අනගාරික ධර්මපාල තුමා බුදු සසුන රැක ගැනීමට මහගු මෙහෙයක් සිදු කළේය. එසේම නිදහස් සටනේ පුරෝගාමී චරිතයක් ද විය. අනගාරික ධර්මපාල තුමා ගැන විස්තර ඇතුළත් රචනාවක් ලියන්න.
අනගාරික ධර්මපාල තුමා
"එක පුද්ගලයෙකුගේ නොව, සියලු ලෝක සත්ත්වයාගේ සැප ප්‍රර්ථනා කරන මට ඔවුන්ගේ දියුණුවට වැඩ කිරීමට ඉඩ දෙනු මැනවි."
අනගාරික ධර්මපාල තුමා
බුදු දහමේ මූලික සංකල්පයක් වන අනිත්‍යය යන ලෝක ධර්මතාවයට යටත්ව බුදු දහම නොව බුද්ධ සාසනය පිරිහී ගිය අතීතයන් බොහොමයක් ය. එසේ සාසනය පිරිහෙන කල්හි බුද්ධ සාසනය නැවත නගා සිටුවීමට පනැති පිනැති බුද්ධ පුත්‍රයන් පහළ වීම ජාතියේ පිනකි.
එසේ පහළ වූ තවත් බුද්ධ පුත්‍රයෙකු ලෙස අනගාරික ධර්මපාල තුමන් හැදින්වීම නිවැරදිය. අනගාරික ධර්මපාල තුමා ගැන විස්තර සලකා බැලීමේදී, අනගාරික ධර්මපාල තුමා 1864 සැප්තැම්බර් 17 උපත ලබා ඇත. අනගාරික ධර්මපාල තුමන්ගේ පියා වූයේ මාතර හිත්තැටියේ එච්. දොන් කරෝලිස් හේවාවිතාරණය. අනගාරික ධර්මපාල තුමන්ගේ මව මල්ලිකා හේවාවිතාරණය. එඩ්මන් හේවාවිතාරණ, සයිමන් හේවාවිතාරණ හා සි. ඒ හේවාවිතාරණ අනගාරික ධර්මපාල තුමාගේ සහෝදරයෝ විය.
දොන් ඩේවිඩ් හේවාවිතාරණ යන මුල් නම අත්හැරි මොහු ධර්මපාල යන නම භාවිත කරමින් අනගාරික ජීවිතයක් ගත කළ නිසා අනගාරික ධර්මපාල යන නමින් ප්‍රසිද්ධ විය. ක්‍රිස්තියානි මිෂනාරී බලපෑම හමුවේ බුදු සසුන පිරිහී ගිය කාලයක අනගාරික ධර්මපාල තුමන් බුද්ධ සාසනය නගා සිටුවීමට ඇප කැප වූ නිසාම අදටත් බුද්ධ සාසනය රැකී පවත්නා සේම, අනගාරික ධර්මපාල යන නාමය අදටත් බුදු සසුන හා නිතර කියැවේ.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
වයස අවුරුදු 19 දී පරම විඥානාර්ත සමාගමට බැඳුන අනගාරික ධර්මපාල තුමා හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා සමග රට පුරා ආධාර එකතු කලේ බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ය. මෙම ආධාර එකතු කරමින් සිදු කල සංචාරයේ දී සිංහල ජාතියට හා බෞද්ධ ආගමට සිදු වී ඇති පරිහානිය දුටු අනගාරික ධර්මපාල තුමා බෞද්ධ සාසනය නගා සිටුවීමට ඇප වූ අතර නිදහස් සටනේ පුරෝගාමියෙකු බවටද පත් විය.
ඉන්දියාව තුල බුදු සසුන පිරිහී තිබූ කාලයක බුදු සසුන නගා සිටුවීමට අනගාරික ධර්මපාල තුමන් මහත් පරිශ්‍රමයක් දැරීය. ආසියාවේ පමණක් නොව උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ පවා බුදු දහම ව්‍යාප්ත කිරීමට අනගාරික ධර්මපාල තුමා කැප වී ක්‍රියා කලේ ය.
අනගාරික ධර්මපාල තුමා තම ජීවිතයේ අවසාන සමයේ සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බුද්ධ සාසනයේ පැවිදි විය. 1933 අප්‍රේල් 29 දා ධම්මපාල හිමියෝ ඉන්දියාවේ දී අපවත් වූහ. අනගාරික ධර්මපාල තුමාගේ භෂ්මාවශේෂ වලින් කොටසක් බරණැස ඉසිපතනාරාමයේ තැන්පත් කල බව ද ඉතිරිය ලංකාවට වැඩමවා ආ බව ද සදහන්ය.
"සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් අප බෝධිසත්ත්වයන් වහන්සේ ලෝක සත්ත්වයා නිසා දුක් වින්දා නම්, පුළුවන් පමණක් ලෝක සත්ත්වයාගේ දියුණුවට වැඩ කරන්නට අපට නො හැකිද?"
අනගාරික ධර්මපාල තුමා
ලෝක සත්ත්වයාගේ (ආධ්‍යාත්මික) දියුණුව පිණිස වැඩ කල හැකි නම්, බුද්ධ සාසනය වෙනුවෙන් කැප වූ අනගාරික ධර්මපාල තුමන්ට කල හැකි උතුම්ම ගෞරවය එය වනු ඇත.
අනගාරික ධර්මපාල තුමා ගැන විස්තර
අනගාරික ධර්මපාල තුමා ගැන විස්තර pdf
අනගාරික ධර්මපාල තුමා ගැන විස්තර download
අනගාරික ධර්මපාල තුමා ගැන විස්තර සලකා බලමු
අනගාරික ධර්මපාල තුමා රචනාව
අනගාරික ධර්මපාල තුමා රචනා pdf
අනගාරික ධර්මපාල තුමා ගැන විස්තර රචනා
අනගාරික ධර්මපාල තුමා ගැන විස්තර රචනය
අනගාරික ධර්මපාල තුමා ගැන විස්තර ඇතුළත් රචනය
Comments