Skip to main content

සාහිත්‍ය රසාස්වාදය 28 - කුකුළු හැවිල්ල රසාස්වාදය 02

කුකුළු හැවිල්ල (රැපියල් තෙන්නකෝන්)


කුකුළු හැවිල්ල රසාස්වාදය

සිංහල කාව්‍ය සාහිත්‍යයේ අයේෂ්වර රචකයෙකු ලෙස රැපියල් තෙන්නකෝන් මාහතා හදුනා ගත හැකිය. ඉතිහාසය පිළිබඳව පුළුල් වූ දැනුමක් සහිත වූ රැපියල් තෙන්නකෝන් මහතා කාව්‍ය රචනා කිරීමේ දී එම දැනුම යොදාගෙන ඇති අතර එතුමාගේ බොහෝ නිර්මාණ වල උපහාස රසය දක්නට ලැබේ.

රැපියල් තෙන්නකෝන් මහතාගේ විශිෂ්ට නිර්මාණයක් වන කුකුළු හැවිල්ල පද්‍ය පන්තිය සඳහා වස්තු විෂය වන්නේ එක්තරා ස්ත්‍රියක් විසින් ගමේ නුග ගසට අරක් ගත්ත දෙවිදුන් සිහි කොට දෙවියන් යැදීමකි. කවර හෝ හොරෙකු විසින් මෙම නිවසේ ඇති දැඩි කල කුකුළාව සොරාගෙන ඇත. එම සිදු වීමෙන් කිපෙන මෙම ස්ත්‍රිය තම කුකුළාව සොරාගත් සොරාගෙන් පළි ගැනීමේ චේතනාවෙන් දෙවියන්ව අයදියි. කෝපයෙන් යුතුව සිදුකරන්නා වූ යැදීමක් වූවද කුකුළු හැවිල්ල පද්‍ය තුල එය චමත්කාර ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට රැපියල් තෙන්නකෝන් කවියා සමත්ව ඇත.

මෙම රචකයාගේ මූලික අරමුණු වී ඇත්තේ දෙවියන්ට පුද කරන භාරය හා සම්බන්ධ පුද්ගලික සිතුවිලි හා හැසිරීම් කාව්‍යාත්මකව නිරූපණය කිරීමයි. කුකුළු හැවිල්ල මනෝවිශ්ලේෂණාත්මකව සිදු කරන ලද කාව්‍ය නිර්මාණයක් ලෙසද හැඳින්විය හැකිය.

"දුදොනොද    බිඳ
 බඳ තෙද       කඳ
 කඳ දෙව්        රද
 සාමිනේ"


"මගෙ කුකුළා නැසූ   එකා
 දදය ඔබගෙ පාළුය     කා
 තව එක බුද දිනක්  තකා
 ඉන්නට ඉඩ නොදී   මකා"

කුකුළු හැවිල්ල පද්‍ය ආරම්භයේ දී "ද" අක්ෂරය යොදා ගනිමින් ශබ්ද මාධූර්යක් ජනනය වන සේ නිර්මාණය කොට ඇත. එමගින් දේවාල භූමියක හේවිසි හඬ මේ පද වෙතින් සහෘදයා වෙත සිහි ගැන්වේ. එම "දුදොනොද බිඳ ලද තෙද කඳ " ආදී ලෙස මෙම පද වලින් මෙම කාන්තාවගේ කෝපය සංකේතවත් කරයි. ඉල්ලීමක් කිරීමට පෙර දෙවියන් සතුටු වන ලෙස වර්ණනා කිරීම අවශ්‍ය වේ. මෙහිදී කතරගම දෙවියන්ව සිහිපත් කරමින්, දුර්ජනයන්ගේ හිස බිද දමා තමාට සාධාරණය ඉටු කල හැකි මහා තේජස කදම්භයක් ඇති දෙවියෙකු ලෙස කතරගම දෙවියන් හදුන්වයි. මෙහි "සාමිනේ" යන යෙදුමෙන් ඇය මෙම කතරගම දෙවියන්ට ඇති භක්තිය අර්ථවත් කරයි. 

"බලා        එල්ල
 හෙලුව හෙල්ල
 මුල මැ  බෙල්ල
 මරු තැනේ"

කුකුළා සොරාගත් තැනැත්තාව විනාශ කිරීමට ඇය දෙවියන් ද යම් ආකාරයකින් සොරා කෙරෙහි කෝප ගැන්වීමක් ඇති කරයි. කතරගම දෙවියන්ගේ වාහනය මොණරෙකු බව විශ්වාස කෙරේ. දෙවියන්ගේ කොඩියෙහි ඇත්තේ කුකුළු රුවයි. එහෙයින් සොරා විසින් කුකුළාව ඩැහැ ගැනීම දෙවියන්ට කල නින්දාවක් ලෙස දක්වයි.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.

 

එළැඹෙන තවත් එක් බදාදා දිනයක් ගෙවී යෑමට මත්තෙන් සොරාව ඝාතනය කල යුතු බව ඇය විසින් පවසයි. "ඉන්නට ඉඩ නොදී මකා " යන්නෙන් ඇයගේ කෝපය ප්‍රචන්ඩත්වය නිරූපණය කරන්නට රැපියල් තෙන්නකෝන් මහතා උත්සාහ දරයි. "මරු තැනේ" යන්නෙන් අදහස් වන්නේ සොරාව කෙසේ හෝ මැරිය යුතුය යන්නයි. කතරගම දෙවියන් අත හෙල්ලක් ඇති අතර එම හෙල්ලයෙන් ඉලක්කය ගෙන බෙල්ල මුලටම ඇනිය යුතු බව ඇය කෝපයෙන් පවසයි. මෙහි කෲර මිනිස් ඝාතනයක් සඳහා ඇය දෙවියන්ට සැලසුම් ලබා දෙන ආකාරයක් පෙනෙන්නට තිබීම උපහාසය දනවන්නකි. කෙසේ වෙතත් සාමාන්‍ය කාන්තාවන් තමාට අසාධාරණයක් වූ විට හැසිරෙන සාමාන්‍ය ආකාරය වටහාගත් රැපියල් තෙන්නකෝන් කවියා ඒ තුළින් උපහාස රසය උකහා ගැනීම අගය කල යුතුය.

"දිගට ඇදී 
 නැහැ පැහැදී 
 මහ හඬ දී 
 දෙවියනේ"

නැවත නැවත දෙවියන්ට කන්නලව් කිරීමක් මෙහිදී දැකිය හැකි අතර දෙවියන්ගේ ගුණ වර්ණනාව ද නැවත නැවත සිදු කරන්නේ දෙවියන්ව සතුටු කර පිහිට ලබා ගැනීමට ය. "මට මේ කල විපත අනේ බලා යන්න දෙවියනේ" යනුවෙන් යැදීම ඇයගේ සියල්ල දෙවියන්ට සැර කෙරූ බව අගවයි. 

මෙම කවි පෙළ සඳහා කවියා සරල භාෂාවක් යොදා ගත්තද "දුදොනොද, තෙද කඳ" වැනි වියත් වහරද යොදාගෙන ඇත. කෝපය පදනම් කර ගත් රෞද්‍ර රසයක් මෙයින් ජනනය වේ. කවියක් රසවත් හා සාර්ථක වන්නේ භාෂාව මත නොවේ, භාෂාව යොදා ගන්නා ආකාරය අනුව බව පැවසීමට මෙය කදිම අවස්ථාව කි.

කෙසේ හෝ රැපියල් තෙන්නකෝන් කවියා කුකුළු හැවිල්ල කවි පෙල මිනිසාගේ හැගීම් විසින් බුද්ධි බලය යටපත් කරන අන්දම මනාව වස්තෲත කෙරෙන සාර්ථක වූත්, රසවත් වූත් කවි නිමවුමක් ලෙස අඟය කල හැකිය.


නෙතුලි නෙරංජනි 
බ/යහල අරාව මහා විද්‍යාලය 
වැලිමඩ











Key words 

කුකුළු හැවිල්ල 
කුකුළු හැවිල්ල රසාස්වාදය pdf
කුකුළු හැවිල්ල විචාරය 
කුකුලු හැවිල්ල රසාස්වාදය download 
කුකුලු හෙවිල්ල රසාස්වාදය pdf
Kukulu hevilla rasaswadaya 
Kukulu hewilla vichara pdf
කුකුළු හැවිල්ල රැපියල් තෙන්නකෝන්




Comments