අපට වැසිකිළියක් කෙටි කතාවේ භාෂා පරිහරණය කතාවේ සාර්ථකත්වයට බලපෑ ආකාරය පෙන්වා දෙමින් විචාරය කරන්න.
අදහස් හා හැඟීම් කෙනෙකුගෙන් තවත් කෙනෙකු කරා ගෙන යන වාහකයා භාෂාවයි. ලේඛකයෙකුට තම ලේඛන ප්‍රතිභාව පෙන්නුම් කිරීම පිණිස ඔහු සතු භාෂාධිපත්‍ය බොහෝ ප්‍රයෝජනවත් වෙයි. සාහිත්‍යකරුවා නිරතුරුවම භාෂාවේ පදවල භාවික ගුණයට වැදගත් තැනක් දෙන්නේ පාඨකයාගේ භාවයන් පුබුදුවා තම අත්දැකීම් කරා ඔහුන් යොමු කරවා ගනු පිණිසය.
අපට වැසිකිලියක් නමැති කෙටිකතාව රචනා වන්නේ උත්තම පුරුෂ දෘෂ්ටියෙනි. එහි කතා පුවත පාඨකයා කරා ගෙන එන මම නමින් පෙනී සිටින කථකයාට වයස අවුරුදු දොළහක්, දහතුනක් පමණ වේ යැයි සිතේ. එනම් ඔහු පාසලේ හය හෝ හත ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටින්නට ඇත. එබැවින් ඔහු පවසන තොරතුරුවල ඉහත කී වයසේ දරුවන්ගේ දැනුම් පෙන්වන බස් වහරක් භාවිත විය යුතුය. එසේම එබඳු වියේ දරුවන්ගේ සාමාන්‍ය හැඟීම් හා ආවේග පවසන බසක් ද ලේඛකයා විසින් සොයා ගත යුතුය. අපට වැසිකිලියක් කෙටි කතාවේ යට එන නිදසුන් මගින් එය සනාථ වේ.
"උදේ කිව්වහම උදෙත් බෑ කිව්වා දවල් කිව්වහම දවලුත් බෑ කිව්වා දැන් ඉතින් හවස් වෙලානේ දැන්වත් ඉතින් වරෙන් අලුත්ම කුරහන් ටික මම කොයි තරම් මහන්සි වෙලාද මේ ටික සූදානම් කරලා ගත්තේ හොඳ රසට හිටීවී."
ඈ එසේ පවසමින් සවසත් කරදර ගෙන ආවාය.
"ඇයි මල්ලි එහෙම කියන්නේ? අසනීපෙන් ඉන්න අම්මට පුළුවන්ද ඕවා කරන්න. පොඩි මල්ලි නංගී හිටියට ඒ පොඩි උන්ට පුළුවන්ද දෙපාරක්වත් වංගෙඩිය කරකවන්න"
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
රචකයා මල්ලිගේ මුවට දී ඇත්තේ කම්මැලි, වැඩ කටයුතුවලින් මගහරින්නට උත්සාහ දරන, හරි හරියට තරග කරන්නට යොමුවන වයසින් මෝරා යන දරුවෙකුට සරිලන බස් වහරකි. එසේම අක්කගේ වචන වලට නිරන්තරව දයා කරුණාබර බව එන්නත් කොට පවතී.
තාත්තා සාම්ප්‍රදායික ගැමියෙකි. ඔහු දුප්පත්ය. බිරිඳ අසනීපෙනි. දූවරු දෙදෙනෙක් හා පුතුන් දෙදෙනෙක් ද සිටිති. දැඩි කුටුම්භ ජීවිතයක් ඔහු වෙත පවතී. ඔහුගේ ප්‍රකාශවල සාම්ප්‍රදායික සංස්කෘතියත්, හික්මීමත්, ආර්ථික පීඩනයේ බරත් පවතී.
"මෙච්චර කල් නොතිබුන කකුස්සියක් මොකද මේ එක පාරටම ඕනෙ වුනේ. කාගේ හරි මගෝඩියක් වෙන්න ඇති. කාට තියෙන සල්ලිද ඕවා හදන්න. ඕකෙන් මේකෙන් වෙන්නේ අපට ඒ උසාවි බඩගාන්න උන්ට නම් මොකෝ ........ආණ්ඩුවෙන් පඩි කකා කියාවි"
තාත්තාගේ ප්‍රකාශවල සුපැහැදිලි, ගැමි වහරක්, එසේම වැඩිහිටි වියත් වහරක විලාසයක් පවතී.
සෞඛ්‍ය පරීක්ෂක යම් රාජ්‍ය නීතියක් ගැමියන් ලවා ක්‍රියාත්මක කරවන්නට ගම් වදින නිලධාරියෙකි. එහෙයින්ම ඔහු තුළ යම් ගර්භයක්ද ඇත. එය ඔහුගේ කටහඬේ හා නීතියෙන්, නිල ඇඳුමේ පවා තිබිණි. ඔහුගේ ව්‍යවහාර බස මේ සියල්ල සිතුවම් වන අන්දමට කතුවරයා හසුරුවා ඇත. එයට නිදසුනක් පහතින් එයි.
"කෝ කවුද හේරත් කියන්නේ?"
"කෝ වැසිකිලිය හැදුවද ?"
ඔහු ගිගුරුවේය.
"ලෑල්ල දැම්මට වැසිකිලියක් හැදෙනවද මිනිහෝ ? සුමාන දෙකකින් හදනවා කියලා නේද එදා පොරොන්දු උනේ ? දැන් සුමාන දෙක නෙමෙයි මාස හයකටත් වැඩිය ඇති."
"ඕව ගිහින් කියනවා මට නෙවෙයි උසාවියට, කෝ වල කපලද?"
අපට වැසිකිළියක් කෙටි කතාවේ අවස්ථා හා සිද්දි වර්ණනාවටත්, කථකයාගේ නිරීක්‍ෂණය ඉදිරිපත් කිරීමටත්, ගැමි කට බසද මුසු කළ ඉතා සරල ලේඛන බසක් යොදා ගෙන ඇත. යෙදුම් අලංකාර කිරීමත් පෙනේ. ලේඛකයාගේ මැදිහත්වීම් නොපෙනෙන, නොදැනෙන සේ බස හැසිරවිය යුතුවෙයි. අපට වැසිකිළියක් කෙටි කතාව තුල එය ඔහු මැනවින් ඉටු කර ඇත. එබැවින් භාෂා පරිහරණයේ දක්ෂතාවය මෙම අපට වැසිකිළියක් කෙටි කතාවේ සාර්ථකත්වයට හේතු වූ බව පැවසීමට සාධාරණ හේතු පවතී.
අපට වැසිකිළියක් විචාර
අපට වැසිකිලියක් විචාර
අපට වැසිකිළියක් pdf
අපට වැසිකිලියක් විචාර pdf download
අපට වැසිකිලියක් විචාර 1
අපට වැසිකිළියක්
අපට වැසිකිලියක්
අපට වැසිකිළියක් කෙටිකතාව pdf
අපට වැසිකිළියක් විචාර pdf
අපට වැසිකිලියක් pdf
අපට වැසිකිළියක් විචාර download
Comments