Skip to main content

සංස්කෘතිය රැක ගැනීමේ වැදගත්කම රචනාව

සංස්කෘතිය රැක ගැනීමේ වැදගත්කම පෙන්වාදීමට සිදුව ඇත්තේ සංස්කෘතිය පිරිහීයාම නිසාය. සංස්කෘතිය රටක අනන්‍යතාවයි. අනාදිමත් කලක සිට වර්ධනය වූ හෙල සංස්කෘතිය රැකගැනීමේ වැදගත්කම පිළිබඳව රචනාවක් ගොඩ නගන්න.


සංස්කෘතිය රැක ගැනීමේ වැදගත්කම

"සංස්කෘතිය යනු කිසියම් ස්ථානයක වෙසෙන ජනතාවගේ සාමූහික ජීවන ක්‍රමයයි. ඔවුන්ගේ සිරිත් විරිත්, ගති පැවතුම්, ආචාර විචාර, සමාජ සංස්ථා, කලාව හා ආගම තුළින් සංස්කෘතිය ප්‍රකට වෙයි".

( මහාචාර්ය විමල් දිසානායක මහතා )


සමාජයක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් ලෙසින් සංස්කෘතිය දැක්විය හැකිය. මිනිසා තමා ජීවත්වන පරිසරයට අනුගත කරමින් පරම්පරාවෙන් පරම්පරාවට සංස්කෘතිය වෙනස් වීම සාමාන්‍ය දෙයකි. සැබැවින්ම සංස්කෘතිය ඒ ආකාරයින්ම පවත්වා ගැනීම අපේක්ෂා නොකල යුතුය. අතීත සංස්කෘතිය පවා නිර්මාණය වී ඇත්තේ වෙනස් වීම් වලට අනුගත වීම තුළිනි. එම නිසා සංස්කෘතිය රැක ගැනීම ලෙස අර්ථ දැක්විය යුතු වන්නේ සංස්කෘතියේ වෙනස් වීම වඩා යහපත් අතට පවත්වා ගැනීම වන්නේය.

ලොවක් තුළ දිදුලන නාමයක් ලැබීම සඳහා අප මාතෘ භූමිය වන ශ්‍රී ලංකා මාතාවට හැකියාව ලැබුණේ අප රටෙහි පවතින සංස්කෘතික උරුමයන් නිසාමය. සංස්කෘතිය යනු භෞතික දෙයක් නොවන නමුදු ඉතිරිව ඇති අතීත නටඹුන් වලින් අතීත සංස්කෘතිය කෙබඳුද යන්න අධ්‍යයනය කල හැකි නම් එවැනි නටඹුන් සංස්කෘතික උරුමයන් ලෙස දැක්වීම නිවැරදිය. ලංකාවේ අතීත ආභරණ, මෙවලම්, දාගැබ්, වාරිකර්මාන්ත වැනි නිර්මාණයන් හරහා එදා පැවති සංස්කෘතිය නිරූපණය වෙයි.

රටක් ලොවක් තුළ සංස්කෘතිය පිළිබඳ ඉතාමත් හරසරින් ඉහළ අයුරින් කථනය කිරීමට හැකි වන්නේ ද එදා මෙදා තුර මෙම සංස්කෘතියට කිසිදු අයහපත් බලපෑමක් නොවී වර්තමානය වන තෙක් යහපත් ලෙස පැවත ගෙන එන බැවිනි. මෙම සංස්කෘතියේ ප්‍රතිනිර්මාණය කරන ලද බොහොමයක් දෑ අනුරාධපුර, පොළොන්නරු යුග තුළදී නිර්මාණය වූ බව අතීත තොරතුරු මගින් හෙළිදරව් වේ.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.


තවද ලෝක උරුමයන් ලෙසින් ලංකාවේ ස්ථාන හතක් නම්කර තිබීමද ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ සංස්කෘතිය ගැන අපට ආඩම්බරයට කරුණකි. එබැවින් යුනිස්කෝව මගින් ලංකාවේ ලෝක උරුමයන් ලෙස බිම් කඩවල් හතක් නම් කොට තිබේ. ඒ අනුරාධපුරය, සීගිරිය, පොළොන්නරුව, මහනුවර, දඹුල්ල, ගාලුකොටුව හා සිංහරාජ වනාන්තරයයි. මේවාද අපගේ අතීත සංස්කෘතිය නිරූපණය කරනු ලබන ප්‍රධාන සාධකයන් වන්නේය.

කෙසේ වෙතත් සංස්කෘතිය රැකගැනීම රටක් ජාතියක් වශයෙන් අප සියලු දෙනාම සිදු කළ යුතු වගකීමක් මෙන්ම යුතුකමකි. එහිදී සංස්කෘතිය රැක ගැනීම අප රටෙහි අනන්‍යතාවය පිළිබිඹු කිරීමට, ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා ගැනීමට, අපේ කම රැක ගැනීමට ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.

මේ ආකාරයට මෙම සංස්කෘතිය රැකගැනීම තුළින් අනාගත පරම්පරාවට ද අප සතු අති විශිෂ්ට ආචාර ධර්ම දායාද කිරීමට හා රටෙහි අනන්‍යතාවයන් තහවුරු කිරීමට අවස්ථාව ලැබෙයි. එසේම සංචාරක ආකර්ෂණය ලබා ගැනීම හරහා විදේශ විනිමය ලබා ගැනීමට ද, සංවර්ධන කටයුතු වලට ආධාර ලබා ගැනීමට ද පැරණි සංස්කෘතිය රැක ගැනීම වැදගත් වේ.

එබැවින් අපගේ හෙල සංස්කෘතිය අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම සඳහා අප දිවිහිමියෙන් කටයුතු කළ යුතුය.



Key words 

සංස්කෘතිය රැක ගැනීමේ වැදගත්කම 

සංස්කෘතිය යනු

සංස්කෘතිය පිළිබඳ නිර්වචන

සංස්කෘතිය යනු කුමක්ද

ලංකාවේ සංස්කෘතිය pdf

සංස්කෘතිය රැක ගැනීමේ වැදගත්කම රචනා

ශ්රී ලංකාවේ සංස්කෘතිය රචනා

සංස්කෘතිය රැක ගැනීමේ වැදගත්කම

සංස්කෘතිය හා සංවර්ධනය අතර සම්බන්ධය

සංස්කෘතිය රැකගැනීම රචනා pdf


Comments