වැඩිහිටියන්ට ගරු කරමු රචනාව
වැඩිහිටියන්ට ගරු කරමු
තත්පරයෙන් තත්පරය දිනෙන් දින දියුණුවන වර්තමාන ලෝකය තුළ ඉතා දැවැන්ත කොටසක් ලෙසින් වැඩිහිටියන් නම් කිරීම නිවැරදි වනු ඇත. වැඩිහිටියන් යනු අපට වඩා වයසින් අත්දැකීම් වලින් වැඩි පිරිසයි. ඒ අයගේ ශක්තිය මත අද ලෝකය ගොඩනැගී ඇති බැවින් අපි ඒ මිනිසුන් උදෙසා අනිවාර්යයෙන්ම ගරු කිරීම හා සැලකීම යුතුකමක් වශයෙන් ඉටුකළ යුතුය.
කොතරම් දියුණු තත්ත්වයේ රටක්, ලොවක් නිර්මාණය වුවද වැඩිහිටියන්ට ගරු නොකරන්නවුන් ඉන්න තාක් කල් එය පිරිහීමට හේතුවක් වනු ඇත. එබැවින් නම්, ගම් ලෙසින් අයිතිවාසිකම් නොකියා රටවාසී, ලෝකවාසී සියලු වැඩිහිටි පිරිස සඳහා ඉතාමත් ආදරයෙන් යුතුව ගෞරව කළ යුතුව ඇත. එහිදී පාර මාරුවීමට නොහැකි අසරණ වැඩිහිටි පුද්ගලයෙකු සඳහා එම කාර්යයට උපකාර කිරීම වැනි සුළු කටයුත්තක් නිදසුනක් ලෙස ගත හැකිය. තවද බසය තුළ වැඩිහිටි අයෙකු දුටු විට තමාගේ අසුන පරිත්‍යාග කිරීම, තවද පාර තොටේදී හමුවන මහලු වැඩිහිටි අයවරුන් සඳහා හැකි පමණින් උපකාර කරමින් ඔවුනට ලැබිය යුතු නිසි ගෞරවය ලබා දීමට කටයුතු කළ යුතුය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
අපට කවා පොවා උස්මහත් කොට සමාජය ඉදිරියේ යහපත් පුරවැසියන් බවට පත් කළ දෙමාපියන්ට සැලකීම අප කොයි කවුරුත් අමතක නොකළ යුතු කරුණකි. වර්තමාන ලොව තුළ දරුවන් විසින් තම දෙමාපියන් සහ වැඩිහිටි පිරිස් අනාත නිවාස, මහළු මඩම් මෙන්ම මගවීදියේ දමා ගොස් ඇති බව අපට නිතර නිතර සමාද මාධ්‍ය ජාලා තුළින් අසන්නට දකින්නට ලැබෙන ඇස් කන් වලට අමිහිරි පුවත් ලෙසින් දැක්විය හැකිය.
වර්තමානයේ බොහොමයක් වැඩිහිටියන් ගෙවනු ලබන්නේ ඉතාමත් කර්කශ වූ පීඩාකාරී ජීවිතයකි. නමුත් ඔවුන් එලෙසින් ජීවත් විය යුතුව නැත. මන්ද ඔවුන් කුඩා කල ඉතාමත් ආදර කරුණාවෙන් යුතුව දරුවන් ඇති දැඩි කොට උස් මහත් කළ හෙයින් ඔවුන්ට ඒ ආකාරයෙන්ම දරුවන් විසින් සැලකීම හා ගරු කිරීම කළ යුතුව ඇත.
වැඩිහිටියන් යනු ජාතික වස්තුවකි. අප විසින් ඔවුන් රැකගත යුතුව ඇත. ලොවක් තැනීම උදෙසා වැඩිහිටියන් ඉතාමත් විශාල පරිශ්‍රමයක් දරා ඇත. එබැවින් ඔවුන්ට ගරු කරමින් ඔවුන් රැක බලා ගැනීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමකි.
Key words
Comments