනුව සිදුකරන බව පෙන්වයි.
මෙසේ බලන විට පෙනීයන කරුණක් වනුයේ ප්‍රධාන වශයෙන් බුදු දහම හා බැදි අර්ථ රාශියක් ගැබ් කර ජාතික කොඩිය නිර්මාණය කර ඇති බවයි. බොහෝ වටිනාකම් සහිත මෙම සිංහ කොඩිය නිදහස් දින සැමරුම ඇතුලු විශේෂ රාජ්‍ය උත්සව අවස්ථාවන්හි දී ඔසවා තබයි. එසේම ජාතික ශෝක දිනයන්හී දී ජාතික කොඩිය අඩකුඹු කරීම එනම් කොඩි ගසෙහි ඉහළටම ඔසවන ලද ජාතික ධජය කොඩි ගසේ උසින් තුනෙන් එකක ප්‍රමාණයක් ඉහළ සිට පහත් කිරීම සිදු කරයි.
රටේ ජාතික කොඩිය මගින් ආඩම්බරයක් ගෙන දෙනුයේ ඒ රටේ ජනතාවට, එනම් අපටම වන බැවින් ජාතික කොඩිය හා සම්මත නීති හා සාම්ප්‍රදායන්ට අනුගත වෙමින්, අපි අපගේ ජාතික කොඩිය නිසියාකාරව භාවිත කරමින්, නොමද ගෞරවය පුද කරමු.
මාර්ග ගත අධ්‍යාපන ක්‍රමයේ අභියෝග ජය ගනිමු රචනාව
Key words
ජාතික කොඩිය
ජාතික ධජය
ජාතික කොඩිය විස්තර
ජාතික කොඩිය රචනාව
ජාතික කොඩිය ගැන රචනා
ජාතික කොඩිය පිළිබඳව රචනා
ජාතික කොඩිය සිංහ කොඩිය
සිංහ කොඩිය රචනා
Comments