පොත් කියවීමේ වැදගත්කම රචනාව
පොත් කියවීම තුළින් ඈත්වන දරුවන් හා තරුණ පරපුරට පොත් කියවීමේ වැදගත්කම පෙන්වා දීමට සිදු වී ඇත. පොත් කියවීමේ වැදගත්කම පෙන්වා දෙමින් වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න.
පොත් කියවීමේ වැදගත්කම
"කියවීම මිනිසා සම්පූර්ණ කරයි"ය යන කියමන ලොකු පොඩි අප කවුරුන්ටත් අසන්නට ලැබී ඇති කියමනකි. දියුණු වන පුද්ගලයෙකු තුළ තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයක් ලෙස පොත් කියවීම හඳුන්වා දැක්විය හැකිය. සූර්යකාන්ත මලක් නිතරම සූර්යයා දෙසට නැමෙනවා මෙන් දියුණුව ළඟා කර ගැනීමට වෙර දරන පුද්ගලයාද නිතරම පොත් ඇසුරු කර, ඒවායින් අදහස්, ආදර්ශ හා දැනුම වැනි සිතුවිලි ගොන්නක් ජීවිතයට එක් කරගෙන ඉදිරි අනාගතය සාර්ථක කරගැනීම සඳහා මං පෙත් විවර කර ගනී.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි' යන කියමන පවා නූතන යුගයේ සිටින ළමා පරපුර මෙන්ම තරුණ පරපුර අතරින්ද ඈතට යන ස්වභාවයක් කිරි ගහට ඇන්නා සේ සමාජය තුළ දැකගැනීමට හැකිය. වර්තමාන සමාජය තුළ පොත් කියවීම නයාට අඳු කොළ වැනිය. මෙම යුගයේ පොත් කියවීමෙන් ඈත් වීමට බොහෝ හේතු සාධක රාශියක් බලපා ඇත. පොත් කියවීමට අලස ළමයින් පොත් කියවීමට තරම් ආයාසයක් නොදැරිය යුතු නිරායාසයෙන් කාලය කා දැමීය හැකි කාටූන් නැරඹීම ආදියට යොමු වී ඇත. සන්නිවේදන තාක්ෂණික දියුණුව ඇතිවීමත් සමඟ ළමා පරපුර මෙන්ම තරුණ පරපුරද එයට මහත් සේ ඇලී ගැලෙමින් එයට යොමු වී තිබේ. පොත් කියවීම තුළින් ඈත් වීමට බලපා ඇති ප්‍රධාන සාධකය ලෙස තාක්ෂණික දියුණුව හා අන්තර්ජාල භාවිතය හැදින්විය හැකිය.
නවීන දැනුම හා කුසලතා වර්ධනය කිරීම, සන්නිවේදන කාර්යයන් පහසු කිරීම ආදී ප්‍රතිලාභයන් අන්තර්ජාලය තුළින් ලබාගත හැකි වූවත් අද වන විට ගසට පොත්තමෙන් අන්තර්ජාලය හා නූතන යුගයේ ළමා තරුණ පරපුර අතර ඉතාමත් ලෙන්ගතු අයුරින් බැඳී ඇති සබදතාවය පොත් කියවීමෙන් ළමයා හා තරුණ පරපුර දුරස් කිරීමට හේතු වී ඇත.
ජංගම දුරකථන හා ලැප්ටොප් පරිගණකයක් තුළින් අන්තර්ජාලයට සම්බන්ධ වන වර්ථමාන පරපුර එහි ජීවත් වෙමින් ඒ තුළට ඇබ්බැහිවී ගොඩ නැගෙන ස්මාර්ට් පරපුර සියලු නවීන දැනුමින් පෝෂණය වූවත් ඔවුන් තුළින් පොත් පරිශීලනය නැතහොත් භාවිතය දිනෙන් දින වියැකී ගොස් නව්‍ය ස්මාර්ට් ලෝකයන් හී ජීවත් වීමට උත්සාහ දැරීම ඉතාමත් අවාසනාවන්ත කාරණයකි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
නූතන පරපුර පොත් කියවීමට උනන්දු විය යුතු වූ වත් පොත් කියවීමෙන් බොහෝ ලෙස ඈත් වෙමින් පවතින බව අප කවුරුත් දන්නා කරුණකි. සන්නිවේදනයේ හා තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමග ලොවට දායාද වූ ප්‍රධානතම මෙවලමක් ලෙස අන්තර්ජාලය හදුනාගත හැකිය. මෙකී දිනෙන් දින දියුණු වන තාක්ෂණය හමුවේ අන්තර්ජාලය තුල සක්‍රීය කොටස්කරුවන් බවට පත්ව ඇත්තේ අනාගතය ගොඩ නැගීමේ කාර්යභාර්ය පැවරී ඇති තරුණ ළමා පරපුරයි. මෙය නිසා පොත් කියවීම ඈතට යමින් අන්තර්ජාලය භාවිතය තුල කාර්ය බහුල තත්ත්වයකට පත්ව ඇත. පොත් කියවීමෙන් ඈත්ව යාමට හේතු සාධක බොහොමයක් බලපා තිබෙන බව අප සමාජය දෙස බලන විට පැහැදිලිව පෙනෙන කරුණකි.
අන්තර්ජාලය හරහා ද පොත් කියවීමට අවකාශය ඇත. නූතනයේ බොහෝ පොත පත ඊ බුක් ලෙස නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැර ඇත. නමුත් අලස අඥාන දරුවන් හා තරුණයින් ෆේස් බුක් ගැන දන්නා තරම් ඊ බුක් එකක් ගැන දන්නේවත් නැත. යූ ටියුබ් වීඩියෝ පට හරහා තමාට නැරඹීමට අවශ්‍යතාවක් නොමැති වීඩියෝ පවා ප්ලේ වන කමට නැරඹීමට තරම් අද ළමයින් තරුණයින් අලස වී ඇත.
පොත් කියවීමෙන් ඈත්ව යත්ම බොහෝ අවාසි හා අහිතකර තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුව තිබේ. එම අහිතකර බලපෑම් අතර මානසික පීඩනය ඇති වීම, පරිකල්පන ශක්තිය අඩු වීම, දැනුම මන්දගාමී වීම, ඉදිරිදර්ශනය පිළිබඳව හැකියාවක් ඇති නොවීම, අවධානය යොමුකරීමේ හැකියාව හීන වීම ආදීය වේ.
වර්තමාන සමාජයේ තරුණ පරපුර දැඩි වශයෙන් මානසික ආතතියෙන් පෙළෙයි. එලෙසම දැනුම හා බුද්ධිය ඉතාමත් මන්දගාමී තත්ත්වයක පවතී. අද තරුණ පරපුර මානසික ආතතියට පෙළඹීමට බලපා ඇත්තේ පොත් පරිශීලනය සඳහා යොමු නොවී විවිධාකාර ක්‍රියාවන් සමග කාර්ය බහුලතාවයට පත්වීම නිසාය. පොතක් කියවීම තුළින් සිනාවක්, ඔබව දිරිමත් කිරීමක්, තෘප්තිමත්භාවයක් හාස්‍යජනක ස්වභාවයක් ඇතිකරයි. අවාසනාවන්ත කාරණය නම් පොත් පරිශීලනයෙන් ළමා තරුණ පරපුර දුරස්වීම නිසා මෙම අත්දැකීම් ගොන්න ඔවුන් හට ලබා ගැනීමට නොහැකි වීමයි. ඒ අයුරින්ම අද තරුණ ළමා පරපුර හට තිබෙන පරිකල්පන ශක්තිය ද ඉතා අඩුය. පොත් කියවීමෙන් දුරස් වීම තුළින් නව සිතුවිලි ඇතිවීමේ සම්භාවිතාව අඩු වී තිබේ.
පොත් කියවීම හරහා අන් අයගේ දෘෂ්ටිකෝණයට තට්ටු කල හැකි අතර ම විවිධ කෝණ වලින් හා මානයන්ගෙන් දේවල් දැකීමට පටන් ගනී. විශිෂ්ට පොත් වලට මනස විවෘත කිරීමට හා පරිකල්පනය දිගු කිරීමට හා පරිසරයෙන් ඔබ්බට නොදන්නා දේ හට ගෙන යා හැකිය. එහෙත් වර්තමාන සමාජය පොත් පරිශීලනයෙන් ඈත් වත්ම අත්දැකීම් අඩුවී ඔවුන් විවිධ දෙයට යොමු වීමෙන් විනාශයට අත වනමින් අර්ධ ජීවිත ගත කරන අතර ඔවුන් මේවා නොකියවන හෙයින් වැඩිදුර ලිවීමෙන් ද ඵලක් නොමැත.
- නෙතුලි නෙරංජනී -
Key words
කියවීමේ වැදගත්කම රචනාව
කියවීමේ වැදගත්කම රචනා
කියවීමේ අගය රචනා පොත් කියවීමේ වටිනාකම
පොත් කියවීමේ වැදගත්කම රචනා 7 වසර
පොත් කියවීමේ අගය රචනා 11 වසර
කියවීමේ අගය රචනා 8 වසර වචන 200
පොත් කියවීමේ වැදගත්කම
පොත් කියවීමේ වාසි pdf download
කියවීමේ වැදගත්කම pdf
පොත් කියවීමේ වැදගත්කම රචනා
Comments