ගුත්තිල කාව්‍ය විචාර
ගුත්තිල වෙණ නද විචාරය ( තමාට තමා අමතක කරවන කාව්‍ය සංකල්පනා )
03 ). ගුත්තිල කාව්‍යයේ තමාට තමා අමතක වෙන තරමට වීණා වාදනය මිහිරි වූ බව පැවසීමට කතුවරයා කාව්‍ය සංකල්පනා යොදාගත් ආකාරය අපූරුය. ගුත්තිල වෙණ නද පාඩමේ උදාහරණ දෙමින් උක්ත කියමන පැහැදිලි කරන්න.
වෑත්තෑවේ හිමි විසින් ලියන ලද ගුත්තිල කාව්‍ය අපූරු කාව්‍යකි. මෙහි සඳහන් වීණා වාදන තරඟයෙන් ජය ගන්නා ගුත්තිල ඇඳුරුතුමන් විසින් වීණා වාදනය පටන් ගන්නා විටදී සිදුවන සිදුවීම් අලංකාර ලෙස කවියෙන් විදහා දක්වයි. එහිදී වීණා වාදනයට සවන් යොමන්නන් හට, තමාට තමා පවා අමතක වන බව කවියා ඉතා අලංකාරව අනුප්‍රාසවත් බසෙන් සහ අතිශයෝක්තිය යොදාගෙන ඉදිරිපත් කර ඇති අයුරු විමසා බලමු.
"මනමත් කරවන දන මුළු දෙරණා
රසවත් වන වෙණ නද නද කරණා
සවනොත් සඳ පුරගන ලොබ දිවුණා
නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා"
රසවත් වන වෙණ නද නද කරණා
සවනොත් සඳ පුරගන ලොබ දිවුණා
නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා"
මුළු පොළෝ තලයේම වෙසෙන්නන්ගේ සිත් තුළ සතුට වඩනා කාරණයක් වූ රසවත්ව වැයෙන වීණා නාදය මනුෂ්‍ය සමූහයාගේ කනට වැටුණු කළ එම නාදයට දැඩි ඇල්මක් දැක්වූ පුරංගනාවෝ තම උකුලෙන් දරුවා බිමට වැටුණු බව ද නොදනි. මවකට තම දරුවා කෙතරම් වටිනවාද පැවසුවහොත් මිණි මුතු සේය. නමුත් එවැනි ආදර බර තම දරුවා තමා අතින් එක් නිමේෂයකින් ගිලිහෙන්නේ රසවත් වීණා නාදය අතිශය මිහිරි නිසාය. මෙහි දී වීණා නද කෙතරම් මිහිරිද යන්න අතිශයෝක්තියෙන් වර්ණනා කර ඇත.
"නිති නිරිඳුගෙ රැකවලෙහි නියුත්තෝ
රුති ලෙස රුපුණොද බිඳ ජය ගත්තෝ
පැතිරෙන වෙණ නද බැඳුණු සිතැත්තෝ
අති නවි ගිලිහෙන බව නොම දත්තෝ"
පැතිරෙන වෙණ නද බැඳුණු සිතැත්තෝ
අති නවි ගිලිහෙන බව නොම දත්තෝ"
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
නිරතුරුවම රජතුමාගේ රැකවරණයේ හෙවත් ආරක්‍ෂාවට සිටින ආරක්ෂක භටයන් අතින් තම ආයුධය ගිලිහීම පවා ඔවුන් නොදනී. රාජපුරුෂයෙකුගේ අතින් ආයුධය ගිලිහීම තම රැකියාව අහිමිවීමට හා දඬුවම් ලැබිය හැකි වරදකි. ගුත්තිලයන්ගේ වීණා නාදය හමුවේ ඔවුන්ගේ අතින් එම ආයුධ ද මගහැරිණි.
බැඳි දන මන වැයුමෙහි ඇඳුරෝ යා
විධි සත් සර වෙණ සර මදුරෝ යා
රැඳි සතොසින් සැනහුණු ඉඳුරෝ යා
වැදි දන සිරි ගත්තුය කිඳුරෝ යා
විධි සත් සර වෙණ සර මදුරෝ යා
රැඳි සතොසින් සැනහුණු ඉඳුරෝ යා
වැදි දන සිරි ගත්තුය කිඳුරෝ යා
ජන සමූහයාගේ සිත්ගන්නා සුළු වාදනයෙන් සත්වාසාරයාගේ සුමියුරු වීණා වාදනයේ ස්වරය ඇසූ ඉඳුරන් සහිත වූ දිය කිඳුර, කිඳුරියෝ, වන්දි බට්ටයෝ හෙවත් රජුගේ ගුණ ගායනා කරන පුද්ගලයන්ගේ ස්වරූපයක් ගත්හ.
නොගොසින් සිටි සිටි වන නිබදේ යා
වෙසෙසින් සුර නර සෙන් නො මදේ යා
සතොසින් විද විද්ස් ලොබ නො සිදේ යා
මෙලෙසින් වෙණ නද අසන සඳේ යා
වෙසෙසින් සුර නර සෙන් නො මදේ යා
සතොසින් විද විද්ස් ලොබ නො සිදේ යා
මෙලෙසින් වෙණ නද අසන සඳේ යා
ගුත්තිල ගාන්ධාර්යන්ගේ වීණා වාදනය ඇසීමට රැස්ව සිටි දිව්‍ය මනුෂ්‍ය සේනාව බැහැරට නොගොස් තමා සිටි තැනම සිටගෙන විශේෂ වූ සතුටකින් නොසිඳුනු ආශාවෙන් මෙම වීණා වාදනයට සවන් යොමයි. තමා කොහේ කොතැනක සිටිනවාද කියාවත් නිච්චියක් නොමැති වීමට තරම් ගුත්තිලයන්ගේ ඒ වීණා නාදය අතිශය මිහිරි විය.
ඉහත උද්ධෘත කවි තුළින් ගුත්තිල ඇදුරිදු ගේ වීණා නාදය අසන කල්හි තම දරුවන් පිළිබඳවත්, තම අතැති දේ පිළිබඳවත්, තමා සිටින ස්ථානය පිළිබඳවත්, තම ස්වරූපය පිළිබඳවත් තමාට අමතක වන තරමටම වීණා නාදය ඉතා රසවත් ඉතා මිහිරි බව අපට පෙනී යයි.
- දිසල්ජා කෝණාර -
Key words
ගුත්තිල කාව්‍ය විචාර
ගුත්තිල කාව්‍ය විචාර ලිවීම
ගුත්තිල කාව්‍ය විචාර සාමාන්‍ය පෙල
ගුත්තිල කාව්‍ය සාමාන්‍ය පෙළ
ගුත්තිල කාව්‍ය විචාර pdf
ගුත්තිල වෙණ නද විචාර
ගුත්තිල කාව්‍ය විචාරය
ගුත්තිල කාව්‍ය විචාර ලිවීම
ගුත්තිල කාව්‍ය විචාර උදාහරණ
ගුත්තිල වෙණ නද කාව්‍ය සංකල්පනා
ගුත්තිල වෙණ නද කාව්‍ය සංකල්පනා විචාරය
ගුත්තිල වෙණ නද විචාර pdf
තමාට තමා අමතක වන කාව්‍ය අලංකාර
Guththila kawya guththila kawya vichara guththila kavya vichara pdf ගුත්තිල කාව්‍ය කාව්‍ය අලංකරණ
Comments