Skip to main content

සිංහල විචාර 78 - අඟුල්මල් දමනය විචාරය 02

අපරාධකරුවන්ගේ ක්‍රියාකාරීත්වය ජන ජීවිතය අඩාල කරන ආකාරය අඟුල්මල් දමනය ඇසුරෙන් සාකච්චා කරන්න.

මානව සමාජය තුළ අපරාධකරුවන් මෙන්ම දාමරිකයන් එදත් සිටියහ. එක් අයකුගේ වූවද එකී ක්‍රියා කලාප නිස්කලංක සමාජ ජීවිතය තිගැස්මකට ලක් කරන්නට හේතූ පාදක වනු නියතය. අමාවතුර ග්‍රන්ථයෙහි අඟුල්මල් දමනය කථාව තුළ පැවතෙන්නේ ද එක් සොරෙකු, මිනීමරුවකු පිළිබඳවය. ඔහු අතින් මරණයට පත් වන ගණනද නවසිය අනූනවය ඉක්මවයි. ඔහුට ගණන වැරදුණා නොව කුණු වී ගිය හා සතුනට ගොදුරු වූ ඇගිලි කොපමණ දැයි කියාවත් අංගුලිමාල නොදත් හ. එසේම ගුරුළුගෝමීත්, අපත්, එය නොදත්තෙමු.

මෙවැනි අවස්ථාවන්හීදී අප ඉදිරියේ පවතින්නේ අංගුලිමාල සමාජයට මුදා හැරි පීඩනය, ප්‍රාණ බය, තිගැස්ම පමණි. අපරාධකරුවකුගේ මෙන්ම ධාමරිකයෙකුගේ ක්‍රියා පිළිවෙළ පොදු ජන ජීවිතය තිගැස්මකට ලක් කරන සැටිත් එකී ජන ජීවිතය අඩාළ කරන ආකාරයත් හුදෙක් අපගේ පාඩම ඇසුරෙන් විමසා බලමු.

ගම් හා ජනපද වාසීන් ඔවුන්ගේ දැව, ආහාර, ඇති කරන ගවයින් සදහා වන ආහාර, වැනි විශේෂ අවශ්‍යතා සපුරා ගන්නේ අසළ මායිමේ ඇති ස්වභාවික වනයෙනි. වනය නිදහසේ බුක්ති විදීමට සතුන්ට මෙන්ම මනුෂ්‍යන්ටද අයිතියක් ඇත. අහිංසක ලෙස වනයට පිවිසෙන මේ අංගුලිමාල පොදු ජනයාට අහිමි කරන්නේ ඔවුන්ට ඇති අයිතියකි.

" පංඤ්චායුධ ගෙනැ ආචාර්යය වැදැ අටවියට වැදැ අටවියට වදනා......."

මිනිසුන් බියට පත් කරමින් සොය සොයා මිනිස් ජීවිත අහිමි කරමින් අංගුලිමාල ඇගිලි දහස සම්පූර්ණ කිරීමට උත්සාහයක යෙදේ. නමුත් ඝාතනය වන මිනිසුන් ඔවුන් මරා දැමීමට හේතු පවා නොදනිති.

" පිළී ඈ කිසි අයතියක් නොගන්නී"

මිනිසුන්ගේ සිතෙහි පැවති භීතිය කෙසේද යන්න විවරණය කිරීමට කදිම නිදසුනක් වන්නේ බුදුන් වහන්සේ අඩවියට වඩිනා කල්හී ය.

"ගොන් රක්නාහු, වස්සන් රක්නාහු, සහන්නාහූ, ගමන් යන්නාහු, බුදුන් එකලා වැ බුදු රැස් නො විහිදැ වඩනුවන් දැකැ නො හැදිනැ මහණ, එ මගට නො යා එ මගැ අඟුල්මල් නම් සොරෙකැ දරුණැ ලෙහෙ මුඬු අත් ඇත්තේ යැ, ......." 

එපමණක් නොව තමන්ගේ නිවසෙහි බියෙන් ගැහි ගැහී ත්‍රස්ත වී නිදා ගැන්මටවත් මහජනයාට ඉඩක් නොලැබිණි. වනයට, රැකියාවට නොගියේ මර බිය නිසාවෙනි. උපන් ඒ මරණ බිය තමාගේ ගෙපැල ඉදිරිපිට ය. 

"හෙ හැම ආරණ්‍යහි හසර නැති කෙළෙ. දර පලා සඳහා වල් යන්නාහු නැති. රෑ ගමට වැදැ පයින් පැහැරැ දොර-ගලවා පියා එහි හොතුවන් මරා-පියා එකෙකැ , දෙකෙකැ, යි ගැණැගෙන-යෙයි."

මිනිසුන්ගේ වන අවශ්‍යතාවය, ගව පාලන කටයුතු, කෘෂිකර්මාන්ත කටයුතු හුදෙකලා හැසිරීම් ගමන් බිමන් සියල්ලම පාහේ අංගුලිමාල සොරා විසින් අඩාළ කර ඇත. කෙටියෙන් පවසන්නේ නම් මුළු ජීවිතයම වනසා දමා තිබුණි.

අංගුලිමාල නම් සොරා රටේ ජන ජීවිතය ද රජුගේ රාජකාරියද අඩාළ කර ඇත. රජුගේ සිවුරග සේනා, අවි ආයුධ වාහනාදී වස්තු සම්පත් භාණ්ඩ වැණසුණි. අමාවතුර නිර්මාණකරු ගුරුළුගෝමී ඒ බැව් මෙලෙස සදහන් කර ඇත. 

"රජ නොයෙක් වරැ "ඔහු ඇතැණියෙන් තිරු කොටැ ගන්නේ යැ" යි ඇතුන් දී යවී යැ. "අසැණියෙන් තිරු කොටැ ගන්නේ යැ" යි අසුන් දී යවී යැ. "රථැණියෙන් තිරු කොටැ ගන්නේ යැ" යි රථ දී යවී යැ. ඔවුන් ගොස් එ වටා-ගත් කල්හි ඔහු නැගී මම අගුල්මල්මි" යැයි 

කෑ ගසා හඩ නගවනු කල්හි රාජ්‍ය සේනා මෙහෙයවූවන් අතරින්, 

" ආයුධ පෙරළෙන්නට නිස එකෙකුදු නැති හෙ හැම දෙනා කොටා මරයි. ඇත්හු වල් ඇතා වෙති. අස්හු වල්අස් වෙති. රථ එහි මැ තිබී නස්සි. ඒ කල්හි රජ මහ ජනා ගේ ගිගිරියෙන්...."

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


අංගුලිමාලගෙන් ගැලවී දිවි බේරාගත් එක් අයකුවත් නැති සියලු සේනාවන්, වාහන පවා නැති විය. රජු පවා සිටියේ බියෙන් නම් මහ ජනයා නැග කවර කතාද? , 

"ගෙ පියා දරුවන් අත ගෙන ගොස් කදවුරු බද රාජාංගනයෙහි රැස්ව....."

මේ ලෙස බියට පත්ව කටයුතු කළේ නම් ඒ රට වැසියාගේ දෛනික ජීවිතයත් රාජ්‍ය පාලනයත් යන සියල්ල අඩාලව පැවති බැව් අමුතුවෙන් ලියා තැබීමක් අනවශ්‍ය ය. දාමරිකයන්ට අපරාධකරුවන්ට සමාජය කෙරේ කළ හැකි දැඩි බලපෑම ඉන් පැහැදිළි වේ.

- දිසල්ජා කෝණාර- 


අඟුල්මල් දමනය විචාර 01 ( අහිංසක, අංගුලිමාල වීමට හේතු )


අඟුල්මල් දමනය විචාරය 03 ( භාෂා ශෛලිය)



Key words 

අඟුල්මල් දමනය විචාර 02

අඟුල්මල් දමනය විචාර

අඟුල්මල් දමනය විචාර pdf

අංගුලිමාල දමනය විචාර 

අංගුලිමාල දමනය විචාර ලිවීම 

අඟුල්මල් දමනය විචාර grade 11 sinhala sahithya vichara download

agulmal damanaya vichara අගුල්මල් අඟුල්මල් දමනය විචාර

අඟුල්මල් දමනය pdf download 

අංගුලිමාල දමනය

අංගුලිමාල දමනය විචාර

අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ

අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විචාර ප්‍රශ්ණ 

Comments