Skip to main content

වැදි ජනයාගේ සිරිත් විරිත් හා ඇදහිලි විශ්වාස

වැදි ජනයාගේ සිරිත් විරිත් ඇදහිලි හා විශ්වාස සම්බන්ධව කරුණු දක්වමින් රචනාවක් ගොඩ නගන්න.


ආදිවාසීන් නැතිනම් වැදි ජනතාවට ආගමක් නොමැති වීම විශේෂ කරුණකි. ඒ වෙනුවට ආදිවාසීන් මලවුන් ඇදහීම නැතිනම් නෑ යක්කුන් ඇදහීම සිදු කරනු ලබයි. යාදිනි සහ කිරි කොරහ නැටීම මගින් සශ්‍රීකත්වය ලැබෙන බවට ලොකු විශ්වාසයක් ආදිවාසීන් තුල පවතී. විශේෂයෙන් මොවුන්ගේ විශ්වාසයන් බොහොමයක් ගොඩ නැගී ඇත්තේ ජීවිතය හා බැඳුන කරුණුකාරනා සාර්ථක කර ගැනීමට බව කිව යුතුය.

වැදි ජනයාගෙන් අයෙක් මිය ගිය පසු එම මියගිය තැනැත්තා නෑයකුන් ලෙස ඉපිද අවට පරිසරයේ සැරිසරන බව ආදිවාසීන් විශ්වාස කරයි. යාදිනි සහ වැද අඩුක්කු දීමේ අරමුණ වනුයේ එම නෑයකුන් සතුටු කිරීමයි. දඩයම් සරුකර ගැනීමට, ලෙඩ රෝග සුව කර ගැනීමට, ගොවිතැන් සරු කර ගැනීමට, ඹබර පැණි සරු කර ගැනීමට ආදිවාසීන් විවිධ ශාන්ති කර්ම සිදු කරමින් තම නෑ යක්කුන් ඇදහීම සිදු කරයි. 

කළු බණ්ඩාර දෙවියෝ, කුකුළා පොල කිරි අම්මා, ඉරුගල් බණ්ඩාර දෙවියෝ, සඳු ගල් බණ්ඩාර දෙවියෝ ආදී මල ගිය නෑයකුන්ගේ පොරව, දුන්න, මාල වළලු ආදියට වැදුම් පිදුම් කිරීම ආදිවාසීන් සිදු කරනු ලබයි. 

ආදිවාසීන්ගේ සුවිශේෂීම සංස්කෘතික අංගයන් වනුයේ නැටුම් ශාන්ති කර්මයි. ඒ අතරින් ද කිරි කොරහ නැටුමට හිමිවනුයේ සුවිශේෂීය ස්ථානයකි. කිරි කොරහ නැටුම දඹාන ආදිවාසීන්ට පමණක් ආවේණික වූවකි. ආදිවාසීන් අතර ඉමහත් ගෞරවයට පත් කන්දෙ යකා වෙනුවෙන් මෙම කිරි කොරහ නැටීම සිදු කරනු ලබයි. මීට අමතරව පේන බැලීම, ආදිවාසී කිරි අම්මාවරු ඇදහීම දැක ගත හැකිය.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


 


ආදිවාසීන් තම වගාබිම් ආරක්ෂා කර ගැනීමටත් ගොවිතැන් සාර්ථක කරගැනීමටත් මරලි යකා වෙනුවෙන් බත් යහන් මඩුව පූජාව සිදු කරයි. මෙම බත් යහන් මඩුව සිදු කිරීමේ දී කිල්ලට හසු වූවොත් වන සතුන්ගෙන් හා විශේෂයෙන් වන අලීන්ගෙන් වගා බිමට හානි සිදු වන බව ආදිවාසීන් විසින් විශ්වාස කරයි. 

ආදිවාසී ගැබිනි මව්වරුන් ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ චාරිත්‍ර සිදු කරනු දක්නට ලැබෙයි. ඒ සඳහා පටකුරු යක්කම පෙන්වා දිය හැකිය. තවද ගැබිනි මව්වරුන්ගේ ලෙඩ දුක් දුරු කිරීමට කඩවර යකාට හා තුන්පාලි යකාට අඩුක්කු තැබීම සිදු කරනු ලබයි. දරුවන් ලැබීමෙන් පසු අඩුක්කු පිස පිදේනි තැබීමෙන් භාරහාර ඔප්පු කිරීම සිදු කරයි. එමගින් දරුවන්ට යහපතක් වන බව ආදිවාසීන් විශ්වාස කරයි. 

ආදිවාසීන් අතර පැවති සමහර ඇදහිලි හා විශ්වාස මේ වන විට සිංහල ජනයා අතරට ද පැමිණ ඇති බව දැක ගත හැකි වේ. කොහොබා කන්කාරිය, පේන බැලීම, කිරි අම්මා දානය වැනි අංග ඒ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකි වේ.


ආදිවාසීන්ගේ ආහාර රටාව පිළිබඳ රචනාව

වැද්දන්ගේ ජීවන රටාව රචනාව



Key words 

ආදිවාසීන්ගේ සිරිත් විරිත් ඇදහිලි හා විශ්වාස
වැදි ජනයාගේ සිරිත් විරිත්
ආදිවාසීන්ගේ සිරිත් විරිත් රචනා
වැදි ජනතාවගේ සිරිත් විරිත් රචනා
වැදි ජනතාවගේ ඇදහිලි රචනා pdf
ආදිවාසීන්ගේ ඇදහිලි සහ විශ්වාස රචනාව
ආදිවාසීන් ගැන තොරතුරු 6 වසර
ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ගැන විස්තර 
ආදිවාසීන් ගැන තොරතුරු
ආදිවාසීන් ගැන රචනා
ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ගැන තොරතුරු 
ආදිවාසීන්ගේ සිරිත් විරිත් වැදි ජනතාව


Comments