දහම් පාසල් අධ්යාපනයේ වැදගත්කම පෙන්වා දෙමින් රචනාවක් ලියන්න.
දහම් පාසල් අධ්යාපනයේ වැදගත්කම
නවීන තාක්ෂණයත් සමඟ දියුණුවෙන් දියුණුවට පත්වන වර්තමාන ලෝකය තුළ ඉතා සීග්‍ර ලෙසින් මනුසත්කම දුර්ලභ අංගයක් වෙමින් වියැකී යමින් පවතී. මේ නිසා දහම් පාසල් අධ්යාපනයේ වැදගත්කම කවදාටත් වඩා අද සමාජයට තදින්ම දැනෙමින් පවතී. පිරිහෙන මනුසත්කම් ප්‍රතිස්ථාපනයට ප්‍රධානතම අවියක් ලෙස දහම් පාසල් අධ්‍යාපනය දරුවන්ට ලබා දිය හැකිය. දහම් පාසල් අධ්‍යාපනය යනු බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. මේ තුළින් බුදු දහම දරුවාගේ ජීවිතයට ලබා දී කුඩා දරුවන්ගේ ජීවිත භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන්ද සුඛිත මුදිත කරලීමට වෑයම් කල යුතුය.
බුදුන් වහන්සේ වදාල ධර්මය ප්‍රායෝගික ලෙස ලෞකික ජීවිතයට එකතු කර දීම දහම් පාසල් අධ්‍යාපනයේ දී සිදු වේ.
පුද්ගල අභ්‍යන්තරයේ ඇති රාග, ද්වේෂ, මෝහ යන චරිත ලක්ෂණ දුරු කර ශ්‍රද්ධා, බුද්ධි, විතක්ක යන ලක්ෂණ ඉස්මතු කිරීම දහම් පාසල් අධ්යාපනයේ වැදගත්කම වේ.
ශ්‍රී ලංකාවේ පළමු දහම් පාසල ආරම්භ කරන ලද්දේ 1895 අගෝස්තු තුන්වන දිනයි. එය ගාල්ල වැලි වත්ත විජයාරාමයේ දී ආරම්භ කරන ලදී. මේ සඳහා විදේශ ජාතිකයන් වූ ඕල්කට් තුමා හා බ්ලැවැස්ට්කි මැතිනිය ප්‍රධාන වී කටයුතු කිරීම සුවිශේෂ කරුණකි.
වේගවත් අධ්‍යාපන රටාවත් සමඟින් ළමා පරපුර යාන්ත්‍රීකරණය වීම වර්තමාන ලොව තුළ දැකගත හැකිය. එහිදී ඉතාමත් අවාසනාවන්ත ලෙසින් දරුවන්ගේ මානසික මට්ටම් නිසියාකාර ක්‍රියාකාරීත්වයෙන් බැහැර වීම නිසා සමාජ විෂමාචාර බොහොමයක් සිදුවෙමින් පවතී. එවැනි ගැටලු වලින් දරුවන් මුදවාලීමට දහම් පාසල් අධ්‍යාපනය ඉතාමත් වැදගත් වනු ඇත.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
දහම් පාසල් අධ්යාපනයේ වැදගත්කම කෙතරම්ද කියා ගණනින් කිව නොහැකිය. සමාජයක් දැහැමි හා සාධාරණ අයුරෙන් පවතින්නට ද මෙම දහම් අධ්‍යාපනය ඉතාමත් වැදගත් වනු ඇත.
තවද දහම් පාසල් අධ්‍යාපනය පුළුල්වත්ම සමාජ විෂමාචාර අවම වී, යහපත් සමාජයක් ගොඩනැගීම සිදුවෙයි. අනුන්ට වින කරන මිනිසුන් වෙනුවට කළගුණ දන්නා මිනිසුන් බිහි වෙයි. නැණ ගුණ බෙලෙන් සපිරි දරු පිරිසක් නිර්මාණය වීම සිදු වෙයි. දහම් පාසල් අධ්‍යාපනය පුළුල් වීම තුල වැඩිහිටියන් පිළිබඳ දරුවන් තුල ඇති ආකල්ප වෙනස් වී අන්‍යෝන්‍ය බැදීම වර්ධනය වී වැඩිහිටි නිවාස වැනි දේ වැසී යනු ඇත.
දහම් පාසලක ආරම්භය සිරගෙවල් සියයක් වසා දැමීමක්ය, යන කියමන සනාථයකට පත් කරනු ලබන දහම් පාසල් අධ්‍යාපනයේ වැදගත්කමෙහි අර්ථය රටක් ලොවක් තුළ ස්ථාපිත වීම තුළින් ගුණගරුක, විනයවත් සමාජ පරිසරයක් ගොඩ නගා ගනිමින් අපට අනාගතය සඳහා පියමන් කළ හැකි නම් ලෝකය බොහෝ සැනසුම් දායක වනු ඇත.
Key words
දහම් පාසල් අධ්යාපනයේ වැදගත්කම රචනාව
දහම් පාසල් අධ්යාපනයේ වැදගත්කම pdf
දහම් පාසල් අධ්යාපනයේ වැදගත්කම පෙන්වමු
දහම් පාසල් අධ්යාපනයේ වැදගත්කම
දහම් පාසල් අධ්යාපනයේ අගය
දහම් පාසල් අධ්යාපනයේ අගය රචනා
දහම් අධ්යාපනයේ වැදගත්කම
Comments