Skip to main content

සිංහල රචනා 39 - මම කුරුල්ලෙක් වෙමි රචනා

මම කුරුල්ලෙක් වෙමි රචනාව

ඔබ කුරුල්ලෙකු යැයි සිතා කුරුල්ලෙකුගේ ජීවිතය පිළිබඳව වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න.


මම කුරුල්ලෙක් වෙමි 

සැහැල්ලු බවේ සංකේතය පක්ෂීහුය. මමද පක්ෂියෙකු වීම තුළින් මා ලද සැහැල්ලුව කෙතරම්ද කියා වචනයෙන් විස්තර කළ නොහැකිය. මා අපූර්වතම වූ, සුන්දර ලෝකය දෙස ඉහල අහසේ වළාකුළු අතර හිඳ නරඹමි. එය ඉතාමත් දැකුම්කලුය, ප්‍රියජනකය, දුටුවන්ගේ සිත් ඇද බැඳ තබා ගන්නා දසුනකි. එහෙයින් මාගේ සිතුම් පැතුම් හැමවිටම නිල්වන් ගුවන්තලේ රන්වන් තරු කැට අතර විසිරී පවතී. මෙය මහා පුදුම ලොවකි. මෙම තාරකා අතර තවත් ග්‍රහලෝක නොයෙක් ගණනින් ඇති බව මා දනිමි. තවද එහි අප වැනි පක්ෂීන් මෙන්ම ඉතා අපූරු ගණයේ ජීවීන් ද වෙසෙන්නට ඇතැයි මාගේ සිත ඈත දුර ගමන් ගොස් සිතා බලයි.

මිනිසුන් හා වෙනත් සිවුපා සතුන්ද උරගයෝ ද, ගොඩබිම වාසය කරති. මත්සයෝ දියෙහි වාසය කරති. එහෙයින් ඔවුනොවුන්ගේ ශරීර ගොඩබිමට හෝ දියට හෝ සරිලන සේ නිර්මිතව තිබේ. අප වැඩිපුර හැසිරෙන්නේ අහසෙහිය. අපගේ ශරීරය අහසේ හැසිරීමට සුදුසු අයුරින් සෑදී ඇත. ගොඩබිම ජීවත්වන සතුන්ගේ ශරීරයේ බර මහ පොළොව උසුලයි. ජලයේ වූවද මත්ස්‍යයන්ගේ ශරීරය දරා සිටින්නට තරම් වන ශක්තියක් පැවතිය යුතුය. එහෙත් අප හට වාතයෙහි පියබන්නට වන හෙයින් අපගේ ශරීර වඩා සැහැල්ලු ලෙස නිර්මාණය විය යුතුය. එහෙයින් අපගේ සිරුරු වඩාත් සැහැල්ලු අයුරින් සෑදී තිබේ.

අප බිජුවලින් උපදින සතුන්ය. තණපත්, අතු රිකිළි, ආදිය අවුලා තැනූ කැදැල්ලක හෝ බෙනයක බිත්තර දමයි. බිත්තර පුපුරා එළියට එන පැටව් පිහාටු වැඩී ඉගිලී යන තෙක් අපගේ මවුපිය පක්ෂීන් විසින් පෝෂණය කෙරෙති. ඇතැම් කුරුලු දෙමාපියන් ධාන්‍ය හා ඇට වර්ගද ඇතැම් කෘමි සතුන්ද පණුවන්ද ආහාරයට ගනිති. උකුස්සන් රාජාලියන් වැනි මාගේ සහෝදර පක්ෂීහු සාවුන් හා බැටළුවන් පවා මරාගෙන ආහාරයට ගනිති. උන්ගේ හොට පාද මෙන්ම සිරුර ආහාර හා හැසිරීම ඒ අනුව හැඩගැසී තිබේ.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


අප විටක ගොවියාගේ මිත්‍රයෙකි. භෝගවලට හානි කරන කෘමි සතුන් අල්ලා කෑමෙන් අප ගොවිතැනට කරන්නේ සුළුපටු උපකාරයක් නොවේ. ගිරවුන්, මයිනන්, සැළලිහිණියන් වැනි සමහර මාගේ සහෝදර කුරුලු මිත්‍රයන් මිනිසුන්ගේ වචන අනුකරණය කිරීම නිසා ලොකු කුඩා කාගේත් ආදරය ලබන්නෝ වෙති. ඇතැම් වනාන්තර ප්‍රදේශවල අප ඇතුළු වන සතුන් මැරීම තහනම් කරන ලද අභයභූමි පිහිටුවා තිබේ. කුරුලු ග්‍රහණය රැකීමට රජය දරන උත්සාහයට අනුබල දීම අප කාගේත් යුතුකමකි. එබැවින් කුරුල්ලෙකුගේ ජීවිතය ඉතාමත් සුන්දර ලෙසින් පිටතින් පෙනුනද එහි අභ්‍යන්තර අමිහිරි අත්දැකීම් ලබා ගැනීමට කුරුල්ලෙකුම විය යුතුය.



Key words 
මම කුරුල්ලෙක් වෙමි රචනාව
මම කුරුල්ලෙක් නම්
මම කුරුල්ලෙක්මි 
මම කුරුල්ලෙක් වෙමි රචනා pdf


Comments