දියමන්ති මාලේ කෙටි කතාවේ මැටිල්ඩාගේ සැමියා වන ලොයිසල් යහපත් සැමියෙකි ඔබේ අදහස් දක්වන්න.
ප්‍රංශ ජාතිකයෙකු වන ගී ද මෝපසං විසින් රචිත දියමන්ති මාලය නමැති කෙටිකතාව විශ්ව සාහිත්‍යයේ මහත් ස්ථානයක් හිමිකරගත් කෙටිකතාවක් ලෙස සැලකිය හැකිය. මෙම කෙටිකතාවේ වස්තු විෂය වී ඇත්තේ මධ්‍යම පාංතික ලිපිකරුවකු වූ ලොයිසල් සහ ඔහුගේ මැටිල්ඩා ඇතුළු කුටුම්භයෙහි ඇති වූ පවුලේ ගැටලුවක් වේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ සුළු ලිපිකරුවකු සේ සේවය කළ ලොයිසල් ඉතා සංවේදී චරිතයක් සේ නිරූපිතය. සිය බිරියගේ ඒකාකාරී දිවියෙන්ම මදකට හෝ වෙනස් කිරීමට සිතූ ලෝයිසල් ලියුම් කවරයක් මැටිල්ඩාට ලබා දෙන්නේ ඉමහත් සතුටකිනි. බිරිඳගේ සතුට වෙනුවෙන් කටයුතු කළ ලෝයිසල් මෙම ආරංචිය මැටිල්ඩා ඇසූ පමණින් සතුටට පත්වේ යැයි උපකල්පනය කරයි. මෙම ආරාධනා පතෙහි සනිටුහන් වූයේ ලොයිසල් මහතාගේ සහ එම මැතිනියගේ පැමිණීම අධ්‍යාපන අමාත්‍යවරයා හා රම්පොඤ්ඤ මැතිනිය අපේක්ෂා කරන බවයි. මෙහිදී බිරිඳගේ සතුට වෙනුවෙන් ක්‍රියා කළ සැමියකුගේ යහපත් මනෝභාවයක් මැනවින් විෂද කිරීමට කෙටිකතාකරුවා සමත් වූයේය.
"ඇයි අනේ මම සිතුවා ඔයා ඕකට සතුටු වෙයි කියලා. ඔයා කවදාවත් ගමනක් බිමනක් යන්නෙම නෑනේ. ඉතින් ඒකටත් එක්ක මේක හොද අවස්ථාවක්. ඕක මං ගත්තේ කොතරම් වදෙන්, පොරෙන් ද හොඳට තෝරලා බලලා ඕවා දෙන්නේ"
මෙහිදී යහපත් සැමියෙකු සිය බිරිඳගේ හුදකලා ඒකාකාරී ජීවිතය වෙනසකට බඳුන් කිරීමටත් ඇයට සැනසිල්ලක් ප්‍රීති ප්‍රමෝදයක් ලබාදීමටත් තිර අදිටනින් කටයුතු කළ අයුරු කදිමට නිරූපිතය. සැමියාගේ දයාන්විත නිර්මාන්විත ආරාධනාවට ඇගේ ප්‍රතිචාරය වූයේ සහෘදයා නොසිතූ විරූ දෙයකි.
"මොකද්ද මට තියෙන්නේ? ඇගේ දාගෙන යන්න ඔය වගේ තැන් වලට"
ඇගේ වදන් සංවේදීය ඇගේ දෙනෙතින් කඳුළු බිංදු හුරා වැටුණු දකින ලෝයිසල්ලුත් පුදුමයෙන් බලා සිටි. මනෝ ලෝකයක සිහින මවන මැටිල්ඩාගේ සැබෑ ප්‍රතිචාරය පාඨක මනසට ලබා දී ඇත්තේ අපූර්වත්වයෙනි.
"නෑ මොකුත් නෑ. මට අඳින්න ඇඳුමක් නෑ. ඒක හින්දා ඔය පාටියට යන්න බෑ"
"මේ බලන්න මැටිල්ඩා සෑහෙන ඇඳුමකට කීයක් විතර යාවිද ? වෙන ගමනකට බිමනකටත් ඇඳගෙන යන්න පුළුවන් විදිහේ එකකට බොහොම චාම් පහේ."
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
සතුට විනිවිද දකින ලොයිසල් අපේක්ෂා භංගත්වය නැති කිරීම පිණිසත්, බිරිඳට ඇති සෙනෙහෙවන්ත බවත්, නිසා ඇය සාදයට කැඳවාගෙන යන්නට ලොයිසල් දරන උත්සාහය මෙහි මැනවින් නිරූපිතය.
"හොදයි මං ඔයාට දෙන්නම් පැරැන්කු හාරසීයක් ලස්සනම ඇඳුමක් ගන්න උත්සාහ කරලා බලන්න"
ලොයිසෙල් හා මැටිල්ඩා අතර ඇති වූ සංවාදය දෙබසින් ලොයිසල්ගේ සිතෙහි ඇය කෙරේ පිළිසිඳගත් සෙනෙහස මැනවින් ගම්‍යමාන වේ. ලොයිසල් ඇයගේ දුක්ඛ දෝමනස්සයන් සමථය කිරීම පිණිස ගන්නා ලද උත්සාහය තුළින් යහපත් සැමියකුගේ භූමිකාව මැනවින් ගම්‍යමාන වේ.
"මොකද දැන් ඔයාට වෙලා තියෙන්නේ ? දැන් දවස් තුනක වෙලේ ඉඳන් ඔයා ටිකක් අමුතු විදිහකටයි ඉන්නේ"
"කනේ කරේ දාගන්න මොකුත්ම නැතිකම ගැනය. මේ දවස් ටිකේම කල්පනා කර කර හිටියේ"
මෙයට ප්‍රතිචාර දැක්වූ ලොයිසල් පැවසුවේ මල් ටිකක් ගහගන්නයි පවසයි. මේ ප්‍රතික්ෂේප කළාට පසුව ලොයිසල් විසින් ෆොරේස්ටියර් මැතිනියගේන් ඉල්ලා ගැනීමට යෝජනා කරයි. එයට එක ලා එකග වූ ඇය ෆොරේස්ටියර් නෝනා වෙත ගොස් දියමන්ති මාලයක් ඉල්ලාගෙන පැළඳ එදින උත්සවයට සහභාගී වෙයි.
"ටිකක් ඉන්න මැටිල්ඩා එළියට බැස්සොත් හෙම්බිරිස්සාවක් එහෙම හැදෙන්න පුළුවන්. මං ගිහිල්ලා කැබ් එකක් අරං එනකන් ටිකක් ඉන්න"
ලොයිසල් පවසන ලද මෙම වදන්වලින් යහපත් සැමියකු වශයෙන් සිය බිරිඳට දක්වන ලෙන්ගතුකමත් ඇය ආරක්ෂා කිරීමට දරන උත්සාහයත් මනාව ගම්‍ය මාන කිරීමට කෙටි කතාකරුවා සමත් වෙයි. පසුව දෙදෙනාම නිවසට පැමිණෙති. ඉන්පසු මැටිල්ඩා ඇඳුම් පසෙකින් තබා කැඩපත ඉදිරියෙහි හැඩ වැඩ බලන අවස්ථාවේ ඇය දියමන්ති මාලය නැති වූ බව මහා හඬින් පවසයි. මෙම අවස්ථාවේ ලෝයිසල් ක්‍රියා කළේ සිය යුතුකම් මනාව ඉටු කරන සෙනෙහිවන්ත ස්වාමිපුරුෂයෙකු ලෙසය.
ලොයිසල් යුවළ ෆොරේස්ටියර් නෝනට දියමන්ති මාලයක් රැගෙන සිය යුතුකම් ඉටුකිරීමට වසර දහයක් පුරා ගිනි පොලියට මුදල් ගනී. මෙම බරපතල ගනුදෙනුව අවසන් කිරීමට වසර දහයක් පුරාම විධි කරදර බාධක හිරිහැරවලට කොතෙක් වුවත් සිය බිරිඳට බැණ වැදීමක් සිදුවූයේද නැත. මේ ආකාරයට ක්‍රියා කළ ලෝයිසල් ලිපිකරුවාගේ මතවාදී යහගුණ සමුදායකින් පිරි චරිතයක් බව පාඨකයාට දැන්වීමට ගී ද මෝප සං සමත් වූවාය.
Key words
දියමන්ති මාලය විචාර 1
දියමන්ති මාලය pdf
දියමන්ති මාලය කෙටි කතාව download
දියමන්ති මාලය 10 ශ්‍රේණිය
දියමන්ති මාලය ලොයිසල් චරිතය
Comments