Skip to main content

වැස්ස රචනාව

වැස්ස යන ස්වභාවික සංසිද්ධිය ජීවී අජීවී වස්තූන්ට ඍජුවම බලපෑම් කරයි. ජීවය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන මේ වැස්ස පිළිබඳව රචනාවක් ලියන්න. 


වැස්ස

සොබාදහම් මාතාවගේ අපූර්වතම වූ හාස්කමක් ලෙසින් වැස්ස උපමාවට බඳුන් කළ හැකිය. මන්ද වැස්ස හේතුකොට ගෙන බාහිර පරිසර කලාපීය සියලූම සංසිද්ධීන් සිදුවන බැවිනි. වැස්ස යනු වායුගෝලීය ජල වාෂ්ප ගනීබවනය වීමෙන් පසු ජනිත වන සහ ඉන්පසු බර අධික වීම නිසා ගුරුත්වය යටතේ ඇද වැටෙන බිඳිති ආකාරයක ද්‍රව ජලය වෙයි.

වැස්ස ප්‍රධාන හේතු කාරකයක් කොට ගනිමින් සිදුවන ක්‍රියාදාමයක් ලෙස ජල චක්‍රය හැදින්විය හැකිය. වැස්ස සහ එකී ජල චක්‍රයෙහි ක්‍රියාකාරීත්වය තුළින් මෙපමණකැයි කියා ගත නොහැකි තරම් ප්‍රයෝජනවත් දෑ සිදුවෙයි. ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය සඳහා වැස්ස මහත් ලෙසින් උපයෝගී වනු ලබයි. එහි දී වී ගොවිතැන, එළවළු වගාව හා අනෙකුත් සියලූම වර්ගයේ වගාවන් සඳහා ප්‍රමාණවත් ස්වභාවික ජල ප්‍රමාණයක් ලබා දෙමින් පස සාරවත් කරමින් ඵලදාව වැඩි දියුණු කිරීමට වර්ෂාව බෙහෙවින් උපකාරී වනු ඇත.

එමෙන්ම වැස්ස තුළින් නවීන ලෝකයක් සඳහා වර්තමානය තුළ ඉතාමත් වැදගත් වෙන විදුලියද උත්පාදනය කළ හැකිය. එනම් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජල සම්පත සැපයීම වැස්ස මගින් සිදු කරනු ලබයි. අහස් ගැබ තුළින් කිහිප ආකාරයක් මගින් පොළොවට ජලය ලැබෙනු ඇත. එහිදී අයිස්, හිම, තුෂාර, ද්‍රවමය යන ආකාරයෙන් ජලය භූමියට පතිත වීම බලාපොරොත්තු විය හැකිය.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 




තවද පානීය ජල පහසුකම් මෙම වර්ෂාව මගින් සපුරා ගනු ලබයි. අනුරාධපුරය, පොළොන්නරුව වැනි වැස්ස හිග ප්‍රදේශ වල වැසි ජලය වැව් අමුණු බැද රැස් කර තබා ගනියි. වැස්ස නොමැති, එනම් කාන්තාර ප්‍රදේශ එසේ වීමට ප්‍රධාන හේතුව වනුයේ  වැසි බිංදු පොළොවට නොයන අතර ඒවා මගදී නැවත වාෂ්ප වී යන බැවිනි.

එසේම වැස්සෙහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵලද රාශියකි. වැස්ස අධික වීම නිසා ගංවතුර ගැලීම්, නාය යාම් වැනි දේ සිදුවීම තුළින් දේපළ හානි මෙන්ම ජීවිත හානිද සිදුවීමට ඉඩකඩ ඇත. 

නිසි ලෙස වැස්ස ලැබීමටත් ජලය පස තුල රදවා ගැනීමටත් ප්‍රධාන වනුයේ ගස් වැල්ය. හැකි තාක් ගස් වැල් සිටුවා ගැනීමෙන්, සොබාදහම විසින් අපට තිළිණ කර ඇති මේ "වැස්ස "නම් වූ උතුම් දායාදය අප ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතුය.


Key words 

වැස්ස 
වැස්ස රචනය 
වැස්ස රචනාව
වැස්ස පිළිබඳව රචනා
වැස්ස ගැන රචනය
වැස්ස ගැන රචනා ලිවීම
වැස්ස ගැන රචනා 9 වසර
වැස්ස රචනය pdf
වැස්ස රචනා pdf download 
වැස්ස ගැන රචනා 8 වසර
වැස්ස ගැන රචනා 7 වසර
වැස්ස රචනා


Comments