වර්තමාන ශ්‍රී ලංකාවේ බුද්ධි ගලනය සීග්‍ර ලෙස ඉහල යමින් පවතී. බුද්ධි ගලනයේ යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල පිළිබඳව අවධානය යොමු කරමින් රචනාවක් ලියන්න.
බුද්ධි ගලනය
තත්පරයෙන් තප්පරය, දිනෙන් දින ලෝකය සීග්‍රයෙන් දියුණුව කරා පියමන් කරනු ලබයි. එහිදී නිර්මාණය වූ ප්‍රධාන සංසිද්ධියක් ලෙස බුද්ධි ගලනය හැදින්වීමට හැකිය. වර්තමානය වන විට දී බුද්ධි ගලනය යන සංසිද්ධිය ශ්‍රී ලංකාව හා අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ප්‍රධාන සමාජ ගැටලු වලින් එකක් වී ඇත.
බුද්ධි ගලනය යනු කුමක්ද යත්, උගතුන් හා පුහුණු ශ්‍රමිකයන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණ නිසා යම් රටකට එම උගතුන් හෝ පුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණයේ අහිමිවීමයි. මෙය බොහෝ විට සිදුවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධිත රටවල් කරාය. නිදසුන් ලෙස කැනඩාව හා යුරෝපයේ පුහුණු ශ්‍රමිකයින් එක්සත් ජනපදයට සංක්‍රමණය වීම දැක්විය හැකිය.
මෙම බුද්ධි ගලනය නිසා සිදුවන සමාජයේ ආර්ථික වාසි බොහොමයකි. එහිදී තම කුසලතා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබීම, විදේශ සංචිතවල ආදායම ඉහල යාම, ශ්‍රමිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ජීවන මට්ටම ඉහළ යාම සහ අන්තර්ජාතික සබඳතා වර්ධනය වීම ආදී වාසි රැසක් බුද්ධි ගලනය තුළින් හිමිවේ.
කොතරම් වාසි තිබුණ ද මේ හරහා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ඉදිරියේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. එහිදී බුද්ධි ගලනය නිසා රටේ මානව ප්‍රාග්ධනයේ ශුද්ධ අඩුවීමක් සිදුවේ. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය කඩා වැටී රටේ අපනයන සීමා වීමත් සමග ආර්ථික වර්ධනය හීන වීමක් ද සිදු වේ. තවද ලංකාව වැනි නිදහස් අධ්‍යාපනය පවතින රටක් තුළ අධ්‍යාපනය ලබා විදේශ රටක සේවය කිරීම තුළින් මෙරටෙහි අධ්‍යාපනය සඳහා සිදුකළ ආයෝජනය අපතේ යාමක් ද සිදුවේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ බුද්ධි ගලනය ප්‍රපංචය සමාජ ආර්ථික ප්‍රගමනයට බලපාන ආකාරය නිවැරදිව අවබෝධ කර ගැනීමට අවශ්‍ය දත්ත ප්‍රමාණවත් නොවීම, බුද්ධි ගලනය අවම කිරීම හා සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයේදී පර්යේෂකයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
බුද්ධි ගලනය සඳහා හේතු සාධක බොහොමයකි. එහිදී විවෘත ආර්ථික ප්‍රතිපත්ති, ඇගැයීමක් හෝ දිරිගැන්වීමක් නොමැති වීම, සංවර්ධන රටවල ලිබරල් සංක්‍රමණ ප්‍රතිපත්ති, නුසුදුසුන් යටතේ සේවය කිරීමට සිදුවීම වැනි කාරණා දැක්විය හැකිය.
තවද, උගත්කම හා සේවයට සරිලන වැටුපක් නොමැති වීම හා විශේෂයෙන්ම අන්තර්ජාතික ගුවන් ගමන් සඳහා තාක්ෂණික සහ සේවා පහසුකම් සීග්‍ර ලෙස දියුණු වීම සදහන් කල හැකිය. තවද බුද්ධිමතුන් සඳහා පර්යේෂණ වලට අවශ්‍ය පහසුකම් රටතුල නොලැබීම ආදී කරුණු ද විග්‍රහ කළ හැකිය.
පිටරටට ගලා යන බුද්ධිය සඳහා පිළියම් සෙවීම කාලෝචිතය. අන්තර්ජාල සේවා සංවර්ධනය තුළින් තම මව් රටේ සිටම අන්තර්ජාලය හරහා විදේශ රටවලට සේවා සැපයීමට දිරිගැන්වීමට හැකිය. සුදුස්සන් සඳහා රට පාලනය ලබාදීම තුළින් ශ්‍රමිකයාට ඉන්න හිතෙන රටක් නිර්මාණය කල හැකිය. තවද විදේශ අයෝජකයින් ආකර්ෂණය කර ගැනීම, විවිධ ව්‍යාපෘතීන් දියත් කිරීම ආදී කරුණු සඳහන් කළ හැකිය.
ඒ අනුව අභියෝග ජයගෙන බුද්ධි ගලනය පාලනය කිරීම යථාර්ථයක් කිරීමට හැකි වන්නේ නම් ශ්‍රී ලංකාව අනිකුත් සියලුම රටවල් පාහේ සංවර්ධිත රටක් බවට පත් කරලීමේ අභියෝගය පහසු වනු ඇත.
- දසුනි මහවත්ත -
දහම් පාසල් අධ්‍යාපනයේ වැදගත්කම
Key words
බුද්ධි ගලනය pdf
බුද්ධි ගලනය රචනා
බුද්ධි ගලනය
ලංකාවේ බුද්ධි ගලනය
බුද්ධි ගලනයට හේතු
බුද්ධි ගලනය යනු කුමක්ද
බුද්ධි ගලනය යනු
බුද්ධි ගලනය අවාසි
බුද්ධිගලනය යනු pdf
බුද්ධි ගලනයේ වාසි අවාසි
අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ
අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ රචනා
අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ රචනා ලිවීම
Anumana rachana
අනුමාන රචනා
Comments