Skip to main content

වැලිවිට සරණංකර හිමි රචනා

වැලිවිට සරණංකර හිමි බුදු දහමට සේම ලංකා සමාජයේ ප්‍රගමනයට ද සුවිසල් සේවාවක් සිදු කලේය. වැලිවිට සරණංකර හිමි පිළිබඳව තොරතුරු දක්වමින් රචනාවක් ගොඩ නගන්න.


වැලිවිට සරණංකර හිමි

"ජීවතුන් අතර නොසිටින සමහර පිරිස් වර්තමානයේ දී ජීවත් වන බව දැනෙනවා නම් හැඟෙනවා නම් ඔවුන් රටට දැයට යමක් සිදු කරනු ලැබූ අභිමානවත් පුරවැසියන්" ලෙසින් දක්වනු ලබන කියමන සනාථයකට පත් කිරීමට සුදුසුම අභිමානවත් පුරවැසියෙකු ලෙසින් වැලිවිට සරණංකර හිමිපාණන් දැක්වීම ඉතා සුදුසුය. මන්දයත් රටත් ලෝකයත් ජය ගැනීමට අවශ්‍ය මෙහෙවර නොඅඩුව සිදු කරනු ලැබූ අපූර්වතම ආදර්ශමත් චරිතයක් ලෙස වැලිවිට සරණංකර හිමිපාණන් වහන්සේ හඳුන්වා දිය හැකිය. 

"දුල්ලබෝ පුරිසාචස්සෝ" ලෙසින් බුදුදහමේ දක්වන අතිශ්‍රේෂ්ඨ පුද්ගලයෝ දුර්ලභය යන වදන වැලිවිට සරණංකර හිමියන් වහන්සේ මූර්තිමත් කරනු ලබයි.

වැලිවිට යනු ගමකි. මහනුවර තුම්පනේ පිහිටි මෙම වැලිවිට නම් ගමෙහි 1698 ජූනි 18 වන දින උපන් කුලතුං බණ්ඩාර නම් කුමරා පසු කලෙක මහන වී වැලිවිට සරණංකර හිමි නමින් ප්‍රසිද්ධ විය. කුලතුං බණ්ඩාර කුමරුගේ පියා කුලතුං මුදලී නම් විය. වැලිවිට සරණංකර හිමි පා වහන්සේ එරමුදු ලියද්දේ උපාසක රාළ හා මුරුද්දෙණියේ හේරත් ගෙදර ගුරුවරුන්ගෙන් මූලික අධ්‍යාපනය ලබා ගන්නා ලදී.

අඩු වයසින් මහණදම් පිරීමට තරම් කුසල් සම්පත්තියකින් හෙබි වැලිවිට සරණංකර හිමි වහන්සේ භාෂාව හැසිරවීම කෙරෙහි අති දක්ෂයෙකි. තවද පිණ්ඩපාතයෙන් යැපුණු බැවින් පිණ්ඩපාතික යන ගෞරව නාමයද වැලිවිට සරණංකර හිමියන්ගේ නාමයට එක් උණි. 

තවද බෞද්ධ කටයුතු කෙරෙහි මහත් ඇල්මක් ඇති වැලිවිට සරණංකර හිමිපාණන් වහන්සේ සිල්වත් සමාගම නමින් සමාගමක් ආරම්භ කොට එහි මූලිකත්වය ගෙන සමාජ ප්‍රවර්ධනයට ප්‍රගමනයට කටයුතුවල නියැළී සිටි දාර්ශනිකමත් පුද්ගලයෙකි.

තවද ලංකාවේ සිදු වූ අති විශාල බෞද්ධ කටයුත්තක් ලෙසින් නැවත ලක්දිව උපසම්පදාව පිහිටුවීම දැක්විය හැකිය. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කොට ඇත්තේ වැලවිට සරණංකර හිමිපාණන්ය. එහිදී කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුදැනුම ද ලබා ගනිමින් ලංකාවට නැවතත් උපසම්පදාව රැගෙන ඒමේ භාග්‍ය වැලිවිට සරණංකර හිමිපාණන් වහන්සේට ලැබුණි.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.


වැලිවිට සරණංකර හිමියන් විසින් බුද්ධ ශාසනය සඳහා විශාල මෙහෙවරක් සිදුකරන ලදී. එහිදී සතර දේවාල පෙරහැරට දළදා පෙරහැරත් එක් කිරීම, භික්ෂූන්ගේ ධර්ම ශාස්ත්‍ර අධ්‍යාපනය නගා සිටුවීම වැනි කටයුතු නිදසුන් ලෙස දැක්විය හැකිය.

වැලිවිට සරණංකර හිමිපාණන් උපසම්පදාව ලැබීමෙන් පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු "සංඝරාජ" පදවිය පිරිනමන ලදී. උන්වහන්සේගේ චරිතය තුළින් අපට ලබා ගත හැකි ආදර්ශ බොහෝය. එහිදී ප්‍රධාන වශයෙන් කිසිවිටෙකත් ලාභ හමුවේ උඩඟු නොවීම දැක්විය හැකිය. මේ ආකාරයට අවුරුදු අසූවක් ආයු වළඳා 1778 දී උන්වහන්සේ ලොවක් කම්පාවට පත් කරමින් මල්වත්තේ විහාරයේදී අපවත් වුණි.

- දසුනි මහවත්ත - 



Key words 

වැලිවිට සරණංකර හිමි රචනා

වැලිවිට සරණංකර හිමි

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමි කරතොට වැලිවිට සරණංකර හිමි රචනා

වැලිවිට සරණංකර හිමි ගැන කෙටි විස්තර

වැලිවිට සරණංකර හිමි ගැන

වැලිවිට සරණංකර සංඝරාජ හිමි රචනා

වැලිවිට සරණංකර සංඝරාජ හිමි ගැන විස්තර


Comments