ආපදා කළමනාකරණය රචනා
අපදාවන් යනු ඕනෑම මොහොතක සිදුවිය හැකිය. එම නිසා ආපදා කළමනාකරණය පිළිබද සියලු දෙනා දැනුවත්ව සිටීම වැදගත්ය. එහෙයින් ආපදා කළමනාකරණය යන මැයෙන් රචනාවක් ලියන්න.
ආපදා කළමනාකරණය
තත්පරයෙන් තත්පරය දිනෙන් දින ලොව දියුණුවෙන් දියුණුවට පත්වන බව නොරහසකි. වර්තමාන තාක්ෂණයේ දියුණුවත් සමඟින් නවමාදිලියේ සැලසුම් තුළින් රටත් ලෝකයක් ජය ගනිමින් ඉදිරියට ගමන් කිරීමෙහිලා ආපදා කළමනාකරණය ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත. ආපදා කළමනාකරණය යනු ආපදාවන්ට බලපාන හේතු වැළැක්වීම, ආපදා මගින් සිදුවන ප්‍රතිවිපාක අවම කිරීම, හදිසි අවස්ථාවන් පාලනය කිරීම සඳහා මහජනතාවට සහාය වීම පිණිස අවශ්‍ය ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, ආකෘති සකස් කිරීම, ක්‍රියාවට නැගීම, පාලනය කිරීම හා නඩත්තු කිරීමයි.
මෙය සෑම සියලු රටක් ලෝකයක් පාසාම සිදු කරනු ලබන ක්‍රියාදාමයක් ලෙස දැක්විය හැකිය. සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් ලංකාව නිදසුනක් ලෙස ගැනීමේදී එහි ආපදා කළමනාකරණය ආරම්භ වී ඇත්තේ 1990 දීය. එම ආපදා කළමනාකරණය ආයතන සතුව විශේෂ වැඩ කටයුතු ප්‍රමාණයක් බාරව ඇත. එහිදී ප්‍රජාව දැනුවත් කිරීම, සෞඛ්‍ය සුභසාධක කටයුතු ඇති කිරීම, ආපදා කටයුතු කළමනාකරණය, පැය 24 තුළම සක්‍රීය සේවාව ලබාදීම ආදී කරුණු කිහිපයක් නිදසුන් ලෙස දැක්විය හැකිය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
තවද භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදිය ද මේ සඳහා විශාල කාර්යභාරයක් සිදු කරනු ලබයි. මේ අතරම ආපදා කළමනාකරණ චක්‍රයක්ද නිර්මාණය කිරීමෙන් අපදා තුළින් ඇති කරනු ලබන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා කටයුතු සැලසුම් කොට ඇත. ආපදා කළමනාකරණ චක්‍රය යනු ආපදා මැඩලීම, අවම කිරීම, පෙර සූදානම, දරා ගැනීමේ හැකියාව සහ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට සංවිධාන සතුව පරිපාලන තීරණ ක්‍රියාත්මක කිරීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කරනු ලබන චක්‍රාකාර ක්‍රියාවලියකි.
එහිදී පෙර සූදානම, ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව, යථා තත්ත්වයට පත්කිරීමේ අවස්ථාව, අවම කිරීමේ අවස්ථාව යන ප්‍රධාන කොටස් හතර තුළින් එය නිර්මාණය හා ක්‍රියාකාරීත්වය සිදුවනු ඇත.
මේ ආකාරයට ආපදාවක් සිදුවීමට ප්‍රථමව එයට පිළියම් සෙවීම හා එයින් සිදුවන අනතුර අවම කිරීම තුළින් සිදු වනු ලබන මිනිස් හා දේපළ හානි අවම කිරීම සිදු කරනු ලබයි. ඒ ආකාරයෙන් අනෙකුත් කරුණු හා සංසන්දනාත්මකව බලන කල මෙහිදී ආපදා කළමනාකරණය යනු වත්මන් ලොව සඳහා ඉතාමත් අත්‍යවශ්‍ය වන මෙවලමක් ලෙස දැක්වීම නිවැරදියි.
- දසුනි මහවත්ත -
Key words
ආපදා කළමනාකරණය
ආපදා කළමනාකරණය pdf
ආපදා කළමනාකරණය වැදගත්කම රචනා
ආපදා යනු කුමක්ද
ආපදා කළමනාකරණය රචනා
ආපදා කළමනාකරණය රචනා pdf
ආපදා කළමනාකරණය රචනා pdf download
ස්වාභාවික විපත් හා ආපදා රචනා
ආපදා කළමනාකරණය යනු කුමක්ද
ස්වාභාවික ආපදා කළමනාකරණය රචනා
Comments